ඩො.මි. 2.5 සිද්ධියේ වැඩ තහනමට ලක්වූ 4 දෙනාගෙන් එක් නිලධාරියෙකු සියදිවි නසා ගනී
April 30, 2026 04:36 pmමුදල් අමාත්‍යාංශය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගතවූ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි නිලධාරීන් සිව් දෙනාගෙන් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ රංග නිශාන්ත මහතා සියදිවි හානි කරගෙන තිබේ.
ඔහු කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ පිටුපස කොටසේදී තියුණු ආයුධයකින් සිය බල නහරය කපා ගෙන සියදිවි හානි කරගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.
අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොහු ඇතුළු නිලධාරීන් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට පසුගියදා මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබුණි.
මේ අතර අවස්ථා දෙකකදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ මෙම නිලධාරියාට පෙනී සිටින ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම්දී ඇති බව සඳහන් වෙයි.
කෙසේවෙතත් එම අවස්ථා දෙකේදීම මොහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනීසිට නොමැත.
රංග නිශාන්ත මහතා කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයෙකු ද වනවා.
- https://sinhala.adaderana.lk/news/224887
Last edited:
