මෙහෙමයි ශල්ලි ඉතුරුකරන්නේ..හූ..හූ

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,119
    7,136
    113
    Back Bay-Beacon Hill, Boston
    පවුම් මිලියන 90ක ‘රන් දෝලාව’ක ලැගුම් ගත් හරිනි ලන්ඩනයේ තැබූ ඓතිහාසික වාර්තාව!

    ලන්ඩන් නුවර අතිශය සුඛෝපභෝගී සහ ලෝකයේ ධනවත්ම පුද්ගලයන් ජීවත්වන ශාන්ත ජෝන්ස් වුඩ් ප්‍රදේශයේ ඇවිනියු මාර්ගයේ අංක 35 දරණ ස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් නිල නිවාසය යනු නිකම්ම නිකම් නිවසක් නොව, සැබවින්ම රන් දෝලාවකි. මෙම ඇවිනියු මාර්ගය මුළු බ්‍රිතාන්‍යයේම වැඩිම මිලකට හිමිකම් කියන, බ්‍රිතාන්‍යයේ බිලියනපතියන්ගේ අති-සුඛෝපභෝගී මාර්ග පහෙන් එකක් ලෙස නිල වශයෙන්ම සැලකේ.

    මෙකී මාර්ගයේ පිහිටි දේපළක් මෙතරම් පවුම් මිලියන 90-120 ක්‌ අතර මිලකට හිමිකම් කීමට බලපාන සුවිශේෂී සාධක රැසක් පවතී. ලන්ඩන් මධ්‍යයේ අනෙකුත් ප්‍රදේශ මෙන් නොව, ඇවිනියු මාර්ගයේ ඇති ප්‍රධානම වටිනාකම වන්නේ එහි ඇති සුවිශේෂී පෞද්ගලිකත්වය සහ ආරක්ෂාවයි. ලෝකයේ සිටින ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන්, රාජකීයයන් සහ ජනප්‍රිය තරු මෙම මඟ තෝරාගන්නේ නගරයේ තදබදයෙන් මිදී, දැවැන්ත තාප්ප සහ ආරක්ෂිත ගේට්ටුවලින් වටවූ, තමන්ගේම පෞද්ගලික උද්‍යාන සහිත මාලිගා වැනි නිවාස මෙහි ඉදිකිරීමට ඇති සුවිශේෂී ඉඩකඩ නිසාය.

    ඊටත් වඩා, බ්‍රිතාන්‍යයේ රාජකීය උද්‍යානයක් වන සුප්‍රසිද්ධ රීජන්ට් උද්‍යානයට සහ ක්‍රිකට් ක්‍රීඩාවේ මක්කම ලෙස සැලකෙන ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයට පියවර කිහිපයක දුරින් පිහිටා තිබීම මෙහි වටිනාකම තවත් සිය ගුණයකින් ඉහළ නංවයි. ලන්ඩන් නගර මධ්‍යයේ මෙවැනි පර්චස් විස්සත් තිහත් අතර සින්නක්කර භූමිභාගයක් සහිත මන්දිරයක් හිමිකර ගැනීම යනු ලෝකයේ ධනවත්ම ප්‍රභූ පැලැන්තියේ ඉහළම සමාජ තත්ත්වය ලොවටම ප්‍රදර්ශනය කිරීමකි. අපේ රට සතු මෙම නිල නිවාසය පිහිටා ඇත්තේ අරාබි සුල්තාන්වරුන්, හොලිවුඩ් තරු සහ ගෝලීය ප්‍රකෝටිපතියන් මිලියන සිය ගණන් පවුම් වියදම් කර බිම් අඟලක් හෝ මිලදී ගැනීමට පොරකන එවැනි අති-ප්‍රභූ කලාපයකය.

    මෙම නිල නිවාසයේ ඉදිකිරීම් කටයුතු සඳහා සෘජුවම උපදේශනය සපයන ලද ශ්‍රී ලාංකික ඉංජිනේරුවරයා මා සමඟ පුද්ගලිකව අනාවරණය කළ පරිදි, මෙම සමස්ත දේපළෙහි වත්මන් වෙළඳපොළ වටිනාකම දළ වශයෙන් බ්‍රිතාන්‍ය පවුම් මිලියන 90කට, එනම් වත්මන් විනිමය අනුපාත අනුව ශ්‍රී ලංකා රුපියල් කෝටි 4,185 ක (රුපියල් බිලියන 41.85 ක) දැවැන්ත මුදලකට ඇස්තමේන්තු කළ හැකිය.

