උබලට අන්තිමට මොනවා වෙයිද?

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මහපාරේ.. වැඩපලේ.. ගෙදර.. මිනිස්සු දිහා ටිකක් සංසුන්ව බලාගෙන ඉන්න. මිනිස්සු දුවනවා.. කෑගහනවා.. බුම්මගෙන ඉන්නවා.. ආශ්වාදයක් හඹා යනවා.. සතුටින් ඉපිළෙනවා.. අඬනවා.. දෝෂාරෝපණය කරනවා.. පරාජය වෙලා පැත්තකට යනවා.. හැම දෙයක්ම කරන්නේ, රාග ද්වේශ මෝහ ක්ලේස හෙවත් අනේකාකාරවූ ගිනිගැනීමේ දැවිල්ල.. පිච්චීම නිසා හැදෙන කුලප්පුවට නේද?

    එයාලා කවුරුවත් දන්නෙ නෑ/හිතන්නේ නෑ තමන් නැටවෙනවා කියලා. හිතන්නේ/හිතෙන්නේ ම තමන් ම තමන්ගේ ම ප්‍රතිචාර දක්වනවා කියලා.
    ඔබ දන්නවද?
    මේ හැම නාඬගමක් යටම තියෙන්නෙ නොයෙකුත් ස්වරූපයෙන් එන තෘෂ්ණාව කියලා?
    රාග ද්වේශ මෝහ කිව්වට ඒ සේරම තෘෂ්ණාවේම අතිජාත නෑදෑයෝ. තෘෂ්ණාව නැත්නම් මම.. සංසාරය.. පැවැත්ම කියන සේරම ඉවරයි. ඔය පැවැත්ම වයින්ඩ් කරන්නේ තන්හාව !!! පිළිගන්න බෑ නේද?
    ඇයි අඬන්නෙ? කැමැති විදිහට නොවූ නිසා.. ඇයි කේන්ති ගියේ? බලාපොරොත්තුව ඉෂ්ඨ නොවූ නිසා.. හැමතැනම තියෙන්නෙ තෘෂ්ණාවේ අවතාර විතරයි.
    තන්හාව තමයි මේ දුක අරගෙන යන වාහනේ. එයාට තනියම මේක කරන්න බෑ. මේකට ජවන්සිතේ බලය.. ජනක උපස්ථම්භක කර්ම.. සෘතු බීජ ආදී නියාමවල බලය සහ තව නොයෙකුත් හේතු වලින් ඉන්ධන ලැබෙන්න ඕන. නැත්නම් තන්හාව කොහොමත් "ජීවත්වීම පැවැත්ම හෙවත් නිර්මාණය" කරනවාමයි. ඔන්න ඔතන තමයි ඉතාමත් බයානක තැන. කොතන කොහොම නිර්මාණය වෙයිද කියන්න බෑ.
    තෘෂ්ණාව කියන්නේ විකාරයක් කියන අවබෝධ ඥාණය(විජ්ජා) ලැබුවොත්, දුක උපදින පාර වැහෙනවා. (දුක සහ දුකට හේතුව)
    මීට වඩා (චතුරාර්යසත්‍ය) මොනවද ලබාගන්න තියෙන්නේ?
    සම්මාසම්බුදු කෙනෙක් දෙන ලොකුම තෑග්ග එච්චරයි.

    "දුක්‍ඛස්සන්තං කරිස්සතී". සත්වයා.. මම.. ආදී දහස්ගානක් ස්වරූපවලින් තිබුණේ දුකක සහ කිළුටු අඳුරු කෙලෙස්වල අවතාරයක් විතරයි. ඒක ඉවත්වීමත් සමඟම සම්මුතිකව නිකං හඳුන්වාදීමට නමක් දුන්නා මිස, සෝවාන්.. සකදාගාමී.. අනාගාමී.. රහත් ලේබල් ගහපු ඔටුන්නක් නෙවෙයි, දුක කියන පැවැත්මේ ක්‍රමික අවසානය !

