ධම්මික පෙරේරා සමඟ හේලීස් වෙතින් ලංකාවේ අළුතින්ම supermarket 100ක්..😳

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,805
    10,435
    113
    ඔව් සේවකයෝ Customers ලව සත පහකට ගනම් ගන්නේ නැහැ දම්මිකගේ ගෙදර උන් වගේ ලොකුවකින් උන් ඉන්නේ
    එහෙමමත් නෙමෙයි බ්‍රෝ ! සේල් එක ගැන විතරයි බලන්නෙ ආෆ්ටර් සර්විස් කතා නෑ ! වැඩ කරන අයත් ලොකු ප්‍රෙශර් එකක ඉන්නෙ !
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,989
    26,497
    113
    ඉල්ලන් කන්න යන්නේ.... දැන් shell lubricants ගත්තේ, මාකට් එකේ බඩුත් නෑ, තියෙන එව්වත් පට්ට ගණන්.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,583
    12,661
    113
    keells යනවනම් යන්න ඔන උදේ ට විතරයි ..එලවලු පලතුරු ගන්නවනම්...රෑට යනවනම් ගන්න වෙන්නේ තේරිච්චා විතරයි
     
    • Like
    Reactions: Yin And Yang

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,989
    26,497
    113
    ඔව් සේවකයෝ Customers ලව සත පහකට ගනම් ගන්නේ නැහැ දම්මිකගේ ගෙදර උන් වගේ ලොකුවකින් උන් ඉන්නේ
    උන්ට සලකන්නේ නැහැ බං අඩු පඩි, management කෙනෙහිලිකම්. ඇතුලේ පීඩනය වැඩියි කියලා කියනවා.
    මම කැමරාවක් ගන්න hayleys එකට ගියා. හපොයි කියලා හිතුණා.
    සේවකයෝ දඟලනවා, බිලක් දාගන්න උන්ගේ ලොක්කන්ගෙන් approve ගන්න ඕනේ. Haymart කියලා තිබ්බ එක වැහිලා ගියා. බිලියන 15 කරන Fentons එක ට බලු බැනුම්.

    උන්ගේ salesman 5 quotation per day. ලොක්කොත් sales කරන්න ඕනේ.
     
    • Like
    Reactions: Yin And Yang

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,973
    2,813
    113
    Kadawatha, Sri Lanka
    ඔච්චර සුපර්මාර්කට් හදන්න ලංකාවෙ ඕකට හරියන්න consumersලා ඉන්නවද බන්? හැම එකාම බලන්නෙ පොලේ කඩෙන් ලාබෙට ගන්න මිසක් මේවගෙ ඒවලින් බඩු ගන්න නෙවී.

    මම දැකලා තියෙනවා කලුතර ගාල්ල පැත්තට වෙන්න තියෙන අර්පිකො එකක් වේලෙනවා ලෙසටම. පාඩුපිටද මන්ද දුවන්නෙ.
    E wunata Glomark wage ewage MRP daala thiyena ewata ena discount thoga kaden vath ganna ba. Fresh items thamai polen ganna hari yanne.
    Welena Supermarket nam koheth thiyenava. Specially Cargills. Kadawatha Food City 3k thiyenava. Eken 3rd eka thamai tikak hari negala yanne. Anith dekama welenava. Ekata hari yanna Arpico eke senaga pirila.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,844
    170,985
    113
    එකමත් එක රටක
    ඔච්චර සුපර්මාර්කට් හදන්න ලංකාවෙ ඕකට හරියන්න consumersලා ඉන්නවද බන්? හැම එකාම බලන්නෙ පොලේ කඩෙන් ලාබෙට ගන්න මිසක් මේවගෙ ඒවලින් බඩු ගන්න නෙවී.