    එහෙත්, ඔහු මා සමඟ අවධාරණය කළ තවත් සුවිශේෂී කරුණක් ඇත. එනම්, සැබවින්ම මේ දේපළ සහ ඉඩම මෙවැනි නිශ්චිත මුදලකට පමණක් සීමා කර මිල කළ නොහැකි බවයි! ඒ සඳහා බලපාන ප්‍රධානතම හේතුව වන්නේ, අද දවසේ ලෝකයේ මොනතරම් අතිවිශාල ධනයක් හස්තයේ තිබුණද, මෙම Avenue Road මාර්ගයෙන් වර්ග අඟලක හෝ ඉඩමක් මිලදී ගැනීමට සෙවීම මුළුමනින්ම උගහට වීමයි. මෙවැනි අති-ප්‍රභූ කලාපයක හිස් ඉඩම් තබා, විකිණීමට ඇති සාමාන්‍ය දේපළක් වත් සොයා ගැනීම අතිශය දුර්ලභය. එහි ඇති මිල කළ නොහැකි 'දුර්ලභත්වය' (Scarcity Value) නිසාම, මෙම නිල නිවාසය සතු භූමිය ඕනෑම මොහොතක බ්‍රිතාන්‍යයේ ඕනෑම ඉහළම මිලකට ලංසු තැබිය හැකි, මිල මුදලින් නිශ්චය කළ නොහැකි තරම් වූ ජාතික සම්පතකි.

    මාලිගාවක පහසුකම් සහ නිල නිවාසයේ සැබෑ වටිනාකම

    අප ඉහතින් දක්වන ලද මහ කොමසාරිස් නිල නිවාසය අති සුඛෝපභෝගී කාමර 06කින්, අති සුඛෝපභෝගී ආලින්ද කිහිපයකින් ද සුවිශේෂී Presidential Suite එකකින්, VVIP Lobby එකකින්, සේවක කාමර තුනකින්, Coffee Lobby එකකින් සහ දැවැන්ත Commercial Kitchen එකකින් පුස්තකාලයකින්, අමුත්තන් සදහා නවීන වැසිකිලි පද්ධතියකින් ද සමන්විත මෙම නිල නිවාසය, බ්‍රිතාන්‍යයේ සුප්‍රසිද්ධ දේපළ වෙළඳාම් සමාගමක් වන ‘ඇස්ටන් චේස්’ (Aston Chase) ආයතනය විසින් 2012 වසරේදී මාසිකව පවුම් 80,000ක (රුපියල් මිලියන 30කට අධික) කුලී පදනමකට ඉල්ලා තිබුණි.වත්මන් වෙළඳපොළ තත්ත්වය අනුව මෙවැනි නිවාසයක් කුලියට ලබා දෙන්නේ නම් මසකට අවම වශයෙන් පවුම් 150,000කට ආසන්න (රුපියල් ලක්ෂ 69ක ) දැවැන්ත කුලී වටිනාකමක් පවතින බවට ඕනෑම දේපල වෙලදාම් සමාගමක්‌ සාක්ෂි දරනු ඇති.

    මහජන මුදල් අමු අමුවේ කාබාසිනියා කළ අතීත ශාපය

    මෙම බිලියන ගණන් වටිනා මන්දිරය බ්‍රිතාන්‍යයට පැමිණෙන ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරුන්ට, අමාත්‍යවරුන්ට සහ ඉහළ රාජ්‍ය නිලධාරීන්ට හෝටල් ගාස්තු ඉතිරි කරගනිමින් නවාතැන් ගැනීම සඳහා රජයේ මූල්‍ය ප්‍රතිපාදන මත විශේෂයෙන්ම සකස් කරන ලද්දකි. එහෙත්, අතීතයේ බලයට පත් වූ කිසිදු ජනාධිපතිවරයෙක් හෝ අමාත්‍යවරයෙක් මෙහි නවාතැන් ගැනීමට කටයුතු කළේ නැත.

    ලියුම්කරු වන මා ඇතුළු පිරිසක් වසර ගණනාවක lanka e news වෙබ් අඩවියට ලියමින් ද සිට Youtube නාලිකා ඔස්සේ වීඩියෝ පට පවා මුදාහරිමින්, මෙවැනි වටිනා සම්පතක් තිබියදී රාජ්‍ය නායකයන් ලන්ඩනයේ පංචස්තාරක හෝටල් සඳහා මහජන මුදල් නාස්ති කරමින් 'සුදු අලියෙකු' නඩත්තු කරන ආකාරය ගැන දැඩි මාධ්‍ය සටනක නිරත වුණෙමු.

