පුදපු ගමන් කාපි යකා - හක්ගෙඩියක් සිප්පිකට්ටක් තලයි!!!

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    බුදු දහමේ මිත්‍යා දෘෂ්ටිය කියන්නේ බුදුන්ව විශ්වාස නොකරන එක නෙවෙයි. ඒකෙන් කියන්නේ හේතු ඵල දහම පිළිගන්නේ නැති එක.

    විශ්වාස එකක්වත් ලෝකෝත්තර සම්මා දිට්ටියට එන්නැහැ. ලෝකෝත්තර සම්මා දිට්ටිය කියන්නේ නුවණ. නුවණ තියෙන්නේ මගඵල ලබපු උතුමන්ලට. මේක බලන්න පුලුවන් විදි 2 තියෙනවා. බුදු කෙනෙක්ට ඉන්ද්‍රියපරෝපරියත්ත, ආසවක්ඛය ඤාණ වලින් බලන්න පුලුවන්. මාර්ගඵල ලබපු චේතෝපරිය ඤාණ ලාබියෙක්ට තමන්ගේ මාර්ගඵලයෙම හෝ (මතක විදිහට) ඊට අඩු මාර්ගඵල ලාබියෙක්ගේ හිත බලලා කියන්න පුලුවන්. බුදුන් දකින්නේ ධර්මය දන්න දකින කෙනා (නුවණ තියෙන)
    තිසරණය සරණ යන්නේ ධර්මය දන්න දකින කෙනා (නුවණ තියෙන)

    තව මාර්ගපල ලබපු දෙන්නෙක්ගේ කතාබහෙන්, ඒ දෙන්නය එකිනෙකා මාර්ගඵල ලබලද කියලා දළ අදහසක් ගන්න පුලුවන්.

    පෘථග්ජනයෙක් කර්මපල, පුනර්භවය, අම්මා, තාත්තා.. වගේ දේවල් පිළිගන්න එක ලෞකික සම්මා දිට්ටිය. ඕක ඇතුලේ ගොඩන් අය ඉන්නවා. කතෝලික කෙනෙක වුනත් පින, පව දන්නවා. සුගතිය පිලිගන්නවා. ඩිලන් වුනත් කොච්චර කෑ ගැහුවත් පව් කරන්නැති වෙන්න influence වෙන්න පුලුවන් කර්මපලය ගැන අහලා හරි තියෙන එක.
     
    • Like
    Reactions: Yeezus

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,239
    24,638
    113
    ඔන්න කිව්වා ඉතින් දන්නා තරම. :rofl: 🤌

    අයිත ගිහින් හොයාගෙන වරන් කෝ මොනවද ඔය මිත්‍යා දෘෂ්ටිය ඇතුලත් කරල තියෙන්නේ කියලා

    උඹම කියපන්කෝ බලන්න, ඔය උඹ කියන විදියේ මිත්‍යා දෘෂ්ටියට මිනිස්සුගෙ බය තට්ටයෙක්ව අපරාධයක් කරන්න පොළඹවන්නේ කොහොමද කියලා? පොඩ්ඩක් ස්ටෙප් බයි ස්ටෙප් පැහැදිලි කරපන්කෝ. මග අරින්න එපා හරියට පැහැදිලි කරපන් කොහොමද තට්ටයො නීති කඩන එක මිත්‍යා දෘෂ්ටියට අදාල වෙන්නෙ කියලා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,830
    98,997
    113
    ශ්‍රමණ වේශදාරියෙක්/චීවරධාරියෙක් කියන වචනෙ හරි හරියට කියවෙනවනෙ හෙළේ මේ ටිකෙ. නමුත් උපසම්පදාව පිලිගත් ආකාරයකට ගුරු ඇසුරකින් ලබලා නම් තියෙන්නෙ ඒ ඉන්නෙ චීවරධාරී හෝ ශ්‍රමණ වේශධාරී නෙමෙයි නේ? ඒ ඉන්නෙ බෞද්ධ භික්ෂුන්.

