ගන්නේ ඉන්ඩස්ට්‍රියල් ටයිප් ප්ලග්ලූ. මාලිමා ගොබ්බයන්ව අන්දන හැටි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,203
    25,958
    113
    29
    ලොවෙත් නැති තැනක

    විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය (e-NIC) යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පරිගණක හා උපකරණ පද්ධති සඳහා විදුලිය බෙදා හැරීමේ ඒකක (Power Distribution Units) ප්‍රසම්පාදනය පිළිබඳ කරුණු පැහැදිළි කරමින් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් (වැ.බ) වරුණ ශ්‍රී ධනපාල මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වේ.​

    ​

    විද්යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය (e-NIC) යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල පරිගණක හා උපකරණ පද්ධති සඳහා විදුලිය බෙදා හැරීමේ ඒකක (Power Distribution Units) ප්‍රසම්පාදනය පිළිබඳ පළවන නොමග යවන සුළු මාධ්‍ය වාර්තා පිළිබඳ කරුණු පැහැදිලි කිරීම​

    ​

    විද්යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය (e-NIC) අවශ්‍යතා අනුව පුද්ගල ලියාපදිංචිය හා ජෛවමිතික දත්තඑකතු කිරීම වෙනුවෙන් මේ වන විට ප්‍රාදේශීය ලේකම් කාර්යාල සියල්ලම පාහේ ආවරණය වන සේ කලකට පෙර බෙදා හැර ඇති පරිගණක හා අදාළ උපාංග සහිත ඒකක වෙත සුරක්ෂිතව හා තිරසාරව විදුලිය ලබා දීමෙන් පසුව කඩිනමින් භාවිතයට ගෙන ව්‍යාපෘතියෙන් අපේක්ෂිත ජාතික අවශ්‍යතා සම්පූර්ණ කිරීම මෙම ප්‍රසම්පාදනයේ අරමුණ වූ අතර ඒ වෙනුවෙන් පිරිවැය සඵලදායි ක්‍රමවේද යොදා ගැනීමේ විවිධ විකල්ප ද සළකා බලන ලදි.​

    ​

    මෙම ප්‍රසම්පාදනයේ ලංසු ලේඛන සැකසීමේ දී මොරටුව විශ්ව විද්‍යාලය හා ICTA ආයතනය නියෝජනය කරන ලද විදුලි බල සම්පාදනය හා තොරතුරු තාක්ෂණ උපාංග ජාලකරණය පිළිබඳ විශේෂඥ දැනුම සහිත තාක්ෂණික ඇගයීම් කමිටුවක නිර්දේශ මත අවශ්‍ය ප්‍රමිතීන්ගෙන් යුත් පිරිවිතර භාවිත කරන ලදි. එලෙස සකසන ලද ලංසු ලේඛන යොදාගෙන උපකරණ කට්ටල 700 ක් ප්‍රසම්පාදනය කිරීම ආරම්භ කරන ලද්දේ දැනට ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව විසින් අනුමත ප්‍රසම්පාදන මාර්ගෝපදේශ යටතේ ව්‍යාපෘති ප්‍රසම්පාදන කමිටුව විසිනි.​

    ​

    මෙම පිරිවිතර හා ක්‍රම වේදය සැකසීමේ දී ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51ක් ආශ්‍රිතව මීට පෙර ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා ආරම්භ කෙරුණු තොරතුරු තාක්ෂණ උපාංග එකක වෙත සාමාන්‍ය තත්ත්වයේ උපාංග භාවිතයෙන් විදුලිය සම්බන්ධ කිරීමේ දී ලැබූ අත්දැකීම්, විශේෂයෙන්ම තාක්ෂණික දෝෂ හා තිරසාර නොවන තත්ත්ව මෙම කමිටුව විසින් සළකා බලන ලද බව දන්වා ඇත. එසේම යෝජිත විද්යුත් ජාතික හැඳුනුම්පත් ක්‍රියාවලිය සඳහා යොදාගනු ලබන ඉතා මිළ අධික හා සංවේදී උපාංගවල (ජෛවමිතික දත්ත ග්‍රහණය කර ගැනීමට යොදාගනු උපාංග වැනි) ආරක්ෂාව මෙන්ම පරිශීලක නිලධාරීන්ගේ සහ සේවාලාභී පුරවැසියන්ගේ සුරක්ෂිතතාවය ද සැළකිල්ලට ගෙන ඇත.​

