වහින්නෙ නැද්ද උබලට?

SpinXO

Well-known member
  • Jul 6, 2015
    3,993
    4,678
    113
    Loading...
    කෝ බං අර එල්නිනෝව , වහිනවනෙ දවසම

    දරුණු එල්-නිනෝ තත්ත්වය නිර්මාණ වෙයි - ලොව පුරා අනතුරු ඇඟවීම්​

    June 11, 2026 10:16 pm

    ලොව පුරා උෂ්ණත්වය ඉහළ නැංවීමට සහ දරුණු මට්ටමේ කාලගුණික තත්ත්වයක් ඇති ඇති කිරීමට බලපාන ප්‍රධාන ස්වභාවික සංසිද්ධියක් වන එල්-නිනෝ තත්ත්වය මේ වන විට නිල වශයෙන් ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
    අමෙරිකා එක්සත් ජනපදයේ ජාතික සාගර හා වායුගෝලීය පරිපාලන ආයතනය (NOAA) නිවේදනය කර ඇත්තේ, මධ්‍යම සහ නැගෙනහිර සමකාසන්න පැසිෆික් සාගර කලාපයේ මුහුදු මතුපිට උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 0.5කින් ඉහළ ගොස් ඇති අතර, එය එල්-නිනෝ තත්ත්වයක් ලෙස සැලකීමට අවශ්‍ය සීමාව ඉක්මවා ඇති බවය.
    විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ මෙවර එල්-නිනෝ තත්ත්වය ඉතා ප්‍රබල හෙවත් “දරුණු එල්-නිනෝ” තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බවය.
    එය ඉතිහාසයේ වාර්තා වූ ප්‍රබලතම එල්-නිනෝ සංසිද්ධීන් අතරට එක්විය හැකි බවටද විද්‍යාඥයින් අනාවැකි පළ වී තිබේ.
    මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දශක ගණනාවක් තිස්සේ සිදුවන ගෝලීය උණුසුම් වීමට අමතරව මෙම තත්ත්වය ද එකතු වීම නිසා, ඉදිරි වසරක කාලය (බොහෝ දුරට 2027 වසර) වාර්තාගත ලෙස උණුසුම් අධික වසරක් බවට පත්විය හැකි බව විශේෂඥයෝ පෙන්වා දෙති.
    එමෙන්ම මෙම තත්ත්වය හේතුවෙන් ලොව පුරා කාලගුණික රටාවන්හි විශාල වෙනස්කම් ඇතිවිය හැකි අතර, නියඟ, අධික වර්ෂාපතනය, ගංවතුර, උෂ්ණත්ව තරංග සහ කෘෂිකාර්මික නිෂ්පාදනයට බලපාන අහිතකර තත්ත්වයන් වැඩිවිය හැකි බවද සඳහන් වේ.
    NOAA ආයතනය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, සමකාසන්න පැසිෆික් කලාපයට ඉහළින් පවතින සුළං රටාවන්හි ද මේ වනවිට වෙනස්කම් නිරීක්ෂණය වන අතර, එමගින් සාගර උෂ්ණත්වය ඉහළ යාමට වායුගෝලයද ප්‍රතිචාර දක්වමින් සිටින බවට පැහැදිලි සංඥාවක් බවයි.
    මේ හේතුවෙන් ඉදිරි මාස කිහිපය තුළ ලෝකයේ විවිධ ප්‍රදේශවල අයහපත් කාලගුණික සිදුවීම් වර්ධනය විය හැකි බවට ජාත්‍යන්තර කාලගුණ විද්‍යා ආයතන අනතුරු අඟවා තිබේ.

    Source
     
    • Like
    Reactions: Udee KJ

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,870
    5,420
    113
    අම්බ්‍රෙල්ලා පවුඩර් වෙන්න වැස්සා පාන්දර
    හලාවත
    ඕවර්….
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,594
    888
    113
    Australia
    El-Nino හින්ද tropical region එකේ මාර කැළඹීමක් ඇති වෙලා කියලා නිවුස් වල තිබුනා. ඒ කියන්නෙ අධික උෂ්ණතව තත්වයක් වගේම තද වැසිත් ඇති වෙන්න පුලුවන් කියනවා.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,959
    8,201
    113
    Chilaw
    හොරණ. සුළඟ සමඟ වහිනවා. කරන්ට් එකත් නැහැ. ඕවර්...
    මොකද බන් මුන් මේ වැස්සක් එද්දිම පැයක් විතර powercut කරන්නේ :dull: මේ ටිකේම එහෙමයි. ඊයේ දවසට විතරක් පැය 4 ක් විතර සැරින් සැරේ ගියානේ.
     
    • Like
    Reactions: SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,993
    4,678
    113
    Loading...
    මොකද බන් මුන් මේ වැස්සක් එද්දිම පැයක් විතර powercut කරන්නේ :dull: මේ ටිකේම එහෙමයි. ඊයේ දවසට විතරක් පැය 4 ක් විතර සැරින් සැරේ ගියානේ.
    දැන් අලුතින් දාළා තියෙන බේකර් ට්‍රිප් වෙන කතාවක් කියනවා අකුණු ආව ගමන්. ⁣නඩත්තු කරන්න, අතු කපන්න වගේ දේවල් වලදි ලේසියෙන් off කරන්නයි, ආරක්ෂාවටයි තමයි ඕක තියෙනව කියන්නෙ. ඕෆ් වුණොත් අදාළ පැත්තෙ ට්‍රාන්ස්ෆෝමර් එක ළඟට ගිහන් එතනිනුත් ඔන් කරන්න ඕනි කතාවක් කියනවා. ඒ වෙනකන් කරන්ට් එක නැහැ ඉතින්.
     
    • Sad
    Reactions: reddit

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,604
    5,748
    113
    KALUTHARA
    El-Nino හින්ද tropical region එකේ මාර කැළඹීමක් ඇති වෙලා කියලා නිවුස් වල තිබුනා. ඒ කියන්නෙ අධික උෂ්ණතව තත්වයක් වගේම තද වැසිත් ඇති වෙන්න පුලුවන් කියනවා.
    Samaharavita apita blapan nadda danna rasne, india wala 41c dn