අලුත් ඇවටර් (Avatar: Fire and Ash) එක බැලුවද? ඒකෙ තියෙන කොලිටියයි, සවුන්ඩ්ස්වල ලස්සනයි දැක්කම පිස්සු හැදෙනවා නේද? ඒත් ඔබ කවදාහරි හිතුවද ඔය තරම් කොලිටි ෆිල්ම් එකක් හෝල් එකට එන්නේ කොහොමද කියලා?
ඒක අපි හිතනවා වගේ ලේසි වැඩක් නෙවෙයි. මෙන්න මේකයි ඒ පිටුපස තියෙන ක්‍රියාවලිය.
අපි සාමාන්‍යයෙන බලන කොලිටි ෆිල්ම් එකක් 2GB හෝ 4GB වගේනේ වෙන්නේ. ඒත් දැනට හෝල් වල පෙන්නන Avatar: Fire and Ash එකේ IMAX 3D පිටපතක් 630 GB විතර වෙනවා. ඒ කියන්නේ අපි බලන සාමාන්‍ය ෆිල්ම් එකක ෆයිල් සයිස් එකට වඩා ගොඩක් වැඩියි වගේම කොලිටි එකත් ගොඩක් වැඩියි.Avatar Fire & Ash එක 24FPS & 48FPS කියන ෆ්‍රේම් රේට් දෙකෙන්ම ආවා.
සාමාන්‍ය ඕනම ෆිල්ම් එකක් එන්නෙ 24FPS වලින්. ඇවටාර් තමයි ෆීචර් ෆිල්ම් එකක් විදිහට 48FPS වලින් ආපු පළවෙනි ෆිල්ම් එක. මේ නිසා තියටර්ස් වල servers පවා 48FPS වලට ගැලපෙන්න update කරන්න වෙලා තියනවා. තියටර් එකකට එන ෆිල්ම් එකක සයිස් එක සාමාන්‍යෙන් 150GB-400GB වෙන්නෙ.ඇවටාර් මේ පාර ෆිල්ම් එකේ 3D, 48FPS ෆිල්ම් එකනම් 630GB වගේ උනා ෆ්‍රේම් රේට් එක වැඩි නිසා.
මේක Pen Drive එකක දාලා නෙවෙයි එන්නේ. මේක එන්නේ DCP (Digital Cinema Package) කියලා විශේෂ ෆයිල් එකක් විදියට. එක්කෝ මේක විශේෂ ආරක්ෂිත Hard Drive එකක දාලා හෝල් එකට එවනවා. නැත්නම් සැටලයිට් (Satellite) හරහා කෙලින්ම හෝල් එකේ සර්වර් එකට ඩවුන්ලෝඩ් කරනවා.හෝල් එකේ අයට මේ 630 GB ෆයිල් එක ලැබුණා කියලා. ඒක ප්ලේ කරන්න බැහැ. ඒක ලොක් කරලයි තියෙන්නේ. මේක අරින්න ඩිස්ට්‍රිබියුටර්ස්ලා විශේෂ ඩිජිටල් යතුරක් (KDM එකක්) ඊමේල් කරනවා.ඒ යතුර වැඩ කරන්නේ, අදාළ සිනමා ශාලාවට විතරයි.හෝල් එකේ තියෙන අදාළ ප්‍රොජෙක්ටරයට විතරයි.ඒ වගේම නියමිත දවස් ගණනට විතරයි! (කාලය ඉවර වුණ ගමන් ෆිල්ම් එක ආයෙත් Lock වෙනවා).මේතරම් ආරක්ෂා කරන්න ප්‍රධානම හේතුව තමයි "Piracy" (ෆිල්ම් එක හොරෙන් කොපි කරන එක) නවත්තන්න. අනික අර 630 GB සයිස් එක නිසා තමයි අපිට අර වගේ ලස්සනට, පැහැදිලිව තිරයේ ෆිල්ම් එක පේන්නේ.
ලංකාවට මේ වගේ දැවැන්ත ෆිල්ම් එකක් එන විදිය ඇත්තටම වෙනමම ක්‍රියාවලියක්. ඒක ලංකාවේ තියෙන සිනමා ජාල ( SCOPE , EAP, PVR, Liberty Cinema) සහ බෙදාහරින්නන් හරහා සිදුවන වැඩක්.මෙන්න මේ විදිහටයි ඒක වෙන්නෙ.
