වැඩිහිටි නිවාසයක bodies 11ක් හොයාගෙන.

monson

Well-known member
  • May 7, 2007
    25,629
    28,623
    113

    ආච්චිලා 11ක් :-(

    මාකඳුරේ වැඩි හිටි නිවාසයක 11ක් මිය ගිහින්

    පන්නල මාකදුර වෙල්කම් ගම්මානය ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක සිටි 11 දෙනකු ජලයට අසුව මියගොස් ඇතැයි ආරංචි මාර්ග කියයි.

    එම වැඩි හිටි නිවාසය ජලයෙන් යටවෙද්දි පිරිසක් බේරාගෙන ඇතත් බේරාගැනීමට අතපසු වූ පිරිස මෙසේ මියගොස් ඇත. මාඔය පිටාට ගැලීමෙන් ගිරිඋල්ල, මාකදුර ඇතුළු ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ගම්මානවල විශාල පිරිසක් නිවෙස් සහ නිවෙස් වහල මත රැඳි සිටින බව කියයි. ඔවුන් බේරා ගැනීමට සහන කණ්ඩායම් තවමත් ප්‍රමාද බවත් ඇතැම් පිරිස් පෞද්ගලික බෝට්ටු මගින් බේරාගැනීමට කටයුතු කර ඇතැයි ඒම ආරච්චි මාර්ග සඳහන් කරයි.

    - https://www.lankadeepa.lk/latest_news/මකඳර-වඩ-හට-නවසයක-11ක-මය-ගහන/1-684217

    පන්නල, නාලවලාන ප්‍රදේශයට බලපෑ ගංවතුරින් වැඩිහිටි නිවාසයක සිටි 11 දෙනෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

    පොලිසිය වැඩිදුරටත් පැවසුවේ එහි සිටි තවත් 14 දෙනෙකු මුදාගෙන ඇති බවය.

    ගංවතුර බලපෑම් එල්ලවන අවස්ථාවේ අදාළ වැඩිහිටි නිවාසය තුළ 25 දෙනෙකු සිට ඇතැයිද පොලිසිය සඳහන් කළේය

    - https://sinhala.adaderana.lk/news/217679
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,355
    12,621
    113
    Piliyandala
    අතුරුදහන් කියන්නේ ඉතින් පස් යට නේ? මැරිලා කියන එකේ අනිත් වචනය අතුරුදහන් කියන එක
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,629
    28,623
    113
    12 වෙනි body එක හොයාගෙන

    මා ඔය පිටාර ගැලීමත් සමග පන්නල - මාකදුර, නාලවලාන ප්‍රදේශයේ පිහිටි 'වෙල්කම්' වැඩිහිටි ගම්මානයේ එක් වැඩිහිටි නිවාසයක සිටි වයස අවුරුදු 70- 90 ත් අතර වැඩිහිටියන් 12 දෙනෙකු ජල ගැල්මට හසුවී මරණයට පත් වී තිබේ.

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    ඔවුන් බේරා ගැනීමට සහන කණ්ඩායම් තවමත් ප්‍රමාද බවත් ඇතැම් පිරිස් පෞද්ගලික බෝට්ටු මගින් බේරාගැනීමට කටයුතු කර ඇතැයි ඒම ආරච්චි මාර්ග සඳහන් කරයි.
    මුන් බුදිද කොහේදෝ
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,629
    28,623
    113
    මේක පන්නල ප්‍රාදේශීය සභාවෙන්ලු දැන් පාලනය කරන්නේ

    මා ඔය පිටාර ගැලීමත් සමග පන්නල - මාකදුර, නාලවලාන ප්‍රදේශයේ පිහිටි 'වෙල්කම්' වැඩිහිටි ගම්මානයේ එක් වැඩිහිටි නිවාසයක සිටි වයස අවුරුදු 70- 90 ත් අතර වැඩිහිටියන් 12 දෙනෙකු ජල ගැල්මට හසුවී මරණයට පත් වී තිබේ.
    ඉකුත් 28 වන දා රාත්‍රියේදී ඔවුන් මෙම අනතුරට ගොදුරුවූ අවස්ථාවේ එහි සිරවී සිටි වැඩිහිටියන් බේරා ගැනීමට සහ මළ සිරුරු ඉවත් කර ගැනීම සඳහා දායක වූ සිද්ධිය ඇසින් දුටු ප්‍රදේශවාසියෙකු බීබීසී වෙත සිය අත්දැකීම් විස්තර කළේ ය. ඔහු කියා සිටියේ, ඔවුන් බේරා ගැනීම සඳහා තමන්ට කළ හැකි සියලු දේ කළ අතර අදාළ වැඩිහිටි නිවාසය ජලයෙන් යටවන මොහොතේ එහි කිසිදු භාරකරුවෙකු හෝ ආරක්ෂක නිලධාරියෙකු එහි නොසිටි බවයි.
    මෙම වැඩිහිටි නිවාසය 1980 ශ්‍රී ලංකා පවුල් ආධාර වැඩසටහන සහ 1996 නෙදර්ලන්ත වෙල්කම් ගම්මානයේ නිර්මාතෘ හර්මන් තියඩෝර්ස් ස්ටවර් විසින් ඉදිකර පවත්වාගෙන යනු ලැබිණි.

    - https://www.bbc.com/sinhala/articles/c62nx5zlz72o
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508

    මරණාධාර සමිතවල බලය විතරයි අයියෝ ගන්න බැරි වුනේ..