මේ සීන් එක මොකක්ද? බෙල්ල ගාවින් කපල ඔලුව පිළිමයක් උඩ තියල ගිහින් වගේ පේන්නෙ. 🤔🤔

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,490
    1
    15,166
    113
    හොයන්ඩ කම්මැලියි

    FB-IMG-1778566911093.jpg
    FB-IMG-1774172019099.jpg
     
    Solution
    හම්බුණා 🤗

    අම්බලන්තොට, මාමඩල දකුණ, බෝකුටුයාය ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තවත් අයෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අම්බලන්තොට පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

    මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ වයස අවුරුදු 34ක් වන තිදරු පියෙකු වන අතර, තුවාල ලබා ඇත්තේ ඔහුගේ බිරිඳගේ පියා බව පොලීසිය පැවසීය.

    මියගිය පුද්ගලයා ඝාතනය කිරීමට පුද්ගලයින් තිදෙනෙකු ඔහුගේ නිවසට පැමිණ ඇති අතර, ඝාතනය සිදුකිරීමෙන් අනතුරුව ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ හිස කඳින් වෙන්කොට මාමඩල මංසන්දියේ ඇති පිළිරුවක ගසා ගොස් ඇති බව ද වාර්තා වේ.

    ඝාතනයට ලක්වූ පුද්ගලයා අම්බලන්තොට, ඇලේගොඩ ප්‍රදේශයේ දී සිදුකරන ලද ත්‍රිත්ව ඝාතනයක සැකකරුවෙකු වන අතර ඔහු ඒ සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිට පසුගිය මාර්තු 30වෙනිදා ඇප ලබා පැමිණ තිබුණි.

    එම ඝාතනයට පළිගැනීමක් ලෙස අදාළ...

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,634
    12,757
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔලුව නම් පොඩ්ඩක් විතර උබත් වගේ.
    කොන්ටෙන්ට් එක මැච් කලාමත් පොඩ්ඩක් ගැලපෙනවා වගේ
    නමුත් එකවුන්ට් එක හැක් වෙලා නැති නම් උබ වෙන්න බැ නේ
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,843
    5,281
    113
    ඊයේ රාත්‍රී කාලයේදී අම්බලන්තොට මාමඩල ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ ගෙල ශරීරයෙන් වෙන් කොට එය රැගෙන ගොස් මාමඩල හන්දියේ පිළිරුවක එල්ලා ඇති බවට ලද තොරතුරක් මත අම්බලන්තොට පොලීසිය පරීක්ෂණ කටයුතු ආරම්බ කර ඇති බවට පොලිස් ආරංචී මාර්ග සදහන් කොට ඇත.
    ඊයේ (11 ) රාත්‍රීයේ දී මරණකරුගේ නිවසට පැමිණි පුද්ගලයන් තිදෙනෙකු තියුණු ආයුධයකින් ඔහුගේ ගෙල කපා රැගෙන ගිය බවට පොලිස් විමර්ශණ වලදී අනාවරණයවී ඇති බවට වැඩිදුරටත් සදහන් කොට ඇත.
    මෙසේ ඝාතනය වී ඇති පුද්ගලයා මීට පෙර මාමඩල ප්‍රදේශයේ සිදුවූ ත්‍රිත්ව ඝාතනයක් සම්බන්ධව සැක පිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත වී ඇප ලබා ඊයේ දින නිවසට පැමින සිටි පුද්ගලයෙක් බවට තොරතුරු අනාවරණයවී ඇත.
    මියගිය පුද්ගලයාගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය හම්බන්තොට ප්‍රධාන මහේස්ත්‍රාත් වයි. ආර්. බී. නෙළුම්දෙනියගේ ප්‍රධානත්වයෙන් සිදුකොට ඇත.
    මීට අමතරව මෙලෙස ඝාතනයවූ සැකකරු (මරණකරුගේ) නිවසේ ඉදිරිපිට පතුරම් තුවක්කුවක් වැටී තිබී සොයාගත් බවට පොලිස් ආරංචී මාර්ග සදහන්කොට ඇත
    සිද්ධිය සිදුවන අවස්ථාවේ මියගොස් සිටි පුද්ගලයාගේ මාමණ්ඩියද නිවසේ සිට ඇති අතර, පැමිණ සිටි අය සමග පොර බැඳීම හේතුවෙන් ඔහුට ද කැපුම් තුවාල සිදුවී රෝහල් ගත කර ඇති බවටද වාර්ථාවී ඇත.
    සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්තොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් ඇත..
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,423
    2,103
    113
    43
    Wakanda
    අවදානෙ ගන්නෙ ගන්න ඕන හින්ද මගෙ ත්රේඩ් එකට රිප්ලයි නොදා ඒක උස්සල මේකෙ දැම්ම නේද. තොගෙ රස්සාවත් ඕකනෙ. ගෑනු මහන්සිවෙලා ඔන්ලිපඈන් කරනව තෝ ඒව විකුනනව. ඛැරි පොන්නය.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,490
    1
    15,166
    113
    හම්බුණා 🤗

    අම්බලන්තොට, මාමඩල දකුණ, බෝකුටුයාය ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තවත් අයෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අම්බලන්තොට පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

    මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ වයස අවුරුදු 34ක් වන තිදරු පියෙකු වන අතර, තුවාල ලබා ඇත්තේ ඔහුගේ බිරිඳගේ පියා බව පොලීසිය පැවසීය.

    මියගිය පුද්ගලයා ඝාතනය කිරීමට පුද්ගලයින් තිදෙනෙකු ඔහුගේ නිවසට පැමිණ ඇති අතර, ඝාතනය සිදුකිරීමෙන් අනතුරුව ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ හිස කඳින් වෙන්කොට මාමඩල මංසන්දියේ ඇති පිළිරුවක ගසා ගොස් ඇති බව ද වාර්තා වේ.

    ඝාතනයට ලක්වූ පුද්ගලයා අම්බලන්තොට, ඇලේගොඩ ප්‍රදේශයේ දී සිදුකරන ලද ත්‍රිත්ව ඝාතනයක සැකකරුවෙකු වන අතර ඔහු ඒ සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිට පසුගිය මාර්තු 30වෙනිදා ඇප ලබා පැමිණ තිබුණි.

    එම ඝාතනයට පළිගැනීමක් ලෙස අදාළ පුද්ගලයාව ඝාතනය කර ඇතැයි පොලීසිය සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී ඇත.

    ඝාතකයින් විසින් රැගෙන ආ මෙරට නිෂ්පාදිත ගිනිඅවියක්ද එම ස්ථානයේ දමා ගොස් තිබියදී පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

    සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
     
    Solution

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,849
    6,268
    113
    East Blue (Goa Kingdom)
    අම්බලන්ගොඩ වගේ මුලින් දැක්කේ ,
    btw ඕක කරන්න ආපු උන් තුන් දෙනා අල්ලන්න පුළුවන් වෙන්න ඕන අනිවා උවමනාවක් තියෙනවා නම් .
     
    djruki

    Active member
  • Jan 11, 2008
    439
    73
    28
    Dubai
    ඝාතනය යක් කරල රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප ලබා පැමිණ තිබුණි. නම් අනිවර්යෙන් එය් ඝාතනය කරපු අයගෙ පැත්තෙන් සාඩාරනයක් කරල තියනව.