ලංකාවේ මීළඟ ලොකුම ස්කෑම් එක.. ?

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,302
    9,790
    113
    සල්ලි තියෙනවනම් කරන්න මරු බිස්නස් ඵක ඕක..අපේ පැත්තේ prime lands ලා හදපු apartment building ඵකේ ගෙවල් ඔක්කොම ටික විකිණිලා ඉවරයි හදන්නත් කලින්..40M උඩ ඔක්කෙම ගෙවල්..


    ලංකාවෙ අපාර්ට්මන්ට් ගන්න එපා කොම්පැනියත් එක්ක ගේම ඉල්ලන්න රෙඩි නැත්තං!
     

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    268
    956
    93
    මුන් කරපු කිසිම project එකක් නෑ කලින් හොයලා බලන්නවත්. මුන් අල්ලන්නේ අඩු කුලේ audience ඉන්න youtube channels ටිකමයි. 7 Star කියලා පකක් නෑ, ලෝකේ උපරිම දෙන්නේ 5 star විතරයි. මේක නිකන් කන්ද උඩ ගහපු housing scheme එකක් වගේ මෙලෝ රහක් නෑ ඒ මදිවට.

    ඒ ඔක්කොම අමතක කරපන්කෝ. ඔය කියන returns දෙන්න තරම් මිනිස්සු ඕකට එන්නේ නෑ ලොවෙත් මොකද ඔතන වටේටම තියෙනවා ඔයිට වඩා පට්ට සුපිරි experienced hotel chains වල ඒවාටවත් ඔච්චර bookings එන්නේ නෑ මුන්ගේ housing scheme එකට එයිද? මටනම් පේන්නේ මූ තව අවුරුද්දකින් දෙකකින් හොයන්නත් බැරිවෙනවා.
     
    • Like
    Reactions: SK29 and akmaadj

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,277
    2,180
    113
    Tokyo, Japan
    තරු හතේ හෝටල්
    Seven-star hotels are not officially recognized classifications but are used to describe extremely luxurious hotels that offer exceptional services and amenities beyond the typical five-star experience. These hotels often feature unique locations, extravagant designs, and personalized services like 24/7 butlers and private pools.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,973
    6,882
    113
    Nawala
    මම මේක යූටියුබ් එකේ වීඩියෝ එකක් දැකලා බලන්න ගත්තේ...
    මුල් ටික බලද්දි අනේ මරු වැඩක් නෙ කියලා හිතුනා. ඒත් ටිකක් බලාගෙන යද්දි මේක පට්ටම ගේමක් නෙ කියලා හිතුනා.

    තව යාලුවෙක්ටත් පෙන්නලා කතා කලාම යාලුවා කියනවා එහෙම කියන්න බෑ නේ. මේක ලංකාව ගොඩ දාන්න කරන වැඩක්නේ .. වැරදි හොයන්න එපා කියලා.

    ඒත් වැඩේ ගැන තිබ්බ සැකේටම මම තව යූටියුබ් වීඩියෝස් ටිකක් බැලුවා. මට දැන් නන් සෑහෙන ශුවර් මේක පට්ටම ගේමක්..

    මට සෙට් උන පොයින්ට්ස් ටිකක් කියාගෙන යන්නන්. මම බිස්නස් ගැන එහෙම දන්න කෙනෙක් නෙමෙයි. ඒත් කෙනෙක් බයිලා ගහද්දි ටිකක් තේරෙනවා ගොනා හැරෙන්නෙ පොල් පැලේ කන්න කියලා.

    ඔයාලත් මේ පොයින්ට්ස් එක්ක එකඟ වෙනවද කියලා කියන්න.. මම ඔයාලටත් ස්ටඩි කරන්න ඕනෙනන් මේ ගැන එයාලගෙම වීඩියෝස් ටිකක් දාන්න. දවසක මේක ස්කෑම් එකක් කියලා එලියට ආවොත් නිකන් ශර්ලොක් හෝල්ම්ස් වගේ ෆීලින් එකක් එයි ඔයාලටත්..

    AVIYANA CASE STUDY !

