මහපාරේ.. වැඩපලේ.. ගෙදර.. මිනිස්සු දිහා ටිකක් සංසුන්ව බලාගෙන ඉන්න. මිනිස්සු දුවනවා.. කෑගහනවා.. බුම්මගෙන ඉන්නවා.. ආශ්වාදයක් හඹා යනවා.. සතුටින් ඉපිළෙනවා.. අඬනවා.. දෝෂාරෝපණය කරනවා.. පරාජය වෙලා පැත්තකට යනවා.. හැම දෙයක්ම කරන්නේ, රාග ද්වේශ මෝහ ක්ලේස හෙවත් අනේකාකාරවූ ගිනිගැනීමේ දැවිල්ල.. පිච්චීම නිසා හැදෙන කුලප්පුවට නේද?
එයාලා කවුරුවත් දන්නෙ නෑ/හිතන්නේ නෑ තමන් නැටවෙනවා කියලා. හිතන්නේ/හිතෙන්නේ ම තමන් ම තමන්ගේ ම ප්රතිචාර දක්වනවා කියලා.
ඔබ දන්නවද?
මේ හැම නාඬගමක් යටම තියෙන්නෙ නොයෙකුත් ස්වරූපයෙන් එන තෘෂ්ණාව කියලා?
රාග ද්වේශ මෝහ කිව්වට ඒ සේරම තෘෂ්ණාවේම අතිජාත නෑදෑයෝ. තෘෂ්ණාව නැත්නම් මම.. සංසාරය.. පැවැත්ම කියන සේරම ඉවරයි. ඔය පැවැත්ම වයින්ඩ් කරන්නේ තන්හාව !!! පිළිගන්න බෑ නේද?
ඇයි අඬන්නෙ? කැමැති විදිහට නොවූ නිසා.. ඇයි කේන්ති ගියේ? බලාපොරොත්තුව ඉෂ්ඨ නොවූ නිසා.. හැමතැනම තියෙන්නෙ තෘෂ්ණාවේ අවතාර විතරයි.
තන්හාව තමයි මේ දුක අරගෙන යන වාහනේ. එයාට තනියම මේක කරන්න බෑ. මේකට ජවන්සිතේ බලය.. ජනක උපස්ථම්භක කර්ම.. සෘතු බීජ ආදී නියාමවල බලය සහ තව නොයෙකුත් හේතු වලින් ඉන්ධන ලැබෙන්න ඕන. නැත්නම් තන්හාව කොහොමත් "ජීවත්වීම පැවැත්ම හෙවත් නිර්මාණය" කරනවාමයි. ඔන්න ඔතන තමයි ඉතාමත් බයානක තැන. කොතන කොහොම නිර්මාණය වෙයිද කියන්න බෑ.
තෘෂ්ණාව කියන්නේ විකාරයක් කියන අවබෝධ ඥාණය(විජ්ජා) ලැබුවොත්, දුක උපදින පාර වැහෙනවා. (දුක සහ දුකට හේතුව)
මීට වඩා (චතුරාර්යසත්ය) මොනවද ලබාගන්න තියෙන්නේ?
සම්මාසම්බුදු කෙනෙක් දෙන ලොකුම තෑග්ග එච්චරයි.
"දුක්ඛස්සන්තං කරිස්සතී". සත්වයා.. මම.. ආදී දහස්ගානක් ස්වරූපවලින් තිබුණේ දුකක සහ කිළුටු අඳුරු කෙලෙස්වල අවතාරයක් විතරයි. ඒක ඉවත්වීමත් සමඟම සම්මුතිකව නිකං හඳුන්වාදීමට නමක් දුන්නා මිස, සෝවාන්.. සකදාගාමී.. අනාගාමී.. රහත් ලේබල් ගහපු ඔටුන්නක් නෙවෙයි, දුක කියන පැවැත්මේ ක්රමික අවසානය !
උපුටාගැනීමක් ~