    අතීත පාලකයන්ගේ නාස්තිකාර සහ ආත්මාර්ථකාමී දේශපාලන සංස්කෘතියේ බිරාන්ත කරවන සුළු පැතිකඩක් අනාවරණය වන්නේ මේ මහා මන්දිරය දෙස බලන විටය. තමන්ගේ බිරිඳගේ පෞද්ගලික උපාධි ප්‍රධානෝත්සව වැනි නිල නොවන, පවුලේ සේවා සපයා ගැනීම් සඳහා පවා රාජ්‍ය නායකයන් ලන්ඩන් නුවරට සේන්දු වූයේ මහජන මුදල් සතේටම විනාශ කරමිනි. බිලියන ගණන් වටිනා, සියලු පහසුකම්වලින් සපිරි මෙම නිල නිවාසය මුළුමනින්ම හිස්ව තබා, ලන්ඩනයේ අති සුඛෝපභෝගී තරු පහේ හෝටල් කාමර වෙනුවෙන් දිනකට ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 162 බැගින් මහජන බදු මුදල් අමු අමුවේ දවා අළු කිරීමට එදා ඔවුහු නොපැකිළුණහ.

    එහෙත් දේව නීතිය සහ සොබාදහමේ යුක්තිය පසිඳලීම කෙතරම් අපූර්වද? මෙවැනි රාජ්‍ය දේපළක් නිදැල්ලේ තිබියදී, දුප්පත් මහජනතාවගේ රුධිරයෙන් උපයාගත් ධනය තරු පහේ හෝටල්වල සුවපහසු යහන් මත හිතුමනාපයේ කාබාසිනියා කළ ඒ අතීත ජනාධිපතිවරයා අද විවිධ නඩු හබවල පැටලී, නීතිය හමුවේ කොටු වී, දරාගත නොහැකි මානසික පීඩනයකින් සහ ලතැවුලකින් පසුවෙයි. එදා මහජන මුදලින් හෝටල්වල ගත කළ සැපවත් රැයවල්, අද ඔහුට නින්ද අහිමි කළ බියකරු හීන බවට පත්ව ඇත්තේ සොබාදහම විසින්ම දුන් දඬුවමක් මෙනි."

    තවත් ඇමතිවරු එදා බ්‍රිතාන්‍යයට පැමිණි පසු රාත්‍රිය ගත කළේ හොර අඹුවන් සහ තමන්ගේ නෑදෑයන් සමඟ අති සුඛෝපභෝගී හෝටල්වලය.

    මීට පෙර සිටි මහ කොමසාරිස්වරුන් ද මෙම මන්දිරය තමන්ගේ නෑදෑ හිතවතුන්ගේ පරිහරණය සඳහා අවභාවිත කළ බව කිව යුතුය. සමහර මහකොමසාරිස්වරුන්ගේ පුත්තු විදී ගණිකාවන් සමග මෙම මන්දිරයේ රැය පහන් කල බව කියන්නේ දැඩි පිළිකුලනි.

    හරිනි අමරසූරිය තැබූ ඓතිහාසික සහ ආදර්ශමත් වාර්තාව!

    නමුත් අතීතයේ පැවති ඒ දූෂිත, නාස්තිකාර ශාපය මුළුමනින්ම උඩුයටිකුරු කරමින් වත්මන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඉතිහාස ගත වන තීන්දුවක් ගත්තාය.

    එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය ඉගෙනුම් (COL) පාලක මණ්ඩලයේ 43 වන රැස්වීමට සහභාගී වීම සඳහා මැයි 18 වනදා බ්‍රිතාන්‍ය බලා පිටත් වූ අග්‍රාමාත්‍යවරිය, සිය නිල සංචාරය නිමා කරමින් මැයි 23 වනදා යළි දිවයිනට පැමිණියාය.

    ඇය එංගලන්තයේ ගත කළ එම දින කිහිපය තුළ නවාතැන් ගත්තේ ලන්ඩනයේ මිල අධික හෝටල්වල නොව, මෙකී මහ කොමසාරිස් නිල නිවසේය! ඇය සත පහක මුදලක් සුඛෝපභෝගී හෝටල් වලට වියදම් කලේ නැත.

