වෛරස් උණට හැදුනු කැස්ස

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,588
    3,454
    113
    වෛරස් උණට හැදුනු කැස්ස මහ පුදුම වදයක් බන්... දැන් මාස දෙකකටත් වැඩී. උ‍ගුරේ සෙම පැටලෙන ගතියක් තියනවා හැමවෙලාවෙම. උගුර පාද පාද ඉන්න ඕන.නාපුවාම, දත් මැද්දහම සඋහෙන වෙලාවක් යනකං කැස්ස එනවා. සමහර වෙලාවට වමනේ යනකං කැස්ස එනවා. දෙපාරක් බෙහත් ගත්තා තවම අඩු නෑ. කූල් එකක් බීවොත් හරි අයිස් එකක් කෑවොත් හරි පහුවදාට සෙම්ගෙඩි එනවා. උඹලටත් මෙහෙමද, කොවිඩ් හැදිලත් මේ වගේ තිබිලා වනමන්දාව තල්සූකිරි පාවට්ටා පැණියට අඩු උනා. ඒකක්වත් හොයාගෙන බලන්න ඕනි
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,472
    4,928
    113
    කැස්සට නං බෙහෙත් ගන්න ඕන

    සෙම් ගෙඩි එන එකට නං උණු වතුර බිවවම හරි යනවා. උණු කරලා නිවපුවා නෙමයි කට පිච්චෙන්නෙ නැතිව බොන්න පුලුවන් උපරිම රස්නෙට බිවුවම හරි
    මටත් අයිස්ක්‍රීම් කෑවම සෙම් ගෙඩි එන සීන් එක තියනවා
    හැබැයි අයිස්ක්‍රීම් කාල කාපු දවසෙයි පහුවෙනිදයි උණු වතුර බොනනවා එතකොට සෙම් ගෙඩි එන්නෙ නැහැ
    කරදරයි තමයි කරන්න වෙන දෙයක් නැහැ

    ඕන නං ඔපරේශන් එකක් කරලා සෙම් ගෙඩි අයින් කරන්න පුලුවන් ඔහොම හේතුවක් නැතිව එනවා නං
    මොනවා කරත් ENT කෙනෙක් චැනල් කරලා බලපන්
    සමහරවිට දිරපු දතක් වගේ infect වෙලාද දන්නෙ නැහැ සෙම් ගෙඩි නිතරම එන්නෙ
     
    • Like
    Reactions: lahirufx+

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,219
    113
    මහවිලච්චිය
    hapo..matath oka 2-3 parakma haduna ban..virus ekakda koheda kassa..hama parakama 2-3 motnhs kassa tibba..doctorgen 2parak behet gatta..phamaciyen wenama kassa paniya bottle 2k biuwa..bonakam adu wenawa..echarai...antimata oni magulak wenna kiyala nanawa ,cool kanawa..normal hitiya..kassa adu wela giya automa 2-3 months giyama..
     
    Moon In The Sky

    Well-known member
  • Jan 23, 2026
    332
    436
    63
    කැස්සට නං බෙහෙත් ගන්න ඕන

    සෙම් ගෙඩි එන එකට නං උණු වතුර බිවවම හරි යනවා. උණු කරලා නිවපුවා නෙමයි කට පිච්චෙන්නෙ නැතිව බොන්න පුලුවන් උපරිම රස්නෙට බිවුවම හරි
    මටත් අයිස්ක්‍රීම් කෑවම සෙම් ගෙඩි එන සීන් එක තියනවා
    හැබැයි අයිස්ක්‍රීම් කාල කාපු දවසෙයි පහුවෙනිදයි උණු වතුර බොනනවා එතකොට සෙම් ගෙඩි එන්නෙ නැහැ
    කරදරයි තමයි කරන්න වෙන දෙයක් නැහැ