    උපුටාගැනීමක් ~
     

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    849
    93
    Night City
    What if,
    මිනිස්සුන්ට අවුරුදු බිලියන ගාණක සංසිද්ධි ගැන තේරුම්ගන්න තාක්ෂණය දියුණු නැතිකාලෙ ඒ වෙනුවට තමන් මේ ලෝකෙට ඉපදුනේ විශේෂ හේතුවකට කියලා හිතින් මවාගෙන ඒක වටේ ගොතපු කතා ගොඩක් නම් හැම ආගමකම තියෙන්නෙ 🤔

    දැනට දැකලා තියෙන දේවල් වලින් නම් මට හිතෙන්නෙ අන්තිමට කියලා විශේෂ දෙයක් වෙන්නෙ නෑ, අපිට සිහිය මනස මතකය කියලා තියෙන ටික පවත්වගෙන යන මොළය එක්කො වයස හින්දා එහෙම නැත්නම් ලෙඩක් අනතුරක් හින්දා හරියට වැඩකරන්නෙ නැතුව යනවා. hardware හරියට නැතුව software එක run වෙන්න බෑ වගේ වගේ මම කියන චරිතය නවතිනවා. සංසාර, පව් පින්, දිව්‍යලෝක අපාය මුකුත් නෑ. මං ඉන්නකොට කරපු කියපු දේවල් වල ප්‍රතිපල ජීවත් වෙලා ඉන්න අයට බලපානවා. ඒත් එයාල මං මැරුණාට පස්සෙ කරන දේවල් මට බලපාන්නෙ නෑ

    ඒත් ගොඩක් අය ඔහොම හිතන එකක් නෑ ඒක ගොඩක් depressing end එකක් හින්දා. ඒ වෙනුවට දෙවිකෙනෙක් හරි ධර්මය හරි ගැන විශ්වාස කරලා ජීවිතේට අරමුණක් හදාගෙන තමන්ගෙ පැවැත්ම සාධාරණීකරනය කරගෙන ජීවත් වෙනවා

    සෑහෙන බොන්න වෙන ප්‍රස්න මෙව්වා 🙄
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    සෑහෙන බොන්න වෙන ප්‍රස්න මෙව්වා 🙄

    නිවන් දකින්න ඕනේ ඇයි කියලා මන් කලින් thread එකක දැම්මා.

    සංසාරය, පින්, පව්.. වගේ දේවල් විශ්වාස කරා හෝ නැතා, ඒක නිවන් දකින්න ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නිවන් දකින්නේ දුකින් මිදෙන්න.


    මුලින්ම,
    කාලා, බීලා, හුකලා, ළමයි හදලා සහ වදලා, මැරෙන npc ජීවිත වලින් මිදී සත්‍ය සොයා යන අය වෙනුවෙන් මේක ලියන්නේ.

    ධර්මය ශ්‍රවණය සහ කියවීම කළයුත්තේ කෙසේද?
    මේක තමයි මේ thread එකේ වැදගත්ම දේ. සත්‍ය සොයන් යනවනම් 'මන් දන්නවා' කියන දැක්ම තුලින් මුලින් අයින් වෙන්න ඕනේ.
    අහන ධර්මය තමන්ගේ දැනුම සමග සන්සන්ධනය නොකර, කියන දේ, අලුතෙන් ඉගෙනගන්න දෙයක් ලෙස, විමසීම කළ යුතුයි.
    දැනුම එකතු නොකර, අහගත්ත දේ සහ කියවපු දේ නැවත නැවත විමසීම තුල යෝනිසෝ මනසිකාරයට පත් වීමට නොපමාව වීර්යය ගත යුතුයි.

    ජාතිය කියන්නේ මොකක්ද? නිච්ච, අත්ත, සුඛ සංඣාවෙන් වෙන දැනගැනීම.

    නිවන් දකින්න ඕනේ ඇයි? දුක නිසා.

    දුක කියන්නේ මොකක්ද? ජාතියම දුකයි.

