උබලට කවදාවත් විශ්‍රාම යන්න වෙන්න නෑ රුපියල් ඉතුරු කරලා 👉

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    🔴 විශ්‍රාමිකයාගේ වයස අවුරුදු 75 වන විට උද්ධමනය 7% දක්වා ළඟා වුවහොත් ඔහුට සිය ඉතුරුම් වටිනාකමෙන් 74.16%ක් අහිමි වනු ඇත. උද්ධමනය 2%ක් නම් පාඩුව 32.7%ක් වනු ඇත. මිල ගණන් ඉහළ යන්නේ එක් වරක් පමණක් නොවේ. සෑම වසරකම ඒවා පෙර වසරවල වැඩිවීම් මත ඉහළ යයි. මෙම ගොඩගැසීම (සංයුක්ත කිරීම) කාලයත් සමඟ මුදල්වල වටිනාකම බොහෝ වේගයෙන් පහත වැටීමට හේතු වේ. වාර්ෂික උද්ධමන අනුපාතයේ කුඩා වෙනසක් පවා දශක ගණනාවක් පුරා භයානක ප්‍රතිඵල ඇති කරන්නේ එය කාලීනව සමුච්චනය වීම තුළින් විශ්‍රාමික ඉතුරුම්වල සැබෑ වටිනාකම දැඩි ලෙස අඩු කිරීම නිසාය.

    Full Article 👇








    තවත් ආර්ථික අර්බුදයක් ඇති වීම වළක්වා ගැනීමට නම් ශ්‍රී ලංකාව 2%ක උද්ධමන සීමාවක් පවත්වා ගත යුතුය



    රවී රත්නසබාපති විසිනි
    “..මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා පැවසුවේ, තුන්වන කාර්තුව ආරම්භයේ සිට ප්‍රධාන උද්ධමනය ධනාත්මක වනු ඇතැයි අපේක්ෂා කරන අතර වසර අවසන් වන විට එම අගය ඉලක්කගත පරාසය කරා ගමන් කරනු ඇති බවට අපේක්ෂා කරන බවයි”. සමස්ත දර්ශකයේ ප්‍රධාන සංරචකයක පමණ ඉක්මවා ගිය අස්ථාවරත්වයක් පවතින විට උද්ධමනය ඉලක්කගත මට්ටමේ පවත්වා ගැනීම අභියෝගයක් බව මහ බැංකු අධිපතිවරයා රාජ්‍ය මූල්‍ය කමිටුව වෙත පැවසීය.(ද මෝනිං පුවත්පත, 2025 ජුනි 10)

    උද්ධමනය වැදගත් වීමට හේතුව

    මෑත කාලීන අර්බුදය අතරතුර උද්ධමනයේ විනාශකාරී බලපෑම් ජනතාව අත්විඳ ඇති බැවින් එවැනි තත්ත්වයක් නැවත වතාවක් ඇති වීමේ තර්ජනය බැරෑරුම් ලෙස සැලකිය යුතුය. උද්ධමනය මඟින් ආදායම සහ ඉතිරිකිරීම් ඛාදනය කරන අතර; නුසුදුසු ආකාරයෙන් ධනය නැවත බෙදා හරින්නා සේම ආයෝජන සහ සම්පත් වෙන් කිරීම විකෘති කරයි. එහි වඩාත්ම විනාශකාරී බලපෑම් ඇති වන්නේ ඉතිරිකිරීම් මතය. එය සෑම කෙනෙකුටම බලපාන නමුත්, සමුච්චිත ඉතුරුම්වල සැබෑ වටිනාකම ජීවනාලියක් කොට ගත් විශ්‍රාමිකයන් සඳහා මෙම බලපෑම වඩාත් උග්‍රව දැනේ.
    සැපපහසු සහ ආරක්ෂිත විශ්‍රාමික දිවියක් සහතික කිරීම සඳහා වැඩිහිටියන්ට ඉතිරිකිරීම් ඉතා වැදගත් වේ. ඒවා මූල්‍ය ස්ථාවරත්වයක් ලබා දෙන අතර, වැඩිහිටියන්ට සෞඛ්‍ය සේවා වියදම් කළමනාකරණය කිරීමට ඉඩ සලසයි. ශ්‍රී ලංකාවේ වේගයෙන් වයස්ගත වන ජනගහනයක් පැවතීම නිසා ඉතිරිකිරීම් විශේෂයෙන් වැඳගත් වේ. 2042 වර්ෂය වන විට, සෑම පුද්ගලයින් හතර දෙනෙකුගෙන් එක් අයෙකුම වයස්ගත අයෙක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    ඉතිරිකිරීමේ වැදගත්කම