    ඔතන පල්ලෙගම හාමුදුරුවො, අර විසිනම සහ ඉහත භික්ෂුව කියන තුන්දෙනාම බෞද්ධ භික්ෂුන් තමා. ඒ ඒ චූදිතයන් කරලා තියන ක්‍රියා, බුද්ධ නීතිය අනුව වැරදි නම්, චේතනාන්විතව කරලා තියනවනම් ඒ අය දුස්ශීල බෞද්ධ භික්ෂූන් ලෙස හඳුන්වන්න ඕනෙ නේ. ඒ ඒ චූදිතයන් කරලා තියන ක්‍රියා, රාජ්‍ය නීතිය අනුව වැරදි නම්, කරලා තියනවනම් ඒ අය රාජ්‍ය දඬුවමට යටත් විය යුතුයි.

    මේ ප්‍රශ්නෙදි සිංහල බෞද්ධ සංස්කෘතිය කියන එකෙ වටිනාකම නොදැන නෙමෙයි උඩ කතාව කිව්වෙ. පැහැදිලිවම අපි සිංහල බෞද්ධ සංස්කෘත්ය ආරක්ෂා කරගන්න ඕනෙ. සිංහල බෞද්ධකම රකින්න ඕනෙ. ඉදිරියට දායාද කරන්න ඕනෙ.
    🙏
    මම ඒක හදාගන්නන්. මම මේ එන නිව්ස් වලින්ම තමා ඔය නම ගත්තේ.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    එතකොට උබ විශ්වාස කරනවා ?

    විශ්වාස කරන්න මොකක්ද තියෙන්නේ නිවනේ?
    විශ්වාස, ඇදහිලි.. ඔක්කොම ලෝකයනේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,574
    164,940
    113
    එකමත් එක රටක
    විශ්වාස එකක්වත් ලෝකෝත්තර සම්මා දිට්ටියට එන්නැහැ. ලෝකෝත්තර සම්මා දිට්ටිය කියන්නේ නුවණ. නුවණ තියෙන්නේ මගඵල ලබපු උතුමන්ලට. මේක බලන්න පුලුවන් විදි 2 තියෙනවා. බුදු කෙනෙක්ට ඉන්ද්‍රියපරෝපරියත්ත, ආසවක්ඛය ඤාණ වලින් බලන්න පුලුවන්. මාර්ගඵල ලබපු චේතෝපරිය ඤාණ ලාබියෙක්ට තමන්ගේ මාර්ගඵලයෙම හෝ (මතක විදිහට) ඊට අඩු මාර්ගඵල ලාබියෙක්ගේ හිත බලලා කියන්න පුලුවන්. බුදුන් දකින්නේ ධර්මය දන්න දකින කෙනා (නුවණ තියෙන)
    තිසරණය සරණ යන්නේ ධර්මය දන්න දකින කෙනා (නුවණ තියෙන)
    මේ තියෙන්නේ තනිකර විශ්වාස් . තව මොනවටද ඉතින් උදාහරණ . :rofl:

    විශ්වාස කරන්න මොකක්ද තියෙන්නේ නිවනේ?
    විශ්වාස, ඇදහිලි.. ඔක්කොම ලෝකයනේ.
    නිවන කියන සංකල්පයත් උබේ විශ්වාසයක් විතරයි බන් . උබට ඔතනට ගිය කෙනෙක් පෙන්නන්ත් බෑ .. කිසි දෙයක් ප්‍රයෝගිකව පෙන්නන් බෑ . ඔය නිකන ෆැන්ටසි කතාවක් විතරයි එතකන්
    ------ Post added on May 14, 2026 at 8:43 AM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    මේ තියෙන්නේ තනිකර විශ්වාස් . තව මොනවටද ඉතින් උදාහරණ . :rofl:

    උබ ඔය සයන්ස් කියන එකේ fundamentals බලපන් විශ්වාස ටිකක් නෙමෙයිද තියෙන්නේ කියලා.

