අපේ ගෙදර තුන්දෙනාටම වෛරස් උණ හැදුනා. උණ හොද උනත් සෙම ගතිය අඩු නෑ. මම තුන්පාරක් බෙහෙත් ගත්තා. බෙහෙත් බොනකං කැස්ස නෑ. බෙහෙත් ඉවරඋන ගමන් ආපහු කැස්ස. සෙම කැඩිලා යන්නේ නැති වියලි කැස්සක් තියෙන්නේ. එපාම වෙනවා. වැඩක් කරන්න නෑ කැස්ස එනවා. දත් මැද්දහම, නාපුවම එකදිකට කැස්ස එනවා. වනමන්දාව තල්සූකිරි පාවට්ටා පැණිය සීනි නැති එක ගෙනල්ලා බීවා. ඒත් අඩු නෑ. මේ උනේ හැදුනු ගොඩක් අයට මේ වේලිච්චි කැස්ස තියනවා. දැන් කැහැලම බඩත් රිදෙනවා මස්ල්ස් ඇදිලා. උනුවතුර බීපුවම පොඩි සහනයක් තියනවා. වයිෆ්ටයි පුතාටයි දෙන්නට නම් සෙම කැඩිලා යනවා. අලිබෙට්ටෙන් හදන කඩදාසි එක්ක වැඩ කරද්දි තමා ආපහු වැඩි උනේ. ඊට පස්සේ හොටෙල් එකක් බ්‍රෑන්ඩ් කරා. එතනදිත් දූවිලි ගියා. මේ කැස්ස දැන්නම් එපාම වෙලා තියෙන්නේ
පපුවෙ සෙම නරක් වෙලා ඇති වෙන දොස්තර කෙනෙක්ගෙන් බෙහෙත් ගන්ඩ