මේ නිව්ස් එක බලපන්කො - සිසු ගැටුම දුර දිග ගොස් එක් අයෙක් මරුට.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,855
    99,049
    113
    ගහපු එකත් ප්ලෑන් කරල ගහපු නැති සීන් එකක් පේන්නෙ. යකෝ ඇති ඒ කාලෙ මරාගත්තු ඒවට එකෙක් මැරුන් නැතුව. ස්කෝලෙ වෙච්ච සීරියස්ම වලි කේස් එකකට මතක එකෙක්ගෙ ඉස්සරහ දතක කැල්ලක් කැඩිල ගිය එක. ඒක ඉතින් ඌට ලයිෆ් ටයිම් හිටින සලකුණක්.

    “පහරකෑමට ලක්ව මියගිය තම එකම පුතුගේ වියෝව දරාගත නොහැකිව පුතුගේ දේහය වැළඳගෙන හඬා වැළපෙන මවකගේ දුක් අඳෝනාව මත්තල ප්‍රදේශය සිසාරා යන්නට විය. එහි සිටි සැමගේ දෙනෙත්වලින් කඳුළු බිඳු කඩා හැලෙන්නට විය. පාසල් සිසුන් දෙදෙනකු අතර ගැටුමක් ජිවිතයක් අහිමි කරන්නට තරම් දුර දිග යැයි කිසිවෙක් කිසිවිටකත් නොසිතන්නට ඇත. එහෙත්… ජීවිතයක් අහිමි කරන්නට තරම් සිසු ගැටුම දුර දිග ගොස් තිබුණි. මෙලෙස මියගොස් ඇත්තේ මත්තල පොලිස් වසමෙහි උඩ මත්තල අංක 159/8 යන ස්ථානයෙහි පදිංචිව සිටි හේරත් මුදියන්සේලාගේ නිම්සර දෙනුවන් සෙනුලික නමැති 15 හැවිරිදි පාසල් සිසුවෙකි.
    ඔහු ලුණුගම්වෙහෙර උඩ මත්තල විද්‍යාලයේ 11 වසරෙහි ඉගෙනුම ලැබූ ශිෂ්‍ය නායකයෙකි. පාසලේ විනය විරෝධී ක්‍රියාවක් සිදුකළ සිසුවකුට අවවාද කරන්නට ගිය අවස්ථාවේ ඒ අතරට පැන්න 10 වසරේ ඉගෙනුම ලබන නොහික්මුණු සිසුවකු කලහකාරී ලෙස හැසිරෙමින් නිම්සර සමග පාසල් විවේක කාලයේදී ආරවුලක් ඇතිකර ගත්තේ පසුගිය 23 දාය. එම ආරවුල ගුටිබැට හුවමාරුවකට පෙරලුණි. එහෙත්…. මේ කිසිවක් පාසලේ ගුරුවරු දැන නොසිටි අතර එම ආරවුල පාසලේ ගුරුවරුන්ට හා දෙමාපියන්ට නොකියන ලෙස ආරවුලට මැදිවූ සිසුන් දෙදෙනාම තම මිතුරන්ගෙන් ඉල්ලා සිටියහ. ඒ අනුව එම ආරවුල පිළිබඳව කිසිවෙක් ගුරුවරුන්ට නොපැවැසීය. එහෙත් පාසල නිමවී ගෙදර ගිය නිම්සර එකවරම වමනය දමන්නට විය. ඒ පිළිබඳව නිම්සරගේ අම්මා විමසීමේදී ඔහු පවසා ඇත්තේ පාසලේදී ඇදවැටුණු බවය.
    ඒ අනුව කඩිනමින් නිම්සර ලුණුගම්වෙහෙර ප්‍රාථමික රෝහලට රැගෙන ගියහ. එහිදී බරපතළ තත්ත්වයෙන් පසුවූ නිම්සර හම්බන්තොට දිස්ත්‍රික් රෝහලට මාරු කිරීමෙන් පසු ගාල්ල කරාපිටිය මහ රෝහලට කඩිනමින් යැවීය.
    ඒ වන විටත් පහරකෑමට ලක්වූ නිම්සරගේ මොළයේ අභ්‍යන්තර ලේ වහනය වෙමින් පවතින බව වෛද්‍යවරු පවසා තිබුණි. ඒ අනුව මොළයේ ශල්‍යකර්මයකට ලක්කළ නිම්සර කරාපිටිය මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දින 10ක පමණ කාලයක් ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 03 දා අවසන් හුස්ම හෙලූහ.
    නදීකා ප්‍රියදර්ශනී (43) සහ චාමර සෞම්‍ය බණ්ඩාර යන මාපියන්ගේ එකම දරුවා වූ නිම්සර තම පවුලේ ආදරය පමණක් නොව ගමේ ලොකු කුඩා කාගේත් ආදරය දිනාගත් දරුවෙකි. තම ඇස් දෙක මෙන් රැක බලාගත් නිම්සර උඩ මත්තල විද්‍යාලයට පළමු වසරට ඇතුළත් කළ දවසේ සිට 11 වසරට ඇතුළත්ව මියයන තෙක්ම ඔහු පාසලට පැමිණියේත් ආපසු නිවසට ගියේත් මව සමගය. උපකාරක පන්තියට ගියේත් නැවැත ගෙදරට ආවේත් මව සමගය. ඔහු ඒ තරමටම මවගේ තුරුලේ හැදුණු වැඩුණු දරුවෙකි. ගමේ වැඩිහිටියෙක් ගෙදරට පැමිණියාම පමණක් නොව මඟතොටේදි හමුවුවත් වැඳ ආචාර කිරීමට තරම් ඔහු ආචාරශීලී විය.
    උඩ මත්තල විද්‍යාලයේ විදුහල්පති එස්. ජේ. කේ. නන්දසේන මහතා පවසන්නේ දක්ෂ අවංක විනය ගරුක දරුවෙක් පාසලට අහිමි වූ බවය. පාසලේ දී පැවැත්වෙන විවිධ උත්සවවලදී පැවරෙන වගකීම් මනාව ඉටුකළ දරුවකු බව ඔහු සඳහන් කළාය. නිම්සරගේ දේහය නිවසට ගෙන ආ මොහොතේ සිට අති විශාල පිරිසක් ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණ සිටි අතර ඒ හැම දෙනාගේම දෙනෙතින් කඳුළු බිඳු කඩාහැලිණි.
    ආගමික වතාවත් සිදු කිරීමෙන් පසු මියගිය නිම්සරගේ අවසන් කටයුතු පොදු සුසාන භූමියේදී පෙරේදා (04 දා) සිදු කෙරිණි. නිම්සරගේ මරණය සම්බන්ධයෙන් වගකිවයුතු සිසුවා මත්තල පොලිසිය විසින් යළි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පරිවාස භාරයට පත්කර තිබේ.

