ශ්‍රී ලංකා ටෙලිකොම් – මොබිටෙල් කඩාවැටීම පිටුපස ඇති රහස් ගනුදෙනු සහ 5G කුමන්ත්‍රණය!

shepard1500

Active member
  • Apr 9, 2025
    205
    174
    43
    ශ්‍රී ලංකාවේ සන්නිවේදන ක්ෂේත්‍රයේ දැවැන්තයා වන ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතනය වර්තමානයේ දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බවත්, ඒ පිටුපස බරපතළ පාලන දුර්වලතා සහ උපායමාර්ගික කුමන්ත්‍රණ පවතින බවත් පවසමින් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරළියට පැමිණ තිබේ. ප්‍රකට විචාරක අජිත් ධර්මපාල මහතා විසින් සිදු කරන ලද මෙම අනාවරණයත් සමග රාජ්‍ය ටෙලිකොම් ආයතනයේ විනිවිදභාවය සහ එහි ඉහළ කළමනාකාරීත්වයේ හැසිරීම පිළිබඳව මහජනතාව අතර දැඩි කතාබහක් නිර්මාණය වී ඇත.

    5G ප්‍රමාදය: බිලියන 5ක් වතුරේ ද?

    5g-banner-iii-1024x427.jpg

    මෙම හෙළිදරව්වේ ප්‍රධානතම කරුණ වන්නේ ශ්‍රී ලංකාවට 5G තාක්ෂණය හඳුන්වා දීමේදී ටෙලිකොම් – මොබිටෙල් ආයතනය හිතාමතාම සිදු කරන බව කියන ප්‍රමාදයයි. 5G සංඛ්‍යාත සහ බලපත්‍ර ලබා ගැනීම වෙනුවෙන් රුපියල් බිලියන 5කට අධික මහජන මුදලක් ආයෝජනය කර තිබියදීත්, අද වන විටත් එම සේවාව වාණිජමය වශයෙන් ක්‍රියාත්මක කිරීමට ආයතනය අසමත් වී ඇත.

    ප්‍රතිවාදී පෞද්ගලික සමාගම් ඉතා වේගයෙන් 5G සේවා පාරිභෝගිකයා වෙත සමීප කරද්දී, ටෙලිකොම් ආයතනය මෙම ආයෝජනයෙන් කිසිදු ඵලක් නොගෙන සිටීම නිසා මාසිකව රුපියල් මිලියන 200ක පමණ දැවැන්ත පාඩුවක් සිදු වන බව අජිත් ධර්මපාල මහතා පෙන්වා දෙයි. මෙම ප්‍රමාදය හිතාමතාම සිදු කරන්නේ පෞද්ගලික සමාගම් වෙත පාරිභෝගික පදනම මාරු වීමට ඉඩ සැලසීමටද යන සැකය මෙහිදී දැඩිව මතු වේ.

    නායකත්වයේ අතීත සබඳතා සහ බැඳියාවන් අතර ගැටුම

    ටෙලිකොම් ආයතනයේ වත්මන් සභාපති මොතිලාල් ද සිල්වා සහ ප්‍රධාන විධායක නිලධාරී රියාස් රෂීඩ් යන මහත්වරුන්ගේ පත්වීම් සහ ඔවුන්ගේ හැසිරීම් රටාව මෙහිදී දැඩි විවේචනයට ලක්ව ඇත. මෙම දෙදෙනාම මීට පෙර ප්‍රතිවාදී පෞද්ගලික ටෙලිකොම් සමාගම්වල ඉහළ තනතුරු දැරූවන් වීම විශේෂත්වයකි.

    රජයේ ප්‍රධාන සන්නිවේදන ආයතනය මෙහෙයවන පුද්ගලයින්ට පෞද්ගලික අංශයේ තරගකාරී සමාගම් සමග පවතින මෙම සමීප සබඳතාවය “බැඳියාවන් අතර ගැටුමක්” (Conflict of Interest) නිර්මාණය කරන බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස ටෙලිකොම් ආයතනයේ ඉදිරි ගමනට බාධා වන අයුරින් තීරණ ගන්නා බවටත් චෝදනා එල්ල වේ. විශේෂයෙන්ම සභාපතිවරයාගේ වයස සහ වත්මන් තාක්ෂණික ලෝකයට ගැළපෙන නවීන දැක්මක් ඔහු සතුද යන්න පිළිබඳවද ප්‍රශ්න මතු කර ඇත.

