මෝටර් සයිකලයක් දිහා බැලුවාම නම් ඒකේ හංගන්න ලොකු රහස් තියෙනවා කියලා පේන්නේ නෑ. Engine එක, Frame එක, රෝද ඔක්කොම එළියේ තියෙන්නේ. හැබැයි මේ හැම මෝටර් සයිකලයකම එක සමාන පුංචි දෙයක් තියෙනවා. ඔයා මේ දේ සිය දහස් වතාවක් දැකලා ඇති, පාවිච්චි කරලත් ඇති. හැබැයි කවදාවත් ඒ ගැන ප්‍රශ්න කරලා නැතුව ඇති. ඒ තමයි මෝටර් සයිකලේ Kickstand එක! 

Brand එක මොකක් වුණත්, Design එක මොකක් වුණත් ඉන්දියන් හොඳයි, ජපන් හොඳයි කියලා ෆේස්බුක් එකේ මරාගත්තත් මේ හැම බයික් එකකම Kickstand එක හැමතිස්සෙම තියෙන්නේ වම් පැත්තේ. මේක නිකන්ම නිකන් අහම්බයක් වෙන්න බෑ නේද? ඔව්, මේක අහම්බයක් නෙවෙයි. මේ පුංචි යකඩ කෑල්ල වම් පැත්තට එන්න හේතුවුන කවුරුවත් වැඩිය හිතපු නැති, ඒත් අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕන අපූරු සිදුවීම ගැන අපි බලමු.

මෝටර් සයිකල් වලට වම් පැත්තේ Kickstand එකක් එන්න ප්‍රධානම හේතුවක් විදිහට ඉතිහාසය දක්වන්න පුළුවන්. මේ කතාව පටන් ගන්නේ මෝටර් සයිකල් හොයාගන්නත් අවුරුදු සිය ගාණකට කලින්. ඒ කාලේ මිනිස්සු ගමන් බිමන් ගියේ අශ්වයෝ පිටේ. ඒ කාලේ හිටපු රණශූරයෝ සහ සොල්දාදුවෝ තමන්ගේ කඩුව පැළඳගෙන හිටියේ ඉණේ වම් පැත්තෙ. එහෙම කළේ දකුණු අතින් කඩුව ලේසියෙන්ම ඇදලා ගන්න පුළුවන් නිසා.

ඉණේ වම් පැත්තෙ ලොකු කඩුවක් එල්ලගෙන දකුණු පැත්තෙන් අශ්වයගේ පිටට නගින්න ගියොත් කඩුව අශ්වයාගේ ඇඟේ වදිනවා. ඒ නිසා හැමෝම පුරුදු වුණේ වම් පැත්තෙන් අශ්වයා පිටට නගින්න. කාලයත් එක්ක මේක ලෝකෙම සම්මතයක් වුණා. පස්සේ කාලෙක බයිසිකල් සහ මෝටර් සයිකල් ලෝකෙට එද්දිත්, මිනිස්සු අශ්වයා පිටට නැග්ගා වගේම වම් පැත්තෙන්ම මේවාට නගින්න පුරුදු වුණා. නිෂ්පාදකයින් උනත් මිනිස්සුන්ගේ මේ ස්වභාවික පුරුද්ද වෙනස් කරන්න ගියේ නෑ. ඒ වෙනුවට එයාලා ඒ පුරුද්දට ගැලපෙන්න මෝටර් සයිකල් නිර්මාණය කළා.
Kickstand එක වම් පැත්තේ තියෙන්න තවත් ලොකු හේතුවක් තමයි මිනිස්සුන්ගේ ශරීරයේ ස්වභාවය. ලෝකේ ඉන්න බහුතරයක් මිනිස්සු දකුණත්කාරයෝ. ඒ කියන්නේ එයාලගේ ඇඟේ දකුණු පැත්ත වඩාත් ශක්තිමත් වගේම සමබරයි.

ඔයා මෝටර් සයිකලයකට නගින විදිහ මතක් කරගන්න. අපි වම් පැත්තෙන් ඇවිත්, වම් කකුල පොළොවේ හයියට තියාගෙන (Anchor point එකක් විදිහට), දකුණු කකුල තමයි මෝටර් සයිකලේ Seat එක උඩින් අනිත් පැත්තට දාන්නේ. මේ ලොකු චලනය කරන්න අපේ දකුණු කකුලට හොඳ ශක්තියක් තියෙනවා.
දැන් හිතන්න Kickstand එක දකුණු පැත්තේ තිබුණා කියලා. එහෙනම් බයික් එක ඇලවෙලා තියෙන්නේ දකුණු පැත්තට. ඔයා වම් පැත්තෙන් නගින්න ගියොත් බයික් එක ඔයාගෙන් ඈතට බර වෙලයි තියෙන්නේ. එතකොට නගින ගමන් බයික් එක ඔයාගේ පැත්තට ඇදලා ගන්න වෙනවා. මේක ගොඩක් අනතුරුදායකයි වගේම, බර වැඩි බයික් එකක් නම් පෙරළෙන්නත් පුළුවන්. හැබැයි Kickstand එක වම් පැත්තේ තියෙද්දී බයික් එක ඔයාගේ පැත්තට ඇලවෙලා තියෙන නිසා ලේසියෙන්ම, බයක් නැතුව බයික් එකට නගින්න පුළුවන්. ඒ වගේම බැලන්ස් එක නැති වුණොත් ආයෙත් පාලනය අරගන්නත් ලේසියි.

මෝටර් සයිකලයක පාලනය සහ ආරක්ෂාව සම්බන්ධයෙනුත් මේ Kickstand එකේ පිහිටීම ගොඩක් වැදගත්. මෝටර් සයිකලයක පිටිපස්සේ රෝදයේ බ්‍රේක් එක පාලනය කරන්නේ දකුණු කකුලෙන්.

හිතන්න ඔයා බයික් එක නවත්වන්න යනවා කියලා. බයික් එක සම්පූර්ණයෙන්ම නවතිනකන් ඔයාගේ දකුණු කකුල තියෙන්නේ Rear brake පෙඩල් එක උඩ. බයික් එක නැවැත්තුවාට පස්සේ, දකුණු කකුලෙන් බ්‍රේක් එක අල්ලගෙනම, වම් කකුලෙන් ලේසියෙන්ම Kickstand එක පල්ලෙහාට දාන්න පුළුවන්.
හදිස්සියේවත් Kickstand එක දකුණු පැත්තේ තිබුණා නම් මොකද වෙන්නේ? බයික් එක නවත්වනකොටම Kickstand එක දාන්න නම් ඔයාට දකුණු කකුල බ්‍රේක් එකෙන් ගන්න වෙනවා. කන්දක, පල්ලමක වගේ නවත්වද්දී බ්‍රේක් එක අතෑරියොත් බයික් එක ඉස්සරහට හරි පිටිපස්සට හරි යන්න පුළුවන්. ඒකෙන් ලොකු අනතුරක් වෙන්න ඉඩ තියෙනවා.
ඒ වගේම තවත් වැදගත් අලුත් කාරණාවක් තමයි, Gear shifter එක තියෙන්නෙත් වම් පැත්තේ වීම. ඒ නිසා බයික් එක නවත්වලා, Neutral කරලා වම් කකුල බිමට තියලා Stand එක දාන එක හරිම පහසු සහ ආරක්ෂිත ක්‍රියාවලියක්.

ඉංජිනේරුමය පැත්තෙන් බැලුවොත්, මෝටර් සයිකලයක දකුණු පැත්ත කියන්නේ ගොඩක් කාර්යබහුල, Components ගොඩක් තියෙන පැත්තක්.

ගොඩක් මෝටර් සයිකල් වල Exhaust system (සයිලන්සරය) යන්නේ දකුණු පැත්තෙන්. ඒ වගේම Drivetrain එකේ සමහර කොටස්, අර කලින් කිව්ව Rear brake පද්ධතිය ඔක්කොම තියෙන්නේ දකුණු පැත්තේ. මේ Exhaust එක කියන්නේ මහා රස්නයක් පිටවෙන කෑල්ලක්. මේ ඔක්කොම අස්සේ දකුණු පැත්තට Kickstand එකක් දැම්මොත් ඒක ක්‍රියාත්මක කරන්න ගිහින් කකුල පිච්චෙන්න පුළුවන්. ඒ වගේම ඉංජිනේරුවන්ට මේ ඔක්කොම එකම පැත්තක හිර කරන්න ගියාම Design එක සංකීර්ණ වෙනවා.
හැබැයි වම් පැත්ත ගත්තොත් ඒ පැත්තේ ලොකු නිදහස් ඉඩක් තියෙනවා. Kickstand එකකට වම් පැත්ත පාවිච්චි කරන එක Design එක පැත්තෙන් ගොඩක් පිළිවෙලයි, ඒ වගේම ප්‍රායෝගිකයි. ඉංජිනේරුවෝ හැමතිස්සෙම බලන්නේ අනවශ්‍ය ප්‍රශ්න අඩුම විදිහට නිර්මාණ කරන්න.

ඊළඟ හේතුව තමයි පාරේ ආරක්ෂාව සහ ට්‍රැෆික් නීති. මෙන්න මේ කාරණාව ගොඩක් අය දන්නේ නැති, ඒත් ගොඩක් වැදගත් තොරතුරක්. මෝටර් සයිකල් වල මූලික සම්මතයන් ගොඩක් හැදුණේ බ්‍රිතාන්‍යයේ ඉංජිනේරු බලපෑමත් එක්ක. ලංකාව, බ්‍රිතාන්‍යය වගේ රටවල් වල වාහන ධාවනය කරන්නේ පාරේ වම් පැත්තෙන්.

ඔයා පාර අයිනේ බයික් එකක් නවත්වනවා කියලා හිතන්න. පාරේ වම් පැත්තෙන් නවත්වලා, වම් පැත්තට බයික් එක ඇල කරලා බහිද්දී ඔයා කෙලින්ම බහින්නේ පේමන්ට් එකට. ඒ කියන්නේ ආරක්ෂිත කලාපයට.
හැබැයි Kickstand එක දකුණු පැත්තේ තිබුණා නම්, ඔයාට බහින්න වෙන්නේ පාර මැදට. ඒ කියන්නේ වේගයෙන් එන වාහන වලට ඔයා හැප්පෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩියි. මේ නිසා පාරේ ආරක්ෂාව පැත්තෙනුත් වම් පැත්තේ Stand එකක් තියෙන එක මාරම වාසියක්. (දකුණු පැත්තෙන් ධාවනය කරන ඇමරිකාව වගේ රටවල් වල වුණත්, Exhaust එක තියෙන පැත්තෙන් බහින්නේ නැතුව වම් පැත්තෙන් බහින එක දැන් පුරුද්දක් වෙලා තියෙනවා).

මේ ඔක්කොම කාරණා එකතු වුණාම වම් පැත්තේ Kickstand එක කියන්නේ අතිසාර්ථක නිර්මාණයක් කියලා ඔප්පු වුණා. යම්කිසි Design එකක් ගොඩක් සාර්ථක වුණාම මුළු ලෝකයම ඒක Standard එකක් (සම්මතයක්) විදිහට පිළිගන්නවා.

හිතන්නකෝ එක එක Brand වල මෝටර් සයිකල් වල Kickstand එක එක එක පැති වල තිබුණා කියලා. එහෙනම් මිනිස්සුන්ට බයික් මාරු කරද්දී ලොකු අවුලක් වෙනවා. එක බයික් එකකින් බැහැලා තව බයික් එකකට නගිද්දී කකුල පැටලිලා බයික් එක පෙරළෙන්න පුළුවන්.
ඒ වගේම අලුතින් බයික් පදින්න පුරුදු වෙන කෙනෙකුට උගන්වන්නත් ලේසියි මුළු ලෝකෙම එකම ක්‍රමයක් තියෙද්දී. අපේ ඇඟේ Muscle memory හැදෙන්නේ එකම දේ නැවත නැවත කරද්දී. ඉතින් ලෝකෙම එකම විදිහට Kickstand එක දාද්දී කිසිම ගැටලුවක් නැතුව ඕනෑම බයික් එකක් පදින්න අපිට පුළුවන් වෙලා තියෙනවා.

දැන් ඔයාට තේරෙනවා ඇති මෝටර් සයිකලයක වම් පැත්තේ තියෙන Kickstand එක කියන්නේ නිකන්ම නිකන් යකඩ කෑල්ලක් නෙවෙයි කියලා. අතීතයේ අශ්වයෝ පැදපු පුරුද්දේ ඉඳන්, අපේ ශරීරයේ සමබරතාවය, ඉංජිනේරු තාක්ෂණය, පාරේ ආරක්ෂාව සහ ලෝක සම්මතයන් කියන මේ හැමදේම එකතු වෙලා තමයි මේ පුංචි Design එක මේ තරම් සාර්ථක වෙලා තියෙන්නේ.
දකුණු පැත්තට Kickstand එකක් දැම්මා කියලා ඒක වැඩ කරන්නේ නැති වෙන්නේ නෑ. හැබැයි ඒකෙන් එන පොඩි පොඩි අපහසුතා සහ අවදානම් එකතු වුණාම ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ නිසා, මුළු ලෝකයම මේ "වම් පැත්තේ" නීතිය ආදරයෙන් වැළඳගෙන තියෙනවා.
මීට පස්සේ ඔයා මෝටර් සයිකලයකට නගිද්දී හරි, බහිද්දි හරි අනිවාර්යයෙන්ම මේ කතාව ඔයාට මතක් වෙයි.