නොමිලේ රත්තරන් සහ ගෑස් සිලින්ඩර්: තමිල්නාඩු මැතිවරණයේදී විජෙයි දුන් සුවිශේෂී පොරොන්දු 14ක්..☺️👌

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,460
    16,176
    113

    විජෙයි දුන් සුවිශේෂී මැතිවරණ පොරොන්දු මොනවා ද?​

    ජාත්‍යන්තර කාන්තා දින සැමරුමක් අතර වාරයේදී කාන්තාවන් පිරිසක් සමග සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටින විජෙයි

    විජෙයිගේ මැතිවරණ පොරොන්දු අතර කාන්තාවන් වෙනුවෙන් ලබා දී ඇති සුවිශේෂී පොරොන්දු රාශියක් ඇත

    1. තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන කාන්තාවන්, දරුවන් සහ වැඩිහිටියන්ගේ ආරක්ෂාව සඳහා කැපවූ දෙපාර්තමේන්තුවක් පිහිටුවීම.

    2. මාතෘ මූලික පවුල් සඳහා (වයස අවුරුදු 60 දක්වා) රුපියල් 2,500ක මාසික ආධාරයක් ලබා දීම. මෙම ආධාර මුදල රජයේ සේවකයින් සිටින පවුල් වෙත හිමි නොවේ.

    3. සෑම පවුලකට ම වසරකට LP ගෑස් සිලින්ඩර 06ක් නොමිලේ ලබා දීම.

    4. විවාහ දිවියට එළඹෙන සෑම තරුණියක් සඳහා ම රත්තරන් ග්‍රෑම් අටක් සහ සිල්ක් සාරියක් ලබා දීම.

    5. ළමුන් පාසල් හැරයාම වැළැක්වීම සඳහා මාතෘ මූලික පවුල් සඳහා වාර්ෂිකව රුපියල් 15,000ක මූල්‍ය ආධාරයක් ලබාදීම (1-12 වසර දක්වා ළමුන් සඳහා)

    6. තමිල්නාඩුව පුරා කාන්තාවන් සඳහා නොමිලේ බස් සේවාවක් හඳුන්වාදීම.

    7. කාන්තාවන්ට එරෙහි අපරාධ අවම කිරීම උදෙසා විශේෂ ඒකක ස්ථාපනය කිරීම.

    8. කාන්තාවන්ට එරෙහි අපරාධ විමර්ශනය කිරීම සඳහා වෙන්වූ අධිකරණ පිහිටුවීම.

    9. තමිල්නාඩු ප්‍රාන්තය තුළ අලුත උපන් සෑම බිළිඳෙකු සඳහා ම රන් මුද්දක් සහ ළදරු භාණ්ඩ කට්ටලයක් ලබාදීම.

    10. දැඩි නීති, ප්‍රජා පොලිස් කටයුතු සහ පාසල් සහ විශ්වවිද්‍යාලවල මත්ද්‍රව්‍ය විරෝධී සංසද පිහිටුවීම තුළින් තමිල්නාඩුව මත්ද්‍රව්‍යවලින් තොර ප්‍රාන්තයක් බවට පරිවර්තනය කිරීම.

    11. රුපියල් ලක්ෂ 20ක් දක්වා ඇප රහිත ණය (12 ශ්‍රේණියෙන් පසු ආචාර්ය උපාධිය දක්වා)

    12. රැකියා විරහිත පුද්ගලයින් සඳහා මාසික ආධාර ලබා දීම: මාසිකව උපාධිධාරීන් සඳහා රුපියල් 4,000ක් සහ ඩිප්ලෝමාධාරීන් සඳහා රුපියල් 2,500ක්.

    13. ව්‍යවසායකත්ව යෝජනා ක්‍රමය: රුපියල් ලක්ෂ 25ක් දක්වා ඇප රහිත ණය ලබාදීම.

    14. තමිල්නාඩු ප්‍රාන්තයේ පොලිස් නිලධාරීන් සඳහා රු. 18,200 සිට රු. 25,000 දක්වා වැටුප් වැඩිවීමක්.

    https://www.bbc.com/sinhala/articles/c2e2r1km0deo

    xqjxyp2.jpeg
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,561
    22,679
    113
    අම්බකිස්ස
    උන් යන්නේ අපේ සිස්ටම් එකේ පස්සට, රනිල් 2000 මුල්කාලේනේ ඔය රත්තරං බ්‍රේස්ලට් දෙනවා කිව්වේ, ඊට පස්සේ 2010 කාලේ තමයි අපේ නලුවෝ ඉල්ලුවේ, හැම චන්දෙටම නලුවෙක් ඉන්නවා, අන්තිමට 2015 සිරා ඉල්ලනකොට බොඩි ඩබල් එකක් ඉල්ලන්න දැම්මේ. මුන් 3ම කලා මේපාර
     
