WEB DL විදිහට ෆිල්ම් එකක් torrent හරහා එළියට එන විදිහ.

losh_92

Well-known member
  • Aug 17, 2019
    1,153
    1,460
    113
    Kandy
    WEB DL විදිහට ෆිල්ම් එකක් torrent හරහා එළියට එන විදිහ

    611077038-841729735406666-7154892830855081967-n.jpg


    කලින් thread එකේදි අපි කතා කර වගේම WEB-DL පිටපත් නිකුත් කරන්න වර්තමානයේදී කිසිම මිනිස් මැදිහත් වීමක් සිද්ද වෙන්නේ නෑ. ඒ සියල්ලම Automation කරලා තියෙන්නේ. ඒ කියන්නේ OTT platform එකක් හරහා චිත්‍රපටයක් නිකුත් වුනු ගමන් ඉහළ ගුණාත්මකභාවයක් තියෙන WEB-DL පිටපතක් නිකුත් වෙනවා. මේ පෝස්ට් එකෙන් ඒක වෙන්නේ කොහොමද බලමු. මේ Automation එක වෙන්නේ script හරහා. තේරුම් ගන්න ලේසි වෙන්න ඒවා වැඩ කරන්නේ Bot ලා විදිහට කියලා හිතාගන්න.
    මේ මුළු ක්‍රියාවලියම පාලනය වෙන්නේ පවර්ෆුල් Linux Servers (Seedboxes) ඇතුලේ දුවන Scripts (Python, Bash, Node.js) මගින්. මනුස්සයෙක් මේ මැද කොහෙවත් නෑ.

    1. The Listener (The Trigger)
    👂

    මේ Bot මුලින්ම ඉන්නේ "Waiting Mode" එකේ. එයා දිගටම ප්‍රධාන Source වල API හෝ Feeds scan කරනවා.
    Target: Netflix, Amazon Prime, Hotstar internal APIs.
    Method: Bot එකට Script කරලා තියෙන්නේ අලුත් Title ID එකක් Active වුන ගමන් Trigger වෙන්න.
    Dev Term: Cron Job එකක් හෝ Webhook එකක් වගේ. අලුත් ෆිල්ම් එකක් Release වුන තත්පරේම Bot ට "Signal" එක එනවා.

    2. The Acquisition (Content Extraction)
    📥

    Signal එක ආපු ගමන් Bot අදාල ෆිල්ම් එක Download කරන්න පටන් ගන්නවා.
    Process: කලින් කතා කරපු Decryption Tools (Widevine L3/L1 Decryptors) ස්වයංක්‍රීයව Run වෙනවා.
    Authentication: Bot ගාව දැනටමත් Premium Accounts වල "Cookies" හෝ "Session Tokens" සේව් කරලා තියෙන්නේ. ඒ හරහා ලොග් වෙලා, Keys අරගෙන, ෆයිල් එක බාගන්නවා.

    3. The Processing (FFmpeg Automation)
    ⚙️

    දැන් ෆයිල් එක Server එකට ඇවිත් තියෙන්නේ. දැන් තමයි Bot ගේ වැඩකෑලි පටන් ගන්නේ. මෙතන ලොකුම වැඩේ කරන්නේ FFmpeg Library එකෙන්.
    Remuxing: Video සහ Audio streams එකතු කරලා MKV ෆයිල් එක හදනවා.
    Thumbnails: ෆිල්ම් එකේ තැන් තැන් වලින් Screenshots (Sample Images) ඔටෝම කැප්චර් කරනවා.
    Media Info: ෆිල්ම් එකේ Resolution, Audio Bitrate, Frame rate වගේ තාක්ෂණික විස්තර ටික Scan කරලා Text File එකක් හදනවා.

    4. The Branding (NFO Generation)
    🏷️

    Bot එක විසින් Template එකක් පාවිච්චි කරලා අර ගත්ත Media Info ටිකයි, Group එකේ Art Work එකයි එකතු කරලා NFO ෆයිල් එක Generate කරනවා.
    Naming Standard: ෆයිල් එකේ නම වෙනස් කරනවා සම්මත විදියට.
    Example: MovieName.2025.1080p.NF.WEB-DL.DDP5.1.x264-GROUPNAME.mkv

    5. Distribution (Upload & Announce)
    🚀

    දැන් ෆයිල් එක Ready. Bot ඊලඟට කරන්නේ බෙදාහරින එක.
    Torrent Creation: mktorrent වගේ tool එකක් හරහා Torrent file එක හදනවා.
    FTP Upload: තත්පර ගානක් ඇතුලත ලෝකේ පුරා තියෙන එයාලගේ අනිත් වේගවත් Servers (Top Sites) වලට ෆයිල් එක FTP/SFTP හරහා යවනවා.
    IRC Announce: මේක තමයි වැදගත්ම කොටස. "IRC" (Internet Relay Chat) කියන චැට් සිස්ටම් එක හරහා Bot මැසේජ් එකක් යවනවා "මෙන්න අලුත් බඩුවක් ආවා" කියලා.
    මේ මැසේජ් එක දකින අනිත් Bots (Torrent Sites වල Bots - 1337x, RARBG clones) ස්වයංක්‍රීයව ඒ ටොරන්ට් එක අරගෙන එයාලගේ සයිට් වල පෝස්ට් කරනවා.
    අන්න ඒ විදිහට තමයි චිත්‍රපටයක් OTT නිකුත් වුණු ගමන් අපිට බලන්න පුළුවන් වෙන්නේ.
    සමහර චිත්‍රපට globally release වෙන්නේ එක එක රටවල් වල දවස පටන් ගද්දී. හිතන්න Netflix එකේ අලුත් ෆිල්ම් එකක් ඕස්ට්‍රේලියාව සහ ඇමෙරිකාව කියන රටවල් වල ජනවාරි 1 මධ්‍යම රාත්‍රී 12 ට නිකුත් වෙනවා කියලා. ඇමෙරිකාවේ කාලය ඕස්ට්‍රේලියාවට වඩා පැය 14 - 19 ක් පිටුපසින් තියෙන්නේ. ඒ කියන්නේ පළවෙනියට දවස උදාවෙන්නේ ඕස්ට්‍රේලියාවට. Piracy කරන අය මේ දේ පාවිච්චි කරනවා ඉතාමත් ලස්සනට. ඕස්ට්‍රේලියා VPN එකක් හරහා එයාලා එහේ ෆිල්ම් එක රිලීස් උන ගමන් අරන් එළියට දානවා. හැබැයි තාම ඇමෙරිකාවට ෆිල්ම් එක තාම රිලීස් කරලා නෑ. නමුත් දැන් ලෝකේ වටේම film එක piracy හරහා දීලා ඉවරයි. අන්න ඒ වගේ වෙලාවට කියන්න පුළුවන් Netflix එකේ දාන්නත් කලින් මුන් ෆිල්ම් එක ලීක් කරලා කියලා.
    Piracy කියන දේ කවදාවත් නවත්තන්න බෑ. OTT platform ඒවා නවත්තන්න ලොකුවට උත්සාහ කරන්නෙත් නෑ. ඒක ඇත්තටම තේරුමක් නැති දෙයක්. Netflix එකේ මිලියන ගානක් පඩි ගන්න developer කෙනෙක් අලුත් protection method එකක් හැදුවා කියමු. සමහර විට එළියේ ලෝකයේ කාමරේකට වෙලා ඉන්න කවුරුවත් නොදන්න පුද්ගලයෙක්ට තමන්ගේ ආත්ම තෘප්තිය වෙනුවෙන් මේ protection එක තප්පරෙන් bypass කරන්න පුළුවන්.
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,826
    1
    3,814
    113
    JAPAN
    Thx for sharing bro patta intresting, සමහර අලුත් ෆිල්ම් කොහොමද මචන් පට ගාල මල්ටි සබ් ෆයිල් එක්කම අවුට් වෙන්නේ
     

    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,153
    1,460
    113
    Kandy
    WEB-DL vs WEBRip (The OTT Era)

    දැන් කාලේ ගොඩක්ම ජනප්‍රිය මේ ෆෝමැට් දෙකයි. Netflix, Amazon Netflix, Amazon Prime වගේ අය මේ stream වල ආරක්ෂාව සදහා පාවිච්චි කරන්නේ Widevine (Google), PlayReady (Microsoft), හෝ FairPlay (Apple) වගේ DRM තාක්ෂණයන්. Piracy කරද්දී මේ protection එක අභිබවා යනවා.
    සාමාන්‍යයෙන් Video එකක් Stream වෙද්දි Browser එකට එන්නේ තනි Video File එකක් නෙවෙයි. එය එන්නේ කුඩා කැබලි (Chunks) විදියට. (උදාහරණයකට .m3u8 හෝ .mpd වැනි Manifest ෆයිල් එකක් හරහා chunk_1.ts, chunk_2.ts ආදී වශයෙන්). මේ හැම Chunk එකක්ම Encrypt කරලයි තියෙන්නේ.
    🎬

    WEBRip
    මෙතනදී වෙන්නේ ඔරිජිනල් සයිට් එකේ වීඩියෝ එක ප්ලේ වෙද්දි, Screen Recording සොෆ්ට්වෙයාර් එකක් හෝ Capture Card එකක් හරහා ඒක රෙකෝඩ් කරගැනීමයි. මෙතනදී වීඩියෝ එක නැවත Encode වෙන නිසා (Re-encoded), ඔරිජිනල් කොලිටියට වඩා පොඩ්ඩක් අඩුවෙන්න පුළුවන්.
    මෙහිදී Encryption එක කඩන්නේ නැහැ. ඒ වෙනුවට Video එක Decrypt වී Display එකට යන අවස්ථාව අල්ලා ගන්නවා.
    HDMI Stripping: HDCP (High-bandwidth Digital Content Protection) කියන ආරක්ෂාව බිඳින Hardware (Capture Cards) හරහා Video Signal එක අරගෙන එය නැවත Encode කරනවා.
    මෙහිදී සිදුවන්නේ Lossy to Lossy conversion එකක්. Server එකෙන් එන දැනටමත් Compress වූ වීඩියෝ එක, Capture කරන විට නැවත Compress වෙනවා. මෙය Generation Loss ලෙස හඳුන්වනවා. (JPEG ෆොටෝ එකක් Save කරලා ආයෙ Save කලා වගේ).
    🎬

    WEB-DL
    මෙය වඩාත් සංකීර්ණයි. මෙහිදී වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ නෑ. විශේෂිත Tools භාවිතයෙන් කෙලින්ම Server එකෙන් වීඩියෝ ෆයිල් එක (Source file) බාගත කරගන්නවා. මෙහි කිසිම Quality Loss එකක් වෙන්නේ නෑ. OTT එකේ තියෙන ලස්සනම කොලිටි එක එහෙම්මම තියෙනවා.
    CDM (Content Decryption Module): බ්‍රව්සරය තුල DRM අන්තර්ගතය Play කිරීමට CDM එකක් තිබෙනවා. මෙය Video එක Play කිරීමට අදාල Keys (License Keys) Server එකෙන් ඉල්ලනවා.
    Pirate Tools කරන්නේ බ්‍රව්සරයක් ලෙස පෙනී සිටිමින් License Server එකෙන් Decryption Keys ඉල්ලා සිටීමයි. ලැබුණු Keys භාවිතා කරලා, අර Encrypt වෙලා තියෙන Video Chunks (Video & Audio Streams) කෙලින්ම Decrypt කරනවා.
    Muxing (Multiplexing): මෙහිදී Video එක නැවත Encode කරන්නේ නෑ (No Re-encoding). Decrypt කරපු Raw Video Stream (H.264/H.265) සහ Audio Stream (AAC/E-AC3) එකතු කරලා MKV හෝ MP4 කන්ටේනරයකට දානවා. (බොහෝවිට MKV. MKV තුළ විඩීයෝ පිටපත සමග භාෂා කිහිපයක audio stream සහ උපසිරැසි srt කිහිපයක් උනත් ඇතුළත් කරන්න පුළුවන්. ඒ නිසා විවිධ භාෂාවලින් හඬ කැවූ චිත්‍රපටයක් නම් original audio එක සමග අනිත් භාෂා වල audio සහ භාෂා කිහිපයක උපසිරැසි තනි file එකක් ලෙස ඉතා පහසුවෙන් ලබාදෙන්න පුළුවන්)

    HDRip / BRRip (The High Quality)


    🎬

    HDRip
    බොහෝ විට TV එකේ HD විකාශනයක් (HDTV) කැප්චර් කරලා හදන ඒවා. HBO වැනි නාලිකා වල විකාශය වන TV Show මීට උදාහරණ වේ.
    🎬

    BluRay / BDRip
    ෆිල්ම් එකේ ඔරිජිනල් Blu-ray තැටිය නිකුත් වුනාම, ඒකේ තියෙන දැවැන්ත ඩේටා ප්‍රමාණය (උදා: 50GB) කුඩා ප්‍රමාණයකට (1GB/2GB) Encode කිරීම මෙතනදී වෙනවා. ලෝකේ හොඳම කොලිටි එක ගන්න පුළුවන් මේකෙන්.
    BluRay තැටියක් ආරක්ෂා කරලා තියෙන්නේ AACS (Advanced Access Content System) මගින්.
    AACS ආරක්ෂාව බිඳලා, තැටිය ඇතුලේ තියෙන .m2ts (MPEG-2 Transport Stream) ෆයිල් එක එලියට ගන්නවා. මේකේ Size එක ගොඩක් ලොකුයි (30GB – 50GB). මෙහි කිසිම Quality අඩුවීමක් නෑ.
    අර ගත්ත ලොකු ෆයිල් එක, FFmpeg හෝ Handbrake වගේ Tools හරහා x264 (AVC) හෝ x265 (HEVC) ලයිබ්‍රරි පාවිච්චි කරලා Compress කරනවා.
    මෙතනදී පාවිච්චි කරනවා CRF (Constant Rate Factor) වගේ අගයන්, ෆයිල් එකේ Size එක සහ කොලිටි එක බැලන්ස් කරන්න.
    ඉස්සර හෝල් එකේ කැමරාවක් අටවන් හිටියට, දැන් Piracy කණ්ඩායම් වැඩ කරන්නේ "Algorithm" සහ "Decryption Tools" එක්ක. ඒ කියන්නේ Netflix වගේ තැනක දාලා තියෙන ආරක්ෂිත (DRM Protected) ෆයිල් එකක් වුනත් තත්පර ගානකින් කඩන්න පුළුවන් තාක්ෂණයක් ඔවුන් සතුව තියෙනවා.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,895
    11,937
    113
    Oya copyright protected video capture card ekak nathuwa screen record karanna puluwan software mukuth thiyanawada ban?

    OBS studio wage software walin record kalama black sreen ekak record wenne..