මං ඊයෙ කිවුවනෙ මචං මං බොන බෙහෙත් තොගය නිසා මත් වෙලා වගෙ ඉන්නෙ කියල.
අද ලොරියක ගෝලය වගෙ යන්න කථා කරා. මට තියෙන්නෙ බඩු කඩ වලට බාන්න.
හාල් පිටි උර නොවුණට ඉතිං මුට්ට කර ගහනවා කියන එක තමයි ඉතිං.
ලොරිය තියෙන තැනට කිලෝමීටර් 10ක් විතර යන්න ඕන. උදේ බයික් එකේ යද්දී පොලිසියෙන් නැවැත්තුවා.
බෙහෙත් නිසා කථා කරද්දී වචන ගොත ගැහෙනව මත් වෙලා ඉන්නෙ කියල තේරෙනවා.
ඒ මහත්තයා මං ඉන්නෙ කොහෙද යන්නෙ කොහෙද ඇහුවා. තමුසෙ බීලා නේද ඉන්නෙ කියල ඇහුව. මං කිවුව නැහැ බෙහෙත් නිසා කියලා.
මගෙ ළඟ දවල්ට බොන්න තිබ්බ බෙහෙත් පෙති දෙක තුනක් කොලේක ඔතන් ගියෙ ඒකත් පෙන්නුවා.
ඊට පස්සෙ ඒ මහත්තයා කිව්ව. ඉතිං බීපු මිනිහෙක්ගෙයි තමුසෙගෙයි වෙනසක් නැහැනෙ කියල.
ඒ මහත්තයා කිව්ව එක වැරදිත් නැහැ. මත් වෙලා බයික් එකේ යද්දී මටත් අනිත් රියදුරන්ට පදිකයන්ට ත් අනතුරක්.
කොහොම හරි බීලා ගියා කියල දැම්මෙ නැහැ. ඩබල් ඉරි කැපුවා කියලා දඩයක් ගැහුව.
ඊට පස්සෙ කොහොම හරි ලොරියෙ යන්න ගත්තා. යනකොට දේවාලයක් තියෙනව. ඕකට දුර යන බස්, දුර යන ලොරි පිං කැටේට සල්ලි දානවා.
කලිං පාරවල් වලත් මං දානවා. ලොරියෙ ද්‍රයිවර් අයිං කරල රුපියල් 70 කුයි. සිල්ලර වගෙකුයි දුන්නා. සමාන්‍යයෙන් මාත් කීයක් හරි දානව.
මං ඒ ටිකත් අරං මගෙ පර්ස් එකෙනුත් කීයක් හරි දාන්න කියල ඇරලා රුපියල් 100ක් ඇදලා දැම්ම. ටිකක් කළුවර නිසා මං සීය එක්ක නවල තිබුණු රුපියල් 5000කුත් ගියා. කරන්න දෙයක් නැහැ. ඒ වෙලාවෙ දේවාලේ වහල තිබ්බෙ.
ඊට පස්සෙ ද්‍රයිවර් කිවුව කොලේක වැරදිලා රුපියල් 5000ක් වැටුණා කියලා ලියලා දාන්න එද්දී ගමු කියල.
දැං එද්දී දේවාලයට ගියා. ලොකු කපු මහත්තයා හිටියෙ නැ. පොඩි අය වඟයක් හිටියෙ. එයා කිව්වා පිං කැටේ අරින්නෙ ලොකු කපු මහත්තයා කියලා හවසට. ඒක අර බෙලෙක් පිං කැටයක් නෙවේ එළිය සිමෙන්තියෙන් හදලා දේවාලයට බද්ද කරල හදලා තියෙන්නෙ.
ඊට පස්සෙ මං කිවුව මං උදේ කොලෙකුත් දැම්ම කියල. ඊට පස්සෙ පොඩි කපු මහත්තයෙක් ලොකු කපු මහත්තයාට කොල් එකක් අරං මගෙ සිද්ධිය කිවුව.
ලොකු කපු මහත්තයා කියල එහෙම දෙන්න බැහැ කියල. දේවාලෙට රුපියල් 5000 ඒවා මිනිස්සු දානවලු. ඔයා කවුරු හරි දාන එකක් බලං ඉඳලා කොලේ ලියල දැම්මද කියල එයා කොහොමද දන්නෙ කියල කියලා.
ද්‍රයිවරුත් කථා කරා. ඒ අය කියනව පිං කැටේ කඩන්න මිනිස්සු එක එක දේවල් ඉස්සර ඉඳන්ම කරනවලු.
පස්සෙ මං අය කථා කරන්න ගියේ නැහැ. දවසෙ කුලිය රු.3000 අරං ගෙදර ආවා.
දැං දඩ ගෙවන්නත් එපැයි දවස් හතකට කලිං. අද කොත්තු මී 3කූයි. පාන් ගෙඩියකුයි ඉස්සොයි ගල් අරක්කු කාලකුයි අරං එන්න හිතන් හිටියෙ රෑට බෙහෙත් බිවුවාම බඩ ගින්නට කන්න.
මට වෙන්නෙ හිඟන්නාගේ පාත්තරයට හෙනහුරා වැටුණා වගෙ වැඩ.