    නිවන කියන සංකල්පයත් උබේ විශ්වාසයක් විතරයි බන් . උබට ඔතනට ගිය කෙනෙක් පෙන්නන්ත් බෑ .. කිසි දෙයක් ප්‍රයෝගිකව පෙන්නන් බෑ . ඔය නිකන ෆැන්ටසි කතාවක් විතරයි එතකන්
    ------ Post added on May 14, 2026 at 8:43 AM

    නිවන සංකල්පයක් තමයි පෘථග්ජනයට කොහොමත්. නොදන්න නොදකින කෙනා නිවන ද මඤ්ඤණා කරනවා කියලා දේශනා කරලා තියෙනවා.
    ------ Post added on May 14, 2026 at 8:44 AM
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,349
    4,281
    113
    ඉතින් ඒක තමයි කියන්නේ යකෝ හොර දොස්තර උදාහරණෙ වැරදි කියලා .

    ඇයි ඉතින් උබල බහුතරයක් හොරු ඉන්න උන් කියන ධර්මයක් අහන්නේ ?
    කියාන උන්ටවත් ප්‍රයෝගිකව අනුගමානය කරන්න බැරි දෙයක් නේ .

    ඇතුලේ සතා හැදිලා තියෙන්නේ සතා ඇතුලට වෙලා වැහිලා ඉන්නේ මොකෙන් ද ??
    ධර්මයෙන් , ආගමෙන් !!!
    උන්ට ඔය වැරදි එළියේ ඉගගෙන කරන්න පුළුවන වෙනවට වඩා ආගම පාවිච්චි කරල කරන්න පුලුවන් . සිවුරට මුවාවෙලා මිනිස්සු රවට්ටන්න පුලුවන් . ඒකට ස්ටේජ් එක හදල දීල තියෙන්නේ ආගමෙන් . අසහනේ වැඩිවෙන්න හේතුවෙන දේවල් ඇතිවෙලා තියෙන්නේ ආගමෙන් . ඒකයි උබට ඔය වැරදි ආගමෙන් ගලවන්න බැරි
    හොරු හිටිය කියල ධර්මය වැරදි වෙන්නෙ කොහොමද? :unsure:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,574
    164,940
    113
    එකමත් එක රටක
    උබ ඔය සයන්ස් කියන එකේ fundamentals බලපන් විශ්වාස ටිකක් නෙමෙයිද තියෙන්නේ කියලා.
    නෑ . පරයෝගික නිරීක්ෂණ පැහැදිලි කරන්න හදපු කතන්දර .
    විශ්වාස නෙවෙයි නිකන්ම .

    හොරු හිටිය කියල ධර්මය වැරදි වෙන්නෙ කොහොමද? :unsure:
    හොරු හැංගිලා ඉන්නේ කොහෙද ?
    ආගමික සංස්ථාව ඇතුලේ
    හොරු හොරකම් කරන්න , හොරකම් කරල බේරෙන්න පාවිච්චි කරන්නේ ආගම , ආගමෙන් ලැබෙන සිවිල් බලය .
    හොරු තමන් ගැන බොරු හොද ප්‍රතිරූපයක් හදාගන්න පවිච්චි කරන්නේ මොකද්ද ?? ආගම

    ඔය කිව්වා හොරු දේශනා කරන්නේ මොකද්ද ? ධර්මය
    ඔක්කොම කරන්නේ ඕක ඉස්සරහට දාල තමයි .
    ------ Post added on May 14, 2026 at 8:48 AM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    නෑ . පරයෝගික නිරීක්ෂණ පැහැදිලි කරන්න හදපු කතන්දර .
    විශ්වාස නෙවෙයි නිකන්ම .

