වාහන ගන්න බැරි උන්ගෙ බයිලා පැත්තකින් තියපන්කො. මෙතන ඇත්ත ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමා මුන්ගෙ sales වලට සාපෙක්ශව spares එහෙම එලියට එන්නෙ නෑ. ඉස්සරනම් ඕක ලංකාව වගේ පොඩි රටවල් නිසා දැනෙන දෙයක් වගේ පෙනුනට ඔසී වගේ උන්ටත් පට්ට කාලයක් ඉන්න වෙලාලු කෑලි ගන්න. ඉතින් ලංකාව වගේ ලොකු accident rate එකක් තියෙන රටක සහ ගන්න වාහනේ ලෙල්ලටම පදින්න පුරුදු වෙච්ච රටකට ඔය සීන් එක පට්ට ප්‍රශ්නයක්. කෑලි source කරන්න ගියාම ඇඬෙයි කට්ටියට තව කාලයක් ගියාම.
තව දෙයක් තමා chinese වාහන වල පට්ට ඉක්මනට technology update වෙනවා. එහෙම උනාම අද ගන්න වාහනේ තව අවුරුදු 2කින් විතර outdated වෙන්න පුලුවන්. එහෙම උනාම parts හොයන්න තවත් අමාරුයි.
සමහර උන් කොච්චර ටොක්ස් දුන්නට කෝටි 2ට වාහනයක් අරන් අවුරුදු 5කින් විසිකරන්න තරම් ලෙවල් එකට ලංකාවෙ උන්ගෙ financial power එක ඇවිල්ලා නෑ.
BYD කියන්නෙ පට්ට සුපිරි වාහනයක් තමා පලවෙනි repair එක සෙට් වෙනකන්.
මාත් ලඟදි වෙනකන් ඊලඟ ගන්න වාහන sealion6 කියලා තමා හිතන් හිටියෙ, හැබැයි දැන්නම් ඒක වෙන එකක් නෑ කියලා හිතෙනවා. එකම හේතුව තමා ඔය service/spares අවුල.
හොදම උදා දෙක චෙරි QQ සහ ටාටා නැනොඋඹලට තාම ප්‍රශ්නෙ තේරෙන්නෙ නෑ. මුංගෙ පාර්ට්ස් නෑ බන් මාර්කට් එකේ. පට්ට බැක්ලොග් එකක් තියෙනවා. අනිත් ප්‍රශ්නෙ තමා මුංගෙ ටෙක්නොලොජි ඉක්මනට අවුට්ඩේටෙඩ් වෙනවා. ඉතින් අද ගන්න එක තව අවුරුදු 2 3කින් විතර පරන මොඩල් එකක් උනාම මුන් ඒවල කෑලි දිගටම හදයිද? නැත්තන් backward compatibility තියාගෙන අලුත් ඒවා හදයිද කියලා ප්‍රශ්නයක් තියෙනවා.
උඹට අද උනත් අවුරුදු 20 30 පරන ටොයෝටා/හොන්ඩා කෑලි තාම මාර්කට් එකේ හොයන්න පුලුවන්නෙ නේ. මුන්ගෙ ලඟදි ආපු වාහනවල කෑලි යකො develop රටවල් වලවත් හොයාගන්න බෑ.
දෙකම චාටර් වාහන උනාට කිසිම අවුලක් නැතිව ගන්න සෙට් එකකුත් ඉන්නවා...
අනිත් හොදම උදාහරණය මයික්‍රෝ පැන්ඩා. ආපුගමන් වැලපුනා මේකට පාර්ට්ස් නෑ කියලා.
දැන් කොම්පැනියේ පාර්ට්ස් නෑ. අවුරුදු 5කට වැඩියි හැබැයි ඒ වාහනේ ගන්න මිනිස්සු පාර්ට්ස් වලට වදවෙන්නේ නෑ.
වාහන වැඩි වෙනකොට පාට්ස් මාකට් එක හැදෙනවා.
එළියේ පාර්ට්ස් එනවා.
වාහන මස් කරලා පාර්ට්ස් එනවා.
OEM පාර්ස් එනවා.
ඩුප්ලිකේට් පාට්ස් එනවා.
වෙන්න ඕනා දේ එක මොඩල් එකකින් වාහන 2000ක් වත් ලංකාවට එන්න ඕනා. නැති නම් වැඩේ කේස් වෙනවා
එතකොට ප්‍රශ්නේ විසදෙනවා. . BYD රෙපයාර් එකක් මට තාම සෙට් වෙලා නැති නිසා 100% කියන බෑ නමුත් චීන වාහන බොහොමයක් පාර්ට්ස් වෙන වාහන එක්ක ගැලපෙනවා. ඒ ගැලපෙන පාර්ට්ස් එක හොයාගන්නක්ල් තමා ප්‍රශ්නේ වෙන්නේ
ඊට පස්සේ අපේ උන් හොයාගන්න වා ගැලපෙන පාර්ට් එක මොකද්ද කියලා.
මෙතන ප්‍රශ්නේ වෙන්නේ ඉලෙක්ට්‍රොනික් ලෙඩ . ඒවාට නම් අපේ කට්ටිය වීක්. ප්රෝග්‍රමින් තිබ්බොත් කොහොමත් කේස්
හයිබ්‍රිඩ් වල ඉලෙක්ට්‍රොනික් හදන්න ගියහම කොර වෙන අපේ බාස් ලා කොහොමත් ෆුල් ඉලෙට්‍රික් වෙනකොට කොහොමත් කොර අල්ට්‍රා ප්‍රෝ මැක්ස් වෙනවා.
Last edited:


