ශානිලා තනතුරු අරං මාස හයක් වෙනවා නේද? පාස්කුවලට යුක්තිය ඉටු කරනවා කියලා නේද කිව්වේ? කෝ විර්ශන?" යනුවෙන් මුලින් ඔවුහු ප්‍රශ්න කළහ.
ඔවුන් හිතුවේ 2019 නොවැම්බර් මාසයේ සිට 2024 සැප්තැම්බර් දක්වා කාලයේ ඔවුන් සියලු සාක්කි වලදමා ඇති නිසා කිසිවක් සොයාගත නොහැකි වනු ඇති බවයි.
විමර්ශන අරඹා වසරකට පමණ පසු CID විසින් සුරේෂ් සලේ අත්අඩංගුවට ගැණිනි.
ඉන් පසු ඔවුන් හිතුවේ අසාත් මවුලා නැතිව සලේ ගැන සාක්කි කිසිවක් හමු නොවනු ඇති බවයි.
එහෙත් මහේස්ත්‍රාත්වරයා ඉදිරිපිටදීම හතර දෙනකු පමණ රහස් ප්‍රකාශ ලබා දී ඇති බවක් හා යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් පවා ප්‍රකාශ ලබා දී ඇති බවක් ඔවුන් දැන සිටියේ නැත.
පසුව , "කෝ අසාත් මවුලානාගෙන් කටඋත්තරයක්වත් අරගත්තද? චැනල් ෆෝ චෝදනාව කරපු කෙනාගෙන් කටඋත්තරයක්වත් අරගෙන නෑ." ඔවුහු ඊළඟට කීහ.
ඔවුන් හිතුවේ අසාත් මවුලානාට එරෙහිව පවුල් ආරවුල් නඩුවක් තිබෙන නිසා අසාත් මවුලානා විමර්ශනයට කටඋත්තර නොදෙනු ඇති බවයි.
එහෙත්, CIDය අසාත් මවුලානාගෙන්ද ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.
ඔවුන් ඊළඟට කීවේ අසාත් මවුලානා බොරුකාරයකු බවයි. අසාත් මවුලානා කියන කිසිවක් ඇත්ත නොවන බව ඔවුහු කීහ.
ඔවුන් සිතුවේ CIDය මවුලානාගේ ප්‍රකාශය මත පමණක් යැපෙනු ඇති බවයි.
එහෙත්, මවුලානාගේ ප්‍රකාශයේ ඇතැම් කරුණු දුරකතන වාර්තා, වෙනත් අයගේ සාක්කි සහ වෙනත් ලිඛිත සාක්කිවලින් තහවුරුවන බව CIDය අධිකරණයට දැනුම් දුන්නේය.
දැන් ඔවුනට කියන්නට දෙයක් නැත. දැන් ඇත්තේ විමර්ශකයන්ඩ මඩ ගැසීමට සහ අනුකම්පාව ලබා ගැනීමට පමණි. දැන් දිගහැරෙන්නේ ඔවුන්ගේ නාටකයේ එම කොටසයි.
පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවූ දා සිට ඔවුන් ගැසූ සියලු තුරුම්පු අසාර්ථක විය. දැන් ඔවුන් අදිමින් සිටින අලුත් තුරුම්පුව වැඩ කරයිද?
See less