    ජාතියම දුක ඇයි?
    සම්මුති ලෝකය තුල මිනිස්සු ජීවත් වෙන්නේ මේ දැන් සැපයක් හෝ දුකක් වින්දනය කරනවනම් ඊට සාපේක්ෂව වැඩි සැපයක් හෝ අඩු දුකක් වින්දනය කිරීමේ බලාපොරොත්තුව නිසා.
    ඒත් සම්මුතිය ඇතුලේදි, සැප සහ දුක කියන්නේ ස්පෙක්ට්‍රම් එකක් අතරේ දෝලනය වෙමින් පවතින දෙයක් සහ මේ spectrum එකේ දෝලනය වෙන කට්ට පවතින තැන, මොහොතකදී, සාපේක්ෂ ගොඩනැගීම් වලට සාපේක්ෂයි. මේකේ මුල සහ අග අනන්තය තෙක් විහිදී පවතිනවා. දෙපැත්තෙම අන්තයට ගිහින් ඉවර කරන්න බැහැ.
    උණ හැදුනහම දුකයි, හෙට හොද වෙයි කියන බලාපොරොත්තුවෙන් නිදා ගන්නවා රෑ. උදේ ඇහැරෙද්දි සනීපයි. ඊයේ රෑ වින්දනයට සාපේක්ෂව දැන් සැපයි. උණු වතුර ටිකක් උදෙන්ම නාගන්නවා. දැන් උදේ නැගිට්ටට වඩා උණු වතුර ඇගේ වදිද්දි විදින වින්දනය සැපයි. නාලා ඉවර කරන්න හිතෙන්නැහැ, ෂවර් එක නතර කරපු ගමන් විදින වින්දනය, උණු වතුර ඇගේ වදිද්දි විදින වින්දනයට සාපේක්ෂව සැප අඩු නිසා. ඒ නිසා එකදිගටම ඉන්නවා.. පැය 5 ගිහින් දැන්. කලින් වින්දනය කරපු සැප දැන් නැහැ. ඇගම රිදෙනවා. ෂවර් එක වහමු. හවස බඩුවක් ගහනවා. ආයේ සැපයි. රෑ ඊට වැඩිය කෙට්ටු, සරාගි බඩුවක් ගහනවා. මෙයා හවස කෙනාට වඩා මරු.
    මේ සිද්ධියට අදාලව පේනවා නේද මිනිස්සු ජීවත් වෙන්නේ වර්තමානයේ පවතින සැපය හෝ දුක ට වඩා වැඩි සැපයක් හෝ අඩු දුකක් අනාගතයේදි වින්දනය කිරීමේ බලාපොරොතුවෙන් සහ මේ සැප සහ දුක ස්පේක්ට්‍රම් එකේ මැද තීරණය වෙන නිශ්චිත තැනක් නැති බව.
    දැනීම, දැනගන්න මොහොතෙම සැපද දුකද කියලා තීරණය වෙලා ඉවරයි. දැනගැනීම සමගම ඇති වන්නේ නිච්ච, අත්ත, සුඛ සංඣා සහ ඒ හා බැදී පවතින්නේ සක්ඛාය දිට්ටියයි.
    දූරියන් කන එක සමහරුන්ට ප්‍රියයි (සැපයක්) සමහරුන්ට අප්‍රියයි (දුකක්)
    එක පාරක් දූරියන් කාලා, ඒ දැනීම තුල, පවතිනවා ලෙස දැගනත්ත නිච්ච රසය, ප්‍රිය හෝ අප්‍රිය ලෙස පනවමින් වින්දනය කරන කෙනාට ඊළගට දූරියන් දකිද්දිම පෙර සංස්කරණය කර ගත්ත දැනුමට සාපේක්ෂව ප්‍රිය හෝ අප්‍රිය බවක් ඇතිවෙලා ඉවරයි. මෙහෙම නිච්ච, අත්ත, සුඛ සංඣා සහ සක්ඛාය දිට්ටිය මත ගොඩනැගුන දැනුම අපිට ගෝචර වෙන මට්ටමට සාපේක්ෂව 'කර්මය' කියලා දැනට අර්ථදක්වමු.
    ඒ කියන්නේ, වින්දනය මේ spectrum එකේ සැප හෝ දුක අතර මොහොතින් මොහොත, දැනගැනීමට සාපේක්ෂව වෙනස් වෙනවා.
    වින්දනය, මොහොතේදි අවිද්‍යාව නිසා අපි පවතින යමක ඇති ලෙස ගොඩනගාගත් සාපේක්ෂ සැප හෝ දුක බවට සාපේක්ෂව රදා පවතිනවා සහ එලෙස දැනගත් දැනුමට සාපේක්ෂව, ඒ දැනගැනීමට අදාලව ගොඩනගාගත් සැප හෝ දුක් බව, නැවත දැනගැනීමකදී ඵලයක් ලෙස අත්විදිමින්, වින්දනය කරමින් එය තුලම නිච්ච ලෙස වෙන දැනගැනීම සහ ඒ සමගම වින්දනය කරන සාපේක්ෂ සැප හෝ දුක බවත් update වෙනවා.
    ඒත් මෙතන මැදක් නැ කිව්වා මතකනේ. සැපයි කියලා ගන්න දෙයක් ඊට වැඩි සැපකට සාපේක්ෂව දුකයි කියන්නත් ඒ වගේම දුකයි කියලා ගන්න දෙයක් ඊට සාපේක්ෂව වැඩි දුකකට සාපේක්ෂව සැපයි කියන්නත් පුලුවන්.
    එතකොට කලින් කිව්වා දැන්ට වැඩිය සැපක් ඉස්සරහදි බලාපොරොත්තුවෙන් තමයි ජීවත් වෙන්නේ කියලා. සැප අන්තය, spectrum එකේ අනන්තය තෙක් විහිදෙනවා සහ එහි අවසානයක් නැ කියලත් කිව්වා. තව දැන් පවතින සැප ක් ඊට වැඩි සැප කට සාපේක්ෂව දුකක් විදිහට ගන්න පුලුවන් කියලා. එතකොට මිනිස්සු ජීවත් වෙනවා කියලා කරන්නේ, අවසානයක් නොමැති සැප අන්තයක් අනාගතයේ බලාපොරොත්තු වෙමින් වර්තමානයේ දුක් විදීම. නැවත, නැවත ලැබෙන්නෙම දුකම තමයි. ඒකයි ජාතියම දුකයි කියලා කියන්නේ.
    දැන් කියන්න එපා, "මමනම් එහෙම නැ සැපක්, දුකක් කියලා මම ගන්නැහැ, හැමදේම මධ්‍යස්ථව වින්දනය කරන්නේ" කියලා. හෙට පිළිකාවක් තියෙනවා කියලා දැනගත්තොත් හරිම මධ්‍යස්ථ හැගීමක්ද දැනෙන්නේ? කකුල් දෙක උඩින් ගල් රෝලක් ගියොත්? බල්ලො රංචුවක් ජීවත් වෙලා ඉද්දිම මරාගෙන කැවොත්? මුලින් රැවටීම තුලම ඉන්න, විදින තමන්ව රවට්ටගනිමින්, රැවටීම සාධාරණිකරණය කරන්න යන්නැතුව, නිවැරදිව ප්‍රශ්නය හදුනගන්න.

