මීට ටික දවකට කලින් පේශන් කෙනෙක්ගෙ කතාවක් අහල ඇඩුන

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,623
    113
    Gampaha
    වයිෆ් ලංකාවෙ ගවර්න්මන්ට් හොස්පිටල් එකක බබා හම්බෙන්න ගිහිල්ල තියෙන්නෙ. වයිෆ් ඔක්කොම ක්ලීනික් වලටත් ගිහින්, මිඩ් වයිෆ් ගෙ සැසි වලටත් ගිහින්. හොස්පිටල් එකේ ඩොක්ටව ප්‍රයිවට් චැනල් කරලත් පෙන්නල තියෙනව. දින තිබිල තියෙන්නෙ පෙබරවාරි 2. ප්‍රෙශර්, බ්ලඩ් ශුගර් මුකුත් තිබිල නෑ. බබාගෙ බරත් 3.100kg හොද බරක්. ඒත් ඩොක්ට මෙයාගෙ පෙබරවාරි 2 දින තියෙද්දි පෙබරවාරි 9 ඇඩ්මිට් වෙන්න එන්න කියල. පෙබරවාරි 2 ගියාට හොස්පිටල් එකෙන් බාරගෙන නෑ. එතකොට සති 40 හරිලු. හැබැයි පේන්ස් ඇවිත් තිබ්බෙ නෑලු. පෙබරවාරි 1 ස්කෑන් එකේ ඔක්කොම නෝමල් විදියට තිබිල. බබාගෙ හෘද ස්පන්දනයත් අහල. ඒව ඔක්කොම නෝමල් තිබිල.

    අන්තිමට මෙයාගෙ බබා බඩේදිම පෙබරවාරි 8 නැති වෙනව. හරිම ලස්සන අංග සම්පූර්ණ හොඳ බර දුවෙක්. මට ෆොටෝ එක පෙන්නද්දි ඇත්තටම ඇඩුන. මගේ දුව හම්බෙනකොට හිටිය වගේමයි. රෝස පාටට හරි ලස්සනට ඉන්නව. මේකෙ ඊලග කතාව තමා මෙයාගෙ නැති උන දරුවව බඩෙන් අයින් කරන්නෙවත් නෑ ඉස්පිරිතාලෙන්, පුශ් කරල අයින් කරන්න කියනව අම්මට. ඒ අම්මට පුශ් කරනව තියා ජීවත් වෙන්නවත් සිහියක් නෑ. මළ දරුවව බඩේ තියන් තවත් දවස් 3ක් ඉන්න වෙනව. අන්තිමට අම්මට විශබීජයක් ගිහින් අමාරු වෙලා අම්මගෙ ජීවිතේත් අනතුරේ වැටෙනව. ඊට පස්සෙ තමයි සැත්කමකින් දරුවව ගන්නෙ. ඒත් මේ දරුවව දෙමව්පියන්ටවත් දෙන්නෙ නෑ රෝහලෙන්. මරන පරීක්ශන මුකුත් කරන්න කැමති වෙන්නෙත් නෑ. බල කරද්දි කරද්දි කෙනෙක් කීවවලු ඩොක්ටට දින වැරදිලා කියල. ඒත් කවුරුත් ඒක පිලිගන්නෙ නෑ. අම්මගෙ නොසැලකිලිමත්කමින් සිදුවූ මරණයක් විදියට තියෙන්නෙ. හොස්පිටල් එකෙන් අවසන් කටයුතු කරනව කියල එවල. මේ අම්ම දැන් ඩිප්‍රෙශෙන් වලට බෙහෙත් ගන්නව.

    උබල මගෙන් මොන හොස්පිටල්ද කවුද ඩොක්ට අහන්න එපා. අන්තිමට අහක ඉන්න අපි වැරදිකාරයො වෙනව. මන් මේක උබලට කිව්වෙ මේ කතාව සිහියෙ තබාගෙන ජීවිත සැලසුම් කරගන්න කියලයි. නැතුව කාටත්ව යුක්තියක් ඉටුකරන්නවත් කාටවත් පාඩමක් උගන්නන්නවත් නෙමෙයි. මේ සෙල්ලමේ අපිවගේ pawn ලට එහෙම මුකුත් කරන්න බෑ.

