ගහපු එකත් ප්ලෑන් කරල ගහපු නැති සීන් එකක් පේන්නෙ. යකෝ ඇති ඒ කාලෙ මරාගත්තු ඒවට එකෙක් මැරුන් නැතුව. ස්කෝලෙ වෙච්ච සීරියස්ම වලි කේස් එකකට මතක එකෙක්ගෙ ඉස්සරහ දතක කැල්ලක් කැඩිල ගිය එක. ඒක ඉතින් ඌට ලයිෆ් ටයිම් හිටින සලකුණක්.
“පහරකෑමට ලක්ව මියගිය තම එකම පුතුගේ වියෝව දරාගත නොහැකිව පුතුගේ දේහය වැළඳගෙන හඬා වැළපෙන මවකගේ දුක් අඳෝනාව මත්තල ප්‍රදේශය සිසාරා යන්නට විය. එහි සිටි සැමගේ දෙනෙත්වලින් කඳුළු බිඳු කඩා හැලෙන්නට විය. පාසල් සිසුන් දෙදෙනකු අතර ගැටුමක් ජිවිතයක් අහිමි කරන්නට තරම් දුර දිග යැයි කිසිවෙක් කිසිවිටකත් නොසිතන්නට ඇත. එහෙත්… ජීවිතයක් අහිමි කරන්නට තරම් සිසු ගැටුම දුර දිග ගොස් තිබුණි. මෙලෙස මියගොස් ඇත්තේ මත්තල පොලිස් වසමෙහි උඩ මත්තල අංක 159/8 යන ස්ථානයෙහි පදිංචිව සිටි හේරත් මුදියන්සේලාගේ නිම්සර දෙනුවන් සෙනුලික නමැති 15 හැවිරිදි පාසල් සිසුවෙකි.
ඔහු ලුණුගම්වෙහෙර උඩ මත්තල විද්‍යාලයේ 11 වසරෙහි ඉගෙනුම ලැබූ ශිෂ්‍ය නායකයෙකි. පාසලේ විනය විරෝධී ක්‍රියාවක් සිදුකළ සිසුවකුට අවවාද කරන්නට ගිය අවස්ථාවේ ඒ අතරට පැන්න 10 වසරේ ඉගෙනුම ලබන නොහික්මුණු සිසුවකු කලහකාරී ලෙස හැසිරෙමින් නිම්සර සමග පාසල් විවේක කාලයේදී ආරවුලක් ඇතිකර ගත්තේ පසුගිය 23 දාය. එම ආරවුල ගුටිබැට හුවමාරුවකට පෙරලුණි. එහෙත්…. මේ කිසිවක් පාසලේ ගුරුවරු දැන නොසිටි අතර එම ආරවුල පාසලේ ගුරුවරුන්ට හා දෙමාපියන්ට නොකියන ලෙස ආරවුලට මැදිවූ සිසුන් දෙදෙනාම තම මිතුරන්ගෙන් ඉල්ලා සිටියහ. ඒ අනුව එම ආරවුල පිළිබඳව කිසිවෙක් ගුරුවරුන්ට නොපැවැසීය. එහෙත් පාසල නිමවී ගෙදර ගිය නිම්සර එකවරම වමනය දමන්නට විය. ඒ පිළිබඳව නිම්සරගේ අම්මා විමසීමේදී ඔහු පවසා ඇත්තේ පාසලේදී ඇදවැටුණු බවය.
ඒ අනුව කඩිනමින් නිම්සර ලුණුගම්වෙහෙර ප්‍රාථමික රෝහලට රැගෙන ගියහ. එහිදී බරපතළ තත්ත්වයෙන් පසුවූ නිම්සර හම්බන්තොට දිස්ත්‍රික් රෝහලට මාරු කිරීමෙන් පසු ගාල්ල කරාපිටිය මහ රෝහලට කඩිනමින් යැවීය.
ඒ වන විටත් පහරකෑමට ලක්වූ නිම්සරගේ මොළයේ අභ්‍යන්තර ලේ වහනය වෙමින් පවතින බව වෛද්‍යවරු පවසා තිබුණි. ඒ අනුව මොළයේ ශල්‍යකර්මයකට ලක්කළ නිම්සර කරාපිටිය මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දින 10ක පමණ කාලයක් ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 03 දා අවසන් හුස්ම හෙලූහ.
නදීකා ප්‍රියදර්ශනී (43) සහ චාමර සෞම්‍ය බණ්ඩාර යන මාපියන්ගේ එකම දරුවා වූ නිම්සර තම පවුලේ ආදරය පමණක් නොව ගමේ ලොකු කුඩා කාගේත් ආදරය දිනාගත් දරුවෙකි. තම ඇස් දෙක මෙන් රැක බලාගත් නිම්සර උඩ මත්තල විද්‍යාලයට පළමු වසරට ඇතුළත් කළ දවසේ සිට 11 වසරට ඇතුළත්ව මියයන තෙක්ම ඔහු පාසලට පැමිණියේත් ආපසු නිවසට ගියේත් මව සමගය. උපකාරක පන්තියට ගියේත් නැවැත ගෙදරට ආවේත් මව සමගය. ඔහු ඒ තරමටම මවගේ තුරුලේ හැදුණු වැඩුණු දරුවෙකි. ගමේ වැඩිහිටියෙක් ගෙදරට පැමිණියාම පමණක් නොව මඟතොටේදි හමුවුවත් වැඳ ආචාර කිරීමට තරම් ඔහු ආචාරශීලී විය.
උඩ මත්තල විද්‍යාලයේ විදුහල්පති එස්. ජේ. කේ. නන්දසේන මහතා පවසන්නේ දක්ෂ අවංක විනය ගරුක දරුවෙක් පාසලට අහිමි වූ බවය. පාසලේ දී පැවැත්වෙන විවිධ උත්සවවලදී පැවරෙන වගකීම් මනාව ඉටුකළ දරුවකු බව ඔහු සඳහන් කළාය. නිම්සරගේ දේහය නිවසට ගෙන ආ මොහොතේ සිට අති විශාල පිරිසක් ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණ සිටි අතර ඒ හැම දෙනාගේම දෙනෙතින් කඳුළු බිඳු කඩාහැලිණි.
ආගමික වතාවත් සිදු කිරීමෙන් පසු මියගිය නිම්සරගේ අවසන් කටයුතු පොදු සුසාන භූමියේදී පෙරේදා (04 දා) සිදු කෙරිණි. නිම්සරගේ මරණය සම්බන්ධයෙන් වගකිවයුතු සිසුවා මත්තල පොලිසිය විසින් යළි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පරිවාස භාරයට පත්කර තිබේ.
https://www.divaina.lk/provincial-news/71025