මම පාඨලීගේ නීතීඥ්ඥයා නම් මම අහන ප්‍රශ්ණ.
1. ඇක්සිඩන්ට් එක වෙච්ච තැන ඉදන් පාඨලීගේ වාහනේ අල්ල ගන්න කොච්චර දුරක් ගියාද? ඒ ගියපු වේගේ කොච්චරද? විනාඩි කීයකින් පාඨලීගේ වාහනේට ඉස්සර කරන්න පුළුවන් උනාද?
2. ඔය ඇක්සිඩන්ට් එක වෙච්ච පාරේ කොච්චර ට්‍රැෆික් එකක් තිබ්බාද?
3. ඔය ඇක්සිඩන්ට් එක වෙච්ච පාරේ කොච්චර දුරක් යනකං හරි කෙලින් ඉද්ද ගැහුවා වගේ පේනවාද?
4. දුමක් දැකලා එතෙන්ට ආපු වෙලාවේ ඉදං සංදීප්ව දැකලා, සංදීප්ව එතෙන්ට ආපු වෙන වාහනේක දාලා ඉස්පිරිතාලෙට යවලා ඉවර වෙන කොට කොච්චර වෙලාවක් ගත වෙලා තිබ්බාද?
5. දුමක් දැකලා එතෙන්ට ඇවිල්ලා, සංදීප්ව දැකලා, සංදීප්ව එතෙන්ට ආපු වෙන වාහනේක දාලා ඉස්පිරිතාලෙටත් යවලා ඉවර උනාම වටේ ඉන්න උන් "ඇක්සිඩන්ට් එක කලේ අර වාහනේ" කියලා අත ඩික් කරලා පෙන්නන්න කොට ඔය කියන පාඨලීගේ වාහනේ සහ ඔබ අතර දුර ප්‍රමාණේ කොච්චරද?
මට නම් පේන විදියට පළවෙනි සාක්ෂියටම බඩ යන්න දෙන්න පුළුවන් හොද ලෝයර් කෙනෙක්ට.