ධම් සක සහ තණ්හාවේ ආකාර

hpalpola

Well-known member
  • ධම් සක සහ තණ්හාවේ ආකාර

    ධම්මචක්කපවත්තන සූත්‍රය මා ඉතා ලැදි සූත්‍රයකි. සමහරක් වෙලාවට සූත්‍රය ගැන හිතද්දී ලංකාවේ බෞද්ධයෝ ධම්සක ගැන නොසිතා වෙනත් සකවල් ගැන සිතන්නේද කියා නොසිතෙන්නේ ද නොවෙයි.

    බෞද්ධ සාහිත්‍යයට අනුව බුදුරජාණන්වහන්සේ ධම්සක පෙරළවන්නේ බුද්ධත්වයට පත්ව සති 8 ක් ගත වීමෙන් පසුව ය. ධම්සක පෙරළවීමට බෝධිසත්ව කාලයේදී උදව් උපකාර කළ පංචවග්ගිය තාපසයින් තෝරා ගත්තේ බෝධිසතුන්වහන්සේගේ ගුරුවරුන් ඒ වන විට මිය ගොස් සිටි හෙයිනි. මෙයින් කොණ්ඩඤ්ඤ තාපසයා වැඩිමහලු තාපසයා වූ අතර බෞද්ධ සාහිත්‍යයට අනුව සිදුහත් කුමරු බුදු වන බව ඒකාන්තයි කියා කීවේ ඔහු ය. මේ තවුසන් ද සත්‍ය සෙවීමේ නැත්නම් දුක නැතිකිරීමේ මාර්ගය සෙවීමේ කර්තව්‍යයේ යෙදී සිටින ලදි. සිදුහත් බෝසතුන්ට උපකාර කිරීමට ඔවුන් ඉදිරිපත්වන්නේ එනිසා ය. තවද, ඔවුන් අත්ථකිලමතානුයෝගය දුක නැති කිරීමේ මාර්ගය ලෙසින් තෝරා ගෙන සිටි බව දුෂ්කරක්‍රියා කිරීම බෝසතුන් විසින් අත්හැරිවිට බෝසතුන්ව හැර යාමෙන් පැහැදිලි වේ. එවැනි පිරිසකි දහම් සක පෙරළවීම සඳහා බුදුරජාණන්වහන්සේ තෝරා ගත්තේ.

    මිගදායේ දහම්සක පෙරළවීමේ දී බුදුරජාණන්වහන්සේ කරුණු කීපයක් විස්තර කළහ. ඉන් එකක් වූයේ තමන්වහන්සේට පෙර නොවූ විරූ කරුණක් අවබෝධ වූ බවයි. ආර්යෂ්ටාංගික මාර්ගය ඒ වන විට අනාවරණය ව තිබූ කරුණක් නොවේ. බුද්ධත්වයට පත්වීම සමඟ අනාවරණය වූ කරුණකි එය. එසේම ආර්යෂ්ටාංගික මාර්ගය, බුද්ධ ශාසනයෙන් පිට සසුනක හමු නොවේ. මෙනිසා බුදු දහම වෙනත් එකදු ආගමක්, දහමක් සමඟ එක් තැනක තැබිය නොහැකි වේ.

    තවත් විස්තර කළ කරුණක් වූයේ ආර්ටෂ්ටාංගික මාර්ගය ද ඇතුළත් වූ චතුරාර්ය සත්‍යයි. දුක්ඛ සත්‍යය, දුක්ඛ සමුදය සත්‍යය, දුක්ඛ නිරෝධ සත්‍යය, දුක්ඛ නිරෝධ ගාමිණී පතිපදා ආර්ය සත්‍යය ආදී ලෙසින් එය වෙයි. දුක්ඛ සත්‍යය දම්සකේදී මෙසේ විස්තර කරයි.

