ආච්චිලා 11ක්
මාකඳුරේ වැඩි හිටි නිවාසයක 11ක් මිය ගිහින්
පන්නල මාකදුර වෙල්කම් ගම්මානය ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක සිටි 11 දෙනකු ජලයට අසුව මියගොස් ඇතැයි ආරංචි මාර්ග කියයි.
එම වැඩි හිටි නිවාසය ජලයෙන් යටවෙද්දි පිරිසක් බේරාගෙන ඇතත් බේරාගැනීමට අතපසු වූ පිරිස මෙසේ මියගොස් ඇත. මාඔය පිටාට ගැලීමෙන් ගිරිඋල්ල, මාකදුර ඇතුළු ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ගම්මානවල විශාල පිරිසක් නිවෙස් සහ නිවෙස් වහල මත රැඳි සිටින බව කියයි. ඔවුන් බේරා ගැනීමට සහන කණ්ඩායම් තවමත් ප්‍රමාද බවත් ඇතැම් පිරිස් පෞද්ගලික බෝට්ටු මගින් බේරාගැනීමට කටයුතු කර ඇතැයි ඒම ආරච්චි මාර්ග සඳහන් කරයි.
- https://www.lankadeepa.lk/latest_news/මකඳර-වඩ-හට-නවසයක-11ක-මය-ගහන/1-684217
පන්නල, නාලවලාන ප්‍රදේශයට බලපෑ ගංවතුරින් වැඩිහිටි නිවාසයක සිටි 11 දෙනෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
පොලිසිය වැඩිදුරටත් පැවසුවේ එහි සිටි තවත් 14 දෙනෙකු මුදාගෙන ඇති බවය.
ගංවතුර බලපෑම් එල්ලවන අවස්ථාවේ අදාළ වැඩිහිටි නිවාසය තුළ 25 දෙනෙකු සිට ඇතැයිද පොලිසිය සඳහන් කළේය
- https://sinhala.adaderana.lk/news/217679
Last edited:

