දුෂ්‍යන්ත් වීරමන්ට ‘නෙලුම් විලෙන් පැන’ ගීතය ගායනා කිරීම අධිකරණයෙන් වාරණය කරයි 😲

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,465
    8,622
    113
    Dushyanth_Weeraman.png

    කොළඹ වානිජ මහාධිකරණය විසින් දුෂ්‍යන්ත වීරමන්ට එරෙහිව ‘නෙලුම් විලෙන් පැන’ ගීතය ගායනා කිරීම වාරණය කරමින් වාරණ ආඥාවක් අද (27) නිකුත්කළේය.

    එකී ගීතයේ තනු නිර්මාණය සංගීත සංකලනය සිදුකරන ලද සංගීතඥ රවිහන්ස වැටකේපොත විසින් මෙම නඩුව දුෂ්‍යන්ත වීරමන් යන අයට එරෙහිව ගොනුකර තිබිණි.

    සියලු කරුණු සලකා බැලු වාණිජ මහාධිකරණ විනිසුරු අමාලි රණවීර විසින් මෙම වාරණ නියෝගය දුෂ්‍යන්ත් වීරමන්ට එරෙහිව නිකුත්කරනු ලැබුවාය.

    තවද පැමිණිලිකරුගේ ලිඛිත අවසරයකින් තොරව එකී ගීතය වෙනත් පාර්ශවයන් වෙත ලබාදීමද මහාධිකරණය විසින් වාරණය කරන ලදී.

    පැමිණිලිකරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා සදහන් කර සිටියේ ගීත සම්බන්ධයෙන් පවතින බුද්ධිමය දේපල හිමිකම කිසිදු අයෙකුට උල්ලංඝනය කළ නොහැකි හිමිකමක් වන බවත්, දුෂ්‍යන්ත් වීරමන් විසින් පැමිණිලිකරුගේ අවසරයකින් තොරව, එය සිය ගීතයක් වශයෙන් ගායනා කරමින් සිටින බවත්, ඔහු විසින් පැමිණිලිකරුගේ බුද්ධිමය දේපල හිමිකම උල්ලංඝනය කර ඇති බවත්ය.

    නැවත මෙම නඩුව අප්‍රේල් මස 10 වැනිදා කැදවීමට වානිජ මහාධිකරණය නියෝග කරනු ලැබීය.

    පැමිණිලිකරු වෙනුවෙන් නිතිකා පාර්ට්නර්ස් නීතිඥ සමාගමේ උපදෙස් මත නීතිඥ නුවන් ගොඩගේ සමග නීතිඥ සදුන් සේනාධිපති පෙනීසිටියහ.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,335
    21,971
    113
    රෝහණ වීරසිංහත් ඔහොම උදලු දානව කියල කවුරු හරි එකෙක් මේකෙ කියල තිබ්බ
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,570
    13,296
    113
    🌎
    රෝහණ වීරසිංහත් ඔහොම උදලු දානව කියල කවුරු හරි එකෙක් මේකෙ කියල තිබ්බ
    spotify එකේ පරන සින්දු බාගෙට බාගයක්ම හැබැයි රෝහන ගේ

    අඩෝ උබත් මියුසීශියන් කෙනෙක් නේ. උබගේ ඔරිගිනල්ස් නැද්ද
    ------ Post added on Mar 27, 2026 at 9:17 PM
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,335
    21,971
    113
    spotify එකේ පරන සින්දු බාගෙට බාගයක්ම හැබැයි රෝහන ගේ

    අඩෝ උබත් මියුසීශියන් කෙනෙක් නේ. උබගේ ඔරිගිනල්ස් නැද්ද
    ------ Post added on Mar 27, 2026 at 9:17 PM
    ඇයි බන් නැත්තේ තියෙනවා :love2:
    "හෙට උදේට නැගෙනහිරෙන්, හෙට උදේට නැගෙනහිරෙන්
    දෙන්නම ගෙන්නල දෙන්නම්.." :-D
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,335
    21,971
    113
    Copyright laws kiyanne naraka deyak neme.
    අනිවා. ගායක ගායිකාවෝ සම අයිතිය ඉල්ලලා නාහෙන් අඩනවා දැක්කාම pucen හිනා යනවා
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    එතකොට ඒක කවුරු කියන සින්දුවක්ද.
    තනු නිර්මාණය, සංගීත සංකලනය, සිදුකරන ලද සංගීතඥ රවිහන්ස වැටකේපොත

