අද තියන (android) screen size අගල් 6 හෝ ඊට අඩු Smart phone මොනවද බන් ? camera quality එතරම් වැදගත් නෑ. නමුත් අඩුගානේ 4gb ram හා OS: android 12 වත් support කරන්න ඕනේ .
Screen size එකෙන් හොයන්න එපා බං දැන්. ඉස්සර ඒව වගේ නෙවෙයි දැන් screen to body ratio අඩුයි. උබාට ඕන compact ෆෝන් එකක් නං body width එකෙන් බලපන්. කොහොමත් දැන් compact අවත් එන්නේ flagship range එකෙන් විතරයි.
Sony narrow body සෙට් එකක් එනවා ඒත් ඒව පට්ට උසයි.
Redmi 6 pro වගේ එකක් බලපන් අලි එකේ. හැබැයි android 10 විතරයි. ඊට පස්සේ උනුත් note series තඩි size එකට මාරුවුණ.