භික්ෂූන් හා ලිංගික ඇසුරු පවත්වා වීඩියෝ කර ඒවා පෙන්වා බියගන්වා මුදල් ගත් කාන්තාවක් අත්අඩංගුවට…

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    3,880
    7,854
    113
    භික්ෂූන් වහන්සේලා සමග ලිංගික සබඳතා පවත්වා ඒවා ඡායාරූපගත කර සහ රූගත කර, පසුව ඔවුන්ගෙන් කප්පම් ලබා ගත් බව කියන කාන්තාවක් තායි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

    පොලිසිය “මිස් ගොල්ෆ්” ලෙස හඳුන්වන මෙම කාන්තාව අවම වශයෙන් භික්ෂූන් වහන්සේලා නව දෙනෙකු සමග ලිංගිකව හැසිරී ඇති බව අඟහරුවාදා (ජූනි 15) පැවති මාධ්‍ය හමුවකදී පොලිසිය පැවසීය. පසුගිය වසර තුන තුළ ඇය බාට් මිලියන 385ක් එනම් ඇමෙරිකානු ඩොලර් මිලියන 11.9ක් පමණ එලෙස උපයා ඇතැයි ඔවුහු විශ්වාස කරති.


    ඇයගේ නිවස පරීක්ෂා කළ පොලිස් නිලධාරීන් භික්ෂූන් වහන්සේලාට තර්ජනය කිරීමට යොදාගත් ඡායාරූප සහ වීඩියෝ 80,000කට අධික ගණනක් සොයාගෙන ඇතැයි තායිලන්ත පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

    මෙම අපකීර්තිමත් සිදුවීම තායිලන්තයේ අතිශයින් ගෞරවයට පාත්‍ර වන සංඝ සමාජය කැළඹීමට ලක් කර ඇති අතර, පසුගිය වසර කිහිපය තුළ භික්ෂූන් වහන්සේලා ලිංගික අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදෙන බවට ද චෝදනා එල්ල වී තිබේ.

    බැංකොක්හි විහාරාධිපති භික්ෂුවක් කාන්තාවක විසින් කප්පම් ගනු ලැබීමේ සිද්ධියකින් පසු උපැවිදි වී තිබුණු අතර, ජූනි මස මැද භාගයේදී මෙම සිදුවීම සම්බන්ධයෙන් මුල් වරට තම අවධානයට ලක්වූ බව පොලිසිය පැවසීය.


    2024 මැයි මාසයේදී ‘මිස් ගොල්ෆ්’ යනුවෙන් හඳුන්වන මෙම කාන්තාව අදාළ භික්ෂුව සමග “සම්බන්ධතාවක්” පවත්වා ඇති බව පොලිසිය පැවසීය. පසුව ඇය උන්වහන්සේ නිසා දරුවෙකු බිහි කළ බව පවසමින් බාට් මිලියන හතකට වඩා වැඩි මුදලක් නඩත්තු මුදල් ලෙස ඉල්ලා ඇතැයි ඔවුහු වැඩිදුරටත් පැවසූහ.

    පසුව බලධාරීන් සොයා ගත්තේ, අනෙකුත් භික්ෂූන් වහන්සේලා ද ‘මිස් ගොල්ෆ්’ වෙත මුදල් ලබා දී තිබූ බව ය. පොලිසිය පැවසුවේ, එය ඇයට අවේණික වූ විශේෂිත ක්‍රමයක්” බව ය.

    මුදල් සියල්ල ම ගිණුමෙන් ලබාගෙන ඇති බවත්, ඉන් කොටසක් ඉන්ටර්නෙට් ඔස්සේ සූදු ක්‍රීඩා සඳහා වැය කර ඇති බවත් පොලිසිය සොයාගෙන තිබේ.


    මේ මස මුලදී විමර්ශක නිලධාරීන් මිස් ගොල්ෆ්ගේ නිවස පරීක්ෂා කළ අවස්ථාවේ ඇයගේ දුරකතනය සිය භාරයට ගත් අතර භික්ෂූන් වහන්සේලා බ්ලැක්මේල් කිරීමට ඇය භාවිත කළ ඡායාරූප සහ වීඩියෝ 80,000කට වැඩි ගණනක් ද සොයා ගැනිණි.

    කප්පම් ගැනීම, මුදල් විශුද්ධිකරණය සහ සොරකම් කළ භාණ්ඩ සන්තකයේ තබා ගැනීම ඇතුළු චෝදනා රැසක් ඇයට එල්ල වී ඇත.

    “වැරදි ලෙස හැසිරෙන භික්ෂූන් වහන්සේලා” පිළිබඳව පැමිණිලි කිරීම සඳහා පොලිසිය ජනතාවට දුරකතන අංකයක් ද හඳුන්වා දී තිබේ.

