ඔක බන් දැන් ගන්න එකෙ තෙරුමක් නැනෙ
පින් එක අඩුයි එහෙන් කරන්ට් බිල යනව
ලයින් එක ස්ටෙබල් මදි මට නම්
ෆයිබර් ගනින්කො
කොස්ට් එකක් නැ මෙන්ටෙන් ෆ්‍රි ස්පිඩ් හොදයි පින්ග් අඩුයි
ෆොන් ලයින් එකකුත් සෙට් වෙනව නිකන්ම
මම දැන් මාස 3කට වැඩියි Starlink use කරන්න පටන්ගෙන, 9200 Residential lite එක. හැබැයි Starlink mini kit එක නෙමෙයි Standard එක ගත්තෙ.
මට නම් පට්ට Satis, දැන් ෆයිබර් එක තියාගෙන ඉන්නෙ මම Backup connection එක විදියට. මේකෙ ස්පීඩ් එක වැඩියි SLT එකට වඩා, ඩවුන්ලෝඩ් ස්පීඩ් එක. SLT 7000 ගානට තියෙන Unlimited එක 100Mbps, මේක අනිවා 300Mbps වලින් උඩ එනව, 500Mbps කිට්ටුවට යනව ගොඩක් වෙලාවට. අප් එක 40Mbps වගේ. Ping එක 40-50ms වගේ යන්නෙ. අනිත් එක Browsing speed එක වැඩියි. මට Power consumption ගැන නම් අයිඩියා එකක් නෑ, ගෙදර Offgrid එකක් තියන නිසා හිතන්නෙම නෑ ඒක ගැන. මේක මට දැනට තේරුන අවුල් දෙකයි තියෙන්නෙ,
1. Upload එක ඩවුන්ලෝඩ් එකට සාපේක්ෂව අඩුයි. Heavy upload කරන කෙනෙක් නම් පොඩි අවුලක් තේරෙයි.
2. ලොකු වැස්සක් ආවොත්, පොඩ්ඩක් අවුල් යනව. හැබැයි මේක එච්චර හිතන්න දෙයක් නෙමෙයි මම දෙයක් කියන්න නැති කමට පොයින්ට් කරේ, ලොකුම වැස්සක්, ආවොත් පොඩ්ඩක් ස්පීඩ් අඩුවෙලා තත්පර 2-3 වගේ Interruption එනව.
මේ ඇරෙන්න අනිත් ඔක්කොම හොඳයි. මට නම් මේකෙ තියෙන ලොකුම වාසිය කැඩෙන්නෙ නෑ. SLT එකක් කැඩුනොත් හිටපු ගමන් හදන්න දවස් ගනන් යනව. මොනවහරි Underground fault එකක් උනොත්, නැත්නම් අර වගේ Natural disaster එකක් උනොත් මේව ඩවුන් යනව. සර්විස් අන්තිමයි SLTලගෙ. මගේ පුද්ගලික මතය Connection එකේ Reliability එක කියන දේ මුදලට ගන්න බැරි දෙයක්. මේක ලොවෙත් කැඩෙන්නෙ නෑ කියන ෂුවර් එක තියනව. මට ඒක නම් වටිනව මොකක් නැතත්.
මට නම් ගොඩක්ම ගන්න හිතුනේ යුද්දෙ නිසා, ගල් අගුරැ case එක නිසා power cut එක්කුත් එන්න පුලුවන්ලු.. ඔය වගේ දේවල් නිසා
ලංකාව වගේ රටක ජීවත් වෙනව නම් Sustainability කියන එක උපරිමෙන්ම තියෙන්න ඕන. ඔය නිසාම තමයි මම නම් Offgrid එකක් Solar එක්ක ගහල, Induction cooker යූස් කරන්නෙ, EV එකක් තියෙනව, Starlink එකත් ගත්ත. දෙයක් උනාම මේ දේවල් වල වටිනාකම මිල කරන්න බෑ. ලංකාව වගේ රටක එහෙම දෙයක් වෙන්න පුලුවන් Probability එකත් සාමාන්‍ය අගයට වඩා ගොඩක් වැඩියි. සල්ලි තියෙනව නම් කවුරු මොනව කිව්වත් මේව බුද්ධිමත් තීරණ
මේ වෙද්දි මගේ Starlink usage, Unlimited freedom එක නම් උපරිමයි.
------
Post added on Mar 6, 2026 at 1:37 AM