    ඔය ප්‍රායෝගික නිරීක්ෂණය කියලා කියන්නේ ultimately subjective, brain constructed experience එකක්නේ. උබට තෙරේන්නැද්ද, පරම සත්‍ය කියලා දෙයක් තියෙනවනම්, උබ ප්‍රායෝගිකව පෙන්නන්න කියන විදිහෙන් ඒ පරම සත්‍ය පෙන්නන්න බැහැ කියලා?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,574
    164,940
    113
    එකමත් එක රටක
    නිවන සංකල්පයක් තමයි පෘථග්ජනයට කොහොමත්. නොදන්න නොදකින කෙනා නිවන ද මඤ්ඤණා කරනවා කියලා දේශනා කරලා තියෙනවා.
    උබටත් එච්චරයි .
    පෘථක්ජන කියලා සෙට් එකකුයි ඊට වඩා වෙනස් සෙට් එකකුයි ඉන්නව කියලා උබ හිතං ඉන්න එකත් විශ්වාසයක් විතරයි ආගමෙන් ඔළුවට දාපු

    ඔය ප්‍රායෝගික නිරීක්ෂණය කියලා කියන්නේ ultimately subjective, brain constructed experience එකක්නේ. උබට තෙරේන්නැද්ද උබ ප්‍රායෝගිකව පෙන්නන්න කියන විදිහෙන් පරම සත්‍යක් පෙන්නන්න බැහැ කියලා?
    ප්‍රයෝගික කිව්වම පරමයක් ගැන කියනව

    කවුද උබට කිව්වේ ප්‍රයෝගික සත්‍ය ට වෙනස් පරම සත්‍ය කියලා එකක් ලෝකේ තියනව කියිල ??
    ------ Post added on May 14, 2026 at 8:49 AM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    පෘථක්ජන කියලා සෙට් එකකුයි ඊට වඩා වෙනස් සෙට් එකකුයි ඉන්නව කියලා උබ හිතං ඉන්න එකත් විශ්වාසයක් විතරයි ආගමෙන් ඔළුවට දාපු

    ඒ වෙනස් සෙට් එකට ජොයින් වෙන විදිහ පෙන්නලා තියෙනවා. ඉතින් කැමති අය දේශනා අහලා, පිළිපැදලා ඒ සෙට් එකට ජොයින් වෙයි.

    කවුද උබට කිව්වේ ප්‍රයෝගික සත්‍ය ට වෙනස් පරම සත්‍ය කියලා එකක් ලෝකේ තියනව කියිල ??

    ඔය උබ කියන ප්‍රායෝගික සත්‍ය කියන එකට objective, universal definition එකක් දීපන්කො මුලින් විද්‍යාවෙන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,574
    164,940
    113
    එකමත් එක රටක
    සත්‍ය කියන එකට objective, universal definition එකක් දීපන්කො මුලින් විද්‍යාවෙන්.
    සත්‍ය කියන්නේ ප්‍රයෝගික සත්‍ය . උබ ඔය කියන ෆැන්ටසි සත්‍ය නෙවයි .
    ඒ වෙනස් සෙට් එකට ජොයින් වෙන විදිහ පෙන්නලා තියෙනවා. ඉතින් කැමති අය දේශනා අහලා, පිළිපැදලා ඒ සෙට් එකට ජොයින් වෙයි.
    කොහෙද තියෙන්නේ ? ධර්මයේ ද ?
    ඕක ප්‍රයෝගිකව පෙන්නපන් .
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    සත්‍ය කියන්නේ ප්‍රයෝගික සත්‍ය . උබ ඔය කියන ෆැන්ටසි සත්‍ය නෙවයි

    ඉතින් ඒක තමයි කිව්වේ උබ ඔය ප්‍රායෝගිකයි කියන එක විද්‍යාත්මකව factualize කරලා පෙන්නපන්, ඒක based වෙන්නේ unverifiable assumptions ටිකක් ඔස්සේ නෙමෙයි කියලා මුලින්. එතකොට ඒක කොහොමද කියපන් විශ්වාසයක් නොවෙන්නේ?

    කොහෙද තියෙන්නේ ? ධර්මයේ ද ?

    ධර්මය දන්න, දකින කියන්නේ කොහොමත් සෙට් එක ඇතුලේ තමයි. එතනින් මෙහා පෘථග්ජන කෙනෙක්ට ධර්මය දැකලත් නැහැ, දන්නෙත් නැහැ.
    ------ Post added on May 14, 2026 at 8:56 AM