පෙට්‍රල් ලීටර 4ක් ළඟ තබාගත් සැකකරුට දින 21ක සිර දඬුවමක්

6h057

Well-known member
  • Nov 19, 2024
    2,261
    2,146
    113
    Tokyo, Japan
    නීතිවිරෝධිව පෙට්‍රල් ලීටර 4ක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ චෝදනා ලබා සිටි සැකකරුවකු එකී චෝදනාවට වරදකරු වීමෙන් පසුව නිකවැරටිය මහේස්ත්‍රාත් චන්දන ලියනගේ මහතා විසින් දින 21ක සිර දඬුවමක් නියම කරනු ලැබීය.

    ඊට අමතරව සැකකරුට මුදලින් රුපියල් 1500ක දඩ මුදලක් ද නියම කරන කරනු ලැබීය. මෙම සැකකරුට මෙසේ දඬුවම් නියම කළේ කොබෙයිගනේ පොලීසිය මඟින් පෙට්‍රල් ලීටර 4ක් ද සමඟ අත්අඩංගුවට ගත් මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ සැකකරුට එරෙහිව තිබූ චෝදනාවට ඔහු වරද පිළිගැනීමෙන් අනතුරුවය.

    කොබෙයිගනේ පොලීසිය සැකකරු අධිකරණයට ඉදිරිපත් කළේ 1979 අංක 34 දරන ඛනිජ තෙල් නිෂ්පාදන සැපයුම් විධිමත් කිරීමේ හා පාලනය කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාරවය. මෙසේ දඬුවම් නියම වූයේ කොබෙයිගනේ පදිංචිකරුවකුටය.

    සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින්, කොබෙයිගනේ පොලීසිය කියා සිටියේ, ඉන්ධන ගබඩා කිරීම, තබාගැනීම තහනම් කර ඇති පසුබිමක මෙම සැකකරු පෙට්‍රල් ලීටර 4ක් නීතිරෝධිව සන්තකයේ තබාගෙන සිටියදී අදාළ පෙට්‍රල් ලීටර 4 ද සමඟ අත්අඩංගුවට ගත් බවයි.

    සැකකරු වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නීතිඥ උදයංග අතපත්තු මහතා ප්‍රකාශ කළේ, එළැඹෙන 29 වැනිදා සැකකරුගේ මවුපියන් වෙනුවෙන් නි‍ෙවසේ පැවැත්වීමට සංවිධාන කර තිබූ ජීවදාන පින්කමක් වෙනුවෙන් සැකකරුගේ නි‍ෙවස අවට තණ කොළ කපන යන්ත්‍රයක් යොදා සුද්ද පවිත්‍ර කිරීමේ අරමුණින් මෙම පෙට්‍රල් ලීටර 4 අදාළ තණකොළ යන්ත්‍රයට යෙදීම සඳහා තබාගෙන සිටි බවයි.

    මෙම පෙට්‍රල් ලීටර 4 සැකකරුගේ සන්තකයේ තබා ගත්තේ හුදෙක් විකිණීමේ හෝ ජාවාරම් කිරීමේ අරමුණින් නොවන බවද අවධාරණය කළ නීතිඥවරයා එළැඹෙන 29 වැනිදා සැකකරුගේ නි‍ෙවසේ දානමය පින්කමක් පැවැත්වෙන බවට ප්‍රදේශයේ විහාරාධිපති ස්වාමීන්වහන්සේ විසින් සහතික කරන ලද ලිපියක්ද අධිකරණයට ඉදිරිපත් කළේය. 1979 අංක 34 දරන ඛනිජ තෙල් නිෂ්පාදන සැපයුම් විධිමත් කිරීමේ හා පාලනය කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව පෙට්‍රල්වලින් ධාවනය කරනු ලබන මෝටර් වාහනයක අයිතිකරු ලෙස මෝටර් වාහන පනත යටතේ ලියාපදිංචි වූද ඒ වාහනය වෙනුවෙන් ඒ පනත යටතේ ලියාපදිංචි කරන ලද ලියාපදිංචි කිරීමේ සහතිකය, වලංගු ආදායම් බලපත්‍රය සහ රක්ෂණ සහතිකය දරන්නාවූ යම් තැනැත්තකු පෙට්‍රල් පාරිභෝගිකයකු ලෙස හඳුන්වනු ලබයි. ඒ අනුව ඉහත පනතේ ඇතැම් විධිවිධාන ප්‍රකාරව පෙට්‍රල් සන්තකයේ තබාගැනීමේ අයිතියක් පෙට්‍රල් පාරිභෝගිකයකුට ඇති බවත් කීවේය.