    ඇය ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙම රුපියල් බිලියන 40කට ආසන්න මුදලකට තක්සේරු කල හැකි බ්‍රිතාන්‍යයේ ශ්‍රීලංකා මහ කොමසාරිස් නිල නිවාසය තමන්ගේ නවාතැන කරගත් ප්‍රථම රාජ්‍ය නායිකාව ලෙස ඉතිහාස පොතට එක් වනු ඇත.

    මින් ඉදිරියට හෝටල් සෙල්ලම් වහාම නැවැත්විය යුතුයි! දූෂිත දේශපාලන ක්‍රමයේ අවසානය සහ අපගේ සටනේ ජයග්‍රහණය!

    වත්මන් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා මෙම නිල නිවාසය කිසිසේත්ම අවභාවිත නොකරන බව අප මෙහිදී පැහැදිලිවම සටහන් කළ යුතුය. ඔහුගේ රාජ්‍ය තාන්ත්‍රික රාජකාරිවල ගුණදොස් සහ වගකීම් විභාග කර බැලීම විදේශ කටයුතු අමාත්‍යවරයා සතු කාර්යයකි. කෙසේ වෙතත්, වසර ගණනාවක සිට අප අඛණ්ඩව ගෙන ගිය ඒ සාධාරණ සහ නිර්භීත මාධ්‍ය සටන අද වන විට මල්පල ගන්වමින් අතිවිශාල ජයග්‍රහණයකින් කෙළවර වී ඇත.

    මින් ඉදිරියට ලංකා රජයේ නිල අවශ්‍යතාවලට, රාජකාරි කටයුතුවලට බ්‍රිතාන්‍යයට පා තබන කිසිදු රාජ්‍ය නිලධාරියෙකුට, ඇමතිවරයෙකුට හෝ දේශපාලනඥයෙකුට මහජන බදු මුදල් දියකර හරිමින් ලන්ඩනයේ තරු පහේ හෝටල්වල සුවපහසු නවාතැන් ගැනීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කළ යුතුය. පවුම් මිලියන 90ක්, හරියටම ශ්‍රීලංකා මුදලින් කෝටි 4000කට මුදලකට වටිනා සියලු පහසුකම් සහිත මේ මහා රාජ්‍ය දේපළ ඔවුන් වෙනුවෙන් විවෘතව පවතී. ඉන් බාහිරව ඔවුන්ට හෝටල් සුවපහසුව අවශ්‍ය නම්, තමන්ගේ පෞද්ගලික මුදල් සාක්කුවෙන් වියදම් කර එහි යා හැකිය. දුප්පත් මහජනතාවගේ ලේ, කඳුළු මතින් උපයන මහජන මුදලින් එකදු ශත පහක්වත් මින් ඉදිරියට නාස්තිකාර හෝටල් බිල්පත් වෙනුවෙන් ගෙවිය යුතු නැත!

    රටට නව ආදර්ශයක් දුන් අග්‍රාමාත්‍යවරියට ජාතියේ ප්‍රණාමය!

    අතීතයේ පැවති ඒ මහා නාස්තිකාර, දූෂිත සෙල්ලම් මුළුමනින්ම පරාජය කරමින්, රාජ්‍ය දේපළවල සැබෑ අයිතිය සහ ප්‍රයෝජනය කුමක්දැයි ක්‍රියාවෙන්ම පෙන්වා දුන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියට සමස්ත ලාංකික ජනතාවගේ බලවත් ප්‍රණාමය හිමි විය යුතුය.

    ඇය බ්‍රිතාන්‍යයට පැමිණි දින කිහිපය පුරාම මෙම නිල නිවසේ රැඳී සිටිමින්, සරල ආහාර වේලකින්,සෑහෙමින් කිසිම පුද්ගලික ගමනක් නොයමින්, මහජන මුදල් ශතයක් හෝ නාස්ති නොකර මෙරට දේශපාලන ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කළාය. රුපියල් බිලියන 40ක මේ සුදු අලියා, රටට සෙත සලසන සැබෑ සම්පතක් බවට පත් කළ ඇයගේ මෙම අසිරිමත්, සරල සහ පිරිසිදු දේශපාලන භාවිතය, මින් ඉදිරියට බලයට පත්වන සියලුම පාලකයන්ට නොමැකෙන මඟපෙන්වීමක් වනු නොඅනුමානය!"

    මහේෂ් සම්පත් දිල්ලිමුණි✍️
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,888
    49,198
    113
    සේදවත්ත

    සාරංශ
    කරලා කවුරු හරි දාන්න කෝ