    මෙම අපකීර්තිමත් සිදුවීම හේතුවෙන් තායිලන්තයේ බුදු දහම සම්බන්ධ පාලක මණ්ඩලය වන උත්තරීතර සංඝ මණ්ඩලය, විහාරස්ථාන සඳහා වන රෙගුලාසි සමාලෝචනය කිරීම සඳහා විශේෂ කමිටුවක් පිහිටුවන බව පැවසී ය.


    විනය නීති උල්ලංඝණය කරන භික්ෂූන් වහන්සේලාට දඩ මුදල් සහ සිර දඬුවම් ඇතුළු දැඩි දඬුවම් පැනවීමට ද රජය උත්සහ කරමින් සිටී.

    මේ සතියේ, තායිලන්තයේ වජිරලොන්කෝන් රජු, භික්ෂූන් වහන්සේලා 81 දෙනෙකුට උසස් පදවි ප්‍රදානය කරමින් ජූනි මාසයේදී නිකුත් කළ රාජකීය ආඥාවක් අවලංගු කළේ ය. “බෞද්ධයන්ගේ කම්පාවට හේතු වී ඇති” බව ඔහු පැවසූ, මෑත කාලීන විෂමාචාර සිද්ධීන් ඔහු ඒ සඳහා හේතු ලෙස ඔහු සඳහන් කළේ ය.

    ජනගහනයෙන් 90%කට වැඩි පිරිසක් බෞද්ධයන් සිටින තායිලන්තයේ, භික්ෂූන් වහන්සේලා ඉතා ගෞරවයට පාත්‍ර වෙති. බොහෝ තායි පිරිමි ද අධ්‍යාත්මික ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා තාවකාලික පැවිද්ද තෝරා ගනිති.


    නමුත් ගත වුණු කාලය තුළ සංඝ සමාජය අපකීර්තිමත් සිදුවීම් හේතුවෙන් අවමානයට පාත්‍ර විය.

    සුඛෝපභෝගී ජීවන රටාවක් ගත කළ බවට ප්‍රසිද්ධ, නිතර ගුවන් ගමන්වල යෙදුණු වීරපෝල් සුක්පෝල්, 2017දී ලිංගික අපරාධ, වංචා සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් චෝදනා ලැබ ජාත්‍යන්තර මාධ්‍යවල ප්‍රධාන මාතෘකාවක් බවට පත්විය. තව ද 2022දී, එරට උතුරු ප්‍රදේශයේ පෙට්චබූන්හි පිහිටි විහාරස්ථානයක භික්ෂූන් වහන්සේලා සිව් නමක් මත්ද්‍රව්‍ය වැටලීමකදී අත්අඩංගුවට ගෙන සංඝභාවයෙන් නෙරපා හැරීමෙන් පසු, විහාරස්ථානයේ කිසිදු භික්ෂුවක් ඉතිරි නොවී ය.


    තායි සංඝ සමාජය තුළ විනය හා වගවීම සම්බන්ධයෙන් ඇති ගැටලු පිළිබඳව වසර ගණනාවක් තිස්සේ විවේචන එල්ල වුව ද, සියවස් ගණනාවක් එහි සැබෑ වෙනසක් සිදුවී නොමැති බව බොහෝ දෙනෙක් පවසති. ගැටලුවේ විශාල කොටසක් ඇත්තේ දැඩි ධූරාවලියේ යැයි විශේෂඥයෝ පවසති.

    “ඒක තායි නිලධාරිවාදයට සමාන ඒකාධිපති ක්‍රමයක්, ඒකෙදි ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේලා ඉහළ නිලධාරීන් හා සමාන වන අතර කනිෂ්ඨ භික්ෂූන් වහන්සේලා ඔවුන්ගේ යටත් නිලධාරීන් වෙනවා,” ආගම සම්බන්ධ විශාරදයෙකු වන සූරාෆොට් තවීසක් තායි පැවසීය. “නුසුදුසු දෙයක් දැක්කත්, ඔවුන් ඒ ගැන කතා කිරීමට එඩිතර වෙන්නේ නැහැ, මොක ද එහෙම උණොත් පන්සලෙන් පන්නලා දාන නිසා.”


    පොලිසිය සහ සංඝ සභාව යන දෙඅංශයෙන් ම සිදුවෙමින් පවතින පරීක්ෂණ, අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාමේ ප්‍රධාන පියවරක් ලෙස ඇතැමෙක් දකිති.