    ෂැංග්‍රිලා හෝටලයේ රහස් ගනුදෙනුව

    Hari-Deshaya-Web_20260515_183905_0000-1024x659.png

    මෙම ආන්දෝලනාත්මක හෙළිදරව්වේ ඇති තවත් බරපතළ කරුණක් වන්නේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ රහසිගතව පැවැත්වුණා යැයි කියන සාකච්ඡාවකි. රුපියල් බිලියන 20ත් 25ත් අතර වටිනාකමකින් යුත් ටෙලිකොම් ක්ෂේත්‍රයට අදාළ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන්, ආයතනයේ නිල අධ්‍යක්ෂ මණ්ඩලය පවා දැනුවත් නොකර, සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරීවරයා පෞද්ගලික ආයතනයක් සමග මෙම සාකච්ඡාව පවත්වා ඇති බවට තොරතුරු අනාවරණය වේ. රාජ්‍ය දේපළක් වන ටෙලිකොම් ආයතනයේ තීරණ මෙලෙස පෞද්ගලිකව සහ රහසිගතව ගැනීමට ඉඩ දෙන්නේ මන්දැයි මෙහිදී ප්‍රශ්න කෙරේ.

    දේශපාලන පත්වීම් සහ පාලන අර්බුදය

    ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පෙර පාලන සමයන්හි දූෂණ චෝදනා එල්ල වූ පුද්ගලයින් පත් කර ඇති බවටද හෙළිදරව් වී තිබේ. මෙවැනි දේශපාලන පත්වීම් හරහා ආයතනය තුළ යහපාලනය බිඳ වැටී ඇති බවත්, එමගින් මහජන විශ්වාසය දැඩි ලෙස පළුදු වී ඇති බවත් අජිත් ධර්මපාල මහතා සඳහන් කරයි.

    නැඟෙන ඉල්ලීම්

    මෙම තත්ත්වය හමුවේ රජය වහාම මැදිහත් විය යුතු බව අවධාරණය කරන ධර්මපාල මහතා, පහත සඳහන් පියවර ගන්නා ලෙස බලකර සිටියි:

    5G ආයෝජනය සහ එහි ප්‍රමාදය පිළිබඳව විගණකාධිපති දෙපාර්තමේන්තුව හරහා කඩිනම් පරීක්ෂණයක් පැවැත්වීම.

    ඉහළ කළමනාකාරීත්වයේ පවතින බැඳියාවන් අතර ගැටුම් සහ රහසිගත ගනුදෙනු පිළිබඳව ස්වාධීන විමර්ශනයක් සිදු කිරීම.

    ආයතනයට හානිකර වන අයුරින් කටයුතු කරන නිලධාරීන් වහාම ඉවත් කර නව තාක්ෂණික දැක්මක් සහිත නායකත්වයක් පත් කිරීම.

    මෙම චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් හෝ මොබිටෙල් ආයතනය මේ දක්වා නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති අතර, ආයතනයේ අනාගතය සහ මහජන මුදල ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් බලධාරීන් ගන්නා පියවර දෙස ජනතාව අවධානයෙන් පසුවෙති.

    අදාළ යූටියුබ් වීඩියෝව: http://www.youtube.com/watch?v=3n46mFCNG6o


    --copied--
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,954
    27,301
    113
    හේතුව හරිම සරලයි. ටෙලිකොම් පොන්සියෝ ඉන්නේ අනාගතය ඇදයි ඩයලොග් උන්ගේ සාක්කු වල. ඩයලොග් උන්ට මාකට් එක අල්ලගන්න දීලා තමයි ටෙලිකොම් කාරයෝ වැඩ කරන්නේ. ඕක ප්‍රසිද්ද රහසක්නේ. 🤌 🤌 🤌 🤌
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,087
    113
    Gotland
    හේතුව හරිම සරලයි. ටෙලිකොම් පොන්සියෝ ඉන්නේ අනාගතය ඇදයි ඩයලොග් උන්ගේ සාක්කු වල. ඩයලොග් උන්ට මාකට් එක අල්ලගන්න දීලා තමයි ටෙලිකොම් කාරයෝ වැඩ කරන්නේ. ඕක ප්‍රසිද්ද රහසක්නේ. 🤌 🤌 🤌 🤌

    SatTV ඒකාධිකාරය තියා ගන්න කලින් තිබ්බ සැට් tv උන්ව කොටි කියල ගේමක් ගැහුවේ ඩයලොග් තමා
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,902
    20,445
    113
    හස්තිශෛලපුර
    SLT නම් විකුනන්න තියෙන්නෙ. කිසිම innovation එකක් නෑ 2010 විතර ඉදන්

