Full Article
තවත් ආර්ථික අර්බුදයක් ඇති වීම වළක්වා ගැනීමට නම් ශ්‍රී ලංකාව 2%ක උද්ධමන සීමාවක් පවත්වා ගත යුතුය
රවී රත්නසබාපති විසිනි
“..මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා පැවසුවේ, තුන්වන කාර්තුව ආරම්භයේ සිට ප්‍රධාන උද්ධමනය ධනාත්මක වනු ඇතැයි අපේක්ෂා කරන අතර වසර අවසන් වන විට එම අගය ඉලක්කගත පරාසය කරා ගමන් කරනු ඇති බවට අපේක්ෂා කරන බවයි”. සමස්ත දර්ශකයේ ප්‍රධාන සංරචකයක පමණ ඉක්මවා ගිය අස්ථාවරත්වයක් පවතින විට උද්ධමනය ඉලක්කගත මට්ටමේ පවත්වා ගැනීම අභියෝගයක් බව මහ බැංකු අධිපතිවරයා රාජ්‍ය මූල්‍ය කමිටුව වෙත පැවසීය.(ද මෝනිං පුවත්පත, 2025 ජුනි 10)
උද්ධමනය වැදගත් වීමට හේතුව
මෑත කාලීන අර්බුදය අතරතුර උද්ධමනයේ විනාශකාරී බලපෑම් ජනතාව අත්විඳ ඇති බැවින් එවැනි තත්ත්වයක් නැවත වතාවක් ඇති වීමේ තර්ජනය බැරෑරුම් ලෙස සැලකිය යුතුය. උද්ධමනය මඟින් ආදායම සහ ඉතිරිකිරීම් ඛාදනය කරන අතර; නුසුදුසු ආකාරයෙන් ධනය නැවත බෙදා හරින්නා සේම ආයෝජන සහ සම්පත් වෙන් කිරීම විකෘති කරයි. එහි වඩාත්ම විනාශකාරී බලපෑම් ඇති වන්නේ ඉතිරිකිරීම් මතය. එය සෑම කෙනෙකුටම බලපාන නමුත්, සමුච්චිත ඉතුරුම්වල සැබෑ වටිනාකම ජීවනාලියක් කොට ගත් විශ්‍රාමිකයන් සඳහා මෙම බලපෑම වඩාත් උග්‍රව දැනේ.සැපපහසු සහ ආරක්ෂිත විශ්‍රාමික දිවියක් සහතික කිරීම සඳහා වැඩිහිටියන්ට ඉතිරිකිරීම් ඉතා වැදගත් වේ. ඒවා මූල්‍ය ස්ථාවරත්වයක් ලබා දෙන අතර, වැඩිහිටියන්ට සෞඛ්‍ය සේවා වියදම් කළමනාකරණය කිරීමට ඉඩ සලසයි. ශ්‍රී ලංකාවේ වේගයෙන් වයස්ගත වන ජනගහනයක් පැවතීම නිසා ඉතිරිකිරීම් විශේෂයෙන් වැඳගත් වේ. 2042 වර්ෂය වන විට, සෑම පුද්ගලයින් හතර දෙනෙකුගෙන් එක් අයෙකුම වයස්ගත අයෙක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඉතිරිකිරීමේ වැදගත්කම
මුදල්වල වැදගත් කාර්යයක් වන්නේ වටිනාකම් ගබඩා කිරීමට ඇති හැකියාවයි. බහුතරයක් දෙනා තම ඉතුරුම් මුදල් ආකාරයෙන් තබා ගනී. මුදල් වටිනාකමේ උච්චාවචනයන් නොතකා ඉඩම් හෝ රත්තරන් වැනි භෞතික වත්කම් ඒවායේ වටිනාකම රඳවා ගන්නා නමුත් (තමන්ගේම නිවස හැර) මෙවැනි වත්කම්වල ආයෝජනය කළ හැක්කේ සුළු පිරිසකට පමණි.ශ්‍රී ලංකාවේ සමස්ත සෞඛ්‍ය දර්ශක යහපත් මට්ටමක තිබුණත්, වැඩිහිටියන් සඳහා වන සෞඛ්‍ය පහසුකම් සතුටුදායක නොවේ . ඩිමෙන්ශියාව, හෘද රෝග සහ දියවැඩියාව වැනි දිගුකාලීන රෝග සඳහා පවතින සත්කාරයන්ගේ ගුණාත්මකභාවය දුර්වල මට්ටමක පවතී. විස්තෘත පවුල් ඒකකයේ බිඳවැටීම සහ තරුණ තරුණියින් විශාල වශයෙන් වෙනත් රටවලට සංක්‍රමණය වීම නිසා සාම්ප්‍රදායික වැඩිහිටි ආධාරක ක්‍රමය පහත වැටෙමින් පවතින බවක් පෙනී යයි. ඒ අනුව වැඩිහිටි සුරැකුම් නිවාස වඩ වඩාත් වැදගත්කමක් උසුලමින් පවතී. ඒ නමුත් පවතින පහසුකම් බොහෝ දුරට පෞද්ගලිකව සපයනු ලබන අතර ඒවා ප්‍රමාණවත්ව සැපයීමක් නැති නිසා පවත්නා සේවාවන් මිල අධිකය. කලින් විශ්‍රාම යන වයස සහ වයස් වෙනස්කම් කිරීම රැකියා අවස්ථා සීමා කරන අතර වැඩිහිටි සේවකයින් සඳහා ආර්ථික අභියෝග ගැඹුරු කරයි.