    ඕන නං ඔපරේශන් එකක් කරලා සෙම් ගෙඩි අයින් කරන්න පුලුවන් ඔහොම හේතුවක් නැතිව එනවා නං
    මොනවා කරත් ENT කෙනෙක් චැනල් කරලා බලපන්
    සමහරවිට දිරපු දතක් වගේ infect වෙලාද දන්නෙ නැහැ සෙම් ගෙඩි නිතරම එන්නෙ
    ඔව් මට සයිනස් හැදිල හොද වෙන්නෙම නැති නිසා surgery එකට යන්න ඕනෙ කිව්ව. පස්සෙ මගෙ හක්කෙ දතක් රිදි රිදි තිබුල ඒක පෙන්න්නුවම කිව්වෙ ඇතුලෙන් දිරල infect වෙලා කියල, පස්සෙ ඒක ගලවල සතියක් දෙකක් සයිනස් එකත් අඩු වෙලා ගියා. පස්සෙ දතේ කතාව ඩොකාට කිව්වම තමා කිව්වෙ ඔය දිරපු දත් නිසා infect වෙන්න පුලුවන් කියල.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,472
    4,928
    113
    ඔව් මට සයිනස් හැදිල හොද වෙන්නෙම නැති නිසා surgery එකට යන්න ඕනෙ කිව්ව. පස්සෙ මගෙ හක්කෙ දතක් රිදි රිදි තිබුල ඒක පෙන්න්නුවම කිව්වෙ ඇතුලෙන් දිරල infect වෙලා කියල, පස්සෙ ඒක ගලවල සතියක් දෙකක් සයිනස් එකත් අඩු වෙලා ගියා. පස්සෙ දතේ කතාව ඩොකාට කිව්වම තමා කිව්වෙ ඔය දිරපු දත් නිසා infect වෙන්න පුලුවන් කියල.
    ඒක තමයි
    සමහර වෙලාවට පිටින් පේන්නෙත් නැතිව
    ලොකුවට රිදෙන්නෙත් නැතිව infect වෙලා තියෙන්නත් පුලුවන් පේන්නෙ නැති තැනකින් පොඩි සිදුරක් වගේ තිබිලා
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,680
    39,365
    113
    Homagama
    කූල් එකක් බීවොත් හරි අයිස් එකක් කෑවොත් හරි පහුවදාට සෙම්ගෙඩි එනවා.
    පොඩි කාලේ ඉදන්ද ඔහොමද? අම්මා කියලා තියනවාද උගුරෙන් ගොර සද්ද ආවාම පෙන්නන්න ගියා, කන අමාරු වෙලා එක්ක ගියා වගේ වගේ කතා ඒ කාලේ.

    මුනේ බෙල්ලේ ටෙස්ට් බලලා ගැලපෙන ප්‍රතිකාරයක් කරන්න පුලුවන්. නිරන්තර කරදර සෙන්ගෙඩි වලට සර්ජරි ඇතුලු ප්‍රතිකාර තියනවා. විදව විදව ඉන්න එපා බං. වරෙන්.
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    949
    1,576
    93
    London, United Kingdom
    හොඳ antibiotic course එකක් ගනින් කර්පට් වෙලාම යන්න

    හැබැයි antibiotic බොනකොට අනිවාර්යෙන් හරියටම time එකටම බොන්න ඕන

    එතකොට තමයි ඒක හරියට වැඩ කරන්නේ. course එක ඉවර වෙනකන්ම බොන්න

    නිකන් හිතුන හිතුන වෙලාවට බීල හරියන්නේ නෑ. ලෙඩේ අඩුයි කියල මඟින් නවත්තල හරියන්නෙත් නෑ

    Get well soon brother!
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,486
    4,676
    113
    අඩෝ Same here බං.. රෑට තමයි වැඩිවෙන්නෙ, අපා දුකක් බං.. 3 & 5 days antibiotic බිවුවා, කැස්ස පැණි බෝතල් දෙකක් ගැහුවා, දොස්තරලා 3 දෙනෙක්ගෙන් බෙහෙත් ගත්තා, පේර කොල තම්බලා බිවුවා තවම අඩුවක් නෑ බං.. මට හැදුනෙ ඩෙංගු හැදිලා දවස් 10කින් විතර.. ඩෙංගු වලට ප්‍රතිශක්තිය අඩුවෙලාද නැත්තං දැන් හැදෙන කැස්ස හෙම්බිරිසාව අර ඉස්සර හැදුන ඒවා වගේ අහිංසක නැද්ද මන්දා..