වෙහෙරහේන පූර්වාරාම රජමහා විහාරස්ථානය

PASAN147

Well-known member
  • Oct 19, 2006
    793
    1,393
    93
    Heiyanthuduwa - Kelaniya
    අද උදේ 5 ට ගෙදරින් ඇවිත්,කඩවතට ඇවිත්, හයිවේ බස් එකක මාතරට ඇවිත් මුලින්ම මිරිස්ස කොකනට් ට්‍රී හිල්ස් බලන්න ගියා. ඒ ගැන විස්තරය මීට කලින් පෝස්ටුවේ තියනවා. ඉතින් ඒ ගමන නිමා කරලා උදේ උදේ 11 ට මාතර බස්ටැන්ඩ් බැස්සා. අංක 349 මාතර-කැකනදුර , වෙහෙරහේන හරහා යන බස් එකක නැගලා වාඩි උනා. රු.45 ටිකට් ගත්තා. 11.10 ට බස් එක ගියා. 11.25 ට පන්සල ඉස්සරහ බැස්සා. මම මීට වසර ගනනාවකට කලින් මෙතනට ඇවිත් තිබුනා. පන්සලට ගිහින්, වැදලා ඇවිදලා, පාරට ආවා. මාතර-කැකනදුර බස් එකක නැගලා රු.45 ටිකට් අරන් මාතර බස්ටැන්ඩ් ආවා.. දවල්ට කෑවා... ඊට පස්සේ මීට කලින් ගිහින් තිබුනේ නැති, යන්න හිතාගෙන හිටිය ගජමන් වලව්ව බලන්න, ගූගල් මැප් බලන් පයින්ම ගියා . ඒ ගැන තවත් පෝස්ට් එකකින් කියනවා..එහෙටත් ගිහින් ඇවිත් මාතර බෝධියටත්, මාතර බීච් එක පැත්තෙත් ටිකට් ඇවිද්දා..ඉතින් ගමන නිමා කරලා.. හයිවේ බස් එකක ඇවිත් හවස් වෙද්දි කඩවතට ඇවිත්, බස් වල ඇවිත් ගෙදර ආවා...
    .
    * මේ ගමනේ විනාඩි 8 ක කෙටි වීඩියෝව බලන්න.. :


    .
    • කඩවත - මාතර (හයිවේ බස්) : රු.1080/- | පැය 02 යි.
    • මාතර - වෙහෙරහේන පන්සල ලගට (අංක 349 මාතර-කැකනදුර) : රු.45 යි | විනාඩි 15
    .
    * මාතර වෙහෙරහේන පූර්වාරාම රජමහා විහාරස්ථානය ලෝකයේ උමං විහාරයක් සහිත විශාලතම බෞද්ධ සිද්ධස්ථානයයි. නිර්මාතෘවරයාණන් වනුයේ පරවාහැර රේවත නාහිමිපාණන්. කැලෑව හෙලි පෙහෙලි කර ප්‍රදේශවාසීන්ගේ සහයෙන් කටු මැටියෙන් කුඩා ආරාමයක් හදාගෙන, වෙහෙරහේන පූර්වාරාම රජමහා විහාරස්ථානය නිර්මාණය කරල තියෙන්නෙ.. වසර 1939 මාර් තු 05 වැනිදා අනගාරික ධර්මපාල තුමා මුල්ගල තැබුවා.. සාරිපුත්‍ර ප්‍රතිමා නෙලීමේ සම්ප්‍රදාය අනුව මෙහි පිළිමය නිර්මාණය කරලා තියෙන්නෙ.. උම්මග්ග ජාතකයේ එන උමංදාව අනුව උමං විහාරය නිර්මාණය කරලා තියෙන්නෙ.. නවමහල් විහාර මන්දිරයේ පන්සිය පනස් ජාතක කතා චිත්‍රයට නගලා තියනවා. මෙම නිර්මාණයේ කටයුතු අවසන් වීමටත් පෙරම රෝගාතූර වූ උන්වහ්සේ 1968 අගොස්තු මස 13 වන දින අපවත් වෙලා තියනවා.
    *
    * මම තනියම ගිය මේ වගේ ට්‍රිප් 100 ගනනක් බලන්න...පසුගිය සියලුම සංචාරයන් Index..

    .
    Solo Travel King | Heiyanthuduwa | Sri Lanka. Weherahena Temple
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    පට්ට මචන්...

    වෙහෙරහේන විහාරයේ උඩ මලුවට යන්නම්
    පේන පේන හැම තැනදිම ඔයාට පින් දෙන්නම්
    බේරගන්න බැරි වුණි මට ගලනා ගං වතුරෙන්
    පුංචි නංගියේ සැනසෙනු මතු ඔබ නිර්වාණෙන්.