    මුදල්වල වැදගත් කාර්යයක් වන්නේ වටිනාකම් ගබඩා කිරීමට ඇති හැකියාවයි. බහුතරයක් දෙනා තම ඉතුරුම් මුදල් ආකාරයෙන් තබා ගනී. මුදල් වටිනාකමේ උච්චාවචනයන් නොතකා ඉඩම් හෝ රත්තරන් වැනි භෞතික වත්කම් ඒවායේ වටිනාකම රඳවා ගන්නා නමුත් (තමන්ගේම නිවස හැර) මෙවැනි වත්කම්වල ආයෝජනය කළ හැක්කේ සුළු පිරිසකට පමණි.
    ශ්‍රී ලංකාවේ සමස්ත සෞඛ්‍ය දර්ශක යහපත් මට්ටමක තිබුණත්, වැඩිහිටියන් සඳහා වන සෞඛ්‍ය පහසුකම් සතුටුදායක නොවේ . ඩිමෙන්ශියාව, හෘද රෝග සහ දියවැඩියාව වැනි දිගුකාලීන රෝග සඳහා පවතින සත්කාරයන්ගේ ගුණාත්මකභාවය දුර්වල මට්ටමක පවතී. විස්තෘත පවුල් ඒකකයේ බිඳවැටීම සහ තරුණ තරුණියින් විශාල වශයෙන් වෙනත් රටවලට සංක්‍රමණය වීම නිසා සාම්ප්‍රදායික වැඩිහිටි ආධාරක ක්‍රමය පහත වැටෙමින් පවතින බවක් පෙනී යයි. ඒ අනුව වැඩිහිටි සුරැකුම් නිවාස වඩ වඩාත් වැදගත්කමක් උසුලමින් පවතී. ඒ නමුත් පවතින පහසුකම් බොහෝ දුරට පෞද්ගලිකව සපයනු ලබන අතර ඒවා ප්‍රමාණවත්ව සැපයීමක් නැති නිසා පවත්නා සේවාවන් මිල අධිකය. කලින් විශ්‍රාම යන වයස සහ වයස් වෙනස්කම් කිරීම රැකියා අවස්ථා සීමා කරන අතර වැඩිහිටි සේවකයින් සඳහා ආර්ථික අභියෝග ගැඹුරු කරයි.
    මේ අනුව, විශ්‍රාම යන අවස්ථාව වන විට රාජ්‍ය විශ්‍රාම වැටුපක ප්‍රතිලාභ භුක්ති නොවිඳින සාමාන්‍ය පුරවැසියෙකු, තමන් විසින් රැස් කරගත් ඉතිරිකිරීමක් මත ජීවත් වීමට උත්සාහ කළ යුතුය.
    වයස්ගත වීමත් සමඟ ඇති වන අධික වෛද්‍ය වියදම් නොවැළැක්විය හැකි අතර හෘද රෝග, දියවැඩියාව වැනි නිදන්ගත රෝගී තත්ත්වයන් වර්ධනය වීමේ අවදානම හේතුවෙන් කාලයත් සමඟ එම වියදම් ක්‍රමයෙන් වැඩි වන අතර ඒ වෙනුවෙන් අඛණ්ඩ ප්‍රතිකාර අවශ්‍ය වේ. සංකූලතා හේතුවෙන් හදිසි ප්‍රතිකාර කිරීමේ අවශ්‍යතාවක් ඇති වුවහොත් දැරීමට සිදු වන මූල්‍යමය බර තීරණාත්මක ස්වරූපයක් ගනී.
    විශ්‍රාමිකයන්ට ඇති අභියෝගය වන්නේ ආදායම් උත්පාදන අවස්ථා නොමැතිකමත් සමඟ ඉහළ යන වියදම් සමතුලිත කර ගැනීමයි. ඔවුන්ගේ ඉතිරිකිරීම්වල වටිනාකම ආරක්ෂා කර ගැනීම අත්‍යවශ්‍ය වේ. විශ්‍රාම යන පුද්ගලයින්ට තවත් අවුරුදු 20-30ක් ජීවත් වීමට අපේක්ෂා කළ හැකිය. ඒ තරම් දිගු කාලයක් වෙනුවෙන් සැලසුම් කිරීම මේ මොහොතේ පවා දුෂ්කර වන නිසා උද්ධමනයක් යටතේ සැලසුම් කිරීම කළ නොහැකි තරම්ය.

