@nidarsha91 මහත්මයාට,
Candid-B නම් මේ වනචරයව යහ මඟට ගන්න බැරි වෙයිද?
මොහු සෑහෙන අසහනයකින් පෙලෙන්නෙක්.
එළකිරි මල් යායට හානි කරනවා මෙවැනි අයවලුන්.
ස්තූතියි!
"සෑම පව්කාරයෙකුටම අනාගතයකුත්, සෑම සාන්තුවරයෙක්ටම අතීතයකුත් තියෙනවා" කියල අපි අහල තියෙනවනෙ නේද මිත්‍රය? අපිට කවුරුහරි සමාජ අසම්මතයට අනුව ක්‍රියා කරනව නං, ඒ කෙනාගෙ පව් ගෙවිල අවබෝදය වැඩි වෙන්න කියල පතන්න පුළුවන්. ඒත්, මේ සිස්ටම් එකේ විව්ධත්වය හින්දම මඩත් නෙලුමුත් දෙකම තියෙන්න වෙනවනෙ නේද මිත්‍රයා? එතකොට නෙලුමේ අගය වැඩි වෙන්න ඒක හේතුවක් වෙනවනෙ.
කිසිම දෙයක් නිත්‍ය නොවෙන මූලධර්මය හින්ද ඔය ඇවටාර් එකෙන් ඉන්න එක කාලයත් එක්ක අඩු කරල වෙන හොඳ ඇවටාර් එකකින් එයි. එතකොට හරි යයිනෙ. මොකද මේ අපි දකින සමහර ඇවටාර්ස් වල ඇතුලෙ ඉන්නෙ එකම කෙනෙක්. එයාගෙ තරහවට එක ඇවටාර් එකක්. සතුටට එකක්. මනුස්සකමට එකක්. අමනුස්සකමට තව එකක්.
එතකොට වැඩියෙන් අර ශිෂ්ට ඇවටාර් එකෙන් එනව නම් කිරියෙම පහත් පෝස්ට්ස් අඩු වෙලා අර ඉස්සර වගේ මාරම වැඩගත් කියවන්න පුළුවන් ත්රෙඩ්ස් වැඩි වේවි. ඉස්සර අපි කිරියට ඇවිල්ලා කියවනවනෙ මාර දේවල්. එක හුස්මට පේලි ගනන් කියවනවා. දැන් ඒක අඩු වෙලා.