රජයේ ආයතන වැඩ සඳහා BYD SHARK 6 දෙදහසක්

KDH

Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    රාජ්‍ය ආයතනවල නිල භාවිතය සඳහා නව කැබ් රථ දෙදහසක් ආනයනය කිරීමට රජය විසින් තීරණය කර ඇති පසුබිමක, BYD SHARK 6 වර්ගයේ plug-in hybrid රථ කෙරෙහි විශේෂ අවධානයක් යොමුව ඇති බවට වාර්තා පළ වේ. රුපියල් මිලියන 25.3ක් පමණ වන වෙළෙඳපොළ මිල, නඩත්තු කිරීමේ පහසුව සහ එය පෙට්‍රල්/ඩීසල් මෙන්ම විදුලියෙන්ද ක්‍රියාත්මක කළ හැකි දෙමුහුන් වාහනයක් වීම මෙම ආකර්ෂණයට හේතු වී තිබේ.

    මෙම තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා වන 2026 අයවැය යෝජනාවක් ලෙස සැලසුම් කර ඇති අතර, දුෂ්කර ප්‍රදේශවල සේවයේ නියුතු නිලධාරීන් ඇතුළු බොහෝ රාජ්‍ය ආයතන මුහුණ දෙන ප්‍රවාහන ගැටලුවට විසඳුමක් ලෙස මෙම පියවර ගෙන ඇත. රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මීට පෙර නිවේදනය කළේ රාජකාරී අවශ්‍යතා සඳහා වාහන නොමැති වීම බරපතළ ගැටලුවක් බවයි.

    මීට පෙර රාජ්‍ය අංශයේ භාවිතය සඳහා වැඩි වශයෙන් යොදා ගැනුණේ Toyota සමාගමේ කැබ් රථ වන අතර,
    ඒවායේ නඩත්තු වියදම් අධික වීම නිසා මෙවර විකල්ප කෙරෙහි අවධානය යොමු කර ඇති බව සඳහන් වේ. කෙසේ වෙතත්, ආනයනය කරන නිශ්චිත වාහන වර්ගය හෝ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා මීට පෙර මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.

    පළාත් පාලන ආයතන, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු රජයේ බොහෝ කාර්යාල සඳහා දීර්ඝ කාලයකින් නව වාහන ලබා දී නොමැති බව පෙන්වා දෙන අමාත්‍යවරයා, ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මෙම වාහන ලබා දීමට කටයුතු කරන බව පැවසීය. ආනයනය කිරීමට සැලසුම් කර ඇති වාහන සංඛ්‍යාව දෙදහසක් වුවද, අවශ්‍යතාව මත එම සංඛ්‍යාව වෙනස් විය හැකි බවත්, වසර 15ක් පමණ භාවිත කළ හැකි ගුණාත්මක තත්ත්වයේ වාහන මිල දී ගැනීම රජයේ අරමුණ බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    :lol:
    https://www.news.com.au/technology/...d/news-story/11ea169c7c2fa978c9a81af94fc6e2e8

    අද වාහනේ බැටරි බැහැලා හෙට චාජ් කරගෙන එන්නම්

    8e636415376f5ea7af398fda15ef9491
     
    • Haha
    Reactions: KDH

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,022
    113
    රාජ්‍ය ආයතනවල නිල භාවිතය සඳහා නව කැබ් රථ දෙදහසක් ආනයනය කිරීමට රජය විසින් තීරණය කර ඇති පසුබිමක, BYD SHARK 6 වර්ගයේ plug-in hybrid රථ කෙරෙහි විශේෂ අවධානයක් යොමුව ඇති බවට වාර්තා පළ වේ. රුපියල් මිලියන 25.3ක් පමණ වන වෙළෙඳපොළ මිල, නඩත්තු කිරීමේ පහසුව සහ එය පෙට්‍රල්/ඩීසල් මෙන්ම විදුලියෙන්ද ක්‍රියාත්මක කළ හැකි දෙමුහුන් වාහනයක් වීම මෙම ආකර්ෂණයට හේතු වී තිබේ.

    මෙම තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා වන 2026 අයවැය යෝජනාවක් ලෙස සැලසුම් කර ඇති අතර, දුෂ්කර ප්‍රදේශවල සේවයේ නියුතු නිලධාරීන් ඇතුළු බොහෝ රාජ්‍ය ආයතන මුහුණ දෙන ප්‍රවාහන ගැටලුවට විසඳුමක් ලෙස මෙම පියවර ගෙන ඇත. රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මීට පෙර නිවේදනය කළේ රාජකාරී අවශ්‍යතා සඳහා වාහන නොමැති වීම බරපතළ ගැටලුවක් බවයි.

    මීට පෙර රාජ්‍ය අංශයේ භාවිතය සඳහා වැඩි වශයෙන් යොදා ගැනුණේ Toyota සමාගමේ කැබ් රථ වන අතර,
    ඒවායේ නඩත්තු වියදම් අධික වීම නිසා මෙවර විකල්ප කෙරෙහි අවධානය යොමු කර ඇති බව සඳහන් වේ. කෙසේ වෙතත්, ආනයනය කරන නිශ්චිත වාහන වර්ගය හෝ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා මීට පෙර මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.