    මම දැකලා තියෙනවා කලුතර ගාල්ල පැත්තට වෙන්න තියෙන අර්පිකො එකක් වේලෙනවා ලෙසටම. පාඩුපිටද මන්ද දුවන්නෙ.
    ඕවා ට යන අමතර වියදමත් එක්ක හන්දියේ ටිකක් ලොකු තොග කඩේට ඊට වඩා %ක් ලාබ තියෙන්නත් ඕන වගේ පේන්නේ නැද්ද ??
    සේවකයෝ නෑ, , නඩත්තු නෑ , AC නෑ . ඔක්කොම උන් එකම බඩු ටික නේ විකුනන්න්නේ ...
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,913
    73,261
    113
    මාලඹේ
    සුපර්මාකට් වල ගණන් අඩුයි බන් බිස්කට් එකේ ඉඳන් ඔෆාර් දාලා තියෙනවා
    පොඩි කඩවල් වල ගිනි ගණන්
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,517
    21,714
    113
    Spar eka expand wenne ban dhammika yatathe
    Maharaja food dhammika ge
    1 st eka kotahene hadanna
    Meka nikan costco style yanne warehouse type
     
    • Wow
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    25,201
    49,579
    113
    Spar eka expand wenne ban dhammika yatathe
    Maharaja food dhammika ge
    1 st eka kotahene hadanna
    Meka nikan costco style yanne warehouse type

    ඔය මේකේ උන් මොනා කිව්වත් ධම්මිකයා පාඩු වෙන්න දෙයක් පටන් ගන්නේ නෑ..බලපං දැනටම අාපිකෝ supermarket වැහීගෙන යන හැටි ඒ තැන් වලම ඕවා දායි ඉස්සරහට..🙃
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,438
    12,954
    113
    38
    එහෙමමත් නෙමෙයි බ්‍රෝ ! සේල් එක ගැන විතරයි බලන්නෙ ආෆ්ටර් සර්විස් කතා නෑ ! වැඩ කරන අයත් ලොකු ප්‍රෙශර් එකක ඉන්නෙ !
    උන්ට සලකන්නේ නැහැ බං අඩු පඩි, management කෙනෙහිලිකම්. ඇතුලේ පීඩනය වැඩියි කියලා කියනවා.
    මම කැමරාවක් ගන්න hayleys එකට ගියා. හපොයි කියලා හිතුණා.
    සේවකයෝ දඟලනවා, බිලක් දාගන්න උන්ගේ ලොක්කන්ගෙන් approve ගන්න ඕනේ. Haymart කියලා තිබ්බ එක වැහිලා ගියා. බිලියන 15 කරන Fentons එක ට බලු බැනුම්.

    උන්ගේ salesman 5 quotation per day. ලොක්කොත් sales කරන්න ඕනේ.
    එහෙමද මම PABC එකෙන් Corporate Bank Account එකක් ගත්තා බන් Customer Care එකෙන් Call කට් කරනවා කතා නොකර , General hotline කියල එකක් තියෙනවා Call Operator Call එක මාරු නොකර Call එක කට් කරනවා. බැංකු ශාකාවට ගියාම එක එක බොරු කියලා මාරු වෙනවා කිසි වැඩක් කරලා දෙන්නේ නැහැ සේවකයෝ ඔය අත්දැකීම් වලින් මම කිව්වේ. fund transfer වලදී හිටපු ගමන් Failed වෙලා සල්ලි නැති වෙනවා කියන්න එකෙක් නැහැ මාර අසරණ වෙනවා ඇයි බන් මුන්ට මේ බිස්නස් වල වැඩ වෙනවා ද කියලා හරියට හොයලා බලන්න බැරි ?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,989
    26,497
    113
    හිටපු ජනාධිපතිවරුන් නඩත්තුවට වසරක් තුළ වැය වූ මුදල - රුපියල් මිලියන 95 යි.

    ශ්‍රී ලංකන් ගුවන් සේවය 2025 වසරේ දී ලැබූ පාඩුව - රුපියල් මිලියන 7600 යි. බිලියන නම් 7.6 යි. කෝටි 760 යි.

    රුපියල් මිලියන 95 ක් ඉතිරු කළා කියලා පම්පෝරි ගහපු ආණ්ඩුව, මේ රටේ මිනිස්සු කන පරිප්පු ටිකෙන්, හාල් ඇටයෙන්, ෆෝන් කාර්ඩ් එකෙන්, වෘත්තිකයන්ගේ වැටුපෙන් කපා ගන්නා මහජන බදු මුදලෙන් මිලියන 7600 ක් ශ්‍රී ලංකන් ගුවන් සේවය හරහා විනාශ කරලා.

