වර්තමානයේ ඩොලරය පිළිබඳ අර්බුදයකට අපි මුහුණ දී තිබෙනවා. විශේෂයෙන් ඩොලරය අනෙක් මුදල් ඒකකවලට සාපේක්ෂව ශක්තිමත් වී තිබෙනවා. එය අපේ රුපියලට බලපෑමක් ඇති කර තිබෙනවා. අපේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වන්නේ ඩොලර් උපයන සංචාරක කර්මාන්තයයි. පසුගිය අප්‍රේල් මාසයට සාපේක්ෂව 29%ක සංචාරකයන් පැමිණිමේ අඩුවක් සිදුව තිබෙනවා. එය අපේ ඩොලරයට බලපෑමක් ඇති කර තිබෙනවා. ලෝකයේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය හේතුකොටගෙන අපේ අපනයනවල ඉල්ලුමේ අඩුවක් ඇතිවී තිබෙනවා. ඒ නිසා අපනයන මගින් ලැබෙන ඩොලර්වලත් හිඟයක් ඇතිව තිබෙනවා. අනෙක් පසින් ගත්තොත් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් එවන සංක්‍රාමවල පසුබැසීමක් මේ මාසයේ ඇති වී තිබෙනවා.
ඒ වගේම ඩොලරයේ මිල ඉහළයාම නිසා ඉන්ධන ගෙන්විමේ මාසික පිරිවැය වැඩි වී තිබෙනවා. පෙබරවාරි මාසයේ ඉන්ධන ආනයනය සඳහා අපිට වැය වුණේ ඩොලර් මිලියන 98යි. මාර්තු මාසයේ ඩොලර් මිලියන 216යි. අප්‍රේල් මාසයේ ඩොලර් මිලියන 368යි. මේ මැයි මාසයේ ඩොලර් මිලියන 522යි. මසකට ඉන්ධන ආනයනය සඳහා ඩොලරයේ සීමාව ඩොලර් 500 ඉක්මවා වැඩි වී තිබෙනවා. එය අපේ රුපියලට තෙරපුමක් සහ ඩොලරයට ඉල්ලුමක් ඇති කර තිබෙනවා. ඒ නිසා මේ අර්බුදයට මුහුණදීම සඳහා ක්‍රියාමාර්ග රැසක් ගැනීමට නියමිතව තිබෙනවා.