    එහෙත් ඉහත පනතේ විධි විධාන ප්‍රකාරව සන්තකයේ තබාගත හැක්කේ පෙට්‍රල් කුමන ප්‍රමාණයක් ද යන්න නිශ්චිතව සඳහන් කර නැති බවද නීතිඥවරයා පවසා සිටියේය. ඒ අනුව, ඉහත පනතේ විධිවිධාන ප්‍රකාරව, පෙට්‍රල් ලීටර් 4ක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් තම සේවාදායකයාට එරෙහිව කොබෙයිගනේ පොලීසිය නඩු පැවරීම පිළිබඳව නීතිමය ගැටලුකාරි තත්ත්වයක් උද්ගතව ඇති බවද සඳහන් කළේය.

    දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම සැලකිල්ලට ගත් නිකවැරටිය මහේස්ත්‍රාත් චාන්දන ලියනගේ මහතා, සැකකරු ඔහුට විරුද්ධව තිබූ චෝදනාවට වරද පිළිගැනීම සැලකිල්ලට ගෙන ඔහුට දින 21ක සිර දඬුවමක් නියම කර ඊට අමතරව මුදලින් රුපියල් 1500ක දඩ මුදලක් ද නියම කළේය.

    https://www.dinamina.lk/2026/03/27/local/275715/පෙට්රල්-ලීටර-4ක්-ළඟ-තබාගත/
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,618
    2,122
    113
    මේව නම් අමුම කැරි වැඩ.. මේක සමහර විට පවුද්ගලික කේස් පිරිමහන්න ව්‍ර්න්නත් පුළුවන්..

    ඔක්කොටම හපන් විනිසුරු. දින 21 ක්.. 😕
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,038
    7,323
    113
    Kotahena
    මේව නම් අමුම කැරි වැඩ.. මේක සමහර විට පවුද්ගලික කේස් පිරිමහන්න ව්‍ර්න්නත් පුළුවන්..

    ඔක්කොටම හපන් විනිසුරු. දින 21 ක්.. 😕
    පොරව නිදහස් කරොත් හැම එකාම store කරනව ආදර්ශ නඩුවක් වෙයි ඕක බේරෙන්න
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,576
    924
    113
    No Place
    අඩේ මාත් හදිස්සියකට ගන්න 20ක් තියාගෙන ඉන්නේ පොඩි එකෙක් ඉන්නවනේ ඉතින් අහු උනොත් මොකෝ කරන්නේ?
     
    • Sad
    Reactions: Inigo Montoya

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    බලපත්තරයක් ඕන මිලිලීටර් 100ක් උනත් ලග තබා ගන්න. කසිප්පු උනත් පුළුවන් ලීටර් 1ක් ද කොහෙද
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,837
    15,102
    113
    වරද පිළිගත්ත හින්දා මිසක් බේරෙන්න තිබ්බ කියලද කියන්නෙ


    1. පෙට්‍රල්වලින් ධාවනය කරනු ලබන මෝටර් වාහනයක අයිතිකරු ලෙස මෝටර් වාහන පනත යටතේ ලියාපදිංචි වූද

    2. ඒ වාහනය වෙනුවෙන් ඒ පනත යටතේ ලියාපදිංචි කරන ලද ලියාපදිංචි කිරීමේ සහතිකය

    3. වලංගු ආදායම් බලපත්‍රය සහ රක්ෂණ සහතිකය දරන්නාවූ යම් තැනැත්තකු

    පෙට්‍රල් පාරිභෝගිකයකු


    **** එහෙත් ඉහත පනතේ විධි විධාන ප්‍රකාරව සන්තකයේ තබාගත හැක්කේ පෙට්‍රල් කුමන ප්‍රමාණයක් ද යන්න නිශ්චිතව සඳහන් කර නැති බවද *****