    ඔබේ බදු මුදල් වංචා කරලා.

    2025 මාලිමා ආණ්ඩුව බලයට පැමිණීමට පෙර, රනිල්ගේ පාලනය යටතේ ශ්‍රී ලංකන් සමාගම රුපියල් මිලියන 3800 ක මෙහෙයුම් ලාභයක් ලැබුවා.

    ඒ අනුව මාලිමා රජය යටතේ ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් පමණක් සේදි ගිය, වංචා වූ මහජන බදු මුදල රුපියල් මිලියන 11,400ක්.

    එය ඊනියා සංදර්ශනාත්මක හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද කපා ඉතිරි කළ මුදල මෙන් 120 ගුණයක්.

    අනුර කුමාර සහ රජය ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙලෙස පාඩු ලැබීමට ඉඩ දී, තවදුරටත් අයවැයෙන් ඔබේ බදු මුදල් ශ්‍රී ලංකන් ගුවන් සේවයටම වෙන් කරන්නේ ඇයි ?

    ඒකට උත්තරය දේශපාලනිකයි.

    ධම්මික පෙරේරා.

    අනුර කුමාරට බලයට ඒමට බිලියන ගණන් මුදල් වියදම් කරපු, පැලවත්තෙ පක්ෂ කාර්යාලයේ ඉදලා වසන්තගේ, අනුරගේ ගෙවල් හදන්න ටයිල් පවා දීපු කූඨ ව්‍යාපාරිකයා.

    ධම්මිකට අනුර සහ ආණ්ඩුව ණයයි. පසුගිය මැතිවරණ තුනටම ධම්මික කෝටි ගණනක් මුදල් මාලිමාවට ලබා දුන්නා

    ඊට හිලව් වශයෙන් මාලිමා රජයෙන් ධම්මික විවිධ වරප්‍රසාද ගත්තා.

    ඒ අතරින් එකක් ශ්‍රී ලංකන් ගුවන් සේවය.

    ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පාලනය දැන් තියෙන්නේ ධම්මික පෙරේරා අතේ.

    ඒක වුණේ කළින් ආණ්ඩු අශෝක් පතිරගේ ශ්‍රී ලංකන් එකට දැම්මා වගේ කෙළින්ම කරන වැඩ වලින් නෙවෙයි.

    ශ්‍රී ලංකන් අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් අටයි.

    මේ සාමාජිකයන් අටෙන් හතරක්ම පත් කළේ ධම්මික පෙරේරා ගේ නියෝජිතයන්.

    සෘජුවම ධම්මික යටතේ වැඩ කරන, ධම්මිකට වග කියන, ධම්මිකගෙන් යැපෙන, ධම්මිකගේ මිනිස්සු.

    එහෙම නැත්නම් ධම්මිකගේ සේවකයො.

    සරලවම කියනවා නම් ධම්මිකගේ හේලීස් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් හතර දෙනෙක් ශ්‍රී ලංකන් ගුවන් සේවයට පත් කළා.

    1) සරත් ගනේගොඩ - ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති / ධම්මිකගේ හේලීස් ව්‍යාපාරයේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජික

    2) හර්ෂ කබ්‍රාල් - ශ්‍රී ලංකන් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික / හේලීස් අධ්‍යක්ෂක

    3) රොහාන් ගුණතිලක - ශ්‍රී ලංකන් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික / හේලීස් පරිපාලන අධ්‍යක්ෂක

    4) දිමල් අරන්දර - ශ්‍රී ලංකන් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික / හේලිස් පරිපාලන අධ්‍යක්ෂක

    ඉතිරි අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන්ගෙන් දෙදෙනෙක් ධම්මික විසින් මිලට ගත්තා.

    මුදල් හරහා එය එතරම් අපහසු දෙයක් නොවෙයි.

    දැන් ධම්මිකට වැඩ කරන, ධම්මිකගේ මේ සේවකයන් හරහා, ධම්මික ශ්‍රී ලංකන් හසුරවමින් සිටිනවා.