මේ අනුව, විශ්‍රාම යන අවස්ථාව වන විට රාජ්‍ය විශ්‍රාම වැටුපක ප්රතිලාභ භුක්ති නොවිඳින සාමාන්‍ය පුරවැසියෙකු, තමන් විසින් රැස් කරගත් ඉතිරිකිරීමක් මත ජීවත් වීමට උත්සාහ කළ යුතුය.
වයස්ගත වීමත් සමඟ ඇති වන අධික වෛද්‍ය වියදම් නොවැළැක්විය හැකි අතර හෘද රෝග, දියවැඩියාව වැනි නිදන්ගත රෝගී තත්ත්වයන් වර්ධනය වීමේ අවදානම හේතුවෙන් කාලයත් සමඟ එම වියදම් ක්‍රමයෙන් වැඩි වන අතර ඒ වෙනුවෙන් අඛණ්ඩ ප්‍රතිකාර අවශ්‍ය වේ. සංකූලතා හේතුවෙන් හදිසි ප්‍රතිකාර කිරීමේ අවශ්‍යතාවක් ඇති වුවහොත් දැරීමට සිදු වන මූල්‍යමය බර තීරණාත්මක ස්වරූපයක් ගනී.
විශ්‍රාමිකයන්ට ඇති අභියෝගය වන්නේ ආදායම් උත්පාදන අවස්ථා නොමැතිකමත් සමඟ ඉහළ යන වියදම් සමතුලිත කර ගැනීමයි. ඔවුන්ගේ ඉතිරිකිරීම්වල වටිනාකම ආරක්ෂා කර ගැනීම අත්‍යවශ්‍ය වේ. විශ්‍රාම යන පුද්ගලයින්ට තවත් අවුරුදු 20-30ක් ජීවත් වීමට අපේක්ෂා කළ හැකිය. ඒ තරම් දිගු කාලයක් වෙනුවෙන් සැලසුම් කිරීම මේ මොහොතේ පවා දුෂ්කර වන නිසා උද්ධමනයක් යටතේ සැලසුම් කිරීම කළ නොහැකි තරම්ය.
ඉතුරුම් මත උද්ධමනයේ බලපෑම
2023 වසරේදී මහ බැංකුව උද්ධමනය සඳහා 5%ක ඉලක්කයක් (2%ක සීමාවක් සහිතව) සම්මත කර ගත් අතර එමඟින් උද්ධමනය 7% දක්වා ළඟා විය හැකිය. බොහෝ රටවල් 1% - 3% අතර ඉලක්කයක් භාවිතා කරන අතර 2% මට්ටම වඩාත් යෝග්‍ය වේ. සැබෑ ජීවිත බලපෑම්වලින් වියුක්තව, සංඛ්‍යා දත්ත (2%, 5%, හෝ 7%) දෙස පමණක් බැලුවහොත්, එම වෙනස කුඩා බව පෙනුණත්, මෙමඟින් ජනතාවගේ ඉතිරිකිරීම් කෙරෙහි ඇති කරන බලපෑම සුළුකොට තැකිය හැක්කක් නොවේ.විශ්‍රාම යාමට ආසන්නව සිටින පුද්ගලයින් තවත් අවුරුදු 20-30ක් ජීවත් වීමට අපේක්ෂා කළහොත් සහ ඔවුන් සතුව රු. 10,000,000ක ඉතිරි කිරීම් ඇතැයි උපකල්පනය කළහොත් ඔවුන් වෙත බලපාන උද්ධමනයේ ආසන්න බලපෑම පහත වගුවෙන් නිරූපණය කෙරේ.