    මීට කලින් මගේ ශොප් එකට එහා පැත්තෙ ශොප් එකේ මල්ලිගෙ බබා නැතිවෙනව ඔය හොස්පිටල් එකේම හම්බෙලා දින 3න්. ඒ බබාගෙ හාට් එකේ සද්දෙ වෙනස් කියල කාඩ් එකේ ලියල තියෙද්දිත් ස්කෑන් නොකර ගෙදර එවනව. ගෙදරදි බබා නැති වෙනව.

    සෑම වසරකම උපතේදි දරුවන් මියයනව. ඒකට සංක්‍යාත්මක අගයකුත් අවුරුදුගානක් තිස්සෙ තියෙනව. ඒක නිසා ඒක සාමාන්‍ය දෙයක් වෙනව. ඒත් ඒක අපි උබලට වෙනකොට තමා ඒකෙ බරපතලකම තේරෙන්නෙ.
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,429
    1,653
    113
    TFS..

    Are private hospitals the same..?

    Do you reckon, to be parents therefore must save enough for the delivery at a private hospital..?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,907
    1
    56,921
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අමාරු වුනේ 8 වෙනිදා නම් දොස්තර දුන්න දිනේ හරි

    බබාගෙ දැඟලීම අඩු නම් වහාම රෝහල්ගත වෙන්න ඕන. අම්මගේ වරදක් තියෙනවා වගේ කියපු විස්තරේ අනුව
     
    • Sad
    Reactions: Inigo Montoya

    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    654
    614
    93
    28
    SL
    ඕවා අහනවට වඩා වෙනවා. එක්කනෙක්ගෙ බල්ඩ් ප්‍රෙෂර් වැඩි වෙලා ළමයා නැති වෙලා. ඩොක්ටර් ඊළඟ දවසේ එන්න කියලා. අම්මව දැනුවත් කරලත් නැහැ. ට්‍රේනිං වේසිගෙ පුතෙල් කෙලින්ම ඇවිත් අහලා ඔයාගෙ නේද ළමයා නැති වුණේ කියලා. තව පරක්කු වුණා නං අම්මත් නැති වෙනවා.
     
    • Sad
    Reactions: Inigo Montoya

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,705
    39,403
    113
    Homagama
    කතාවේ පරස් පෙනේ.

    ලමයෙක් බඩේදි නැතිවුනාම IUD උනාම අම්මාට අවම හානිය වෙන්න මුලින්ම සාමාන්‍ය ඩිලිවරියක් විදිහට ගන්න ට්‍රයි කරන්නේ. අතිබහුතරය ඉදිරි පැය කිහිපය තුල ඩිලිවර් වෙනවා. කරලා තියන දේ වැරදි නැත.

    අවසන් වාක්‍යය ගැන. සැම මාතෘ හා ලමා මරණයක් ගැනම පරික්ෂණයක් වෙනවා. මේ ගැන මිනිස්ට්‍රිය කන්සර්න්. ඒ සදහා ප්‍රොසිඩියර් එකක් තියනවා. ඒවා නිකම්ම නිකං අංක කියලා කියන එක ඉතාම වැරදි ප්‍රකාශයක්.

    සිදුව ඇති සිද්ධිය ගැන කණගාටුයි.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,668
    11,679
    113
    lamai hambenawa kiyanne natural deyak. date maru una hospital ekeda nadda adaala naha, kisi prashnayak naththan maha pare unath hambenawa..
    prashnayak thiyana nisai hambela naththe, habai ithin hari monitoring thibba nam samahara wita marenna issella c section karala hari ganna thibba..
    samahara ewun umbilical cord othagannawa, placenta eken badu enne naha oya wage case godak wenna puluwan..

    anik de lankawe doca la okkoma dan AMC, USMLE exam karanawa, job walata apply karanawa rata paninna thama okkogema wage try eka.. enisa ithin wadi attention ekak bala porththu wenna epa..
    habai paninna exam karana nisa issara typical doctors lata wada godak updated..
     