    දැන් ශ්‍රී ලංකන් ගුවන් සේවය ධම්මිකගේ.

    ඔබේ බදු මුදල් බිලියන 7 ක සෘජු පාලනය ධම්මික පෙරේරා ගේ.

    ඒක කළින් ආණ්ඩු විසින් අශෝක් පතිරගේ ශ්‍රී ලංකන් පාලනයට පත් කළා වගේ නෙවෙයි.

    එතැනදී අඩුම තරමේ වෙන හැම ගණුදෙනුවකටම අශෝක් වගකිවයුතුයි.

    එම නිසා අශෝක්ට ඕනෑ විදියට හොරකම් කරන්නට බැහැ.

    මෙතනදි වෙනස්.

    මෙතනදී සිදුවන්නේ සමාජයට සහ මිනිසුන්ට හොරරහසේ ධම්මික මහජන බදු මුදල් හොරකම් කිරීම.

    මේ මොහොතේ ධම්මිකගේ ටෙන්ඩර් වල ඉදන්, ධම්මිකගේ බිස්නස් වල කාර්ගෝ සප්ලයර් වෙන්නෙත් ශ්‍රී ලංකන්.

    ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය, CEO සහ පරිපාලනයට ඕනෑ තරම් ගුවන් ප්‍රවේශ පත්‍ර නොමිලයේ ලබා ගත හැකියි.

    ඒ වරප්‍රසාදය ඔවුන්ට ලබා දෙන්නේ ගුවන් සමාගමේ වැඩ වලට රට යෑමට. එමෙන්ම ඔවුන්ගේ පුද්ගලික කටයුතු වලටත් ඒ වරප්‍රසාදය හිමියි.

    සරත් ගනේගොඩ සභාපතිධූරයට පත්වුනාට පස්සෙ පනස් වරකට වැඩි ප්‍රමාණයක් නොමිලයේ ගුවන් ටිකට්පත් අරන් රට ගිහින් තියෙනවා.

    විවිධ අවස්ථාවන් වල පවුලේ සාමාජිකයන් එක්ක.

    තවත් අවස්ථාව වල ව්‍යාපාරික සගයන් එක්ක.

    මේ ඔක්කොම ව්‍යාපාරික පන්තියේ ප්‍රවේශ පත්‍ර.

    බිස්නස් ක්ලාස් ටිකට්ස් කියන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට විශාල වියදමක්.

    මේ අතිබහුතර ගමන් ඔහු ගියේ ධම්මික පෙරේරාගේ ව්‍යාපාරික ජාලයේ වැඩ වලට.

    මේක ධම්මික ශ්‍රී ලංකන් ලබා ගැනීමේ එක් බලාපොරොත්තුවක්.

    දැන් ධම්මිකගේ බිස්නස් වල විදෙස් සංචාර සියල්ල කරගන්නේ ශ්‍රී ලංකන් හරහා

    ඒ විතරක් නෙවෙයි.

    චෙන්නායි වල ඉඳලා එන ගුවන් යානා වල ධම්මිකගේ කැසිනො වලට එන ඉන්දියානු පාරිභෝගික පිරිසක් ඉන්නවා.

    ඒ ඔක්කොම ලංකාවට කැසිනො ගහන්න එන ඉන්ඩියන්කාරයො සහ ඒ ඉන්ඩියන්කාරයො සනසන්න එන C ග්‍රේඩ් ඉන්ඩියන් නිළියන් සහ නිරූපිකාවන්.

    මේ අය චාටර් ෆ්ලයිට්ස් දාන් එනවා. සමහර වෙලාවට ශ්‍රී ලංකන් බිස්නස් ක්ලාස් එනවා.

    දැන් එහෙම තනි තනිව ශ්‍රී ලංකන් එන ධම්මිකගේ කැසිනො පාරිභෝගිකයන්ට සහ නිළියන්ට, නිරූපිකාවන්ට ධම්මික අපූරු වරප්‍රසාදයක් දීලා.

