බුදු දහමේ මිත්‍යා දෘෂ්ටිය කියන්නේ බුදුන්ව විශ්වාස නොකරන එක නෙවෙයි. ඒකෙන් කියන්නේ හේතු ඵල දහම පිළිගන්නේ නැති එක.
විශ්වාස එකක්වත් ලෝකෝත්තර සම්මා දිට්ටියට එන්නැහැ. ලෝකෝත්තර සම්මා දිට්ටිය කියන්නේ නුවණ. නුවණ තියෙන්නේ මගඵල ලබපු උතුමන්ලට. මේක බලන්න පුලුවන් විදි 2 තියෙනවා. බුදු කෙනෙක්ට ඉන්ද්‍රියපරෝපරියත්ත, ආසවක්ඛය ඤාණ වලින් බලන්න පුලුවන්. මාර්ගඵල ලබපු චේතෝපරිය ඤාණ ලාබියෙක්ට තමන්ගේ මාර්ගඵලයෙම හෝ (මතක විදිහට) ඊට අඩු මාර්ගඵල ලාබියෙක්ගේ හිත බලලා කියන්න පුලුවන්. බුදුන් දකින්නේ ධර්මය දන්න දකින කෙනා (නුවණ තියෙන)
තිසරණය සරණ යන්නේ ධර්මය දන්න දකින කෙනා (නුවණ තියෙන)
තව මාර්ගපල ලබපු දෙන්නෙක්ගේ කතාබහෙන්, ඒ දෙන්නය එකිනෙකා මාර්ගඵල ලබලද කියලා දළ අදහසක් ගන්න පුලුවන්.
පෘථග්ජනයෙක් කර්මපල, පුනර්භවය, අම්මා, තාත්තා.. වගේ දේවල් පිළිගන්න එක ලෞකික සම්මා දිට්ටිය. ඕක ඇතුලේ ගොඩන් අය ඉන්නවා. කතෝලික කෙනෙක වුනත් පින, පව දන්නවා. සුගතිය පිලිගන්නවා. ඩිලන් වුනත් කොච්චර කෑ ගැහුවත් පව් කරන්නැති වෙන්න influence වෙන්න පුලුවන් කර්මපලය ගැන අහලා හරි තියෙන එක.