    නිවන් දකින්නේ කොහොමද?

    මුලින්ම දානය, සීලය සහ භාවනවා. මේවා යෝනිසෝ මනසිකාරයට පත් වීම සදහා සුදුසු වටපිටාව ගොඩනගන්න උපකාරී වෙනවා.
    පංචසීලය රකින්න. (සිල් ගන්න ඕන්නැ, රැකපන් ඒ ඇති)
    දානය කියන දෙයින් පුහුනු කරන්නේ අතහැරීම. පෘථග්ජන කෙනෙක්ටනම් කර්මඵල විශ්වාසය හෝ නැවත දෙයක් ලැබීමේ බලාපොරොත්තුව නිසාවත් නොවී සියලු අපේක්ෂාවන් අතමැර දන් දීමෙන් මෙය පුහුණු කරන්න පුලුවන්
    භාවනාව. කැමති අරමුණක සිත එකග කරවීමට පුහුණු වීමෙන් මෙය වැඩිය හැක. දිගුකල්, වීර්යෙන් උත්සහ කර සමාධි මට්ටම් වලටද යා හැක.
    බුදු හෝ පසේබුදු නොවී මාර්ගඵල ලබා නිවන් දකින්න මේ දේවල් අත්‍යවශ්‍යයි,
    සත්ධර්මය ශ්‍රවණය (ධර්මය අවබෝධ කළ මගඵල ලාබීන් දේශනා කරන හෝ ලියා ඇති ධර්මය, දැන් හොයන්න යන්න එපා කව්ද මාර්ගඵල ලාබී කියලා. ඒක ඔයාට හොයන්න බැ. ඔයා ධර්ම ගවේශනය පටන් ගත්තහම සත්ධර්මයක් ඔයාට සම්මුක වෙයි)
    කළ්‍යාන මිත්‍ර ඇසුර (මාර්ගඵල ලාබීන්. මේකටත් උඩ කියපු දේමයි කියන්න තියෙන්නේ)
    ධම්මානුධම්ම ප්‍රතිපදාව (අසා හෝ කියවා දැනගත් දේ නුවනින් විමසීම)

