මී හරකෙක්ට ඩොනල්ඩ් ට්‍රම් කියල නම දාල

astrin

Well-known member
  • Oct 9, 2022
    527
    636
    93
    ඩොනල්ඩ් ට්‍රම්ප්” ලෙස නම්කළ මී හරකෙක් මේ දිනවල බංග්ලාදේශයේ සමාජ මාධ්‍ය පුරා ප්‍රසිද්ධයට පත්ව තිබෙනවා.

    මෙම සත්වයාගේ හිසේ වැවී ඇති කෙස්, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කොණ්ඩා විලාසිතාවට බොහෝසෙයින් සමානත්වයක් දැක්වීම හේතුවෙන් මෙම සතවයාගේ හිමිකරු විසින් සත්වයාව “ඩොනල්ඩ් ට්‍රම්ප්” ලෙස නම්කර ඇති බවයි වාර්තා වන්නේ.

    ඩකා අගනුවර අසල නාරායන්ගන්ජ් දිස්ත්‍රික්කයේ ගොවිපොළක වෙසෙන මෙම මී හරකා දැකබලා ගැනීමට සහ මෙම සත්වයා සමඟ සෙල්ෆි ඡායාරූප ගැනීමට දුරබැහැර සිට පවා පුද්ගලයින් පැමිණෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    කිලෝග්‍රෑම් 700 කට ආසන්න බරකින් යුත් ඇල්බිනෝ වර්ගයේ මී හරකෙක් වන මෙම සත්වයාව එහි හිමිකරු විසින් දිනකට සිව්වතාවක් ස්නානය කරනවන අතර, දිනපතා ආහාර වේල් හතරක් ලබාදීමට කටයුතු කරන බවයි වාර්තා වුණේ.

    ඉදිරියේ දී උදාවන ඊද්-උල්-අදා උත්සවය සඳහා සතුන් විකිණීම බංග්ලාදේශයේ ගොවීන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වන අතර, මෙම මී හරකාගේ හිමිකරු සත්වයාව විකිණීම සඳහා අධික මුදලක් අපේක්ෂා කරන බව සඳහන්.





    21797.png
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,157
    26,614
    113
    Kandy
    ඕවා මොනවද මෙහෙත් මී හරකෙක්ට සජිත් කියල දාලා තියෙන්නේ