    “වැදගත් දේ තමයි සංඝයාගේ නිර්දෝෂීභාවය පිළිබඳ මහ ජනතාවට ඇති සැකයන් දුරු කර ගත හැකි වන පරිදි සත්‍යය හෙළිදරව් කිරීම,” බැංකොක් තමසාට් විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා විශාරද ප්‍රාකිරාති සතාසුත් පැවසීය.

    “ඒක රඳා පවතින්නේ උත්තරීතර සංඝ මණ්ඩලය සංඝ සමාජය බේරා ගැනීම සඳහා දැඩි තීන්දු තීරණ ගනීවි ද කියන එක මත යි.”
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,056
    2,548
    113
    විනය නීති උල්ලංඝණය කරන භික්ෂූන් වහන්සේලාට දඩ මුදල් සහ සිර දඬුවම් ඇතුළු දැඩි දඬුවම් පැනවීමට ද රජය උත්සහ කරමින් සිටී.
    මේක තමා අපිටත් ඕන
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,056
    2,548
    113
    ලංකාවේ ඔහොම කරොත් ඉතුරුවෙන්නේ අතේ ඇඟිලි ගානටත් වඩා අඩු ගානක්
    එක හොඳයිනේ. බොරු ගණයෝ ටික එළවල දාන්න ඕන. ඕකුන් මොනවා කළත් අපිට වැඩක් නැහැ. හැබැයි ඕකුන් ආගම ජාතිය ඉස්සරහට දාගෙන අපිට කෙලවන්න සහ මිනිස්සු මුලා කරමින් වංචා දූෂණ කරන්න එනවා එනවා නම් වෙන විසදුමක් නැහැ.
     
    • Like
    Reactions: Bart_Allen

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,109
    1,973
    113
    එක හොඳයිනේ. බොරු ගණයෝ ටික එළවල දාන්න ඕන. ඕකුන් මොනවා කළත් අපිට වැඩක් නැහැ. හැබැයි ඕකුන් ආගම ජාතිය ඉස්සරහට දාගෙන අපිට කෙලවන්න සහ මිනිස්සු මුලා කරමින් වංචා දූෂණ කරන්න එනවා එනවා නම් වෙන විසදුමක් නැහැ.
    ko ban ara lena innavada
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,056
    2,548
    113
    ko ban ara lena innavada
    ඔව් ඔව්. මාත් එක්ක තමා දවසම
    1000096202.jpg
     
    • Love
    Reactions: marvin silva

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,206
    29,892
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපේ පංශලේ ශාදුටත් ඕක වුනා. අපේ තාත්තට මීටර් වුනේ පංශලේ ශල්ලි අඩුවෙනකොට. තාත්තා එක්ක මරං කන්න කේන්තියි පංශලේ ගනං හිලව් බලනකොට, මිනිහට කියාගන්නත් බෑ වටේ ගෑනුන්ට උක්කවලා අමාරුවේ වැටිලා ඉන්නේ උපාසක මාතියා කියලා. කොහොම හරි පත්තරේ යන්න නොදී අමාරුවෙන් යටගැහුවා.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,719
    11,242
    113
    තායි කියන්නෙ ලොකෙ ලොකු බෞද්ද රටක්. ඔක්කොම එකයි
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    anna ehema baya karala thiyaganna oni. anith ewunta hukanna epa kiyana gaman okun badu gahanawa :lol:
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,056
    2,548
    113
    මූලික අයිතිවාසිකම් උල්ලංගනය වෙනවා.
    ඔව් එහෙම වෙන්න පුළුවන්. එත් ප්‍රශ්නේ මේක එයාලට වෙනම නීති තියෙනවා, වෙනම අයිඩි කාඩ් එකක් තියෙනවා, පොදු පුද්ගලික බස් වල වෙනම ආසනයක් වෙන් කරලා තියෙනවා. තව පන්සල් වලට වෙනම රජයෙන් මුදල් දෙනවා. උදාහරනෙකට මිහින්තලේ පොසොන් උත්සවය. එහෙම නම් මේ සේරම ඉවත් කරල ආගම් ස්වාදීන කරන්න ඕන. එහෙම නැත්නම් මේ පල්ලි පන්සල් සේරම නීතිමය පාලනයකට ගන්න ඕන. එහෙම කරන්න බැරි නම් මේක පාවිච්චි කරලා එයාල මිනිස්සුන්ව මුලා කරනවා, එකෙන් පුද්ගලික සහ දේශපාලන වාසි හදා ගන්නවා. පන්සල් බලෙන් ඉඩම් අල්ලනවා වගේ දේවල් අද සාමාන්‍ය වෙලා තියෙන්නේ එකයි.
     
    • Like
    Reactions: Fiona Dabare