අපි හැමදාම දැක්කේ ඇමරිකාව, රුසියාව සහ අරාබි රටවල් "තෙල්" වෙනුවෙන් භූ-දේශපාලනික බලගැටුම් හදාගන්න හැටි. හැබැයි මේ තෙල් යුගය සදහටම අවසන් කරලා, ලෝකෙටම "නොමිලේ විදුලිය" දෙන්න පුළුවන් මාරාන්තික තාක්ෂණික පෙරළියක් චීනය විසින් මේ වෙද්දී සාර්ථකව අත්හදා බලලා ඉවරයි කිව්වොත් ඔබ විශ්වාස කරනවාද?
අරාබියේ තෙල් ළිං ඔක්කොම වහලා දාන්න සිද්ධ වෙන, ඩොලර් ට්‍රිලියන ගණනක ලෝක බලතුලනය උඩුයටිකුරු කරන මේ "කෘත්‍රිම ඉර" (Artificial Sun) පිටිපස්සේ තියෙන පුදුම සහගත කරුණු 5ක් මෙන්න
චීනය හදපු මේ යන්ත්‍රයට කියන්නේ EAST (Experimental Advanced Superconducting Tokamak) කියලයි. මේකෙන් කරන්නේ අපේ සැබෑ ඉර ඇතුළේ සිද්ධ වෙන ක්‍රියාවලිය (Nuclear Fusion - න්‍යෂ්ටික විලයනය) පොළොව මත කෘත්‍රිමව සිදු කරන එකයි. පුදුමේ කියන්නේ චීනය මේකෙන් සෙල්සියස් අංශක මිලියන 120 ක උෂ්ණත්වයක් අරගත්තා. ඒ කියන්නේ අපේ සැබෑ ඉරට වඩා මේ කෘත්‍රිම ඉර 10 ගුණයක් රස්නෙයි! මේකෙන් කිසිම විකිරණ අනතුරක් නැතුව, අසීමිතව විදුලිය හදන්න පුළුවන්.
මේ තාක්ෂණය ව්‍යාපාරික මට්ටමට ආපු ගමන්ම ලෝකෙට තවදුරටත් ගල් අඟුරු හරි තෙල් හරි ඕනේ වෙන්නේ නැහැ. ලෝක ආර්ථිකය පාලනය කරපු 'පෙට්‍රො-ඩොලරයට' මේකෙන් එල්ල වෙන්නේ මාරාන්තික පහරක්. මැදපෙරදිග තෙල් රටවල ආර්ථිකය සහ තෙල් මත යැපෙන දැවැන්ත සමාගම් වල කොටස් (Stocks) මේකත් එක්ක සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටෙන්න ලොකු ඉඩක් තියෙනවා.
චීනයට මේ කෘත්‍රිම ඉරෙන් ලොකුම වාසිය තියෙන්නේ විදුලිය විකුණන එකෙන් නෙමෙයි. කර්මාන්තශාලා දුවවන්න යන ලොකුම වියදම වෙන්නේ විදුලි බිල. මේ තාක්ෂණය නිසා චීනයේ කර්මාන්තශාලා වලට විදුලිය නොමිලේම වගේ ලැබුණොත්, ඔවුන්ට පුළුවන් ලෝකේ අනිත් කිසිම රටකට ළං වෙන්න බැරි තරම් අඩු මුදලකට භාණ්ඩ නිපදවන්න! මුළු ලෝකයේම නිෂ්පාදන ඒකාධිකාරය (Manufacturing Monopoly) චීනය අතට පත්වෙනවා.
සෙල්ලම දන්නේ චීනය විතරක් නෙමෙයි. ඇමරිකාවේ වෝල් ස්ට්‍රීට් (Wall Street) බිලියනපතියෝ දැන් මේක තේරුම් අරන් ඉන්නේ. ChatGPT හදපු සෑම් ඇල්ට්මන් (Sam Altman) සහ බිල් ගේට්ස් වගේ අය දැන් ඔවුන්ගේ ඩොලර් බිලියන ගණන් සල්ලි "Helion Energy" වගේ ඇමරිකානු Nuclear Fusion සමාගම් වලට රහසින්ම ආයෝජනය කරමින් ඉන්නවා. අනාගතයේ ලෝකේ ට්‍රිලියනපතියන් (Trillionaires) බිහිවෙන්නේ තෙල් වලින් නෙමෙයි, මේ අසීමිත බලශක්තියෙන්!
උපුටාගැනීමකි...
