මුලින්ම කෙල්ලගේ ගෙදර යන ගමනට Advice එකක් ඕනේ මචන්ලා!

Jameson.k

Well-known member
  • May 16, 2025
    960
    1,593
    93
    London, United Kingdom
    මේ general rule of thumbs ටිකක්. පවුල් පසුබිම, ආර්ථික තත්වය මත ගලපා ගන්න,
    හැම එකම හරියන්නේ නැති වෙන්න පුළුවන්, තමුන්ට අනුව ගලපා ගන්න.

    - First Impression එක ඉතාම වැදගත්
    - යනවා කියපු වෙලාවටම යන්න. පරක්කු වෙන්න එපා
    - ලා පාට ලස්සන ඇඳුමක් ඇඳගෙන යන්න, smart අඳින්න. too casual වෙන්න එපා
    - සෙරෙප්පු කෑලි දාන් යන්න එපා මේස් දාලා සපත්තු දාලා යන්න, ඇතුලට යද්දි ගලවල මේස් පිටින් ඉන්න
    - කොන්ඩේ රැවුල නියපොතු ලස්සනට කපල පිරිසිදුව යන්න
    - Bike එක හොඳට හෝදන් යන්න
    - Dress up වෙලා ගියාට අවුලක් නෑ dress down වෙලා යන්න එපා
    - නිතරම වැදගත් විදියට කතා කරන්න/හැසිරෙන්න
    - පම්පෝරි ගහන්න යන්න එපා සරල කතා බහක යෙදෙන්න
    - අනවශ්‍ය විහිළු තහළු කරන්න යන්න එපා
    - හොඳ පෞර්ෂයකින් හැසිරෙන්න, නෝන්ජල් වැඩ කරන්න එපා
    - කෙල්ලගෙන් අහගන්න තාත්තා කැමති මාතෘකා, ඒවා කතා කරන්න
    - එයාල කියන දේට හොඳින් ඇහුම්කන්දෙන්න, මැදින් පනින්න එපා
    - කිසිම දේකට එයාලා එක්ක තර්ක කරන්න යන්න එපා
    - බුද්ධිමත් විදියට කතා කරන්න/හැසිරෙන්න, සැහැල්ලුවෙන් ඉන්න
    - දේශපාලනය/ජාතිවාදය/ආගම්වාදය/කුල ගැන කතා කරන්න එපා
    - තනිකරම හොඳ පුතා සීන් එක රඟපාන්න, හැබැයි over acting කරන්න එපා
    - කෙල්ලගේ අතින් අල්ලන්න, එහෙන් මෙහෙන් අදින්න, ඉඹින්න යන්න එපා
    - කෙල්ලට respectable විදියට කතා කරන්න. "ඕයි", "ඒයි", "තමුසේ", "බන්", "බොලන්" කියන්න එපා
    - දෙමව්පියන්ට දැනෙන්න දෙන්න උඹ හොඳ ස්වාමිපුරුෂයෙක් වෙන්න සුදුසු කෙනෙක් බව
    - එතන ගිහින් පෝන් එක ඔබන්න එපා, කෝල් ගන්න එපා
    - තනියම යන්න, යාළුවෝ එක්කන් යන්න එපා (Important)
    - කෙල්ලගේ අයිය හිටියොත් ඌට පොර ටෝක් දෙන්න යන්න එපා
    - බාල සහෝදරයෝ හිටියොත් උන්ව බයිට් එකට ගන්න එපා
    - උන් ඉන්නවනම් උන්ටත් මොනා හරි අරන් යන්න, පොඩි දෙයක් හරි
    - කෑම මේසෙදී ලස්සනට හැසිරෙන්න, පෙරේතයෙක් වගේ කන්න එපා, කෑම හලන්න එපා, තලු මරන්න එපා
    - තමුන් කාපු පිඟාන අරන් ගිහින් හෝදන්න
    - එයාලා එපා කියයි, ඒත් "නෑ මේක මට පුරුදු වෙලා" කියල හෝදන්න
    - එයාල බලෙන්ම හෝදන්න දුන්නේ නැත්නම් පිඟාන දීලා අත හෝදගන්න
    - තේ බොද්දි "සුරූ...ස්" ගගා සද්ද කර කර බොන්න එපා
    - මාමණ්ඩි බියර් එකක් බොන්න කතා කරත් කාරුණිකව එපා කියන්න, බොහොම ස්තුතියි කියන්න
    - සමහර මාමණ්ඩිලා කැමතියි බෑණා එක්ක බොන්න, ඒවා පස්සේ පුළුවන්, එදාට එපා
    - බොන කෙනෙක් නම් බොන්නේ නෑ කියල බොරු කියන්න එපා
    - ඇහුවොත් විතරක් පාටියකදී චුට්ටක් ගන්නව කියන්න, කරටි කැඩෙන්න ගහන බව කියන්න එපා
    - ඉස්සරහට කරන්න ඉන්න දේවල් ඇහුවොත් හොඳ ප්ලෑන් එකක් කලින් හිතන් ගිහින් කියන්න
    - අම්මා/ආච්චි වංසේ කබල් ගාන්න ආවොත් උඹේ වන්සෙත් ටිකක් කබල් ගාපන්
    - වත්තේ හතර මායිම් බලන්න යන්න එපා, දෑවැදි ගැන අහන්න එපා
    - යනකොට හරි, ආපහු එනකොට හරි, දෙවේලේම හරි අම්මටයි තාත්තටයි දණ ගහල වඳින්න
    - මේක ගම් පළාත, ආගම අනුව ගලපගන්න
    - නුවර පැත්තේ නම් ගේ ඇතුලට යන්නෙත් වැඳගෙන, එද්දිත් වඳිනවා