    අනිවාරෙන්ම නිවන් දකින්නේ කොහොමද?
    මහණ වී, මහණධම් පුරණ කල්‍යාණ මිත්‍රයන් ඇසුරේ සිට,
    උඩ කියපු කරුණු තුන රිපීට් කරන ගමන්, මන් පහලින් දාන youtube channels වල ධර්මයත් දිනපතා ශ්‍රවණය කරන ගමන් සතිපට්ඪාන භාවනාවෙහි, සති සම්පඡඣ්ඣය සහ තදධිමුත්තාවය සමග යෙදෙමින් දිනපතා කළ්‍යාණ මිතුයන් සමග තම අත්දැකීම් සහ ධර්ම කරුණු සාකාච්චා කරමින් ඔවුන්ගෙන් උපදෙස් ලබා ගැනීම.
    මෙහෙම කරලා නිවන් දකින්න කොච්චර කල් යනවද?
    දවස් 7 - අවුරුදු 7

    Youtube channel
    https://youtube.com/@akampitha?si=_VgKSjxDZpw03RPy

    සතිය පිහිටවීම




    මේ ලිපිය සම්බන්ධ ප්‍රශ්න සහ මාර්ගය වඩන කෙනෙක්ට මොකක්හරි ප්‍රශ්නයක් ආවොත්, ඒවත් මේ thread එකේම දාන්න. පුලුවන් වෙලාවට පිළිතුරු සපයන්නම්.
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo

    what if ඕන තරම් හිතන්න පුලුවන්. ඉවරයක් වෙන්නැ. ඒක තමයි ලොජිල් වලින් නිවන් දකින්න බැරි.

    what if පටන් ගන්න බේස් එකයි ධර්මයේ පෙන්නලා දෙන්නේ. අනිච්ච බව.
     
    • Like
    Reactions: DiksonAlex

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    උබට මොකක් හරි අකරතැබ්බයක් වෙලා වගේ.
    මගෙත් යාලුවෙක් ඉන්නවා කෙල්ල මලාට පස්සෙ බණ අහන්න පටන් අරන් අන්තිමට බැන්දෙත් නෑ ජීවිතේ කාලකණ්නි කරගත්තා.
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    උබට මොකක් හරි අකරතැබ්බයක් වෙලා වගේ.
    මගෙත් යාලුවෙක් ඉන්නවා කෙල්ල මලාට පස්සෙ බණ අහන්න පටන් අරන් අන්තිමට බැන්දෙත් නෑ ජීවිතේ කාලකණ්නි කරගත්තා.

    අකරතැබ්බ වෙන්න කලිනුයි ධර්මය අවබෝධ කර ගන්න ඕනේ. වුනාට පස්සේ පරක්කුයි. අප්‍රමාදය තමයි නිවනට මග.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,290
    67,649
    113
    Atom wala ekathuwak=mama
    Mama=illusion of collection of atoms
    Once illusion went out atom becomes atom
    Atom dont know about atom itself
    Empty is the truth.
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Atom wala ekathuwak=mama
    Mama=illusion of collection of atoms
    Once illusion went out atom becomes atom
    Atom dont know about atom itself
    Empty is the truth.

    බලන, අහන, කියන, විදින, හිතන හැමතැනම 'මම' ඉන්නවා.

