වයිෆ් ලංකාවෙ ගවර්න්මන්ට් හොස්පිටල් එකක බබා හම්බෙන්න ගිහිල්ල තියෙන්නෙ. වයිෆ් ඔක්කොම ක්ලීනික් වලටත් ගිහින්, මිඩ් වයිෆ් ගෙ සැසි වලටත් ගිහින්. හොස්පිටල් එකේ ඩොක්ටව ප්‍රයිවට් චැනල් කරලත් පෙන්නල තියෙනව. දින තිබිල තියෙන්නෙ පෙබරවාරි 2. ප්‍රෙශර්, බ්ලඩ් ශුගර් මුකුත් තිබිල නෑ. බබාගෙ බරත් 3.100kg හොද බරක්. ඒත් ඩොක්ට මෙයාගෙ පෙබරවාරි 2 දින තියෙද්දි පෙබරවාරි 9 ඇඩ්මිට් වෙන්න එන්න කියල. පෙබරවාරි 2 ගියාට හොස්පිටල් එකෙන් බාරගෙන නෑ. එතකොට සති 40 හරිලු. හැබැයි පේන්ස් ඇවිත් තිබ්බෙ නෑලු. පෙබරවාරි 1 ස්කෑන් එකේ ඔක්කොම නෝමල් විදියට තිබිල. බබාගෙ හෘද ස්පන්දනයත් අහල. ඒව ඔක්කොම නෝමල් තිබිල.
අන්තිමට මෙයාගෙ බබා බඩේදිම පෙබරවාරි 8 නැති වෙනව. හරිම ලස්සන අංග සම්පූර්ණ හොඳ බර දුවෙක්. මට ෆොටෝ එක පෙන්නද්දි ඇත්තටම ඇඩුන. මගේ දුව හම්බෙනකොට හිටිය වගේමයි. රෝස පාටට හරි ලස්සනට ඉන්නව. මේකෙ ඊලග කතාව තමා මෙයාගෙ නැති උන දරුවව බඩෙන් අයින් කරන්නෙවත් නෑ ඉස්පිරිතාලෙන්, පුශ් කරල අයින් කරන්න කියනව අම්මට. ඒ අම්මට පුශ් කරනව තියා ජීවත් වෙන්නවත් සිහියක් නෑ. මළ දරුවව බඩේ තියන් තවත් දවස් 3ක් ඉන්න වෙනව. අන්තිමට අම්මට විශබීජයක් ගිහින් අමාරු වෙලා අම්මගෙ ජීවිතේත් අනතුරේ වැටෙනව. ඊට පස්සෙ තමයි සැත්කමකින් දරුවව ගන්නෙ. ඒත් මේ දරුවව දෙමව්පියන්ටවත් දෙන්නෙ නෑ රෝහලෙන්. මරන පරීක්ශන මුකුත් කරන්න කැමති වෙන්නෙත් නෑ. බල කරද්දි කරද්දි කෙනෙක් කීවවලු ඩොක්ටට දින වැරදිලා කියල. ඒත් කවුරුත් ඒක පිලිගන්නෙ නෑ. අම්මගෙ නොසැලකිලිමත්කමින් සිදුවූ මරණයක් විදියට තියෙන්නෙ. හොස්පිටල් එකෙන් අවසන් කටයුතු කරනව කියල එවල. මේ අම්ම දැන් ඩිප්‍රෙශෙන් වලට බෙහෙත් ගන්නව.
උබල මගෙන් මොන හොස්පිටල්ද කවුද ඩොක්ට අහන්න එපා. අන්තිමට අහක ඉන්න අපි වැරදිකාරයො වෙනව. මන් මේක උබලට කිව්වෙ මේ කතාව සිහියෙ තබාගෙන ජීවිත සැලසුම් කරගන්න කියලයි. නැතුව කාටත්ව යුක්තියක් ඉටුකරන්නවත් කාටවත් පාඩමක් උගන්නන්නවත් නෙමෙයි. මේ සෙල්ලමේ අපිවගේ pawn ලට එහෙම මුකුත් කරන්න බෑ.
මීට කලින් මගේ ශොප් එකට එහා පැත්තෙ ශොප් එකේ මල්ලිගෙ බබා නැතිවෙනව ඔය හොස්පිටල් එකේම හම්බෙලා දින 3න්. ඒ බබාගෙ හාට් එකේ සද්දෙ වෙනස් කියල කාඩ් එකේ ලියල තියෙද්දිත් ස්කෑන් නොකර ගෙදර එවනව. ගෙදරදි බබා නැති වෙනව.
සෑම වසරකම උපතේදි දරුවන් මියයනව. ඒකට සංක්‍යාත්මක අගයකුත් අවුරුදුගානක් තිස්සෙ තියෙනව. ඒක නිසා ඒක සාමාන්‍ය දෙයක් වෙනව. ඒත් ඒක අපි උබලට වෙනකොට තමා ඒකෙ බරපතලකම තේරෙන්නෙ.