    View attachment 265506


    1. අවුරුදු හතරක පහක ඉඳන් වීඩියෝස් තියෙනවා අපි ලබන අවුරුද්දෙ ඕපන් කරනවා කියලා කියන. ඒ දවස් ලං වේගෙන එද්දි කල් යන හේතු මුකුත් නැතුව තව වෙනස් වීඩියෝ එකක් දානව තව ඉස්සරහ දවසක් කියල.
    • මාස හයකට කලින් වීඩියෝ එකක කියනවා මැයි මාසෙ ජනතාව අතට පත් වෙනවා කියලා. ඒත් එහෙම කිසිම පාටක් නැහැ. තාම හරියට ඉවර කරපු කොටසක් දකින්න නැහැ.

    2. එක ප්‍රශ්නයක් අහනකොට සෑහෙන වටයක් ගෙනිහින් වෙනම උත්තරයක් දෙනවා. ලෝකෙ වෙන කොහෙවත් මෙහෙම එකක් නැහැ. තරු හතේ හෝටලයක්. ලබන අවුරුද්දටත් මේකෙ බුකින්ග්ස් දාල ඉවරයි වගේ . (මේක කිවුවෙ ගිය අවුරුද්දෙ වීඩියෝ එකක. - ඒත් බුකින් දාන්න කිසිම සයිට් එකක් නැහැ )


    3.
    එක අපාර්ට්මන්ට් එකක් හදල ඉවර වෙන්නත් කලින් වගේ වාහන 30කට වඩා අරන් ඉවරයි. අවුරුද්දක විතර කාලයක් තිස්සෙ එක රූම් එකක්වත් නැතුව වාහන 30ක් නිකන් තියෙනවා. හැම කෙනෙක්ම වගේ දන්නවා වාහන කියන්නෙ කාලයත් එක්ක වටිනාකමෙන් අඩු වෙන දෙයක් කියලා. විශේෂයෙන් අලුතෙන්ම ගෙන්වන 2025 - 2026 වගේ මොඩල්. 2027 අලුත් මොඩල් එකක් එද්දි මේව වල වටිනාකම බහිනවා.


    ඉතින් කිසිම ප්‍රයෝජනයක් නැතුව වාහන් තිකහ් හතලිහක් අරන් තියන්න කිසිම උවමනාවක් නැහැ. බලන්න එන මිනිස්සුන්ට නැති දෙයක් මවාපාන්න වගේ හොඳයි.

    4. මොන යූටියුබ් චැනල් එකේ වීඩියෝ එකක් උනත් කතා කරලා අන්තිමට නතර වෙන්නෙ තව ටික දෙනෙකුට අවස්ථාව තියෙනවා, ඔයාලටත් ඉන්වෙස්ට් කරන්න පුළුවන් කියල. මේක අවුරුදු ගානක් තිස්සෙ ඉඳන්ම කියනවා.


    View attachment 265505

    5. කෝටි ගනන් මිනිස්සුන්ට ඉන්වෙස්ට් කරන්න කියන ප්‍රොජෙක්ට් එකේ පෲෆ් කියල කියන්න හරියට කිසි දෙයක් නැහැ. එහෙන් මෙහෙන් දාපු වීඩියෝස් විතරයි. එකකවත් 7 ස්ටාර්ස් ලුක් එකක් ලඟින් යන්නවත් පෙනුමක් නැහැ. හරියට ජා ඇළ ගුරුගේ නේචර් පාර්ක් එක වගේ, ඒකනන් මිනිස්සුන්ට ටිකට් එකක් අරන් ගිහින් බලන්න හදපු තැනක්. මේක ලෝකේ ඉන්න ලොකුම සල්ලිකාරයොන්ට එන්න හදන තැනක් ලු.


    මටනන් මේකෙ තනිකරම රෙඩ් ෆ්ලැග්ස් විතරයි පේන්නෙ. 🔴🔴
    වැඩේ කියන්නේ සනත් ජයසූරිය brand ambassador , youtube influencers සෑහෙන දෙනෙක් එකතු වෙලා මේක් ප්‍රමෝට් කරනවා.

