ingrisi ktha krnna ingrisi wchana dengnna epa htto
උබ සිංහල කතා කරන්න ඉගෙනගත්තෙ අම්මගෙ බඩේ ඉන්නකොට කලින් සිංහල වචන ඉගෙනගෙන ඇවිල්ලද?
------
Post added on Dec 19, 2025 at 11:06 AM
හැම එකාම කියනවා නේද ඉංග්රීසියෙන් හිතන්න පුරුදු වෙන්න කියලා.
ඒත් ඉංග්රිසියෙන් හිතන්න නම් ඉංග්රීසි නිතරම ඇහෙන්න ඕනේ. (ඒක කවුරුත් කියන්නේ නෑ)
දැන් අපි මේ සිංහලෙන් හිතන්න පුරුදු වෙලා තියෙන්නේ උපන් දා ඉඳලා සිංහල ඇහුණු නිසා
ඕක මෙච්චර complicated කරගන්න දෙයක් නෑ. ඉංග්රීසියෙන් කතා කරන්න නං කරන්න තියෙන්නෙ සරලව පොඩි කාලෙ අම්මල අපි බහ තෝරනව කියපු එක ඉංග්රීසි වලටත් බහ තෝරවන එක. බහ තෝරනව කියන්නෙ කතා කරන්න ඉගෙනගන්නව කියන එකනෙ. එතකොට පොඩි කාලෙ බහ තෝරන්නෙ වෙන අය කතා කරන ඒව අහන් ඉදල. ඒ ඇහෙන වචන කටින් පොඩ්ඩ පොඩ්ඩ pronounce කරන්න try කරල. මොනවහරි ක්රියාක්වක් කරන ගමන් ඒකට අදාල වචනය ඇහෙනකොට ඒ ක්රියාවට කියන්නෙ මේකයි කියල තේරුම් අරන්. ඒ කියන්නෙ මම ඇවිදිනව කියල වචනෙන් කියන ගමං කකුල් දෙකෙන් ඇවිදිනකොට ඒ ක්රියාව කරනකොට තේරුම් ගන්නව ආ ක්රියාවට කියන්නෙ ඇවිදිනව කියල. ඕක තමා බහ තෝරනව කියන්නෙ.
එහෙනන් ඉංග්රීසියෙන් කතා කරන්න නං බහ තෝරපන්
ඉංග්රීසියෙයෙන් තියන films කතා news බලන්න ඕන. ඒ බලන ගමන් ඒ කතා කරන වචන අපේ කටින් කියන්න try කරන්න ඕන.
නිකන්ම පුරුදු වෙනව එතකොට. අපිට ලියන්න කියන්න පුළුවන් නිසා තව පොඩි වැඩක් කරන්න පුළුවන් vocabulary එක හදාගන්න වචන වල තේරුම් අරන් ලියල මතක තියාගන්න පුළුවන්.
ආයෙ අමුතුවෙන් precent tense past tense partipical කිය කිය class ගානෙ යන්න ඕන නෑ. ඒව නිකන්ම හැදෙනව.
මේ මගෙ experience එක. මේක ලොකු සීන් කියවනව නෙමේ. මම දන්නෙ නෑ ඇත්තටම මට කොහොමද english කතා කරන්න පුළුවන් උනේ කියල. මම කොහෙවත් class ගියේ නෑ. මම හිටියෙම online බැලුවෙ english articles and films වැඩ කරන්න සෙට් උනේ english එක්ක. අන්තිමට දන්නෙවත් නැතුව english කතා කරන්න පුළුවන් උනා.
------
Post added on Dec 19, 2025 at 11:06 AM