මටත් ඔහොම කාලයක් තිබ්බා. ඔය ගොඩක් වැහිවලට නතරවෙලා ඉන්නවට වඩා තෙමි තෙමි යන එක එක හොදයි. මොකද කිලොමීටරයක් විතර ගියාම වැස්ස ඉවරයි.සමහරක් වැහි තියනවා මචං එපාම වෙන, ඒත් මාර ඒවා තියනවා. පාරවල් වල යද්දි, වැස්සට නතරවුනු පොඩි කඩ කෑලි මතක් වෙලා අයේ බලනවා. සමහර තැන් දැන් නැහැ. කාපු කඩවල් වැහිලා. ඒක වෙන එකක් මචං. වැස්සකට හදිසියකට ගොඩ වෙලා ගහපු කයියවල් දුර දිග ගිහින් තාමත් ඒ පාරවල් වල යද්දි ඒ කඩවල් වල මිනිස්සුන්ට කතා කරලා යනවා ඉතිං.
වැස්සේ ගැහි ගැහි තෙමිලා නවතින තැනට ගිහින් හොඳට නාලා උණු කිරි කෝප්පයක් බොන කොට කොහොම ද, ඕකටම සෙට් වෙන කෙල්ලෙකුත් හිටියාම මාර එකක් බන්, වචනෙන් කියන්න බෑ ඉතිං. වැස්ස කරදරයක් වෙන තැනුත් තියනවා. ඒත් අපි වැස්සකට තෙමෙන්නෙත් කාලෙකින් නේ බන්..![]()
ඔය ආතල් එක ඉතින් දන්න එකා දන්නවා. අවුරුදු දහයකට කලින් අතීතයක් උබ මතක් කරා මචං. තැන්ක්ස්.