    ​

    ඒ අනුව ගෘහස්ත භාවිතයට සුදුසු (Domestic type) ඒකක වෙනුවට කර්මාන්ත භාවිතයට සදුසු (Industrial type) ඒකක වෙනුවෙන් ISO තත්ත්ව සහතික සහිත BS 1363, BS 6500, BS 5733 වැනි බ්‍රිතාන්‍ය ප්‍රමිතීන්, CE ROHS, REACH වැනි ප්‍රමිතින් මෙන්ම වසර 03 ක වගකීමක් ද සහිතව අවශ්‍ය මට්ටමේ පලපුරුද්දක් සහිත සමාගමක භාණ්ඩ හා සේවා සැපයුමට ප්‍රසම්පාදන යෝජනා කැඳවීමට තීරණය කර ඇත.​

    ​

    ඒ අනුව 2025 අප්‍රේල් 29 දින ලංසු කැඳවීම් අංක DRP/e-NIC/PRO/2025/06 යටතේ භාෂාත්‍රයෙන්ම පුවත්පත් දැන්වීම් පල කර යෝජනා කැදවීම සිදු කරන ලදී. මෙය විවෘත හා පාරදෘශ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියක් (National Competitive Bidding) වන අතර, එය කිසිදු සමාගමක් අරමුණු කරගෙන සිදු කිරීමක් නොවීය. ලංසු ලියවිලි ලබාගත් සමාගම් 11 න් 8 ක් මුද්‍රා තැබූ ලංසු ඉදිරිපත් කරන ලද අතර, මිල විවෘත කිරීමේ දී විවිධ මිල ගණන් යටතේ වූ යෝජනා තිබූ අතර, එම මිළ ගණන් ඒ සඳහා සහභාගී වූ සියලු සමාගම් වලට දැනගත හැකිවන සේ ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කරන ලදී.​

    ​

    ලංසු ඇගයීම් කමිටු විසින් ප්‍රසම්පාදන මාර්ගෝපදේශ නියම 7.1 මුළුමණින්ම අනුගතව පියවර තුනක් යටතේ මෙම ලංසු 8 ඇගයීමට ලක් කරන ලදි:​

    ​

    1. අවම සුදුසුකම් සපුරාලීම පිලිබඳ මූලික පරීක්ෂාව (Preliminary examination of bids)
    2. විස්තරාත්මක තාක්ෂණික ඇගයීම (detailed evaluation)
    3. පශ්චාත් සුදුසුකම් පරීක්ෂාව (post qualification evaluation)​

    ​

    රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 7.1 ට අනුව තෝරාගත යුත්තේ හුදෙක් අවම මිළ ඉදිරිපත් කළ ලංසුකරු නොව ” සාරානුකුලව ප්‍රතිචාර දක්වන අවම ලංසුව ” ය (Substantially Responsive Bid). අනුව, ඉදිරිපත් වූ යෝජනා අතරින් එසේ ප්‍රතිචාර දැක්වූ අවම ලංසුව තෝරා ගැනීමේ දී අවම මිල ඉදිරිපත් කළ සමාගම මුලික පරීක්ෂාවෙන් හා තාක්ෂණික ඇගයීමෙන් අසමත් වීම මත ඉදිරි ඇගයීම සඳහා තේරී පත් නොවූ අතර අවසන් ඇගයීමට සුදුසුකම් ලත් ලංසු අතරින් අවශ්‍ය අවම තාක්ෂණික පිරිවිතර සහිත අවම මිල ගණන ලෙස ඒකක 700ක් වෙනුවෙන් රු. මිලියන 50 ක (වැට රහිත) පමණ මිලක් ඉදිරිපත් කළ සමාගම තේරී පත්වී ඇත. එම සමාගමට වඩා වැඩි මිළ ගණන් ඉදිරිපත් කළ සමාගම් 03 ක්ද වූ අතර. යෝජිත සමාගමේ මිල ආරෝහණ පිළිවෙලට ගත් විට ලංසු 8ක් අතරින් 5 වන ස්ථානයේ පවතින ලදී. කිලෝ 3ක පමණ බරින් යුතු විය හැකි මෙවැනි ඒකක දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට ප්‍රවාහනය කිරීමට යන වියදම් ද මේ සඳහා ඇතුළත් බව අවධාරණය කළ යුතුවේ.​