    Last edited:
    • Sad
    Reactions: Inigo Montoya

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,562
    23,135
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මේකෙ ඊලග කතාව තමා මෙයාගෙ නැති උන දරුවව බඩෙන් අයින් කරන්නෙවත් නෑ ඉස්පිරිතාලෙන්, පුශ් කරල අයින් කරන්න කියනව අම්මට.
    මේකෙ වැරැද්දක් පේන්න නෑ මටනම්.
    උබල මගෙන් මොන හොස්පිටල්ද කවුද ඩොක්ට අහන්න එපා. අන්තිමට අහක ඉන්න අපි වැරදිකාරයො වෙනව. මන් මේක උබලට කිව්වෙ මේ කතාව සිහියෙ තබාගෙන ජීවිත සැලසුම් කරගන්න කියලයි. නැතුව කාටත්ව යුක්තියක් ඉටුකරන්නවත් කාටවත් පාඩමක් උගන්නන්නවත් නෙමෙයි. මේ සෙල්ලමේ අපිවගේ pawn ලට එහෙම මුකුත් කරන්න බෑ.
    සිහියෙ තබාගෙන කොහොමද බන් සැලසුම් කරන්නෙ. ඔය ඩොකාවම සෙට් උනොත්. බලෙන් කරන්න කියන්නද. හැමෝටම වැදගත් වෙයි ඩොකාගෙ නම.
     
    • Sad
    Reactions: Inigo Montoya

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,795
    1,477
    113
    ඔය වගේම සිද්ධියක් පාදුක්කෙ කෙනෙකුට වුනා ...

    නිවුන් දරුවො දෙන්නගෙන් එක්කෙනෙක් බඩ ඇතුලෙ මැරිල ... සතියකට පස්සෙ normal delivery එකකින් අනිත් දරුවත් එක්ක ම අරන් පැයකීපයකින් පන ඇතුව ඉපදුණ දරුවත් මැරුණ විෂබීජ නිසා ...අම්ම බේරගත්තෙ අමාරුවෙන් .... දැන් ආය දරුවො නෑලු ..... කාසල් .... දැන් අවුරුදු 8 කට වැඩී ....
     

    planner123

    Well-known member
  • May 22, 2018
    7,805
    13,431
    113
    Me Lankawe ekama eka court case ekaka witharai Doctor weradi kiyala theenduwa aawe.
    Mokada court case ekakadi ohoma wunama adikarana vaidya gen ahanawa. Uuth legal background ekak thiyena docek ithin. Ethanin ehaata galapa ganna.
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,055
    5,545
    113
    badinna lamayi hadanna idea ekak nathi handa mata ona wena ekak na,

    eth anik ayage yahapatha thaka fake ekakin hari menna me doca hari na kiyala danna.
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,596
    113
    වෙදාගෙ නමයි ඉස්පිරිතාලෙයි වහෙන් ඔරෝ හරි කියපන්. එතකොට එතනට නොයා ජීවිත කීපයක් හරි බේරෙයි.

    ඔහොම නෙමෙයි ළමයගෙ බෙල්ල මිරිකල මැරුවත් ලකේ පංකාවෙ වෙදෙක්ට කිසි හානියක් වෙන්නෙ නෑ කොහොම හරි බාහිර හේතුවකට වැරැද්ද පටවල බේරෙනවා.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,158
    53,157
    113
    Colombo
    දැන් ගොඩක් උන් ප්‍රයිවට් හොස්පිටල් වල ගන්නේ . gov නම් කතා කරලා වැඩක් නෑ.සුවරුත් නෑ.
     
    • Like
    Reactions: Cypress