    https://www.divaina.lk/provincial-news/71025
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,604
    164,984
    113
    එකමත් එක රටක
    ස්කෝලෙ වෙච්ච සීරියස්ම වලි කේස් එකකට මතක එකෙක්ගෙ ඉස්සරහ දතක කැල්ලක් කැඩිල ගිය එක. ඒක ඉතින් ඌට ලයිෆ් ටයිම් හිටින සලකුණක්.
    H අබේ ගේ මල්ලි කෑවා plastic සර්ජරි එකක් කරන්න වෙන්නම .. මුණක් කියලා එකක් හොයන්න බැරිවෙන්න ගහල තිබ්බ . හැබැයි හිටිය වගේම හැදුව ..
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,906
    11,154
    113
    35
    Spain
    නොහික්මුණු ශිෂ්‍යයන් හුරතල් කරන්න නේ ආණ්ඩුව නීති ගෙනත් තියෙන්නේ, දැන් උන්ට බයේ බලු කුක්කෝ වගේ නැට්ට පුකේ ගහගෙන උන් කරන දේවල් නොදැක්ක වගේ ඉන්න එක තමයි ගුරුවරුත් අනෙත් ශිෂ්‍යයොත් කරන්න ඕන. දැන් මිනී මැරුව කියල මුන් හිරේ යන්නේ නැහැ කොහොමත්. පරිවාසේ අවුරුදු කීපයක් ඉඳීවි එච්චරයි.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,855
    99,049
    113
    H අබේ ගේ මල්ලි කෑවා plastic සර්ජරි එකක් කරන්න වෙන්නම .. මුණක් කියලා එකක් හොයන්න බැරිවෙන්න ගහල තිබ්බ . හැබැයි හිටිය වගේම හැදුව ..
    ගහපු එකා දැන් කොහෙද?
     
    • Like
    Reactions: War Fighter

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,604
    164,984
    113
    එකමත් එක රටක
    ගහපු එකා දැන් කොහෙද?
    ඌ ට අවුලක් තිබ්බේ නෑ ඒ කාලෙත් දන්නා විදියට . ආනන්දේ රගර් ගහපු උස මහත එකෙක් . තව connections තිබ්බ ඌට . යුද්දේ කාලේ වගේ උනේ . කිව්වේ කැරලි මර්ධන උන් පාවිච්චි කරන කරන්ට් අල්ලන අයිට්ම්ස් වලිනුත් ගහල තිබ්බ කියලා.. මුනේ items එහෙට මෙහෙට වෙලා තිබ්බ . සිරසේ ගියා crime වලට . මුණ පෙන්නුවේ sensitive content warning දීල . AC එකෙක් හරියටම දන්නවා ඇති ගහපු පොර ගැන විස්තර දැන් .
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,855
    99,049
    113
    ඌ ට අවුලක් තිබ්බේ නෑ ඒ කාලෙත් දන්නා විදියට . ආනන්දේ රගර් ගහපු උස මහත එකෙක් . තව connections තිබ්බ ඌට . යුද්දේ කාලේ වගේ උනේ . කිව්වේ කැරලි මර්ධන උන් පාවිච්චි කරන කරන්ට් අල්ලන අයිට්ම්ස් වලිනුත් ගහල තිබ්බ කියලා.. මුනේ items එහෙට මෙහෙට වෙලා තිබ්බ . සිරසේ ගියා crime වලට . මුණ පෙන්නුවේ sensitive content warning දීල . AC එකෙක් හරියටම දන්නවා ඇති ගහපු පොර ගැන විස්තර දැන් .
    ඒ කියන්නේ හොදට ප්ලැන් කරලා දීලා තියෙන්නේ නෙ. 😳 මම හිතුවා පොර පරිවාස වත් යන්න ඇති කියල.
     