    “ඉපදීමත් දුක් ය. ජරාවත් දුක් ය. ව්‍යාධියත් දුක් ය. මරණයත් දුක් ය. අප්‍රියයන් හා එක්වීමත් දුක් ය. ප්‍රියයන්ගෙන් වෙන්වීමත් දුක් ය. කැමැති දෑ නො ලැබීමත් දුක් ය. සැකෙවින් පඤ්ච උපාදානස්කන්‍ධයෝ දුක්හ”

    දුක්ඛ සත්‍යයේදී විස්තර කරන දුකට අමතර දුකක් නම් මා විඳ නැති අතර එයින් අත්හැරුණු දුකක් මා කියවා වත් නැත. මේවා දුක් බව මා දනිමි. ඔබත් දන්නවා ඇතුවාට සැක නැත.

    දුක්ඛ සමුදය සත්‍යය මෙසේ විස්තර කරයි.

    පුනර්භවය ඇති කරන නන්‍දිරාගය සහගිය ඒ ඒ භවයන්හි ඇල්ම ඇති කරන යම් තෘෂ්ණාවක් වේ ද, එනම්: කාමතණ්හා (කාමවස්තූන් කෙරෙහි පවත්නා තෘෂ්ණාව) භවතණ්හා (ශාශ්වතදෘෂ්ටි සහගත තෘෂ්ණාව) විභවතණ්හා (උච්ඡෙද දෘෂ්ටි සහගත් තෘෂ්ණාව) යි.

    දුකට හේතුව තෘෂ්ණාව ය. ඉපැදීම නතර කරන තුරු සසර සරන අපි එතෙක් දුක් විඳින්නෙමු. ඉපැදීම මරණයෙන් අවසන්වන අතර ඒ අතර තුර නොසෑහෙන වේදනා විඳීමට සිදු වේ. තෘෂ්ණාව හේතුවෙන් ඉපැදීම දිගින් දිගටම සිදුවන්නේ ය. ඒ තෘෂ්ණාවේ ආකාර තුනක් දම්සකේදී විස්තර කර ඇත්තේ කාම තණ්හා, භවතණ්හා හා විභවතණ්හා ලෙසිනි. සරලව ගත් විට කාමතණ්හාව යනු කාම වස්තූන් කෙරෙහි පවතිනා තෘෂ්ණාවයි. අපේ පංචේන්ද්‍රිය කාම වස්තු වේ. මේ ඉන්ද්‍රියන්ගෙන් අපි නොයෙක් දේ විඳින්නෙමු. නිදසුනකට ඔබට බඩගිනි දැනුන විට කළ යුත්තේ බඩගිනි නිවෙන තුරු ආහාර ගැනීමයි. එකී ආහාර එක්කෝ බත් විය හැක. නැත්නම් පාන් විය හැක. නැත්නම් රොටි, ඉඳිආප්ප, පිට්ටු විය හැක. බඩගිනි හැදුන ඔබ ඉදිරිපිට මේ සියළු වර්ග ඇති අවස්ථාවකදී එකින් එක රසවිඳීමට ඔබට නොසිතෙන්නේ ද? නැත්නම් එකක් විශේෂයෙන් තෝරා ගැනීමට ඔබට නොසිතෙන්නේ ද? ම් ම් මේක නම් රසයි, තව එකක් ඔන්න ඔහෙ කමු... කියා නොසිතෙන්නේ ද? රස දැනෙන්නේ දිව මුල් කර ගනිමිනි. දිව පංචේන්ද්‍රියෙන් එකකි. සිංදුවක් ඇසීමට යාමේදී ද, නාට්‍යයක් බැලීමේදී ද ඇඳුමක් ඇඳීමේදී ද මෙය ම සිදු වේ. කාමේන්ද්‍රිය පිනවීමෙන්, කම්සැප විඳීමෙන් ඊට ආශා කිරීමෙන් අප කාමතණ්හාව වඩන්නෙමු. මේ තණ්හාව නැවත උපත ඇති කරන්නේ ය. එය මේ භවය තුළ පමණක් නොව ඉදිරි භව සඳහා ද අප රැගෙන යයි.