    පළාත් පාලන ආයතන, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු රජයේ බොහෝ කාර්යාල සඳහා දීර්ඝ කාලයකින් නව වාහන ලබා දී නොමැති බව පෙන්වා දෙන අමාත්‍යවරයා, ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මෙම වාහන ලබා දීමට කටයුතු කරන බව පැවසීය. ආනයනය කිරීමට සැලසුම් කර ඇති වාහන සංඛ්‍යාව දෙදහසක් වුවද, අවශ්‍යතාව මත එම සංඛ්‍යාව වෙනස් විය හැකි බවත්, වසර 15ක් පමණ භාවිත කළ හැකි ගුණාත්මක තත්ත්වයේ වාහන මිල දී ගැනීම රජයේ අරමුණ බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
    මට හිතුනා ඕක වෙයි කියලා. එක්කො ඕක නැත්තන් ඉශාරගෙන් ගන්න එක තමා මුන් කරන්නෙ. :lol: :lol:

    අනික කැබ් මොකටද බන්? ඩොල්ෆින් එක හොඳයිනෙ. :lol::lol:
    ------ Post added on Aug 27, 2025 at 2:41 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,022
    113
    ඕකේ maintain cost එක අඩුයිද බං ?
    මමනම් හිතන්නෙ නෑ බන්, අනික ඕවා ගෙදර වාහනේ වගේ නෙවීනෙ බන් පාවිච්චි කරන්නෙ. එහෙ මෙහෙ වද්ද ගන්නවා, හරියට පදින්නෙ නෑ etc etc.

    මට පේන්නෙ jkh එකේ ඩීල් එක තමා දැන් යන්නෙ. උන්ව ලොවෙත් ගොඩ දානවා මුන් ටික එකතු වෙලා.

    හරිනම් වෙන්න ඕනා tender කැඳවන්න ඕනා Requirement ටික කියලා අපිට මේ මේ දේවල් ඕන, ඒකට හොඳම spec + pricing දෙන්න කියලා. එතකොට කවුරුහරි එකෙක් කරත්තෙකට සුපිරි ජෙප්පෙක් ගැටගහලා දීලා tender එක comply කලොත් ඒක ගන්න ඕනා.

    නැතුව මේ brand එකම ඕනා කියන්නෙ procurement process එක violate කරන වැඩක්.

    ------ Post added on Aug 27, 2025 at 2:49 PM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    මුන් මේ රට කිවුබාවක් කරන්න හදන්නෙ. ගෝටා හිටියනම් සින්ගප්පුරුවක් වෙන්නයි තිබ්බෙ
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    රෙපයරින් කෝස්ට් කතාව නම් බොරුවක් බන්. ඉන්දියන් වාහන වල තමයි රෙපරින් කෝස්ට් අඩුම
    අනුර අයියට කවුරු හරි ලනුවක් දීල වගේ
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මොකේද මේ නිව්ස් එක ගියේ කියල කියපන්කො ඉසෙල්ලම . කග් ආකර්ශනයද ගිහින් තියෙන්නෙ . මුදල් ඇමතිගෙද
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,760
    16,574
    113
    රෙපයරින් කෝස්ට් කතාව නම් බොරුවක් බන්. ඉන්දියන් වාහන වල තමයි රෙපරින් කෝස්ට් අඩුම
    අනුර අයියට කවුරු හරි ලනුවක් දීල වගේ
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,760
    8,992
    113
    ulan bator
    කම්පැනි එක ගොඩ! සදාකල් සර්විස් - රෙපෙයාර් තියෙනවා! ආන්ඩුවෙ වාහන් කන්ඩෙම් කරන්නෙ නැ ලෙසියට!!

    ටින් ටින් එලු රැවුලා චිනෙට ලන්කාවට විකුනල දාල!
     
    • Haha
    Reactions: KDH

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    මොකේද මේ නිව්ස් එක ගියේ කියල කියපන්කො ඉසෙල්ලම . කග් ආකර්ශනයද ගිහින් තියෙන්නෙ . මුදල් ඇමතිගෙද

    මම නිකමට මේ ආටිකල් එකේ පලවෙනි චේදෙ සර්ච් කරල බැලුව මුලින්ම එන්නෙ ගොසිප් ලන්කා එකේ ආටිකල් එකක් දෙවෙනියට එන්නෙ BBC sinhala site එකේ ආටිකල් එකක් එකේ ආටිකල් එකේ BYD ගැන කතාවක් ඇත්තෙත් නෑ අඩෝ @KDH ඉරාජ්ගෙ 5000 ටද මේ ව මේකෙ දාන්නෙ :lol:

    • Haha
    Reactions: skymicro

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    මම නිකමට මේ ආටිකල් එකේ පලවෙනි චේදෙ සර්ච් කරල බැලුව මුලින්ම එන්නෙ ගොසිප් ලන්කා එකේ ආටිකල් එකක් දෙවෙනියට එන්නෙ BBC sinhala site එකේ ආටිකල් එකක් එකේ ආටිකල් එකේ BYD ගැන කතාවක් ඇත්තෙත් නෑ අඩෝ @KDH ඉරාජ්ගෙ 5000 ටද මේ ව මේකෙ දාන්නෙ :lol:

    BYD කියපු ගනම් කාගෙ හරි ටොම් පචයක් කියල තේරුනා මට නම් . එක් එකාට පචය කිය කිය යනව . මුන් තමා හොදම පචයො .