    • Love
    • Haha
    Reactions: lilman and shenat

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,864
    11,056
    113
    35
    Spain
    උන් යන්නේ අපේ සිස්ටම් එකේ පස්සට, රනිල් 2000 මුල්කාලේනේ ඔය රත්තරං බ්‍රේස්ලට් දෙනවා කිව්වේ, ඊට පස්සේ 2010 කාලේ තමයි අපේ නලුවෝ ඉල්ලුවේ, හැම චන්දෙටම නලුවෙක් ඉන්නවා, අන්තිමට 2015 සිරා ඉල්ලනකොට බොඩි ඩබල් එකක් ඉල්ලන්න දැම්මේ. මුන් 3ම කලා මේපාර
    රනිල් රත්රන් බ්‍රේස්ලට් නිකම් දෙනවා කිව්වේ නැහැ, කිව්වේ උඹලට ඒවා ගන්න පුළුවන් විදියට රට දියුණු කරනවා කියල. උඹල ඒවා ඇහුවෙත් නැහැ ඡන්දේ දුන්නේ මරාට. ඊට පස්සේ පච කොටා නම් කැම්පස් මාස ගණන් වහගෙන රනිල්ලාගෙන් අධ්‍යාපනේට 6%ක් දීපන් ගාගෙන වර්ජන කළා. දැන් උන්ගේ ආණ්ඩුවක් හදල එත් අධ්‍යාපනේට 6% දුන්නද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,055
    86,255
    113
    ආශ්චර්යමත් රටක
    උන් යන්නේ අපේ සිස්ටම් එකේ පස්සට, රනිල් 2000 මුල්කාලේනේ ඔය රත්තරං බ්‍රේස්ලට් දෙනවා කිව්වේ, ඊට පස්සේ 2010 කාලේ තමයි අපේ නලුවෝ ඉල්ලුවේ, හැම චන්දෙටම නලුවෙක් ඉන්නවා, අන්තිමට 2015 සිරා ඉල්ලනකොට බොඩි ඩබල් එකක් ඉල්ලන්න දැම්මේ. මුන් 3ම කලා මේපාර

    :yes:

    හැම තරුණයෙක්ටම රත්තරන් බ්‍රේස්ලට් එකයි, ජිම් කට්ටලෙයි, චුයින්ගම් එකයි දෙනව කියපු, පාරක් පාරක් ගානෙ ෆ්‍රී වයිෆයි දෙනව කියපු එකෙක්ට කඩේ ගියපු, එහෙම ගිහින් රට බංකොළොත් කරගත්තු තැරි මෝඩ හැත්ත දැන් එනව ජෙප්පන්ට රට හදන හැටි කියන්න. 😹😹😹
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,561
    22,679
    113
    අම්බකිස්ස
    රනිල් රත්රන් බ්‍රේස්ලට් නිකම් දෙනවා කිව්වේ නැහැ, කිව්වේ උඹලට ඒවා ගන්න පුළුවන් විදියට රට දියුණු කරනවා කියල. උඹල ඒවා ඇහුවෙත් නැහැ ඡන්දේ දුන්නේ මරාට. ඊට පස්සේ පච කොටා නම් කැම්පස් මාස ගණන් වහගෙන රනිල්ලාගෙන් අධ්‍යාපනේට 6%ක් දීපන් ගාගෙන වර්ජන කළා. දැන් උන්ගේ ආණ්ඩුවක් හදල එත් අධ්‍යාපනේට 6% දුන්නද?
    ඇයි පුංචි කාර් දෙනවා කිව්වේ. කුලියාපිටියේ වොකස් වැගන් එකේ අර වෑන් 6 දැන් ලංකාවේ කොහේ ඇද්ද ?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,864
    11,056
    113
    35
    Spain
    ඇයි පුංචි කාර් දෙනවා කිව්වේ. කුලියාපිටියේ වොකස් වැගන් එකේ අර වෑන් 6 දැන් ලංකාවේ කොහේ ඇද්ද ?
    උඹ ලංකාවට ආපු දවසක ගිහින් බලපන්. ඔය ෆැක්ටරි එකේ දැන් වාහන ඇසෙම්බල් කරනවා. එත් බන් කෝ අර 6% ?
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,128
    36,151
    113
    කෑගල්ල
    උඹ ලංකාවට ආපු දවසක ගිහින් බලපන්. ඔය ෆැක්ටරි එකේ දැන් වාහන ඇසෙම්බල් කරනවා. එත් බන් කෝ අර 6% ?
    එකේ කාර් හදනවා කියලා ළඟට ගිහින් පෙන්නුවත් පිළිගන්නේ නෑ :lol: :lol: හිතාපංකෝ මුන්ගේ වහල් කම