    ඉතුරුම් මත උද්ධමනයේ බලපෑම

    2023 වසරේදී මහ බැංකුව උද්ධමනය සඳහා 5%ක ඉලක්කයක් (2%ක සීමාවක් සහිතව) සම්මත කර ගත් අතර එමඟින් උද්ධමනය 7% දක්වා ළඟා විය හැකිය. බොහෝ රටවල් 1% - 3% අතර ඉලක්කයක් භාවිතා කරන අතර 2% මට්ටම වඩාත් යෝග්‍ය වේ. සැබෑ ජීවිත බලපෑම්වලින් වියුක්තව, සංඛ්‍යා දත්ත (2%, 5%, හෝ 7%) දෙස පමණක් බැලු‍වහොත්, එම වෙනස කුඩා බව පෙනුණත්, මෙමඟින් ජනතාවගේ ඉතිරිකිරීම් කෙරෙහි ඇති කරන බලපෑම සුළුකොට තැකිය හැක්කක් නොවේ.
    විශ්‍රාම යාමට ආසන්නව සිටින පුද්ගලයින් තවත් අවුරුදු 20-30ක් ජීවත් වීමට අපේක්ෂා කළහොත් සහ ඔවුන් සතුව රු. 10,000,000ක ඉතිරි කිරීම් ඇතැයි උපකල්පනය කළහොත් ඔවුන් වෙත බලපාන උද්ධමනයේ ආසන්න බලපෑම පහත වගුවෙන් නිරූපණය කෙරේ.
    Screenshot+2025-09-22+125525.png

    විශ්‍රාමිකයාගේ වයස අවුරුදු 75 වන විට උද්ධමනය 7% දක්වා ළඟා වුවහොත් ඔහුට සිය ඉතුරුම් වටිනාකමෙන් 74.16%ක් අහිමි වනු ඇත. උද්ධමනය 2%ක් නම් පාඩුව 32.7%ක් වනු ඇත. මිල ගණන් ඉහළ යන්නේ එක් වරක් පමණක් නොවේ. සෑම වසරකම ඒවා පෙර වසරවල වැඩිවීම් මත ඉහළ යයි. මෙම ගොඩගැසීම (සංයුක්ත කිරීම) කාලයත් සමඟ මුදල්වල වටිනාකම බොහෝ වේගයෙන් පහත වැටීමට හේතු වේ. වාර්ෂික උද්ධමන අනුපාතයේ කුඩා වෙනසක් පවා දශක ගණනාවක් පුරා භයානක ප්‍රතිඵල ඇති කරන්නේ එය කාලීනව සමුච්චනය වීම තුළින් විශ්‍රාමික ඉතුරුම්වල සැබෑ වටිනාකම දැඩි ලෙස අඩු කිරීම නිසාය.