    අරූ නිකන්ම නිකන් ගායකයා.

    oka habai sing karanna beri karapu reason eka mokakda danne nehene
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,335
    21,971
    113
    තනු නිර්මාණය, සංගීත සංකලනය, සිදුකරන ලද සංගීතඥ රවිහන්ස වැටකේපොත

    අරූ නිකන්ම නිකන් ගායකයා.

    oka habai sing karanna beri karapu reason eka mokakda danne nehene
    2000 මුල් කාලෙ රෝහණ වීරසිංහල ගේමක් ගහල පනතක් සම්මත කරවල තියෙන්නෙ. කැම්රි සමාජේ :lol:
     
    • Like
    Reactions: Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,574
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    තනු නිර්මාණය, සංගීත සංකලනය, සිදුකරන ලද සංගීතඥ රවිහන්ස වැටකේපොත

    අරූ නිකන්ම නිකන් ගායකයා.

    oka habai sing karanna beri karapu reason eka mokakda danne nehene
    දුශ්‍යන්ත් නේද මුල ඉඳන් ගැයුවෙ. ඌ එච්චර දවසක් කිව්වෙ තනුව කොපි කලේ හොරෙන් අරන්ද බන්. මාර සීන් එක.
    දුෂ්‍යන්ත් වීරමන් විසින් පැමිණිලිකරුගේ අවසරයකින් තොරව, එය සිය ගීතයක් වශයෙන් ගායනා කරමින් සිටින බවත්,
     
    • Like
    Reactions: AnuradhaRa

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,335
    21,971
    113
    දුශ්‍යන්ත් නේද මුල ඉඳන් ගැයුවෙ. ඌ එච්චර දවසක් කිව්වෙ තනුව කොපි කලේ හොරෙන් අරන්ද බන්. මාර සීන් එක.
    හරිනම් copyrights ගීපද රචකයාට සහ සංගීත නිර්මාණකරුවාට බෙදිල යන්න ඕන. performing right එක main artist ට යන්න ඕන. දැනට ලංකාවේ නීතියට අනුව performing right එක artist ලැබෙන්නෙ නෑ.
    ඒ නිසා artistsල performing right එක වෙනුවෙන් නීති ප්‍රතිසංස්කරණ ඉල්ලන්න ඕන. හැබැයි උන් කරන්නේ සම අයිතිවාසිකම් ඉල්ලන එක. ඒක නම් ලොවෙත් ලැබෙන්නෙ නෑ
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,574
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    හරිනම් copyrights ගීපද රචකයාට සහ සංගීත නිර්මාණකරුවාට බෙදිල යන්න ඕන. performing right එක main artist ට යන්න ඕන. දැනට ලංකාවේ නීතියට අනුව performing right එක artist ලැබෙන්නෙ නෑ.
    ඒ නිසා artistsල performing right එක වෙනුවෙන් නීති ප්‍රතිසංස්කරණ ඉල්ලන්න ඕන. හැබැයි උන් කරන්නේ සම අයිතිවාසිකම් ඉල්ලන එක. ඒක නම් ලොවෙත් ලැබෙන්නෙ නෑ
    සින්දුව සින්ගර් මිලදී ගත්තනම් ඔය ප්‍රශ්නෙ විසඳෙයි කියල හිතෙන්නෙ. bollywood වල කොහොමද දන්නෙ නෑ.
    ප්‍රොෆිට් එක හරියකට බෙදෙන්නෙ නැති නිසා තුන් දෙනා කඹ ඇඳගන්නො. එක්කො සින්ගර් යුටියුබ්, කෝල් ටියුන්ස් (මේක තමා ලොකුවටම පත්තු උනේ.) වලින් හම්බ කරල සද්ද නැතිව ඉන්නව. ඌ හම්බ කළේ නැතත් අරුන් හිතනව හම්බ කරනව කියල. writer ඔය අතර තුර වෙන එකෙකුටත් අතරිනව සින්දුව. ඊට පස්සෙ ඔක්කොම මරාගන්නව.