    • Like
    Reactions: War Fighter

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,604
    164,984
    113
    එකමත් එක රටක
    ඒ කියන්නේ හොදට ප්ලැන් කරලා දීලා තියෙන්නේ නෙ. 😳 මම හිතුවා පොර පරිවාස වත් යන්න ඇති කියල.
    ඒ අයිටම් උන් ලග තිබිල . එහෙම plan කරලම ත් නෙවෙයි බන් . . ඉල්ලන් කාපු එකක් උන්ගේ ඉස්කෝලේ ලගට ගිහින් ගහන්න ගිහින් . ගහන්න පුලුවන් ඇගක් නෑ ඌ ට . 50kg වත් නැතුව ඇති .. ගියපු උන්ගෙන් මූ ව අහුවෙලා හරි මොකක් හරි සීන් එකක් . තනිකරම වැරදි උන් ආශ්‍රය නිසා කාපු පරිප්පුවක් . දැන් නම් ඩොකා .
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,875
    1
    100,311
    113
    33
    Kalutara
    ඒ අයිටම් උන් ලග තිබිල . එහෙම plan කරලම ත් නෙවෙයි බන් . . ඉල්ලන් කාපු එකක් උන්ගේ ඉස්කෝලේ ලගට ගිහින් ගහන්න ගිහින් . ගහන්න පුලුවන් ඇගක් නෑ ඌ ට . 50kg වත් නැතුව ඇති .. ගියපු උන්ගෙන් මූ ව අහුවෙලා හරි මොකක් හරි සීන් එකක් . තනිකරම වැරදි උන් ආශ්‍රය නිසා කාපු පරිප්පුවක් . දැන් නම් ඩොකා .
    ජංගි කේස් ද?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,388
    72,593
    113
    මාලඹේ
    ඒ වගේ උන් ජීවත් වෙන්න දෙන්න හොඳ නෑ. එහෙනං ජීවිත කාලෙම හිර කරලා තියන්න ඕන ගෙදර උන්ගෙන් ඒකට යන වියදම අරන්.
    මොඩ ජෙප්පා🤣
     
    • Like
    Reactions: HKavinda

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,946
    113
    H අබේ ගේ මල්ලි කෑවා plastic සර්ජරි එකක් කරන්න වෙන්නම .. මුණක් කියලා එකක් හොයන්න බැරිවෙන්න ගහල තිබ්බ . හැබැයි හිටිය වගේම හැදුව ..
    අබේ පොන්නයටත් දෙන්න ඕන දවසක ආප්ප මූණ කොත්තුවක් වෙන්න කෙළින පච වලට.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,084
    20,314
    113
    Panadura
    ඒ වගේ උන් ජීවත් වෙන්න දෙන්න හොඳ නෑ. එහෙනං ජීවිත කාලෙම හිර කරලා තියන්න ඕන ගෙදර උන්ගෙන් ඒකට යන වියදම අරන්.
    බාප්පව මරලා පුංචි අම්මාව අයිති කර ගත්තු අනුර පොන්නයටත් එහෙම කරමුත කැරි බල්ලෝ
     
    • Haha
    Reactions: Inigo Montoya

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,013
    6,432
    113
    East Blue (Goa Kingdom)
    . පාසලේ විනය විරෝධී ක්‍රියාවක් සිදුකළ සිසුවකුට අවවාද කරන්නට ගිය අවස්ථාවේ ඒ අතරට පැන්න 10 වසරේ ඉගෙනුම ලබන නොහික්මුණු සිසුවකු කලහකාරී ලෙස හැසිරෙමින් නිම්සර සමග පාසල් විවේක කාලයේදී ආරවුලක් ඇතිකර ගත්තේ පසුගිය 23 දාය. එම ආරවුල ගුටිබැට හුවමාරුවකට පෙරලුණි.
    ශිෂ්‍ය නායක කියන්න ගොබ්බ පල් මෝඩ concept එක නවත්තන්න ඕන මුලින්ම .
    පන්ති නායක වෙනයි ,පන්ති නායක නිකන් uni එකේ බැච් රෙප් වගේ .