    භවතණ්හාව විස්තර කර ඇත්තේ ශාශ්වත දෘෂ්ටියද සමඟය. ශාශ්වත දෘෂ්ටියේදී ආත්මයේ පැවැත්ම අපි පිළිගන්නෙමු. ආත්මය බුදු දහමේ ඉගැනුමක් නොවේ. එය හින්දු, බ්‍රාහ්මණ ඉගැනුමකි. බුද්ධ කාලය වන විට ශාශ්වත දෘෂ්ටිය ඉන්දියාවේ විය. ෂඩ් ශාස්තෘවරුන්ගේ ඉගැන්වීම් ඔබ දන්නවා නම් ඒ ගැන ද ඔබට දැනුම ඇතුවා නොඅනුමානය. ඒ දෘෂ්ටිය සහිතව කරන දේ සරලවම භවතණ්හාව වේ. හොඳින් සිහි තබා ගන්න, ඔබ පින් යැයි සිතා කරන බොහෝ දේ ශාශ්වත දෘෂ්ටිය මුල් කර ගනිමින් කරන දේවල් ය. එසේ නොවන ලෙසින් ද පින් කළ හැක. සැප විඳින බල්ලෙකුත්, දුක් විඳින බල්ලෙකුත්, සැප විඳින දෙවියෙකුත් අතර උපත සම්බන්ධයෙන් සමහර අවස්ථාවලදී ඇත්තේ එක් පින් සිතුවිල්ලක වෙනසකි. දෙවියෙක්ව උපත ලැබුවත් මරණයෙන් ගැලවීමක් නැත. එනිසා එය දුකකි.

    විභවතණ්හාව විස්තර කරන්නේ උච්ඡේද දෘෂ්ටියද සමඟ ය. උච්ඡේද දෘෂ්ටියේදී අපි කියන්නේ මරණින් මතු ආත්මයක් නැති බවයි. මෙයද ෂඩ් ශාස්තෘවරුන්ගේ ඉගැන්වීම් වල තිබුනකි. ‘ඉන්න ටිකේ අපි ජීවත් වී සැපෙන් ඉඳිමු අපි මල්ලී‘ කියා අද පමණක් ජීවත් ව හෙටක් ගැන නොසිතා ජීවත්වන්නෝ ඔබ නොදැක ඇතැයි මා නම් නොසිතමි. බෞද්ධ ධර්මය තුළදී පුනර්භවය ගැන කියයි. සංසාරයේ උපත නිරෝධ කරන තුරු අප භවයෙන් භවයට ගමන් කරන්නෙමු. 550 ජාතක කථා, ථෙරගාථා, ථෙරීගාථා, ප්‍රේතවත්ථු, විමානවත්ථු පෙන්නුම් කරන්නේ එයයි. ඒවා විශ්වාස නොකර හෙටක් නැතේ කියා ජීවත්වීම සහ ඒ සඳහා කරන කියන දේ තුළ ඇති තණ්හාව විභවතණ්හාව යැයි සරලව හැඳින්විය හැක. මේ තණ්හාවෙන් ජීවත්වන්නෙකුට හොඳ දේට වඩා පහසුවෙන් නරක දේ කළ හැකි අතර ඔහු හිතුවත් නැතත් කම්ම රැස් කරගනිමින් නැවත උපත සකස්කර ගනී. නිදසුනකට නැවත උපතක් නැත කියා මිනී මරමින් ජීවත් වන්නෙකු අපායේ හෝ උපදියි. ඉතින් ඒ ඉපැදීම ද දුකකි.