විශ්‍රාමිකයාගේ වයස අවුරුදු 75 වන විට උද්ධමනය 7% දක්වා ළඟා වුවහොත් ඔහුට සිය ඉතුරුම් වටිනාකමෙන් 74.16%ක් අහිමි වනු ඇත. උද්ධමනය 2%ක් නම් පාඩුව 32.7%ක් වනු ඇත. මිල ගණන් ඉහළ යන්නේ එක් වරක් පමණක් නොවේ. සෑම වසරකම ඒවා පෙර වසරවල වැඩිවීම් මත ඉහළ යයි. මෙම ගොඩගැසීම (සංයුක්ත කිරීම) කාලයත් සමඟ මුදල්වල වටිනාකම බොහෝ වේගයෙන් පහත වැටීමට හේතු වේ. වාර්ෂික උද්ධමන අනුපාතයේ කුඩා වෙනසක් පවා දශක ගණනාවක් පුරා භයානක ප්‍රතිඵල ඇති කරන්නේ එය කාලීනව සමුච්චනය වීම තුළින් විශ්‍රාමික ඉතුරුම්වල සැබෑ වටිනාකම දැඩි ලෙස අඩු කිරීම නිසාය.
ශ්‍රී ලංකාවේ උද්ධමන ඉතිහාසය
ශ්‍රී ලංකාව අතීතයේ කටයුතු කර ඇත්තේ කෙසේද? මෙය පැහැදිලි කිරීමට ඇති එක් ක්‍රමයක් වන්නේ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ විනිමය අනුපාතය දෙස බැලීමයි. නිශ්චිතවම නොවුනත්, උද්ධමනයේ සංයුක්ත බලපෑම මුදල් ඒකකයේ අවප්‍රමාණය තුළ පුළුල් ලෙස පිළිබිඹු වේ.
මුළු වසර හතළිස් පහ තුළම වාර්ෂික සාමාන්‍ය වාර්ෂික ක්ෂය වීම 6.72% ක් පමණ වන අතර එය නව උද්ධමන ඉලක්කයේ ඉහළ පරාසය තුළ පවතී. ගැටලුව විසඳීම වෙනුවට, නව ක්‍රමය මඟින් අතීත අර්බුද ඇති කළ අස්ථාවරත්වයම පවත්වා ගෙන යා හැකි අතර, එමඟින් එය නැවැත්වීමට වඩා එය දිගටම කරගෙන යාමට ඉඩ ඇත.
වැඩිහිටියන්ගේ ඉතුරුම් කෙරෙහි ඇති බලපෑම තියුණුය, නමුත් තරුණයින්ට වුවද ඒ තරම් හොඳක් සිදු වන බවක් පෙනෙන්නට නැත. පෙනෙන පරිදි මධ්‍යස්ථ උද්ධමන මට්ටම් පවා නිහඬව පුරවැසියන්ගේ එදිනෙදා යහපැවැත්මට බාධා කළ හැකිය. මිල ගණන් ඉහළ යන විට, මිනිසුන් තම වැටුපෙන් මිලදී ගැනීමට ඇති හැකියාව අඩු වන බව සොයා ගන්නා අතර ජීවන රටාවන් සීමා කරන දුෂ්කර තේරීම්වලට අනුගතවීමට බල කරයි. ඉතිරි කිරීමද දුෂ්කර වන අතර ඉතිරිකිරීම්වලින් කළ හැකි දේවල වටිනාකම අහිමි වේ. තවද විනිමය අනුපාතය දුර්වල වන අතර, ආනයන වඩාත් මිල අධික වේ. එමඟින් ඉහළ යන වියදම් චක්‍රයක් ඇති වේ. ස්ථාවර හෝ අඩු ආදායම්ලාභීන් සඳහා, මෙම පීඩනයන්ගෙන් ඇති වන බලපෑම විශේෂයෙන්ම දරුණු ගණයේ එකකි.
See more...
https://www.advocata.org/sinhala-archives/2025/9/22/-2-
------ Post added on Sep 26, 2025 at 12:56 PM