    ආතල් රටක් ඕයී 😂

    නීතීඥයට ගෙවාගන්න සල්ලි නැති නිසා අරූ හිරේ ලගින්න කැමති කියන්න ඇති 🤣
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,754
    16,866
    113
    Kottawa
    පොරව නිදහස් කරොත් හැම එකාම store කරනව ආදර්ශ නඩුවක් වෙයි ඕක බේරෙන්න
    එහෙනම් යකෝ ලීටර් ගාන ඩිෆයින් කරල ඉන්න එපැයි නඩු අහන්න කලින්.. යකෝ ලීටර් 4ක් තියන් ඉන්න බැරිද? මොන ලකේ පංකාවකද බං මේක?
     

    PolHora

    Well-known member
  • Apr 18, 2025
    535
    383
    63
    my uncle got arrested for this as well (2022), he said he had a 5l can filled and he was taken in police tuk tuk, he took small screw and puncture the can few places while the tuk was going to police they stopped for couple of minutes... the can was empty when they arrive at the police :lol: even oic laughed and they let him go no charges were filled
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,581
    23,183
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    බලපත්තරයක් ඕන මිලිලීටර් 100ක් උනත් ලග තබා ගන්න. කසිප්පු උනත් පුළුවන් ලීටර් 1ක් ද කොහෙද
    කසිප්පු ලීටරේ පුලුවන්, තෙල් මිලි 100ක්වත් බෑ :lol:
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,837
    15,102
    113
    මේව නම් අමුම කැරි වැඩ.. මේක සමහර විට පවුද්ගලික කේස් පිරිමහන්න ව්‍ර්න්නත් පුළුවන්..

    ඔක්කොටම හපන් විනිසුරු. දින 21 ක්.. 😕


    නීතිඥයගෙ වැරුද්ද බං.

    නඩුවට ගෙවාගන්න සල්ලි බැරි උන්ට වැරුද්ද පිලිගන්න කියනවා, ඉක්මනට ඉවර කරගමු කියලා.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,038
    7,323
    113
    Kotahena
    1. පෙට්‍රල්වලින් ධාවනය කරනු ලබන මෝටර් වාහනයක අයිතිකරු ලෙස මෝටර් වාහන පනත යටතේ ලියාපදිංචි වූද

    2. ඒ වාහනය වෙනුවෙන් ඒ පනත යටතේ ලියාපදිංචි කරන ලද ලියාපදිංචි කිරීමේ සහතිකය

    3. වලංගු ආදායම් බලපත්‍රය සහ රක්ෂණ සහතිකය දරන්නාවූ යම් තැනැත්තකු

    පෙට්‍රල් පාරිභෝගිකයකු


    **** එහෙත් ඉහත පනතේ විධි විධාන ප්‍රකාරව සන්තකයේ තබාගත හැක්කේ පෙට්‍රල් කුමන ප්‍රමාණයක් ද යන්න නිශ්චිතව සඳහන් කර නැති බවද *****


    ආතල් රටක් ඕයී 😂

    නීතීඥයට ගෙවාගන්න සල්ලි නැති නිසා අරූ හිරේ ලගින්න කැමති කියන්න ඇති 🤣
    ඒක තමයි බං අපරාදේ.
     

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,261
    2,146
    113
    Tokyo, Japan
    අඩේ මාත් හදිස්සියකට ගන්න 20ක් තියාගෙන ඉන්නේ පොඩි එකෙක් ඉන්නවනේ ඉතින් අහු උනොත් මොකෝ කරන්නේ?
    ගම වටේ ගෙදර පෙට්‍රල් ලීටර් 20ක් තියෙනවා කියල කියන්නේ නැතුව හිටියනං shape.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,038
    7,323
    113
    Kotahena
    එහෙනම් යකෝ ලීටර් ගාන ඩිෆයින් කරල ඉන්න එපැයි නඩු අහන්න කලින්.. යකෝ ලීටර් 4ක් තියන් ඉන්න බැරිද? මොන ලකේ පංකාවකද බං මේක?
    එකට නීතිය update කරල පාර්ලිමේන්තු වෙ සම්මත කරන්න ඕන නේද