    ඔවුන් මිලට ගන්නේ සාමාන්‍ය පන්තියේ ටිකට්ස්. (නිළියන්ට නිරූපිකාවන්ට නම් ටිකට්ස් මිලට ගන්නේ කැසිනො එකෙන්මයි)

    ප්ලේන් එක ඇතුලෙදි ඔවුන් බිස්නස් එකට අප්ග්‍රේඩ් කරනවා.

    (මේක කාර්ය මණ්ඩලයට තියෙන නිල බලයක්. හිස් ව්‍යාපාරික ආසන, සාමාන්‍ය පන්තියේ මගීන්ට කැමැත්ත මත ලබා දෙන්න පුලුවන්.)

    ඒක ධම්මික දැන් කැසිනො පාරිභෝගිකයන්ට ලබා දෙන වරප්‍රසාදයක්.

    ඒ විතරක් නෙවෙයි.

    ධම්මිකගේ ව්‍යාපාරික සහ පුද්ගලික අවශ්‍යතා සඳහාම මෙල්බර්න් සහ සිඩ්නි ගුවන් ගමන් වැඩි කර තිබෙනවා.

    දැන් සෑම රාත්‍රියකම අඛණ්ඩවම මෙල්බර්න් සහ සිඩ්නි ගුවන් ගමන් සිදු කෙරෙනවා.

    මෙහිදී ගුවන් යානා වල ආසන බොහෝ අවස්ථා වල හිස්.

    ශ්‍රී ලංකන් පාඩු ලැබීමට මේ නාස්තිකාර ගුවන් ගමන් ද්විත්වය විශාල හේතුවක්.

    මේ මතුපිටින් පේන ශ්‍රී ලංකන් මිස්යූස් කිරිලි විතරයි.

    තිරය පසුපස ශ්‍රී ලංකන් එකෙන් ධම්මික ගහන ගැහිලි මේ වගේ සීනිබෝල වැඩ නෙවෙයි.

    ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සියලූම ටෙන්ඩර් සහ මිලදී ගැනීම් සිදුවෙන්නේ, වැඩි මිලට ධම්මිකගේ ව්‍යාපාරික ජාලය හරහා.

    ඒ බොහෝ තැන්වල ධම්මික සෘජුව සැපයුම්කරුවා නොවී තැරැව්කාරයෙක් ලෙස පෙනී සිටිමින් සැපයුම් ජාලය මෙහෙයවනවා.

    ශ්‍රී ලංකන් නිල ඇඳුම්, තාක්ෂණික උපකරණ වල සිට මගීන්ට ලබා දෙන වතුර බෝතලය දක්වා බිලියන ගණනක සැපයුම් වල වැඩි කොටසක් ධම්මික උදුරා ගනිමින් සිටිනවා.

    ශ්‍රී ලංකන් ගුවන් සේවය කා දැමූ ඔබේ බදු මුදල් මිලියන 7600 න් බහුතරය ගියේ සරත් ගනේගොඩ හරහා ධම්මිකගේ සාක්කුවට.

    මහජන බදු මුදල් මිලියන 7600 ක් කියන්නේ සරල මුදලක් නෙවෙයි.

    එය රුපියල් මිලියන 10 බැගින් වැය කර, අලුතෙන් පාසල් ගොඩනැගිලි 760 ක් ඉදි කළ හැකි මුදලක්.

    අලුතෙන් උසස්ම තත්ත්වයේ රෝහල් ඇඳන් 190,000 ක් මිලට ගත හැකි මුදලක්.

    පෝෂණය අවශ්‍ය පාසල් දරුවන් පනස් දහසකට ආහාර වේල් දෙකක් වසරක් පුරා ලබා දිය හැකි මුදලක්.

    එතරම් විශාල බදු මුදලක් මාලිමා ආණ්ඩුව විනාශ කරලා. දිය කරලා. හොරකම් කරලා.

    මම ස්ථිරව කියනවා.

    මෙවර අයවැයෙනුත් අනුර, ඔබේ බදු මුදල් මිලියන 2000 ක් ශ්‍රී ලංකන් ගුවන් සේවයට වෙන් කරනවා.

    ඒ තමයි කූඨ ව්‍යාපාරිකයන් විසින් මිලට ගත් රූකඩ පාලකයන් බලයට ගෙන ඒම වෙනුවෙන් ඔබ ගෙවනා වන්දිය.