    නාකි ස්ටාෆ් එකේ අවුල
    Mona innovation da ban.. ubata fiber line eke data eddi, UN data monitor karala, innovation part ekak karanna ona kiyalada kiyanne .
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,314
    3,947
    113
    Mona innovation da ban.. ubata fiber line eke data eddi, UN data monitor karala, innovation part ekak karanna ona kiyalada kiyanne .
    ඉස්සර edge, 3.5g එහෙම මුලින්ම දුන්නෙ ඕකුන්. Nokia 6630 එකෙන් video call ගන්න පුලුවන් උනේ මොබිටෙල් විතරයි.
    BBM .. ඔයවගේ ගොඩක් ඒවා තිබ්බා

    Slt Fiber උනත් දුවන්නේ පරන hardware වලනෙ. දැනට තියෙන ස්පිඩ් එකට වඩා 100 ගුනයක් විතර තියෙන්න ඕනි
     
    • Like
    Reactions: NRTG

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,902
    20,445
    113
    හස්තිශෛලපුර
    ඉස්සර edge, 3.5g එහෙම මුලින්ම දුන්නෙ ඕකුන්. Nokia 6630 එකෙන් video call ගන්න පුලුවන් උනේ මොබිටෙල් විතරයි.
    BBM .. ඔයවගේ ගොඩක් ඒවා තිබ්බා

    Slt Fiber උනත් දුවන්නේ පරන hardware වලනෙ. දැනට තියෙන ස්පිඩ් එකට වඩා 100 ගුනයක් විතර තියෙන්න ඕනි
    පරන hardware kiwe?
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,897
    198,162
    113
    Colombo, Sri Lanka
    ලංකාබෙල් එකටත් කෙලෙව්වේ මේ වගේම ඇතුලේ එවුන් අනිත් කොම්පැනියක සාක්කුවට වැටිළලු. වැඩකරපු කෙනෙක්මයි කිව්වේ
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,141
    27,464
    113
    meka nm waradi. unta dth thiya kisima tv business ekk thibbe na. wahapu CBN sat eka thama dialogtv une.
    CBN Sat එකට කෙලෙව්වේ ගොටාබයගේ හෙන්චයියෝ වෙච්ච TV ලංකා Sat tv අයිති කාරයයි indian Dish TV agency එක කරපු ලක්ෂ්මන් හුළුගල්ල කියන තක්කඩී හොරායි . යුද්දේ කාලේ ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය එකේ GM. වැදගත් දෙමල මිනිහෙක් වෙච්ච EPSI Computers founder Muhunthan Canagey තමයි CBN Sat එක දැම්මේ. අරුන් දෙන්න ගෝටට කිව්වා ගෙවල් වලට කොටින්ගේ පණිවුඩ එවන්න පුළුවන් ඕක හරහා කියල ඒ business එක වස්සන්න වැඩ කලා. ඕක බැරිම තැන Dialog එකට විකුණුවා. CBN Sat පෙන්නුවේ singapore feeds . දැන් වගේ කසි කබල් ඉන්දියන් feeds නෙමෙයි. CBN Sat dish එකත් බර හොඳ metal එකක්. දැන් dialog උන් දෙන බාල දිරන dish එක වගේ නෙමෙයි
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,457
    17,449
    113
    Auckland
    There is no incentive for them to do any thing because their current model gives them all the profit they want and any additional service will still give them similar returns

    Best to let another career come in for competition then they will panic and start doing shit
     
    • Like
    Reactions: KandyMalli and NRTG

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,314
    3,947
    113
    ලංකාබෙල් එකටත් කෙලෙව්වේ මේ වගේම ඇතුලේ එවුන් අනිත් කොම්පැනියක සාක්කුවට වැටිළලු. වැඩකරපු කෙනෙක්මයි කිව්වේ
    Lankabell වල නෙ unlimited 1Mbps ඉස්සර වෙලාම දුන්නේ.
    ලංකාවේ උන්ගෙ කුහක ගතිය 😅
     
    • Like
    Reactions: NRTG

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,457
    17,449
    113
    Auckland
    Lankabell වල නෙ unlimited 1Mbps ඉස්සර වෙලාම දුන්නේ.
    ලංකාවේ උන්ගෙ කුහක ගතිය 😅
    Yes but latency :lol:

    Unta kela une high latency nisa

    It’s a good for nothing connection, not fast enough, not quick enough
     
    • Like
    Reactions: NRTG