    ශ්‍රී ලංකාවේ උද්ධමන ඉතිහාසය

    ශ්‍රී ලංකාව අතීතයේ කටයුතු කර ඇත්තේ කෙසේද? මෙය පැහැදිලි කිරීමට ඇති එක් ක්‍රමයක් වන්නේ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ විනිමය අනුපාතය දෙස බැලීමයි. නිශ්චිතවම නොවුනත්, උද්ධමනයේ සංයුක්ත බලපෑම මුදල් ඒකකයේ අවප්‍රමාණය තුළ පුළුල් ලෙස පිළිබිඹු වේ.
    Screenshot+2025-09-22+125739.png

    මුළු වසර හතළිස් පහ තුළම වාර්ෂික සාමාන්‍ය වාර්ෂික ක්ෂය වීම 6.72% ක් පමණ වන අතර එය නව උද්ධමන ඉලක්කයේ ඉහළ පරාසය තුළ පවතී. ගැටලු‍ව විසඳීම වෙනුවට, නව ක්‍රමය මඟින් අතීත අර්බුද ඇති කළ අස්ථාවරත්වයම පවත්වා ගෙන යා හැකි අතර, එමඟින් එය නැවැත්වීමට වඩා එය දිගටම කරගෙන යාමට ඉඩ ඇත.
    වැඩිහිටියන්ගේ ඉතුරුම් කෙරෙහි ඇති බලපෑම තියුණුය, නමුත් තරුණයින්ට වුවද ඒ තරම් හොඳක් සිදු වන බවක් පෙනෙන්නට නැත. පෙනෙන පරිදි මධ්‍යස්ථ උද්ධමන මට්ටම් පවා නිහඬව පුරවැසියන්ගේ එදිනෙදා යහපැවැත්මට බාධා කළ හැකිය. මිල ගණන් ඉහළ යන විට, මිනිසුන් තම වැටුපෙන් මිලදී ගැනීමට ඇති හැකියාව අඩු වන බව සොයා ගන්නා අතර ජීවන රටාවන් සීමා කරන දුෂ්කර තේරීම්වලට අනුගතවීමට බල කරයි. ඉතිරි කිරීමද දුෂ්කර වන අතර ඉතිරිකිරීම්වලින් කළ හැකි දේවල වටිනාකම අහිමි වේ. තවද විනිමය අනුපාතය දුර්වල වන අතර, ආනයන වඩාත් මිල අධික වේ. එමඟින් ඉහළ යන වියදම් චක්‍රයක් ඇති වේ. ස්ථාවර හෝ අඩු ආදායම්ලාභීන් සඳහා, මෙම පීඩනයන්ගෙන් ඇති වන බලපෑම විශේෂයෙන්ම දරුණු ගණයේ එකකි.

    See more... 👇

    https://www.advocata.org/sinhala-archives/2025/9/22/-2-
    ------ Post added on Sep 26, 2025 at 12:56 PM
     
    • Like
    Reactions: Sen-lu and ttj

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    කිසිම රටක එ රටෙ මුදල් එකෙකෙන් ඉතිරි කරල පැන්සන් යන්න බැහැ!

    මිනිස්සු මුදල් ඉතිරි කරල වැඩි නම් - පොලී අනුපාත පහල දාල ලොන් මවල දිලා සල්ලි ප්‍රින්ට් කරල මුදල බාල කරනවා! එක තමයි මහ බැන්කු මාෆියාවෙ ප්‍රදාන කාරිය! ඉට පස්සෙ මිනිස්සු තව මහන්සි වෙලා වැඩ කරනවා!

    මෙ කාරනෙ කීසිම රටක පොත පතෙ ඉස්කොලෙ උගන්නන්නෙ නැහැ! ඉගැන්නුවානම් මිනිස්සු ඉතිරි කරන්නෙ නැහැ! ඉතිරි කරන්නෙ නැත්නම් බැන්කු කාරෙයන්ට ලොන් දෙන්න සල්ලි නැහැ!


    එ වගෙම තමයි බැන්කු කියන්නෙ මහා පත ජාවාරමක්! එක ගැන වෙනම කතා කරන්න ඔන!

    මෙ ඇවිල්ල කොලෙක අන්ක ප්‍රින්ට් කරල එව පෙන්නල වහල් වැඩ ගන්න යුගය! බලෙන් වහල් වැඩ ගන්න එක හොද නැලු නෙ!


    mekata ekkahu karapam DOLAR eke buying power eka adu weema!