    'මගේ' දැනුමක් තමයි ඕකත්.
    ඔක ඔහොමයි.. කියලා හිතන් ඉන්නෙත් 'මම'
    ඒකම තමයි අවිද්‍යාව.
     
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,290
    67,649
    113
    බලන, අහන, කියන, විදින, හිතන හැමතැනම 'මම' ඉන්නවා.

    'මගේ' දැනුමක් තමයි ඕකත්.
    ඔක ඔහොමයි.. කියලා හිතන් ඉන්නෙත් 'මම'
    ඒකම තමයි අවිද්‍යාව.
    Ow tikak lagin yanna damme eka para terenne nane balana ayata
     
    • Like
    Reactions: Fiona Dabare

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    ඔහොම හිතන එකක් නෑ ඒක ගොඩක් depressing end එකක් හින්දා. ඒ වෙනුවට දෙවිකෙනෙක් හරි ධර්මය හරි ගැන විශ්වාස කරලා ජීවිතේට අරමුණක් හදාගෙන තමන්ගෙ පැවැත්ම සාධාරණීකරනය කරගෙන ජීවත් වෙනවා
    මමත් විශ්වාස කරන්නේ මේක. හැබැයි එහෙම හිතුවොත් ඩිප්‍රෙස් වෙනවා.

    I tried so hard and got so far
    But in the end, it doesn't even matter
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මමත් විශ්වාස කරන්නේ මේක. හැබැයි එහෙම හිතුවොත් ඩිප්‍රෙස් වෙනවා.

    I tried so hard and got so far
    But in the end, it doesn't even matter

    විස්වාස පොඩ්ඩක් පැත්තකින් තියලා, බනත් අහලා බලන්න. https://youtube.com/@akampitha?si=_VgKSjxDZpw03RPy

    විස්වාස කරා හෝ නොකරා, ධර්මතාවයට අනුව වෙන දේ වෙනවා. අපේ නොදන්නාකම, ඒක නොවෙන්න හේතුවක් වෙන්නේ නැහැ.

    ඒක පැත්තකින් තියාන්කෝ. මෑමල්ට මොනා වෙයිද? :ROFLMAO:

    ඒවා religious threads වල අහලා හරියන්නැ, political thread එකක අහන්න.

    මෙතන වැදගත්/ කතාකරන්කේ තමන්ට මොනද වෙන්නේ කියන එක.
    ------ Post added on Oct 9, 2025 at 12:24 AM
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,867
    13,109
    113
    ඒවා religious threads වල අහලා හරියන්නැ, political thread එකක අහන්න.

    මෙතන වැදගත්/ කතාකරන්කේ තමන්ට මොනද වෙන්නේ කියන එක.
    ආගම පැත්තෙන් කර්මයට ගන්න බැරිවෙයිද?
     
    • Haha
    Reactions: clumsyhulk

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ආගම පැත්තෙන් කර්මයට ගන්න බැරිවෙයිද?

    ලෞකිකව ගත්තොත්, කර්මයෙන්ම හැම දේම වෙන්නෙත් නැහැ. ඕක හරියටම කියන්න පුලුවන් කර්ම විෂය ගෝචර වෙන බුදු කෙනෙක්ට විතරයි.
     

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    විස්වාස පොඩ්ඩක් පැත්තකින් තියලා, බනත් අහලා බලන්න. https://youtube.com/@akampitha?si=_VgKSjxDZpw03RPy

    විස්වාස කරා හෝ නොකරා, ධර්මතාවයට අනුව වෙන දේ වෙනවා. අපේ නොදන්නාකම, ඒක නොවෙන්න හේතුවක් වෙන්නේ නැහැ.



    ඒවා religious threads වල අහලා හරියන්නැ, political thread එකක අහන්න.

    මෙතන වැදගත්/ කතාකරන්කේ තමන්ට මොනද වෙන්නේ කියන එක.
    ------ Post added on Oct 9, 2025 at 12:24 AM
    මන් මේ හාමුදුරුවෝ හම්බවෙලා කතාකරලා තියෙනවා. හෝමාගම ඉන්නේ.

