බිල් ගේට්ස් ලංකාවට

ozykolla

Well-known member
  • Jun 20, 2022
    8,766
    14,970
    113
    ජනපතිට බිල් ගෙට්ස්ගෙන් පණිවුඩයක්…
    July 11, 2025 at 5:55 am | lanka C news
    ජනපතිට බිල් ගෙට්ස්ගෙන් පණිවුඩයක්…

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ගේට්ස් පදනමේ ගෝලීය සංවර්ධන අංශයේ ප්‍රධානී ආචාර්ය ක්‍රිස් එලායස් (Dr. Chris Elias) මහතා ප්‍රමුඛ එම පදනමේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අතර හමුවක් (10) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

    ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අදාළ වැදගත් කරුණු රැසක් පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, කෘෂිකාර්මික නවීකරණය, අහාර හා පෝෂණය, ඩිජිටල් යටිතල පහසුකම් සහ ග්‍රාමීය ප්‍රජාව නව තාක්ෂණය සමඟ ඒකාබද්ධ කිරීම ආදී කරුණු පිළිබඳ විශේෂ අවධානයක් යොමු කෙරිණි.

    ගේට්ස් පදනම, මෙරට ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන ප්‍රමුඛ වැඩසටහනක් වන අන්තඃකරණ ඩිජිටල් කෘෂිකාර්මික පරිවර්තන (Inclusive Digital Agriculture Transformation) වැඩසටහන පිළිබඳව මෙහිදී ආචාර්ය එලායස් මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව දැනුවත් කරන ලද අතර, කෘෂිකර්ම අංශයේ දත්ත මත පදනම් වූ තීරණ ගැනීමට සහාය වන අතරම, සුළු පරිමාණ ගොවීන්ට සේවා සැපයීම සඳහාද එය වැදගත් වන බව පෙන්වා දුන්නේය.

    මෙම වැඩසටහනෙන් කෘෂිකාර්මික නවීකරණය සහ ග්‍රාමිය ප්‍රජාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට මෙන්ම තිරසර සංවර්ධනය කෙරෙහි දෙපාර්ශ්වයේම කැපවීම පිළිබිඹු කරන බව එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

    අඩු සහ මධ්‍යම ආදායම් සහිත රටවල සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී අභියෝගවලට මුහුණ දීමෙන් ගේට්ස් පදනම ලබා ඇති විශේෂඥතාව සහ අත්දැකීම් මෙහිදී ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් විය.

    නවීන ගෝලීය තාක්ෂණය සමඟ මෙරට ග්‍රාමීය ප්‍රජාව ඒකාබද්ධ කිරීම සඳහා වන ප්‍රයත්නයට සහාය වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ‍ ගේට්ස් පදනමෙන් ඉල්ලා සිටි අතර, ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳව ස්තූතිය පළ කළේය.

    ඩිජිටල් ආර්ථිකයක් සඳහා වන ශ්‍රී ලංකාවේ උපායමාර්ගික සැලැස්මට සහාය දක්වන බව මෙහිදී සඳහන් කළ ගේට්ස් පදනමේ නියෝජිත පිරිස, ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි යථා තත්වයට ගෙන ඒම සහ වර්ධනය සඳහා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඩිජිටල් පරිවර්තනයක් කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බවද පැවසූහ.

    එසේම, සත්ව පාලනය සහ කිරි නිෂ්පාදන වැනි ක්ෂේත්‍ර ඇතුළත් පුළුල් සමාජ- ආර්ථික සංවර්ධන න්‍යාය පත්‍රයකට සිය පූර්ණ සහාය ලබා දෙන බවටද ඔවුහු සහතික වූහ.

    මෙරට පුරවැසියන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම වෙනුවෙන් රජය සිදු කරන අඛණ්ඩ කැපවීම පිළිබඳව රජයට සහ ජනාධිපතිවරයාට ස්තූතිය පළ කළ ආචාර්ය ක්‍රිස් එලායස් මහතා, ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින නව පරිවර්තනය අගය කරමින්, ශ්‍රී ලංකාව සමඟ පුළුල් සබඳතාවක් ඇති කර ගැනීමට ලැබුණු අවස්ථාව පිළිබඳව සතුට පළ කළේය.

    සියලුදෙනා ඇතුළත් කර ගනිමින් රජය ගෙන යන සංවර්ධන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සඳහා දායක වීමට ලැබීම පිළිබඳවද සතුට පළ කළ ඒ මහතා, කෘෂිකර්මය, ආහාර හා පෝෂණය සහ ඩිජිටල් යටිතල පහසුකම් ආදී ක්ෂේත්‍රවල උන්නතිය සහ තිරසාර විසදුම් වෙනුවෙන් පොදු කතිකාවක් ගොඩනැඟීම සඳහා දෙපාර්ශ්වයේම කැපවීම මෙම සහයෝගිතාව තුළින් පිළිඹිඹු කෙරෙන බවද පැවසීය.

    ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරුද, ගේට්ස් පදනමේ දකුණු හා අග්නිදිග ආසියානු කලාපීය නියෝජිත ආචාර්ය ජමාල් ඛාන්, වැඩසටහන් උපදේශන, සන්නිවේදන, වර්ධන, සහ අවස්ථා අධ්‍යක්ෂ අර්ච්නා ව්‍යාස්, ව්‍යවසාය දත්ත විසඳුම් අධ්‍යක්ෂ තුෂාන් විජේසිංහ සහ Connect To Care සංවිධානයේ සභාපති චන්දිත සමරනායක යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට සහභාගි වූහ.





     
    • Love
    Reactions: nppcheguevara

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,479
    8,650
    113
    ulan bator
    hapo. oya yaka dan pissu huttek! issara idapu gates newei inne! mona maraleyak path weida danne na!

    මෙම වැඩසටහනෙන් කෘෂිකාර්මික නවීකරණය සහ ග්‍රාමිය ප්‍රජාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට මෙන්ම තිරසර සංවර්ධනය කෙරෙහි දෙපාර්ශ්වයේම කැපවීම පිළිබිඹු කරන බව එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

    Farm land bill gates ta! comis palawaththata - idam himiyan kamkaruwanta! 😁 😁 😁