    ------ Post added on Sep 26, 2025 at 1:07 PM
     
    • Like
    • Love
    Reactions: Bekam and ozykolla

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඉතුරු කරලා විතරක් වැඩක් නෑ...

    ඉතුරු කරන එක ආයෝජනය කරලා පැසිව් ඉන්කම් එකක් හදා ගන්න...
     
    • Love
    Reactions: ozykolla

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    කිසිම රටක එ රටෙ මුදල් එකෙකෙන් ඉතිරි කරල පැන්සන් යන්න බැහැ!

    මිනිස්සු මුදල් ඉතිරි කරල වැඩි නම් - පොලී අනුපාත පහල දාල ලොන් මවල දිලා සල්ලි ප්‍රින්ට් කරල මුදල බාල කරනවා! එක තමයි මහ බැන්කු මාෆියාවෙ ප්‍රදාන කාරිය! ඉට පස්සෙ මිනිස්සු තව මහන්සි වෙලා වැඩ කරනවා!

    මෙ කාරනෙ කීසිම රටක පොත පතෙ ඉස්කොලෙ උගන්නන්නෙ නැහැ! ඉගැන්නුවානම් මිනිස්සු ඉතිරි කරන්නෙ නැහැ! ඉතිරි කරන්නෙ නැත්නම් බැන්කු කාරෙයන්ට ලොන් දෙන්න සල්ලි නැහැ!


    එ වගෙම තමයි බැන්කු කියන්නෙ මහා පත ජාවාරමක්! එක ගැන වෙනම කතා කරන්න ඔන!

    මෙ ඇවිල්ල කොලෙක අන්ක ප්‍රින්ට් කරල එව පෙන්නල වහල් වැඩ ගන්න යුගය! බලෙන් වහල් වැඩ ගන්න එක හොද නැලු නෙ!

    💯

    මිනිස්සු සල්ලි ගැන නොදන්නා තරමට වහල්ලු හදාගන්න පුළුවන්
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    💯

    මිනිස්සු සල්ලි ගැන නොදන්නා තරමට වහල්ලු හදාගන්න පුළුවන්
    දැන් ලොකෙම වහල්ලු කරන්න යන්නෙ. ගොඩක් රටවල් ඩිජිටල් අයි-ඩී එක පුශ් කරනවා!

    2024 යූ-එන් එකෙ ලොක්කාගෙ කතාව අහපම්! මිනිස්සු නිදහස් චින්තනයක් නැති සොම්බි කරන්න යන්නෙ!



    me 2025 - agentinian buwa dehi kapanawa

     
    • Wow
    Reactions: ozykolla

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,704
    5,554
    113
    කිසිම රටක එ රටෙ මුදල් එකෙකෙන් ඉතිරි කරල පැන්සන් යන්න බැහැ!

    මිනිස්සු මුදල් ඉතිරි කරල වැඩි නම් - පොලී අනුපාත පහල දාල ලොන් මවල දිලා සල්ලි ප්‍රින්ට් කරල මුදල බාල කරනවා! එක තමයි
    මහ බැන්කු මාෆියාවෙ ප්‍රදාන කාරිය! ඉට පස්සෙ මිනිස්සු තව මහන්සි වෙලා වැඩ කරනවා!

    මෙ කාරනෙ කීසිම රටක පොත පතෙ ඉස්කොලෙ උගන්නන්නෙ නැහැ! ඉගැන්නුවානම් මිනිස්සු ඉතිරි කරන්නෙ නැහැ! ඉතිරි කරන්නෙ නැත්නම් බැන්කු කාරෙයන්ට ලොන් දෙන්න සල්ලි නැහැ!


    එ වගෙම තමයි බැන්කු කියන්නෙ මහා පත ජාවාරමක්! එක ගැන වෙනම කතා කරන්න ඔන!

    මෙ ඇවිල්ල කොලෙක අන්ක ප්‍රින්ට් කරල එව පෙන්නල වහල් වැඩ ගන්න යුගය! බලෙන් වහල් වැඩ ගන්න එක හොද නැලු නෙ!



    mekata ekkahu karapam DOLAR eke buying power eka adu weema!