    මරණින් මතු දෙයක් නෑ කියලා විශ්වාස කරනවා කියන්නේ බුදු දහම බොරුයි කියන එක නෙමේ. තවම මට හරිම පොයින්ට් එකක් අහුවුනේ නෑ මරණින් මතු දේ ගැන විශ්වාස කරන්න. නැත්තන් මගේ මොලේට තේරෙන්නේ නැතුව ඇති.
     
    • Like
    Reactions: Fiona Dabare

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,290
    67,649
    113
    මන් මේ හාමුදුරුවෝ හම්බවෙලා කතාකරලා තියෙනවා. හෝමාගම ඉන්නේ.

    මරණින් මතු දෙයක් නෑ කියලා විශ්වාස කරනවා කියන්නේ බුදු දහම බොරුයි කියන එක නෙමේ. තවම මට හරිම පොයින්ට් එකක් අහුවුනේ නෑ මරණින් මතු දේ ගැන විශ්වාස කරන්න. නැත්තන් මගේ මොලේට තේරෙන්නේ නැතුව ඇති.
    Body eka kiyanne niwi niwi pattu wena ekak bulb rkak wage.high frequency yana hinda eka digata tiyena deyak wage penne.marenawa kiyana ekath boruwata pena deyak.hema second ekema marenawa ipadenawa.
     
    • Like
    Reactions: techhelpme

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මන් මේ හාමුදුරුවෝ හම්බවෙලා කතාකරලා තියෙනවා. හෝමාගම ඉන්නේ.

    මරණින් මතු දෙයක් නෑ කියලා විශ්වාස කරනවා කියන්නේ බුදු දහම බොරුයි කියන එක නෙමේ. තවම මට හරිම පොයින්ට් එකක් අහුවුනේ නෑ මරණින් මතු දේ ගැන විශ්වාස කරන්න. නැත්තන් මගේ මොලේට තේරෙන්නේ නැතුව ඇති.

    මරනින් මතු දෙයක් තියෙනවා/ නැ කියලා හිතන් හිටියත්,
    බුද්ධාගම ඇත්ත/ බොරු කියලා හිතන් හිටියත්,

    මැරෙනවා.

    ඕවා දෘස්ටි විතරයි. ලෞකිකව, දෘස්ටියෙත්, ලෞකික සම්මා දිට්ටිය විදිහට කර්මඵල විශ්වාසය පනවලා තියෙන්නේ,
    ලෞකික සුභසිද්ධිය, නිවනට පහසුව, සුගතිගාමී වෙන්න උපකාරයක් විදිහට.
    නැතුව ලෝකෝත්තර වටිනාකමක් නැහැ ලෞකික සම්මා දිට්ටියට. එතෙන්ට යනකන් උපකාර කර ගන්න තියෙන දෙයක් විතරයි.

    මැරුනට පස්සේ ඇති වැඩක් නැ. එතකොට පරක්කු වැඩියි. ගන්න පුලුවන් ප්‍රයෝජනය ගන්න පුලුවන් ජීවත් වෙන කාලේ.
     
    • Like
    Reactions: techhelpme

    nipund

    Well-known member
  • May 17, 2007
    804
    1,101
    93
    අරමුණක් හදාගෙන තමන්ගෙ පැවැත්ම සාධාරණීකරනය කරගෙන ජීවත් වෙනවා
    අරමුණක් "හදාගෙන" තමන්ගෙ පැවැත්ම සාධාරණීකරනය කරගෙන ජීවත් වෙනවා.
    🙏 🙏
    මෙතැන වැදගත්ම "හදාගෙන" කියන එක .
    create කරනවා නම් එක ඇත්තට තිබ්බ දෙයක් නෙමේ , මවාගැනීමක්
    ආගම විතරද අරමුණක් හදන්නේ? රස්සාව කෑම sex shopping පොලිටික්ස්
    කිසිම අරමුණක් නැතුව පවතින්න පුලුවන්ද ?

    අරමුණක්/ හේතුවක් නැත්නම් අගිල්ලක්වත් උස්සන්න බෑ IMHO

    අරමුණ අපි හදාගන්නවද? හම්බෙන data වලින් මැවෙනවා ද?
     
    • Like
    Reactions: Fiona Dabare