ලංකාවට ගොඩක් හොලිවුඩ් ෆිල්ම් එන්නේ ඉන්දියාව හරහා. "Walt Disney" (ඇවටර් අයිති ඔවුන්ට), WB, Sony ස්ටුඩියෝස් වල රීජන්වයිස් අයිතිය තියෙන්නෙ එක පුද්ගලයෙක්ට. ලංකාව ඇතුලුව තව රටවල් කිහිපයක් අයිති ගැහැණු කෙනෙක් කෙනෙක් තමයි ලංකාවෙ ඩිස්ට්‍රිබියුටර් (Liberty Lands & Cinemas) එක්ක ඇග්‍රීමන්ට් ගහලා ෆිල්ම් එක ලංකාවෙ බෙදාහරින්නෙ.අනිත් ස්ටුඩියෝස් වල කන්ටෙන්ට් එන්නෙත් ඉන්දියාව හරහා තමයි, හැබැයි ඉන්දියාවෙ ඩිස්ට්‍රිබියුටර්ම තමයි ලංකාවෙ ඩිස්ට්‍රිබියුටර්ටත් එවන්නෙ.කලින් කිව්වා වගේ 630 GB විතර වෙන DCP ෆයිල් එක ලංකාවේ ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරන එක තමයි දැන් ලංකාවෙ ෆිල්ම්ස් 95%ක් විතරම කරන්නෙ. ගියමාසෙ වෙනකම් ඩිස්නි ෆිල්ම්ස් ආවේ CRUවල. නමුත් දැන් ඩිස්නි ඒවත් ඩවුන්ලෝඩ් කරන එක කරන්නෙ.ඒ නිසා, බෙදාහරින්නන් විසින් ඉතාමත් ආරක්ෂිතව සකස් කරපු CRU Drives (විශේෂිත හාඩ් ඩ්‍රයිව් වර්ගයක්) ගුවන් මගින් ලංකාවට ගෙන්නනවා. මේ හාඩ් ඩ්‍රයිව් එක රේගුවෙන් (Customs) නිදහස් කරගෙන ආවට පස්සේ, ලංකාවෙ ඩිස්ට්‍රිබියුටර් පිසිකල් හාඩ් ඩ්‍රයිව්ස් වලට කොපි කරලා තියෙටර්ස් වලට යවනවා. ලංකාවේ සිනමා සංකීර්ණ (Multiplex) වල තියෙනවා TMS (Theater Management System) එකක්. ඒකට පිසිකලි එන හාඩ් එකේ ෆිල්ම් එක කොපි කලාට පස්සෙ තමයි එක එක ස්ක්‍රීන්ස් වලට ෆිල්ම් එක අසයින් කරන්නෙ, ෆිල්ම් එක කුරියර් හරි, බස් එකක හරි, ඒ අදාල සර්කිට් එකෙන්, තියෙටර් චේන් එකේ කෙනෙක් අතේ හරි පිසිකල් හාඩ් ඩ්‍රයිව් එක යවනවා.
කොළඹ දුර පළාත් කියලා වෙනසක් නැහැ. ඕනම සිනමා එකකට දැනට සිදු වෙන්නෙ මේ ක්‍රම වලට..
ෆිල්ම් එක හෝල් වලට යවන්න කලින් අපේ රටේ චිත්‍රපට සංස්ථාවේ සෙන්සර් බෝඩ් එකට පෙන්වන්න ඕන. ඒ අය ෆිල්ම් එක බලලා "ප්‍රදර්ශනයට සුදුසුයි" කියලා සහතිකයක් දුන්නට පස්සේ තමයි හෝල් වල පෙන්වන්න අවසර ලැබෙන්නේ.ෆිල්ම් එක හෝල් එකට ලැබුණත්, ඒක ප්ලේ කරන්න ඕන "ඩිජිටල් යතුර" (KDM) ඩිස්නි සමාගමෙන් ලංකාවට එවන්නේ ෆිල්ම් එක රිලීස් වෙන්න පැය කිහිපයකට කලින්. ඒක කෙලින්ම ඊමේල් හරහා හෝල් එකට ලැබෙනවා. ඒක නැතුව හෝල් එකේ අයටවත් ෆිල්ම් එක ප්ලේ කරලා බලන්න බැහැ.ඉතින් ඊළඟ පාර ඇවටර් බලන්න හෝල් එකට ගියපු වෙලාවක, මේ තිරය පිටුපස තියෙන දැවැන්ත තාක්ෂණය ගැනත් පොඩ්ඩක් හිතලා බලන්න.
Last edited:
