කිරි මේදය ඉවත් කරපු බාල නිෂ්පාදන හඳුනා ගන්නේ කොහොමද.??
ප්ලාස්ටික් ඇසුරුම්වල දාපු "මුදවපු කිරි" "කිරි අතුරුපස" වගේ ආහාර නිෂ්පාදන කිහිපයක්ම වෙළෙඳපොළේ තිබෙනවා. මේවායින් "මුදවපු කිරි" (Curd) කියන ආහාරය 1989 ආහාර ප්රමිති නියෝගවලින් ආවරණය කෙරෙනවා. එහි සඳහන් ප්රතිපාදනවලට අනුව මුදවපු කිරි වර්ග දෙවර්ගයක් තියෙනවා.
* මුදවපු කිරි - එළකිරි, මීකිරි හෝ ඒ දෙකේ මිශ්‍රණයකින් කිරි මුහුන් ලෙස ක්ෂ්ද්ර ජීවීන් භාවිත කර පැසීමේ ක්රියාවලියෙන් නිෂ්පාදනය කරන කිරි.
* ඉහත පරිදි මී කිරි මගින් නිපදවනු ලබන "මුදවපු මීකිරි".
මෙවැනි නිෂ්පාදනයක ලේබලය මත "මුදවපු කිරි " කියල සඳහන් කරල තියෙනවානම් ඉහත ප්රමිති නියෝගවලට අනුව එහි ක්ෂීර මේදය 5% කට වඩා අඩු වෙන්න බෑ.
* මුදවපු මී කිරිනම් මේද ප්රතිශතය 7.5% කට අඩු වෙන්න බෑ.
***ලේබලයේ එහෙම ගහල තිබ්බට ඇත්ත නිෂ්පාදනයේ ඒ ගාණට ෆැට් එක තියෙනවාද.. ?
මෙන්න මෙතැන තමයි ප්රශ්නේ තියෙන්නේ. කිරි වලින් විවිධ ආහාර වර්ග හදනවානේ. බටර්, චීස්, ගිතෙල් වගේ ඉහළ මිලකට අළෙවි කෙරෙන නිෂ්පාදනවලට කිරි ෆැට් එක ඕන වෙනවා. සමහර නිෂ්පාදකයින් කිරිවලින් ක්ෂීර මේදය වෙනත් නිෂ්පාදන සඳහා ඉවත් කරන බව අප්රකට කාරණාවක්. එහෙම ෆැට් එක ඉවත් කරපු කිරිවලිනුත් "මුදවපු කිරි හදන්න පුලුවන්. මොකද කිරි කැටි ගැසීමේ ක්රියාවලියට අවශ්‍ය වන්නේ කිරිවල තියෙන ලැක්ටෝස් කියන සීනි වර්ගයයි, ප්රෝටීනයි නිසා.
ෆැට් ඉවත් කරපු හෝ යම් ප්රතිශතයක් ඉවත් කරපු කිරිවලින් "මුදවපු කිරි නිෂ්පාදනය කරල අර ප්රමිති නියෝගවල කියල තියෙන ෆැට් ප්රමාණයආවරණය වෙන විදියේ ප්රකාශයක් ලේබලයේ ගහල කෙනෙකුට බාල කරපු "මුදවපු කිරි නිෂ්පාදනය කරන්නත් පුලුවන් .
** මේ මගඩිය හඳුනා ගන්නේ කොහොමද.. ?
හරි ලේසියි. ඔබ හොඳ මීකිරි හරි මුදවපු කිරි කාලා තියෙනවානම් කිරි කාපු කප් එකෙයි, හැන්දෙයි කට ඇතුළෙයි සාමාන්‍ය ඇල්වතුරෙන් සේදුවාට ඉවත් වෙන්නේ නැති ගාණට තෙල් බැදිල තියෙනවා සහ කිරි නිෂ්පාදනය මතු පිට ෆැට් ලේයර් එකක් බැඳිල තියෙනවා දැක ගන්න පුලුවන් . කිරිවලින් ෆැට් එක අයින් කරල වෙන වෙන ජාති කවළම් කරපු මුදවපු කිරි වල ඒ ලක්ෂණ දකින්නට ලැබෙන්නේ නෑ. කෑමට ගන්නකොට ක්රීම් ගතිය දිවට කටට දැනේන්නේ නෑ.
තියරියක් විදියට යම් කිරි නිෂ්පාදනයක මේද ප්රතිශතය 2- 5 %කට වඩා වැඩියිනම් අනිවාර්යයෙන් ඉහත භෞතික ලක්ෂණ දැක ගන්න පුලුවන් . ඒ කියන්නේ ප්ලාස්ටික් ඇසුරුමේ , කිරි කප් එකේ, හැන්ඳේ ඇලිලා තියෙන ගණ තෙල් තට්ටුව සබන් දාලා සේදුවොත් මිස, ඇල් වතුරෙන් නෙවෙයි උණු වතුරෙන්වත් සේදුවට යවනවා බොරු.
#nutritiontips #food #FoodSafety #viralpost #follower #ConsumerRights #ConsumerAwareness