ගොවියට පෝරත් දීල, වතුරත් දීල, වේලන්න පාරත් දීල, රජයට වී ටික දෙන්න කිව්වම එන්නෙ පයිය නලලෙ තියාගන. ඕකල හිතන් ඉන්නෙ උන්ට හැම දේම නිකං දීල උන් කියන ගනන් වලට වී ගන්නත් ඕන කියල. ඔය කැරි ගොවියො හින්ද තමා ඩඩ්ලියල මිත්‍රපාලයල, ගම්ලත් වගේ උන් ආන්ඩු මට්ටු කරන්නෙ.
ඕක කරන්නේ ආසාවට නෙවෙයි සහෝදරයා, අසරණකමට. මැෂින් එකෙන් අස්වැන්න කපද්දී එකපාර වී මිටි සිය ගණනක් එනවා. පැය කිහිපයකින් වේලගත්තේ නැත්නම් වී ටික රත් වෙලා තැම්බෙනවා. මුළු කන්නයකම මහන්සිය විනාශ වෙන නිසා තමයි ඉක්මනින් වේලගන්න තාර පාරට දාන්නේ.
අද ඉස්සර වගේ වී වේලන්න ලොකු "කමත්" නැහැ. ගොඩක් ගොවියෝ ලඟ විශාල කොන්ක්‍රීට් තලාත් නැහැ. තාර පාර රත් වෙලා තියෙන නිසා වී ටික ඉක්මනට වේලෙනවා. මේක අවුරුද්දේ හැමදාම තියෙන දෙයක් නෙවෙයිනේ, අස්වැන්න කපන දවස් කිහිපයට විතරක් සිද්ධ වෙන දෙයක්.
පාරේ යන අයට අපහසුවක් වෙනවා තමයි, ඒත් බත් ටික දෙන ගොවියාට වී ටික වේලගන්න රජයෙන් නිසි මධ්‍යස්ථානයක් හෝ පහසුකමක් හදලා දීලා නැති එකයි ඇත්තම ප්‍රශ්නය. ගොවියාට බනිනවා වෙනුවට රජයට බල කරන්න විධිමත් ක්‍රමයක් හදලා දෙන්න කියලා. එතකොට කාටවත් පාරේ වී වේලන්න ඕන වෙන්නේ නැහැ.