    Sachin Rathwatteගේ වෝලයෙනි.
    ======((((((((((=========(((((((======

    මේක ඇත්තටම වෙන දෙයක් ද?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,161
    79,583
    113
    E wunata Glomark wage ewage MRP daala thiyena ewata ena discount thoga kaden vath ganna ba. Fresh items thamai polen ganna hari yanne.
    Welena Supermarket nam koheth thiyenava. Specially Cargills. Kadawatha Food City 3k thiyenava. Eken 3rd eka thamai tikak hari negala yanne. Anith dekama welenava. Ekata hari yanna Arpico eke senaga pirila.
    මම දැකලා තියෙනවා ඕවට පුරුදු වෙච්ච ක්‍රවුඩ් එක වෙනම ඉන්නවා. කීල්ස් එකට එක සෙට් එකක්, කාර්ගීල්ස් තව සෙට් එකක් etc .

    ඕවා ට යන අමතර වියදමත් එක්ක හන්දියේ ටිකක් ලොකු තොග කඩේට ඊට වඩා %ක් ලාබ තියෙන්නත් ඕන වගේ පේන්නේ නැද්ද ??
    සේවකයෝ නෑ, , නඩත්තු නෑ , AC නෑ . ඔක්කොම උන් එකම බඩු ටික නේ විකුනන්න්නේ ...


    මමනම් තොග කඩ අස්සෙ රිංගන්නෙ නෑ බන්. එකක් තමා අපි පුරුදු වෙච්ච බඩු නෑ උන් ගාව. එක එක බ්‍රෑන්ඩ් තියෙන්නෙ. අනිත් දේ තමා service එක, හිටපු ගමන් කට ඇරන් බලන් ඉන්න ඕනා කවුරුහරි කතා කරනකන්. වාහනේකින් බැස්සෙ නැත්තන් ලොකුවට ගනන් ගන්නෙත් නෑ පොන්නයෝ ටික

    සුපර්මාර්කට් වල ගනන් පොඩ්ඩක් වැඩි, ඒත් උන්ගෙ service එකයි හැම එකම එකම තැනින් ගන්න පුලුවන් වෙන එකයි, කාර්ඩ් වලට ඩිස්කවුන්ට් සෙට් වෙන එකයි බැලුවාම මට ඒක හොඳයි වගේ. අනික පොඩි ගානක ලාබෙකට පෙට්‍රල් පුච්චන් ටවුමක් වගේ බඩගාන එක තේරුමක් නෑ බන්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,844
    170,985
    113
    එකමත් එක රටක
    මමනම් තොග කඩ අස්සෙ රිංගන්නෙ නෑ බන්. එකක් තමා අපි පුරුදු වෙච්ච බඩු නෑ උන් ගාව. එක එක බ්‍රෑන්ඩ් තියෙන්නෙ. අනිත් දේ තමා service එක, හිටපු ගමන් කට ඇරන් බලන් ඉන්න ඕනා කවුරුහරි කතා කරනකන්. වාහනේකින් බැස්සෙ නැත්තන් ලොකුවට ගනන් ගන්නෙත් නෑ පොන්නයෝ ටික

    සුපර්මාර්කට් වල ගනන් පොඩ්ඩක් වැඩි, ඒත් උන්ගෙ service එකයි හැම එකම එකම තැනින් ගන්න පුලුවන් වෙන එකයි, කාර්ඩ් වලට ඩිස්කවුන්ට් සෙට් වෙන එකයි බැලුවාම මට ඒක හොඳයි වගේ. අනික පොඩි ගානක ලාබෙකට පෙට්‍රල් පුච්චන් ටවුමක් වගේ බඩගාන එක තේරුමක් නෑ බන්.
    ඔව් මාත් එලවලු වල ඉදන් හැමදේම ( බිත්තර ඇර ) ගන්නේ කීල්ස් එකෙන් තමයි . මම කිව්වේ තොග කඩ වල උන්ට එන ලාබය මුන්ට සාපේක්ෂව . මුන්ගේ sales වැඩි වගේ ම නඩත්තු වියදමත් වැඩි .