    කාමතණ්හා, භවතණ්හා සහ විභවතණ්හා නොයෙක් ආකාරයෙන් උගන්වන, පැහැදිලි කරන ආකාර මා අත්විඳ ඇත. ඒවායේ වරදක් මා නොදකිමි. මේ මා කියන්නේ දම්සකේ මා අත්විඳින ආකාරයයි. ඒ කෙසේවෙතත් මේ ත්‍රිවිධාකාර තණ්හාව දුකට හේතුවයි.
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    “ඉපදීමත් දුක් ය. ජරාවත් දුක් ය. ව්‍යාධියත් දුක් ය. මරණයත් දුක් ය. අප්‍රියයන් හා එක්වීමත් දුක් ය. ප්‍රියයන්ගෙන් වෙන්වීමත් දුක් ය. කැමැති දෑ නො ලැබීමත් දුක් ය. සැකෙවින් පඤ්ච උපාදානස්කන්‍ධයෝ දුක්හ”

    දුක්ඛ සත්‍යයේදී විස්තර කරන දුකට අමතර දුකක් නම් මා විඳ නැති අතර එයින් අත්හැරුණු දුකක් මා කියවා වත් නැත. මේවා දුක් බව මා දනිමි. ඔබත් දන්නවා ඇතුවාට සැක නැත.

    සච්චවිභංග සූත්‍රය

    “ඇවැත්නි, දුක්ඛ නම් ආර්‍ය්‍ය සත්‍යය කවරේද? ඉපදීමද දුක්වේ. දිරීමද දුක්වේ. මැරීමද දුක්වේ. සොක කිරීමය, වැලපීමය, කායික දුකය, දොම්නසය, දැඩි වෙහෙසය (සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසාපි) යන මොහුද දුක් වෙත්. කැමැති වන්නාවූ යමක් නොලැබේද, එයද දුක් වේ. කොටින්, පස්වැදෑරුම් උපාදාන ස්කන්ධයෝ දුක් වෙත්.

    මහා සතිපට්ඨාන සූත්‍රය

    මහණෙනි, දුඃඛාර්‍ය්‍ය සත්‍යය නම් කවරේද? ඉපදීමද දුකය. දිරීමද (මහලුවීම) දුකය. රොගයද දුකය. මරණයද දුකය. ශොක කිරීමය, වැළපීමය, කයෙහි දුකය, සිතෙහි දුකය, ශොක කිරීමෙන් වන වෙහෙසය (සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසාපි) යන මොවුහු දුක් වන්නාහුය. අකමැති දෙය හා එක්වීමද දුක්වන්නේය. කැමති දෙයින් වෙන්වීමද දුක් වන්නේය. යම් කැමති දෙයක් නොලැබීමද දුක්වන්නේය. කොටින් කියතොත් උපාදානස්කන්ධ පසම දුක් වන්නේය.


    දුක්ඛ සූත්‍රය

    “ඇවැත්නි ශාරිපුත්‍රය, දුක දුකයයි කියනු ලැබේ. ඇවැත්නි, දුක කවරේද?”
    “ඇවැත්නි, දුක්ඛ දුකය, සඩ්ඛාර දුකය, විපරිණාම දුකයයි දුක් ස්වභාවයෝ තුනකි. ඇවැත්නි, මේ දුක් ස්වභාවයෝ තුන වෙති.”
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,304
    2,156
    113
    පුනර්භවය ඇති කරන නන්‍දිරාගය සහගිය ඒ ඒ භවයන්හි ඇල්ම ඇති කරන යම් තෘෂ්ණාවක් වේ ද, එනම්: කාමතණ්හා (කාමවස්තූන් කෙරෙහි පවත්නා තෘෂ්ණාව) භවතණ්හා (ශාශ්වතදෘෂ්ටි සහගත තෘෂ්ණාව) විභවතණ්හා (උච්ඡෙද දෘෂ්ටි සහගත් තෘෂ්ණාව) යි.


    Mekata honda triptaka referance ekak tiyenawada?
     
    • Like
    Reactions: Amathi Putha

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,304
    2,156
    113
    Metchara kiyawalada ban ara kasala sodakayo niwan dakke

    one will score 100 in the test just by listening to the lecture while another will only get 75 after listening to the lecture, studying text book, past papers, etc.. everyones ability is different.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,188
    67,538
    113
    one will score 100 in the test just by listening to the lecture while another will only get 75 after listening to the lecture, studying text book, past papers, etc.. everyones ability is different.
    More the suffering more the ability