‘කාන්තාවගේ සිත යක්ෂයාටවත් තේරුම් ගන්න බැහැ’ - ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කියයි..😳🙃

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,384
    45,452
    113
    image_bfda2c29eb.jpg


    (මනෝප්‍රිය ගුණසේකර)

    ‘කාන්තාවගේ සිත යක්ෂයාටවත් තේරුම් ගන්න බැහැ’ යැයි විවෘත අධිකරණයේදී පැවසු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු දිලිප් නවාස් මහතා සැමියා සහ දරුවා බැලීමට බව පවසමින් විදේශ ගතවී පොරොන්දු වු පරිදි උසාවියට නොපැමිණී ඇය යළි ලංකාවට පැමිණීමේදී ගුවන් තොටුපළේදීම අත්අඩංගුවට ගැනීමට ආගමන හා විගමන බලධාරීන්ට අද (13) නියෝග කළේය.

    පොරොන්දු වු පරිදි උසාවියට නොපැමිණ අධිකරණය දුන් සහනය අවභාවිතා කර පෙත්සම්කාරිය බරපතල වරදක් කර ඇති බව අවධාරණය කළ විනිසුරුවරයා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව පියවර ගන්නා ලෙසද නියම කළේය.

    සැමියා සහ දරුවා බැලීම සඳහා ඩුබායි රටට ගොස් සතියක කාලයකින් යළි ලංකාවට පැමිණීමට දික්කසාද නඩුවක අතුරු සහනයක් වශයෙන් උසාවිය දුන් අවසරය පෙත්සම්කාරිය අවභාවිතා කර ඇතැයි අවධාරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ කාන්තාවට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමටද නියම කළේය.

    ඩුබායි රටට ගොස් සැමියා සහ දරුවා බලා සතියක කාලයකින් යළි ලංකාවට පැමිණීමට වු පොරොන්දුව නිපුණි අත්තනායක නැමැති පෙත්සම්කාර කාන්තාව විසින් කඩ කර ඇති බව අධිකරණයේදී හෙළිවීම නිසා විනිසුරු මඩුල්ල එලෙස නියම කළේය.

    ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන දිලිප් නවාස්, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලීණී.

    නිපුණි අත්තනායක නැමැත්තිය ගොනුකර තිබු අභියාචන පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් විරාජ් ගුණතිලක නමැත්තා නම් කර ඇත.

    පෙත්සම්කාරිය වගඋත්තරකරුට එරෙහිව කඩුවෙල දිසා අධිකරණයේ පවරා තිබූ දික්කසාද නඩුව රුපියල් මිලියන 10ක කසාද දීමනාවක් ගෙවීමේ පොරොන්දුව මත ඇය වගඋත්තරකරුට දික්කසාදය ලබා දී ඇතත් පොරොන්දු වු පරිදි වගඋත්තරකරු රුපියල් මිලියන 10 ක කසාද දීමනාව නොගෙවිම නිසා අදාල මුදල අයකර ගැනීමට සිවිල් නඩු විධාන සංග්‍රහය යටතේ ඇය අධිකරණයට යළිත් අයදුම් පතක් ඉදිරිපත් කෙරිණී.

    ඒ අතර කාලයේ පෙත්සම්කාරිය වෙනත් පුරුෂයකු සමඟ යළිත් විවාහ වී ඇති අතර එම විවාහයෙන් ඇයට දරුවෙකුද ලැබිණී” සැමියා එම දරුවාද සමඟ ඩුබායි රටේ පදිංචියට ගොස් ඇති අතර දරුවා සහ සැමියා බැලීම සඳහා ඩුබායි රටට යෑමට ඇය අධිකරණයෙන් අවසර ඉල්ලු නමුත් ඊට අවසර නොලැබුණු අතර ඇයට රටින් පිටවීම වළකාලමින් අතුරු තහනමක්ද නිකුත් කෙරිණී.

    මෙම තත්ත්වය තුළ පෙත්සම්කාරිය ශ්‍රෙෂ්ඨාධිකරණයට අභියාචන පෙත්සමක් ගොනු කරමින් දරුවා බැලීම සඳහා තමන්ට ඩුබායි රටට යෑමට අවසර ඉල්ලා ඇති අතර ඇගේ ඉල්ලීම සළකා බැලු ශ්‍රෙෂ්ඨාධිකරණය දරුවා බැලීම සඳහා ඩුබායි රටට ගොස් ඒමට පෙත්සම්කාරියට සතියක කාලයකට අවසර දෙමින් නියෝගයක් නිකුත් කෙරිණී.

    එම අවසරය මත විදේශ ගතවු ඇය පොරොන්දු වු පරිදි නියමිත දිනයේ යළි ලංකාවට පැමිණ නොතිබුණු අතර පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (13) යළි කැඳවනු ලැබු අවස්ථාවේදී පෙත්සම්කාරිය පොරොන්දු වු පරිදි යළි ලංකාවට පැමිණ නැති බව හෙළි විය.

    ඒ අවස්ථාවේදී අධිකරණය අමතමින් ‘කාන්තාවගේ සිත යක්ෂයාටවත් තේරුම් ගන්න බැහැ’ යැයි විවෘත අධිකරණයේදී පැවසු විනිසුරු දිලිප් නවාස් මහතා ඇය මෙරටට පැමිණි අවස්ථාවක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමටද නියෝග කළේය.

    ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදී තිබූ සහනය අනුව අදාළ පෙත්සම්කාරිය ඩුබායි රටට ගොස් දරුවා බලා යළි අධිකරණය හමුවේ ඉදිරිපත් නොවීමෙන් අධිකරණයට අපහාසයක් කර ඇතැයි සඳහන් කළ විනිසුරු මඩුල්ල අධිකරණය දුන් සහනය අවභාවිතා කොට බරපතල වරදක් කළ පෙත්සම්කාරියට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස වගඋත්තරකාර පාර්ශ්වයේ නීතිඥවරුන්ට දැනුම් දුන්නේය.

    වගඋත්තරකරු වෙනුවෙන් නීතිඥ හරිත් ද මැල් මහතා පෙනී සිටියේය.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,153
    13,017
    113
    33
    ෆින්ලන්ඩ්
    කතාව ඇත්ත උනාට නඩුකාරයෙක් වගේ එකෙක් රාජකාරි අතරතුර ප්‍රසිද්ධියේ කිව යුතු කතාවක් නෙමෙයි.(02)
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,180
    10,901
    113
    කතාව ඇත්ත උනාට නඩුකාරයෙක් වගේ එකෙක් රාජකාරි අතරතුර ප්‍රසිද්ධියේ කිව යුතු කතාවක් නෙමෙයි.
    කතාව ඇත්ත උනාට නඩුකාරයෙක් වගේ එකෙක් රාජකාරි අතරතුර ප්‍රසිද්ධියේ කිව යුතු කතාවක් නෙමෙයි.(02)
    Ekane kiwwuwe, oya bulath kana game godey ekek wenna athi ohoma kiyanna