    කෙල්ලගෙන් අහල අම්මට තාත්තට ගැලපෙන දෙයක් අරන් යන්න.

    මේකේ උන් කියල තිබ්බා තාත්තට ගල් බෝතලයක් අරන් යන්න කියල. ඔය මඟුල් කරන්න යන්න එපා නැන්දම්මා තරහ කරගන්න වැඩක්.

    අවුරුදු ගානක් ලව් කරල, ඔය වගේම ගෙදර ගිහින්, කසාද බැඳලා අවුරුදු 14ක සාර්ථක පවුල් ජීවිතයක අත්දැකීම් ඇසුරෙන් මේ ටික කිව්වේ

    ගිහින් ඇවිත් කියන්න මොකද උනේ කියල

    සුබ මංගලම්! ජය වේවා!
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,007
    4,571
    113
    මුලින්ම ගිය ගමන නන් රෑ වෙලා තමා ගියේ, 12 පහු වෙලා. කුස්සිය පැත්තෙන් කෙල්ලගෙ කාමරේටම. සෑහෙන දේවල් කතා කරගත්තා
     
    • Haha
    Reactions: Jameson.k

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,804
    15,042
    113
    දෙනුන් බලා කිරි ගන්නේ
    මවුන් බලා හිර ගන්නේ..

    හොඳට අම්ම දිහා බලලා වරෙං
    අනාගතේ උඹේ උරුමය ඒකෙම කොපියක් තමයි

    පිරිසිදු කම
    කටහැකර කම
    ස්කන්ධය
    පවුලට අතදාන තරම
    මිනිහට සලකන හැටි

    දැන් කෙල්ල නෙමෙයි කසාදෙන් පස්සේ ඉන්නේ
    ඔන්න කලින්ම කිව්වා 😄
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,434
    124,274
    113
    දෙහිවල

    මේකේ තියෙනවා ඕනකරන හැමදේම. නුල වහපන් 👊 👊 👊

    අම්ම, තාත්තා කියලා කතාකරපන් පුරුදු කෙනෙක් වගේ
    තාත්ත එක්ක පක්ෂ දේශපාලනය කතාකරන්න එපා
    තේ වගේ දුන්නොත් ඔක්කොම බෙදාගන්න එපා. අයිතම දෙකයි. මොකද තුන්වෙනි එක බලෙන්ම කවනවා
    30 නිසා උබ ඉස්සරහට දෙන්නා එක්ක ගහන ගේම සරලව ප්ලැන් කරලා පලයන් ඇහුවොත් කියන්න
    ෂර්ට් එකක්, අත උඩට දෙකක් නවලා, ඔරලෝසුවක් දාපන්. සපත්තු දෙකක් දාපන්

    එහෙනම්, සුබ
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,665
    11,292
    113
    පළවෙනි උපදෙස..

    ආපහු එද්දී ගණන් කරගන්න පුළුවන් තරම් අඩු වචන ගණනක් කතා කරපං.

    දෙවෙනි එක.

    ගියපු වෙලාවේ ඉඳලා හිනාවෙලා ඉඳපන්..

    තුන් වෙනි එක.

    හොඳට දන ගහලා වැඳපන්...

    හතර,

    අඩුවෙන් කාපන්.

    පහ,

    කෙල්ලට විහිළු කරන්න එපා. අල්ලන්න යන්න එපා. කෙල්ල එක්කත් හිනා වෙයන් ගෙදර උන්ට පෙනෙන්න.
    good adices
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,937
    2,956
    113
    හරකා බාන එහෙම තියන විදියට ඇක්ටින් පාරක් දාපම් හොදේ
     
    • Haha
    Reactions: clumsyhulk

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,035
    10,827
    113
    උඹව දැක්ක ගමන් ගෙදර කවුරුත් නැ පස්සෙ එන්න කිව්වුවොත් මොකද කරන්නෙ?
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මචන්ලා, ලොකු උදවුවක් ඕනේ.