    ​

    එහෙත් මෙම ප්‍රසම්පාදනයේ අවසාන ප්‍රදාන තීරණයට පෙර ප්‍රසම්පාදන මාර්ගෝපදේශ නියම 8.5 ට අනුව ඉහත ක්‍රියාවලියේ දී සුදුසුකම් නොලත් පාර්ශව වෙතින් අභියාචන තිබේ නම් ඒවා සළකා බැලිය යුතු විය. එහි දී ඉතිරි සමාගම් අතරින් දෙකක් පමණක් එවන ලද අභියා වන සම්බන්ධයෙන් එකඟ විය නොහැකි බවට අදාල අභියාචනා කමිටුව විසින් නිර්දේශ කර අවසන් තීරණය සඳහා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය වෙත ඒවා තිබුනි. තවමත් මෙම ප්‍රසම්පාදනය ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් අවසන් තීරණයක් ගෙන නොමැති අතර සියලු තත්වයන් යළකා බලා ඉදිරියේදී තීරණයක් ගැනීමට නියමිත ය.​

    ​

    මේ අනුව හුදෙක් මෙම ප්‍රසම්පාදනයේ අවසන් තත්ත්වය වනුයේ සුදුසුකම් ලැබූ ලංසු අතරින් සාරාණුකූලව ප්‍රතිචාර දැක්වූ අවම පිරිවැය ඉදිරිපත් කළ සමාගම හඳුනා ගැනීමක් පමණක් වන අතර, එහි දී කිසිසේත්ම අවසානාත්මක ප්‍රදානයක් හෝ ගෙවීමක් දක්වා කටයුතු කර නැත. ලංසු ඉදිරිපත් කර මූලික අවශ්‍යතා අසම්පූර්ණ වීමෙන් අසමත් වූ පිරිස් හා සෙසු පාර්ශව විසින් සෘජුව හා වක්‍රව විවිධ මාධ්‍ය මගින් දක්වා සිටි පරිදි අසාමාන්‍ය ලෙස අධි මිලැති විදුලි සම්බන්ධතා ඒකක ලබා ගැනීමට රජය පියවර ගෙන ඇති බවටත්, රජයට හිතවත්කම් ඇතැයි දක්වන ව්‍යාපාර වෙත මෙමගින් අයථා වාසි ලබා දීමට කටයුතු කර ඇති බවටත් දක්වන වාර්තා ප්‍රතික්ෂේප කරමු.​

    ​

    විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතියේ ඉතිරි සියළු ප්‍රසම්පාදන ද ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ අධික්ෂණය යටතේ මෙතෙක් සිදු කළ පරිදි ඉහළ පාරදෘශතාවයකින්, නිසි ප්‍රමිතියෙන් හා පිරිවැය සඵලදායකත්වයෙන් යුතුව සිදු කරන බව වැඩිදුරටත් දන්වා සිටිමු.​

     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,871
    1
    4,929
    113
    40
    හත් ඉලව්වෙ!
    tender eke inna aduma kenata dennama oni kiyala ekak naha...eka thamai lokuma gon kathawa ara yaka kiyawana...
    anith ewatath uthathara thiyenawane...nodanna reddawal kiyawanna yana unta ithin mona kiyannada... :rolleyes2:
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,889
    13,177
    113
    හැල්ල දිග වැඩී උබ ඔක කියවලා බලලා අපිට සමරිය කියපන් 🥴
     
    • Haha
    Reactions: Max_r

    monson

    Well-known member
  • May 7, 2007
    26,083
    29,807
    113
    ඉතින් ඔය කියන standards තියන industrial type ඒවත් 72,000ක් වෙන්නේ නැහැනේ. මේ තියෙන්නේ 7000ටත්

    https://cinemedia.lk/product/power-...-professional-power-distributors-with-switch/

    ඉස්සර මහජන බැංකු කඩපු JVP මිනීමරුවන්ට ඔය හොරකම් පුරුදුයි ලාමක අඳ බාලයෝ රැවටුනාට :lol:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,429
    19,617
    113
    Colombo
    What is this device. It doesn't look like a regular plug.
    Is it UPS, Distribution board, Power guard, Surge protector or what?
     
    • Haha
    Reactions: Asmodeus