    ------ Post added on Sep 26, 2025 at 1:07 PM

    Exactly Central bank or Any Bank Are Legalize Scam / Pyramid Scheme or Ponzi Scheme. Simply They Theft Money From People.
     
    • Love
    Reactions: nppcheguevara

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,130
    4,284
    113
    Sri Lanka
    USD වලින් ඉතුරු කරන එක තමයි කරන්න තියෙන හොඳම දේ ඉතුරු කරනව නම්. එහෙම නැත්නම් Gold. ක්ෂණික Cash කර ගන්න පුළුවන් දේකට තියෙන්නෙ Gold නේද? ඉඩම් හෝ වෙන මොනව හරි properties ඉක්මනට Cash කර ගන්න බැරි හින්ද පොඩ්ඩක් අවුල් වගේ...
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,203
    1
    58,584
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ බදු ගැහිල්ලත් එක්ක තමන්ගෙ ව්‍යාපාරයක් පටන්ගන්න ප්‍රාග්ධනය හොයාගන්න එකත් අමාරුයි.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    Exactly Central bank or Any Bank Are Legalize Scam / Pyramid Scheme or Ponzi Scheme. Simply They Theft Money From People.
    Not money bro! money come from air - people's life - people's time!
    Now CABAL going beyond that!
    CABAL want to control people thoughts too!


    USD වලින් ඉතුරු කරන එක තමයි කරන්න තියෙන හොඳම දේ ඉතුරු කරනව නම්. එහෙම නැත්නම් Gold. ක්ෂණික Cash කර ගන්න පුළුවන් දේකට තියෙන්නෙ Gold නේද? ඉඩම් හෝ වෙන මොනව හරි properties ඉක්මනට Cash කර ගන්න බැරි හින්ද පොඩ්ඩක් අවුල් වගේ...
    USD is the main cursed! Federal Reserve Bank to be exact !
    ------ Post added on Sep 26, 2025 at 10:29 PM

    කමල් රුපියල් ලස්ස 10ක් "1" කියන බැන්කුවට දානවා! සිරිපාල ඇවිල්ල බැන්කුවෙන් ලස්ස 6ක ලොන් එකක් ඉල්ලනවා! බැන්කුව එක දෙනවා! දැන් සිරිපාල ලස්ස 6 අරන් ගිහින් නිමල් ගෙන් ඉඩමක් ගන්නව! නිමල් එ ලස්ස 6 අරන් ගිහින් නැවත 1 බැන්කුවෙම ස්තාවර තැන්පතුවක් දානවා!

    දැන් බැන්කුවෙ පොත් වල ලස්ස 16ක ගෙවිය යුතු තැන්පතු සහ ලස්ස 6ක අයවිය යුතු ණයක් පෙන්නනවා!

    සිරිපාල ලොන් එකෙන් ලස්ස 3ක් ගෙවල තියෙද්දි "කමල්" සහ "නිමල්" දෙන්නාම ගිහින් උන්ගෙ තැන්පතු ඉල්ලනව! බැන්කුවෙ වැඩ කරන උන්ගෙ පුක ගිනි ගන්නෙ මෙතනදි! ගිනි ගන්න එක නිවන්නෙ "මහ බන්කුව" , මහ බන්කුව "1" බැන්කුවට ලස්ස 3ක මුදල් ප්‍රින්ට් කරල දීල කියනවා තැන්පතු ගෙවල දාන්න කියල! දැන් අහසින් අමතර ලස්ස 3ක් මැවිලා ආවා!

    දැන් ඔක්කොම සල්ලි කොල ලස්ස 13ක තියෙනවා! මෙ විදියට කැරකිලා කැරකිල මෙ වෙදි ලොකෙ ඩොලර් ට්‍රීලියන 353ක් ණය හැදිලා තියෙනවා!
    ------ Post added on Sep 26, 2025 at 10:37 PM
     
    • Like
    Reactions: Bekam

    Similar threads