    මේ අවුරුද්දේ කෙල්ලගේ ගෙදර මුලින්ම යන්න ඉන්නේ. ඇත්තටම මට මේවා අලුත් අත්දැකීම්. මම තනියෙන් තමයි යන්න හිතාගෙන ඉන්නේ.
    අපි දෙන්නටම දැන් වයස 30ක් විතර වෙනවා (Same age). ගෙදර ඉන්නේ අම්මයි තාත්තයි එයයි.

    1. මුලින්ම යද්දී ගෙනියන්න ඕනේ මොනවද?
    2. එහේදී හැසිරෙන්න ඕනේ කොහොමද? (කතාබහ කරන විදිහ, සලකන්න ඕනේ විදිහ ගැන පොඩි ideas ටිකක් දෙන්න.)
    ඔයාලගේ අත්දැකීම් එක්ක මේ ගැන පොඩි advice එකක් දෙන්න. ලොකු උදවුවක් මචන්ලා. 🙏🙏🙏

    ස්තූතියි!
    ඇයි තනියෙන් යන්නෙ. සිරාවටම කරන එකක් නෙවිද... ගෙදර අය එක්ක යන්න බයයි නේ.😂😂😂 වට කරගෙන ගැහුවොත් කියලා බයද...😂🤣

    මචන්ලා, ලොකු උදවුවක් ඕනේ.

    මේ අවුරුද්දේ කෙල්ලගේ ගෙදර මුලින්ම යන්න ඉන්නේ. ඇත්තටම මට මේවා අලුත් අත්දැකීම්. මම තනියෙන් තමයි යන්න හිතාගෙන ඉන්නේ.
    අපි දෙන්නටම දැන් වයස 30ක් විතර වෙනවා (Same age). ගෙදර ඉන්නේ අම්මයි තාත්තයි එයයි.

    1. මුලින්ම යද්දී ගෙනියන්න ඕනේ මොනවද?
    2. එහේදී හැසිරෙන්න ඕනේ කොහොමද? (කතාබහ කරන විදිහ, සලකන්න ඕනේ විදිහ ගැන පොඩි ideas ටිකක් දෙන්න.)
    ඔයාලගේ අත්දැකීම් එක්ක මේ ගැන පොඩි advice එකක් දෙන්න. ලොකු උදවුවක් මචන්ලා. 🙏🙏🙏

    ස්තූතියි!
    කවද ව්තරද යන්න ඉන්නෙ...
    කෙල්ලගෙ ගෙවල් මොන පලාතෙද...
    (වී තියෙන පලාත් වලට හාල් අරන් යනව සමහරු)...
    කෙල්ල ඉගෙන ගන්නවද, ජොබ් කරනවද වගෙ විස්තර ටිකක් දෙන්න....
    ------ Post added on Apr 22, 2026 at 4:16 PM
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    වී තියෙන පලාත් වලට හාල් අරන් යනව සමහරු 😃😃😃
    ඔව් බං. මුහුදු පැත්තෙ ඉන්න එවුන් බලන්න පිට පලාත් වලින් කරවල මාළු අරන් එන වාහෙලා ඉන්නවා.🤣🤣
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    බොරුද මම කිව්වෙ. කෙල්ලගෙ පවුලෙ අය කුඹුරු කරනවා. කොල්ල කෙල්ල බලන්න හාල් කිලෝ 5ක් අරන් එනවා.🤣🤣 යන්න කලින් බලන්න ඕන එයාලගෙ පරිසරය, වගේම මොන වගේ දේවල් එක්ක ගැටෙන අයද කියලා.
     
    wpril5

    Well-known member
  • Jul 27, 2024
    469
    589
    93
    දෙනුන් බලා කිරි ගන්නේ
    මවුන් බලා හිර ගන්නේ..

    හොඳට අම්ම දිහා බලලා වරෙං
    අනාගතේ උඹේ උරුමය ඒකෙම කොපියක් තමයි

    පිරිසිදු කම
    කටහැකර කම
    ස්කන්ධය
    පවුලට අතදාන තරම
    මිනිහට සලකන හැටි

    දැන් කෙල්ල නෙමෙයි කසාදෙන් පස්සේ ඉන්නේ
    ඔන්න කලින්ම කිව්වා 😄
    මේක සම්පර්ණයෙන්ම ඇත්ත... 🤣🤣