    ඔයාලට මොකද හිතෙන්නෙ? :confused2:


    HARI TV VIDEO

    2026 ලෝකයට විවෘත වන ඔබටත් කොටස් මිලදී ගැනීමට හැකි තරු 7ට වඩා පහසුකම් ඇති ලොව අනර්ගතම හෝටල් සංකීර්ණය

    39K views 3 months ago
    ------ Post added on May 6, 2026 at 2:51 AM
    මේ තියෙන්නේ ඔය ලබ්බ ගැන දැනගත්ත ගමන් මම දාපු comment එකක් :P
    LINK
     
    • Like
    Reactions: lcrstudio

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,356
    1,310
    113
    Malabe
    මම ඔතනට ගියා 2023, එතකොටත් චැල්ට්ස් බර ගාණක් හදලා ඉවරයි. හොටෙල් ස්කූල් එකක්, මිනි හයිඩ්‍රො එකක් වගේ දේවල් හදලා. ස්කෑම් එකකට බිලියන 2,3 ක් වියදම් කරලා පාරක් හදන්න තරම් ලංකාවේ පිස්සු නැතුව ඇති. 2017 ඉඳන් යන ප්‍රොජෙක් එකක්. ඉන්වෙස්ටර්ස්ලා හොයන්න ගත්තේ 2022 න් පස්සේ.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,639
    3,345
    113
    Bandarawela
    ඕක අමුතුවෙන් කියන්න ඕනද බන්. ඔහොම return දෙන්න පුළුවන්නම් ධම්මිකල 1% ට loan අරගෙන කෝටි හාර පන්සීයක් දාල මේ වෙද්දී invest එක triple වත් කරන තියෙන්න ඕනනේ.

    මම ඔතනට ගියා 2023, එතකොටත් චැල්ට්ස් බර ගාණක් හදලා ඉවරයි. හොටෙල් ස්කූල් එකක්, මිනි හයිඩ්‍රො එකක් වගේ දේවල් හදලා. ස්කෑම් එකකට බිලියන 2,3 ක් වියදම් කරලා පාරක් හදන්න තරම් ලංකාවේ පිස්සු නැතුව ඇති. 2017 ඉඳන් යන ප්‍රොජෙක් එකක්. ඉන්වෙස්ටර්ස්ලා හොයන්න ගත්තේ 2022 න් පස්සේ.
    එහෙම proofs හදන්නේ නැතුව කෝටි ගණන් invest හොයාගන්න බෑනේ. තව අවරුදු 10ක් වත් හොදට ගරලා investors ලට තරු 7 පෙන්නයි.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,234
    7,515
    113
    Kotahena
    අපායෙ තරු වෙන්න ඇති.

    බලපන් බල්ලො බත් කන්නෙ නෑ ඔය හදන ලබ්බෙ කැත දැක්කම. කිසිම ප්ලෑන් එකක් තියෙන බවක් පේන්නත් නෑ. ලැයිම් වගේ. 🤮
    Lapa Kotage bus stand වගේ නේද ponsiyo
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,665
    9,712
    113
    ඕක බොරුවක් තමයි යකෝ .. අදද දන්නේ .
    ලෝකේ කොහෙවත් තරු හතේ හෝටල් කියලා දෙයක් නෑ
    අඩේ අපිට Hotel course එකෙනුත් ඉගැන්නුවානෙ 7 star කියල එකක් ගැන
     
    • Like
    Reactions: lcrstudio

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    මුන් කරපු කිසිම project එකක් නෑ කලින් හොයලා බලන්නවත්. මුන් අල්ලන්නේ අඩු කුලේ audience ඉන්න youtube channels ටිකමයි. 7 Star කියලා පකක් නෑ, ලෝකේ උපරිම දෙන්නේ 5 star විතරයි. මේක නිකන් කන්ද උඩ ගහපු housing scheme එකක් වගේ මෙලෝ රහක් නෑ ඒ මදිවට.

    ඒ ඔක්කොම අමතක කරපන්කෝ. ඔය කියන returns දෙන්න තරම් මිනිස්සු ඕකට එන්නේ නෑ ලොවෙත් මොකද ඔතන වටේටම තියෙනවා ඔයිට වඩා පට්ට සුපිරි experienced hotel chains වල ඒවාටවත් ඔච්චර bookings එන්නේ නෑ මුන්ගේ housing scheme එකට එයිද? මටනම් පේන්නේ මූ තව අවුරුද්දකින් දෙකකින් හොයන්නත් බැරිවෙනවා.

    මටත් ඒකමයි හිතෙන්නෙ. වාහන 30ක් විතර අරන් තව වාහන එකසිය ගානක් ඕනෙලු.

    වාහන 30 සල්ලි වලිනුත් hotel එක ඉවර කරන්න ඉස්සරහට ගෙනියන්න පුළුවන් නෙ.

    Private Jet එකකුත් ගන්න ඕනෙ කියනව එක video එකක.

    මාර අහුවිල්ලක්නෙ මිනිස්සුත් අහු වෙන්නෙ.