මේවා බොරු බයිලා . බලන්ගොඩ doctor's Quarters තියෙන්නේ පොදු සුසාන භූමියට අල්ලපු ඉඩමේ . ගෙදර පිටිපස්ස බලපු ගමන් තාප්පයක් වත් නෑ වැටක් තියෙන්නේ. කෙලින්ම පේන්නේ සොහොන් ටික .
දන්නා තරමින් කිසිම case එකක් නෑ දොස්තරලා ඕන තරම් ඉන්නවා ඕකේ .
සොහොන් පිටි ගැන නම් බය වෙන්න දෙයක් නෑ ඒවයි හොල්මන් නෑ.
ඔය ගොඩක් සීන් බැලුවාම කොමන් ෆැක්ටර් එක තමයි තන්හාව හෝ වෛරෙන් මැරෙන උන් තමයි ගෙවල් වල පෙරේතයො වෙලා ඉපදිලා ඉන්නේ.
දන්න ගෑණු කෙනෙක් මෑතක ගිහින් තිබුණා එයාගේ දුවගෙයි බඳින්න ඉන්න කොල්ලගෙයි කේන්දර බලවගන්න.
ඒක පැත්තක තියලා අර බලන මිනිහා කියලා මිදුලෙ කෙනෙක් ඉන්නවා ගෙදර දිහා බලාගෙන කියලා.
හානියක් නෑ උදව්වට ඉන්න කෙනෙක්.
වතුරෙ ගිලිලා මැරිච්ච කෙනෙක් කියලා.
කකුලෙ තුවාලයක් ගැනත් හරියටම කියලා.
එයාව යවාගන්න මොනවද විශේෂ විදිහකට දානයක් දෙන්න කියලා.
කියපු විදියට දානෙ දීපු දවසෙ ගේ ඉස්සරහ ගහක අත්තක් කඩාගෙන වැටිලා.
කෙල්ලගෛ තාත්තා මැරිලා තියෙන්නේ සුනාමියට.
ඕකයි කේස් එක උපාදාන පච්චයා භවෝ.
මැරෙන මොහොතේ හිත තණ්හාවෙන් අල්ලගන්න තැන ඉපදෙනවා.